Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    1-3.png


    WWW

    ටිම් බර්නර්ස් - ලී - (1991)


    අන්තර්ජාලයට පිවිස ඕනෑම වෙබ් අඩවියක නම ටයිප් කිරීම සඳහා www. අකුරු තුන නොයොදා බැරිය. ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් හෙවත් වර්ල්ඩ් වයිඩ් වෙබ් යනු සයිබර් අවකාශය නොහොත් අන්තර්ජාලයේ පවතින පුද්ගල සම්බන්ධතා තටාකයයි. වෙබ් බ්‍රවුසරයක් තිබේ නම් අන්තර්ජාලයේ තිබෙන දස ලක්ෂ සංඛ්‍යාත වෙබ් අඩවිවල වෙබ් පිටුවලට පිවිසීමට අපට අද කිසිම බාධාවක් නැත. හයිපර්ලිත්ක්ස් හරහා ඒවායේ සැරිසැරීම විදුලි වේගයෙන් කළ හැකිවෙයි.

    මේ සියල්ල යථාවක් බවට පත් කළේ බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවෙකු හා පරිගණක විද්‍යාඥයෙකු වන ශ්‍රීමත් ටිම් බර්නර්ස් - ලී විසිනි. ඔහු අද වර්ල්ඩ් වයිඩ් වෙබ් කොන්සෝටියමේ අධ්‍යක්ෂවරයාය.

    ලෝක ව්‍යාප්ත ජාලය ලෙසට සිංහලයෙන් හැඳින්විය හැකි මේ අපූරු සයිබර් අවකාශය පිළිබඳ අදහස හා සංකල්පය ලෝකයට මුලින්ම ලබාදුන්නේ නම් ටිම් බර්නර්ස් ලී විසින් නොවේ. එහි ගෞරවය හිමිවන්නේ කීර්තිමත් ශ්‍රී ලාංකික විද්‍යාඥ ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් හටය.

    ඔහු 1970 මැයි මාසයේ හෙවියුලර් සයන්ස් නම් විද්‍යා සඟරාවට ලියූ ලිපියක සඳහන් වූයේ ”චන්ද්‍රිකා විසින් මතුª යම් දිනක ලෝකයේම දැනුම ඔබේ ඇඟිලි තුඩු වෙතට ගෙනවිත් දෙනු ඇත” යනුවෙනි. සිරොක්ස් යන්ත්‍රයක, ටෙලිෆෝනයක, දුරකථනයක හා කුඩා පරිගණකයක ආධාරයෙන් දත්ත හා වීඩියෝ ලොව පුරා සංසරණය කළ හැකි බව සඳහන් කළේය.

    අනතුරුව 1989 වර්ෂයේ එන්ක්වයර් සඟරාවට ලිපියක් ලියමින් එබඳු ඊළඟ සඳහන කළේ ටිම් බර්නර්ස් - ලී විසිනි. 80 දසකයේ දී ගොඩනගන ලද දත්ත බැංකුවක් හා මෘදුකාංග ව්‍යාපෘතියක් පිළිබඳ එහි සවිස්තරාත්මකව සඳහන් විය. සිය මිතුරෙකු වූ බෙල්ජියම් ජාතික විද්‍යාඥ රොබට් කයිලියායු සමඟ එක්වූ ටිම්, ඊළඟ වර්ෂයේ දී හයිපර් ටෙක්ස්ට් (hyper text) ව්‍යාපෘතියක් ලෙසට ලෝක ව්‍යාප්ත ජාලය පිළිබඳ අදහස ඉදිරිපත් කළේය.

    ඊළඟ වර්ෂයේ දී එය මහජනයාට විවෘත කළේය. ඒ පිළිබඳ ඔහු කීවේ මෙසේය. ”ලෝක ව්‍යාප්ත ජාලය සංවර්ධනය කෙරුණේ එය මානව දැනුමේ හා මානව සංස්කෘතියේ තටාකයක් බවට පත් කිරීම සඳහාය. හුදෙකලා ක්ෂේත්‍රයන්හි තනිවී සිටින්නත් එක් පොදු අවකාශයකට ගෙනඒම සඳහාය.”

    එය විකසනය කිරීම සඳහා ටිම් බර්නර්ස් - ලී භාවිත කළ පරිගණකය අද ද ස්විට්සර්ලන්තයේ සර්න(CERN) විද්‍යාගාරයේ සුරැකිව තබා ඇත. ලොව ප්‍රථම වෙබ් සර්වරය බවට පත්වූයේ ද එයයි.
     
    • Like
    Reactions: wingman

    Similar threads