Wrestling සමඟ ජීවත්වී ව්‍රෙස්ලින්ග් වළල්ල තුළම ම#

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    Wrestling සමඟ ජීවත්වී ව්‍රෙස්ලින්ග් වළල්ල තුළම ම#

    Wrestling සමඟ ජීවත්වී ව්‍රෙස්ලින්ග් වළල්ල තුළම මියගිය චරිත.

    7216666_orig.png


    ව්‍රෙස්ලින්ග් හින්ද ජීවිත හානි සිදුවුනු අවස්ථා ඉතිහාසයේ ඉඳලම වාර්තා වෙනව. ව්‍රෙස්ලින්ග් ක්‍රීඩා කිරීම නිසා ඇතිවුනු මානසික ප්‍රශ්න, ආතතිය වැනි ගැටලු නිසා සියදිවි හානිකරගැනීම්, අධික මත්ද්‍රව්‍ය භාවිතය නිසා ජීවිතක්ෂයට පත්වීම් වාර්තා වෙලා තියෙනව. ඒ වගේම තමයි ව්‍රෙස්ලින්ග් වළල්ල තුළ සිදුවූ පහරදීම් නිසා ඇතිවූ ආබාධ තත්ත්වයන් හේතුවෙන් කෙටි කලක් තුළ මියගිය අයත් ඉන්නව. නමුත් අපි මේ කියන්න හදන්නෙ ඊට වඩා තරමක් වෙනස් දෙයක් ගැන. ව්‍රෙස්ලින්ග් තරඟ අතරතුර, ව්‍රෙස්ලින්ග් වළල්ල තුළ මියගිය ක්‍රීඩක ක්‍රීඩිකාවනුත් 20කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනව. ඒ අතරින් වඩාත් ප්‍රකට චරිත කිහිපයක්.

    01. ‘අයන්’ මයික් ඩිබියාසෙ.

    1.jpg


    මේ ඇවිල්ල ව්‍රෙස්ලින්ග් පරපුරක මුල්ම පුරුක. ඉතාලි සම්භවයක් තියෙන මයිකල් ඩිබියාසෙ විවාහ වෙන්නෙත් වෘත්තීය ව්‍රෙස්ලින්ග් ක්‍රීඩිකාවක වන හෙලන් හිල්ඩ් සමඟ. ඇයගේ පුත්‍රයා වගේම මයිකල් ඩිබියාසෙගෙ හදාගත් පුත්‍රයාද වන ටෙඩ් ඩිබියාසෙ සහ මයිකල් ඩිබියාසෙගෙ මුනුපුරන් තිදෙනාද ප්‍රකට ව්‍රෙස්ලින්ග් ක්‍රීඩකයින්. 1969 ජූලි 02 දින ටෙක්සාස්හි ලබොක්වල පැවති තරඟයක් අතරතුර ඇතිවුනු හෘදයාබාධයකින් තමයි මයික් ඩිබියාසෙ මිය යන්නෙ. ඔහුගෙ ප්‍රතිවාදිය ගැරී ෆ්ලෙචර් හෙවත් මෑන් මවුන්ටන් මයික්. මෙම මරණය අධික කොලස්ට්‍රෝල් නිසා සිදුවූවක් බව තමයි හඳහන් වෙන්නෙ.

    02. ලූතර් ලින්ඩ්සේ.

    luther_lindsay.jpg


    ලූතර් ජේකොබ් ගුඩාල් හෙවත් ලූතර් ලින්ඩ්සේ කියන්නෙ ව්‍රෙස්ලින්ග් ලෝකයේ සුපිරි තරුවක් වූ මුල්ම අප්‍රිකානු – ඇමෙරිකානු සම්භවයක් තියෙන කිහිපදෙනාගෙන් කෙනෙක්. ඒ වගේම ඔහු ව්‍රෙස්ලින්ග්වලට අමතරව වෘත්තීය වශයෙන් ඇමෙරිකානු පා පන්දු ක්‍රීඩාවේ නිරත වූ අයෙක්. 1972 පෙබරවාරි 21 වන දින බොබී පෝල් සමඟ පැවති තරඟය තමයි ලූතර් ලින්ඩ්සේගේ අවසන් තරඟය. තරඟය ආරම්භවී මිනිත්තු දහයක් ඇතුලත ඔහු විසින්ම එල්ල කළ ප්‍රහාරයක් අතරතුර ඇතිවන හෘදයාබාධයකින් ඔහු මිය යනව. ඒ තම ප්‍රතිවාදියා වූ බොබී පෝල්ගේ සිරුර මත.

