X Files හි ස්කලිගේ ලංකාවේ වලව්ව

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,862
    2,174
    113
    Galle
    X Files හි ස්කලිගේ ලංකාවේ වලව්ව

    x-file-prew.jpg
    එක්ස් ෆයිල්ස් කතා මාලාව තුලින් ජනප්‍රියත්වයට පත්වූ ස්කලී ගේ චරිතයට පණ පොවන ගිලියන් ඇන්ඩර්සන් ට අයත් ලංකාවේ වලව්වක් පිළිබඳව පසුගිය කාලයේ ආන්දෝලනාත්මක කතිකාවතක් ගොඩ නැගී තිබුනේ එම දේපල ලංකාවේ සිට බලා කියාගත් අනුර රත්න බණ්ඩාර නම් පුද්ගලයා එම දේපලෙන් විසින් මිලියන 17.8 ක මුදලක් වංචා කිරීම හේතුවෙනුයි.

    පස්යාල ප්‍රදේශයේ පිහිටි "නාවටිය වලව්ව" නොහොත් "පිළිමතලාව වලව්ව" අක්කර හතක පමණ විශාල භුමි භාගයක පිහිටා ඇති අතර පොල් වගාවක් හා කැලයකින් යුක්තය. මෙම වලව්ව එම පළාත් හොල්මන් ඇති බවට ප්‍රසිද්ධ වුවකි.

    මෙය ලංකාවේ ප්‍රවීණ කල ශිල්පියෙකු වූ ජස්ටින් දැරණියගලහට අයත්ව තිබුවක් බව වාර්තා වන අතර ගිලියන් ඇන්ඩර්සන් පවසන්නේ මෙම දේපොළ තමාට අදහාගත නොහැකි අඩු මිලකට ලැබුණු බවයි.

    කෙසේ නමුත් මෙම දේපල බලාගැනීමට ලබාදුන් පුද්ගලයා සමග නඩු වලට පෙනී සිටීමෙන් පසුව ලංකාවේ පිහිටි මෙම වලව්ව ගිලියන් විසින් විකිනීමට අදහස්කොට තිබෙනවා.ප්‍රයිවට් එයාර් නම් සඟරාවට අදහස් පළකරමින් ගිලියන් පවසා ඇත්තේ තමාගේ අදහස් වී තිබුනේ එම වලව්ව ලැගුම්හලක් බවට පත්කිරීමට වුවත් පසුව එම අදහස වෙනස්වූ බවය.

    ගිලියන් විසින් ලංකාවේ දේපොළ බලාගත් රත්න හේරත් නම් පුද්ගලයා සමග සමීප සම්බන්ධතාවයක් පැවැත්වූ බවත් ගිලියන් ගේ දරුවන් පවා සිය පියාට වඩා ලාංකික අනුර රත්න බණ්ඩාර ට සමීප සිටි බව අප වෙත වාර්තා වී තිබෙනවා.

    ගිලියන් විසින් අනුර රත්න බණ්ඩාර වලව්ව බලාගැනීමට ගෙන ඇත්තේ ලක්ෂ දෙකක පඩියකට වන අතර පසුව ලංකාවේ කෑම හුරු කිරීම ආදී සියලු කටයුතු සිදු කර ඇත්තේ ඔහු විසින්. මෙම හිතවත්කම දළු ලා යද්දී ගිලියන් විසින් WP JM 9191 දරන මොනේරෝ රථය අනුර බණ්ඩාර හට තෑගිකොට තිබෙනවා.

    මේ සියල්ල පිළිබඳව ගිලියන්ගේ සැමියා වන මාක් සිට ඇත්තේ කෝපයෙන් වන අතර ඔහුගේ දරුවන් වන "ගිලික්ස්" සහ "ඔස්කා" අනුර බණ්ඩාර හට "ඩෑඩි" යනුවෙන් ආමන්ත්‍රණය කිරීම පිළිබඳවද සිට ඇත්තේ දැඩි කෝපයකින්.

