World's first telephone

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ලොව මුල්ම දුරකථනය බෑ දෙකක්

    ජංගම දුරකථනයට පෙර පණිවුඩ හුවමාරු කරගැනීම සඳහා සාමාන්‍ය දුරකථනය භාවිතා විය. දුරකථනය නිෂ්පාදනය දෙදෙනකු අතින් සිදුවූ බව පැවසෙතත් දැනට දුරකථනය නිෂ්පාදනය කිරීමේ පේටන්ට් බලපත්‍රය ලැබී ඇත්තේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් වෙතය.

    ඒ කෙසේ වෙතත් මේරිලන්ඩ් ප්‍රදේශයේ සුයිට්ලන්ඩ් හි පිහිටුවා ඇති ඇමෙරිකානු ඉන්දියන් තොරතුරු රැස්කර ඇති ජාතික කෞතුකාගාරයේ තබා ඇති කිසියම් වස්තුවක් පරීක්ෂා කළ පුරාවිද්‍යාඥයින් විසින් දුරකථනයේ කථාන්තරය තව තවත් ඈතට ඇදී යන බව සොයාගෙන ඇත.

    වර්තමාන දුරකථනයට සමානකම් පෙන්වනු ලබන මෙම භාණ්ඩය දැනට වසර 1200ත් 1400ත් අතර කාලපරාසයකදී ලිඛිත භාෂාවක් පවා ‍ෙනාමැති නොදියුණු ශිෂ්ටාචාරයකට අයත් බව හෙළිවී තිබේ.

    දකුණු ඇමෙරිකාවේ ආර්ජන්ටිනා‍වත් චිලී රටත් අතර පිහිටි ඇන්ඩිස් කඳුකර ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක පරීක්ෂණයක් පැවැත්වූ ඉහත කී කෞතුකාගාරයේ අධිකාරි රමීරෝ මටෝස් විසින් මෙම උපකරණය සොයාගනු ලැබූ අතර “මේ උපකරණය හරිහැටි ක්‍රියාත්මක කරනු ලැබුවා ද නැද්ද යන්න පිළිබඳව හරි නිගමනයක් කළ නොහැකි බව අවධාරණය කරයි.

    ධ්වනි විද්‍යාවේ පුදුම සහගත නිපැයුම් ලෙස සැලකිය හැකි මෙම මෙවලම දුම්මල ආලේප කළ පුහුල් බෑ දෙකකි. ඒවා පණිවුඩ ලබාගන්නා උපකරණ සංඥා ග්‍රාහක උපකරණ ලෙස පාවිච්චි කර ඇත. එම උපකරණ සම්බන්ධ කිරීම සඳහා අඟල් තුනහමාරක් පමණ දිගැති දිග ඇදෙන සම් විශේෂයකින් ආවරණය කරනු ලැබූ කම්බි වැනි ද්‍රව්‍යයක් හා අඩි 75ක් පමණ දිගැති කපු නූල් එම කුඩා රාජධානිය වටා ඇද තිබූ බව පෙනීගොස් ඇත.

    උතුරු පේරු රාජ්‍යයේ රියෝ මෝචේ සානුව පැතිරි ප්‍රදේශයේ මේ නිර්මාණශීලී ජනතාව ජීවත්වූවේ යැයි ස්මිත්සෝනියන් සඟරාව පෙන්වා දෙයි. චීමු අධිරාජ්‍යය ලෙස හඳුන්වනු ලබන මේ ශිෂ්ටාචාරයේ අගනුවර චැන්චැන් යනුවෙන් හැඳින්වෙන අතර එය ඉතාම පැරැණි නගරයක් බවද කියනු ලැබේ.

    චැන් චැන් පුරාවිද්‍යාත්මක පරිශ්‍රය අද යුනෙස්කෝවේ ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස සැලකේ. කිලෝමීටර් 20ක් පමණ විශාලත්වයෙන් යුක්ත මේ නගරය ඉතාම ක්‍රමානුකූලව සකස් කරනු ලැබූ නගරයක් බවත් එම රාජ්‍යය පසුකලකදී ඉන්කා ආක්‍රමණිකයින් විසින් අත්පත් කරගනු ලැබූ බවත් සොයාගෙන ඇත.

    මේ චීමු වැසියෝ නව ලෝකයේ තාක්ෂණය යොදා ගත් නිර්මාණශීලී ජනතාවක් වූ බවත් නිමායි දුරකථනයට (NAMI telephone) අභිරහස් අතීතයක් පවතින බවත් පෙනී‍ෙගාස් ඇත.

    මේ ‘පුහුල් දුරකථනය’ ප්‍රසියානු රදළයකු වූ වොල්රාම් වි.ෆෝන් ෂෝලර් අතට කෙසේ පත්වූවාද යන්න අභිරහසකි. ෆෝන් ෂෝලර් 1930 දී පමණ පේරු රාජ්‍යයේ කැණීම් කිරීමත් සමඟ මේ දුරකථනය ඔහු අතට පත්වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. පුරාවිද්‍යා සොයාගැනීම් අලෙවි කිරීමෙන් මහා ධනස්කන්ධයක් උපයා ගත් හෙතෙම නිව්යෝර්ක් නගරයේ පදිංචියට පැමිණීමෙන් පසු ඇමෙරිකා‍ව පුරා පිහිටුවා ඇති කෞතුකාගාර වලට ඔහු‍ෙග් කෞතුක වස්තූන් පරිත්‍යාග කිරීමට පෙලඹුණු බව කියනු ලැබේ.

    ඒ අනුව මෙම ‘පුහුල් බෑ දෙකේ දුරකථනය ද නිමායි (ඇමෙරිකන් ඉන්දියන් තොරතුරු සඳහා වෙන් කරනු ලැබූ ජාතික කෞතුකාගාරයට (NAMI) ලැබුණු බව එම කෞතුකාගාරයේ අධිපති මටොස් පවසයි.

    මෙම ‘පුහුල් දුරකථනය’ පාලක පන්තිය හා ඒ හා සමාන තත්ත්වයක සිටින අය සමඟ පණිවුඩ හුවමාරු කර ගැනීම සඳහා පාවිච්චි කර ගනු ලැබූ බවත් එම දුරකථනය අපගේ මුතුන් මිත්තන් තුළ වර්තමාන නිර්මාණකරුවන් හා සමාන අදහස් හා හා කියා පැවති බවට කදිම සාධකයක් බවත්මටොස් මත පළ කරයි.

    රෝහණ ආර්යරත්න


    old-telephone.jpg