    03. කින්ග් කොන්ග් කර්ක්.

    cache.jpg


    මැල්කම් කර්ක් හෙවත් කින්ග් කොන්ග් කර්ක් ව්‍රෙස්ලින්ග්වලට එන්න කලින් වෘත්තීය රගර් ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහු සේවය කළේ පතල් කම්කරුවෙක් ලෙස. මේ ඉංග්‍රීසි ජාතිකයව “කින්ග් කොන්ග්” කියල කියන්නෙ ඇයි කියල හිතාගන්න පුලුවන්නෙ. ඒ ඔහුගෙ සද්ධන්ත ශරීරය නිසා. ඒ යුගයේ ව්‍රෙස්ලින්ග් ලෝකයේ සිටි යෝධයින් කිහිපදෙනාගෙන් කෙනෙක් තමයි මැල්කම් කර්ක්. 1987 අගෝස්තු 04 නෝෆෝක්හි ග්‍රේට් යාමවුත්වල පැවති ටැග් ටීම් තරඟයක් අතරතුර තමයි ඔහු මිය යන්නෙ. ඔහුගේ ප්‍රතිවාදීන් උනේ ෂර්ලි “බිග් ඩැඩී” ක්‍රැබ්ට්‍රී සහ ග්‍රෙග් වැලන්ටයින්. බිග් ඩැඩීගෙන් එල්ලවූ ප්‍රහාරයකින් පසුව ඇතිවූ හෘදයාබාධයකින් ඔහු මිය ගියත් එය මුල සිටම පැවති රෝගී තත්ත්වයක් නිසා සිදුවූ මරණයක් ලෙස වාර්තාවෙනව.

    04. ඕරෝ.

    Untitled.jpg


    ව්‍රෙස්ලින්ග්වලටම උරුම පවුල් පසුබිමක් තියෙන මෙක්සිකානු ක්‍රීඩකයෙක් තමයි හේසුස් හැවියර් හර්නැන්ඩෙස් සිල්වා හෙවත් ඕරෝ. වෙස්මුහුණක් පැළඳගෙන තරඟකිරීම ඔහුගෙ ට්‍රේඩ්මාක් එක. වයස අවුරුදු 18 දි ව්‍රෙස්ලින්ග් වළල්ලට පා තබන මොහු වයස අවුරුදු 21 දි එහිදීම මිය යනව. ඒ 1993 ඔක්තෝම්බර් 26 ටැග් ටීම් තරඟයක් අතරතුර. ඔහුගෙ සහයකයින් උනේ ලා ෆියෙරා සහ බ්‍රාසෝ ඩි ප්ලාටා. ප්‍රතිවාදීන් උනේ කහෝස්, ඩොක්ටර් වැග්නර් සහ හැක්මේට්.

    05. ලැරී කැමරන්.

    twimg.jpg


    ලැරී කැමරන් කියන්නෙත් ව්‍රෙස්ලින්ග්වලට එන්න කලින් වෘත්තීය මට්ටමෙන් ඇමෙරිකානු පා පන්දු ක්‍රීඩාවේ නිරතවුනු අයෙක්. ආබාධ තත්ත්වයන් නිසා එයට සමුදෙන ලැරී ඉන් අනතුරුව තෝරාගනු ලබන්නේ ව්‍රෙස්ලින්ග් ක්‍රීඩාවයි. 1985 දී ව්‍රෙස්ලින්ග් බිමට පිවිසෙන ඔහු 1993 දී මිය යනව. ඒ 1993 දෙසැම්බර් මස 13වන දින ජර්මනියේ බ්‍රෙමන් නගරයේදී ටෝනි සෙන්ට් ක්ලෙයාර් සමඟ පැවති තරඟයක් අතරතුර ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන්.

    06. ප්ලම් මරිකෝ.

    plum.jpg


    ව්‍රෙස්ලින්ග් වළල්ලෙ මිය ගිහින් තියෙන්නෙ පිරිමි විතරක්ම නෙමෙයි. කාන්තාවන් කිහිපදෙනෙකුත් ඒ අතර සිටිනව. මරිකෝ උමේඩා හෙවත් ප්ලම් මරිකෝ කියන මේ ජපන් තරුණියත් ඒ අතරින් කෙනෙක්. ව්‍රෙස්ලින්ග් හේතුවෙන් ජපානය තුළ වාර්තාවූ පළමු මරණය එයයි. ඒ 1997 අගෝස්තු 15 හිරෝෂිමා සන් සිටිහි මයුමි ඔසාකි සහ රීකෝ අමානෝට එරෙහිව පැවති ටැග් ටීම් තරඟයක් අතරතුර එල්ලවූ පහරදීමක් නිසා මොළයට ලේ ගැලීමෙන්.

    07. ඕවන් හාට්.

    wordpress.jpg


    කැනේඩියානු ව්‍රෙස්ලින්ග් පවුලකින් පැවත එන චරිතයක් තමයි ඕවන් ජේම්ස් හාට් හෙවත් “බ්ලූ බ්ලේසර්”. ඔහුගේ පියා මෙන්ම සොහොයුරන්ද ප්‍රකට ව්‍රෙස්ලින්ග් ක්‍රීඩකයින්. ඒ වගේම ව්‍රෙස්ලින්ග් ලෝකයේ බිහිවූ විශිෂ්ටයෙක් ලෙසත් මොහුව සලකනු ලබනව. කොහොම උනත් ඉතාමත්ම අවසනාවන්ත අනතුරකින් තමයි මොහු මියයන්නෙ. ඒ 1999 මැයි 23 වනදා මිසූරිවල කැන්සාස් සිටිහි පැවති තරඟයක් අතරතුර අඩි 78ක ඉහළ සිට පොළවට ඇදවැටීමෙන්.

    08. ගැරී ඕල්බ්‍රයිට්.

    gary.jpg


    1988 වසරේදී ව්‍රෙස්ලින්ග් සඳහා අවතීර්ණවන ගැරී ඕල්බ්‍රයිට් ඉන් සමුගන්නේ වසර 2000 දී සිදුවූ ඔහුගේ මරණයත් සමඟයි. මේ අතර කාලයේ ඔහු ප්‍රකට ව්‍රෙස්ලින්ග් ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ අයෙක්. 2000 ජනවාරි මස 07 වනදා පෙන්සිල්වේනියාවේ හේසල්ටන්හිදී ඔහු තරඟ වැදුනෙ බිල් ඔවන්ස් හෙවත් ලුසිෆර් ග්‍රිම් සමඟ. එහිදී ඇතිවූ හෘදයාබාධයකින් තමයි ගැරී ඕල්බ්‍රයිට් ජීවිතක්ෂයට පත්වෙන්නෙ. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 36යි.

    09. මිට්සුහාරු මිසාවා.

    chavosr.jpg


    ජපන් ව්‍රෙස්ලින්ග්වල දැවැන්ත චරිතයක් තමයි මිට්සුහාරු මිසාවා. ලෝක ශූරතාවය අටවරක්ද, හෙවිවෙයිට් ශූරතාවය තෙවරක්ද දිනාගත් මොහු වසරේ ව්‍රෙස්ලින්ග් ක්‍රීඩකයා ලෙසද තෙවරක්ම තෝරාගැනුනු අයෙක්. කොටින්ම කිව්වොත් 90 දශකය පුරාම වැඩ පෙන්නපු චරිතයක්. 2009 ජූනි 13 වන දින අකිතොශි සයිටෝ සහ බයිසන් ස්මිත්ට එරෙහිව හිරෝෂිමා ග්‍රීන් ඇරීනාහි පැවති ටැග් ටීම් තරඟයක් අතරතුර මිට්සුහාරු මිසාවා මරණයට පත්වෙනව.

    10. පෙරෝ අග්වායෝ ජූනියර්.

    PerroAguayo.jpg


    පෙඩ්රෝ අග්වායෝ රමීරෙස් හෙවත් පෙරෝ අග්වායෝ ජූනියර් ගෙ මරණය තමයි දැනට වාර්තාවෙන අවසන් සිදුවීම. ඉතාම මෑතකදි තමයි මේ අවසනාවන්ත සිද්දිය වෙන්නෙ. මේ මෙක්සිකන් ජාතික ව්‍රෙස්ලින්ග් ක්‍රීඩකයාගේ මරණය සිදුවෙන්නෙ ටැග් ටීම් තරඟයක් අතරතුර. ඒ 2015 මාර්තු 20 ටිජුවානාහිදී. ඔහුගේ ප්‍රතිවාදීන් උනේ ප්‍රකට ව්‍රෙස්ලින්ග් ක්‍රීඩක රේ මිස්ටීරියෝ සහ එක්ස්ට්‍රීම් ටයිගර්. එහිදී රේ මිස්ටීරියෝ විසින් එල්ල කළ පහරක් හේතුවෙන් හේතුවෙන් තමයි ඔහු ජීවිතක්ෂයට පත්වෙන්නෙ.



    මෙය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.​



     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔවන් හාට්ගේ අයියා බ්‍රෙට් හාට් ටත් කලින්ම රෙස්ලින් වලින් අයින් වෙන්න වුණා
    ගොල්ඩ්බර්ග් එක්ක තිබ්බ මැච් එකකදී උ ගහපු බැක් කික් එකක් ඔලුවේ පිටිපස්සට වැදිලා
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට
    බොරුද?

    එතකොට රෙස්ලිං කියන්නෙ බොරු රගපෑමක් කියල කියන එක බොරුද?