    අනුර බණ්ඩාර යුධ හමුදාවේ අවරුදු 30 ක් සේවය කල විවාහක අයෙකි. ඒ පිලිබඳ නීතිමය කරුණු සිදුකෙරෙමින් පවතින හෙයින් වැඩිදුර විස්තර හෙළිකිරීමට නොහැක.

    ඉතා අඩු මුදලකට ලැබුණු වලව්ව ගිලියන් විකුණන්නේ ඇමරිකානු ඩොලර් පනස් හත්ලක්ෂපනස්දහසක මිලකටයි. මෙයට අමතරව ගිලියන් හට ලංකාවේ අක්කර ගණනාවක තේ වත්තක්ද ඇති බව වාර්තාවේ.

    ගිලියන්ගේ වලව්වේ ජායාරුප එකතුවක් පහතින් බලන්න


    gillian-new-2.jpg

    gillian-new.jpg
    gillian+andeerson+gossip9+%282%29.png

    gillian+andeerson+gossip9+%283%29.jpg

    gillian+andeerson+gossip9+%284%29.jpg

    gillian+andeerson+gossip9+%284%29.png


    gillian+andeerson+gossip9+%285%29.png

    gillian+andeerson+gossip9+%286%29.png

    gillian+andeerson+gossip9+%287%29.png

    gillian+andeerson+gossip9+%288%29.png

    gillian+andeerson+gossip9+%289%29.png


    gillian+andeerson+gossip9+%283%29.png

    gillian+andeerson+gossip9+%281%29.jpg

    gillian+andeerson+gossip9+%281%29.png

    gillian+andeerson+gossip9+%282%29.jpg

     
    • Like
    Reactions: virajintel

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ලංකාවත් චා උනා ඒ සීන් එකෙන් ඇත්තටම ඉතාමත් ලස්සන නිර්මානයක් නේ...යකෝ ලක්ෂ දෙකක් පඩි දීලා මොන්ටෙරෝ එකකුත් දුන්න කියුවම...අනේ..මූ නම්..ඇත්තටම වැඩේ වරද්දන් තියෙන්නෙත් එතන නේ..සෑහෙන්නම සුහද කමක් තියෙන්න ඇති..ඒ වෙනුවෙන් අර වගේ ලොකු චංචාමක් කරාම මිනිස්සුන්ට එපා වෙන එක අහන්න දෙයක් ද? නඩුවෙන් ස්කලීට අවාසි වන සීන් එකතුත් තියෙනවා...හරියටම තීන්දුව දීලා නෑ..මොකද මේ අපේ මනුස්සයා කියන්නේ මීට හාත්පසින්ම වෙනස් කතාවක්...කොහොමත් අපේ මිනිස්සුන් ගේ තරම කියන්න දෙයක් නෑ නේ...අපරාදි..ස්කලීම හිතලා ආයේ ඕක නොවිකුනුවොත් හොඳයි...එයාට ලාබෙට ලැබුනට මේක රෙනොවේෂන් වලට මාරම ගානක් වියදම් කරල තියෙනවා..ඒ වගේම ඔය කෝටි ගාන චංචා කරලා තියෙන්නෙත් ඒ දේවල් රෙපෙයාර් කරන්න කියලා ලු..මෙයාට අන්තිම්ට සැකයක් ඇති උනාලු මෙච්චරටම සල්ලි ඉල්ලන් මූ මොකද කරන්නේ කියලා...ඒ නිසා පෙර දැනුම් දීමක් නොකරම ලංකාවට ඇවිත් මේ ගැන බලනකොට කලින් පාර ඇවිත් ගියාට පස්සේ ඉඳන් මේ වෙනකන් උන දෙයක් නෑ ලු..කොහොමත් අපේ මනුස්සය මේ ගැන වචනයක් වත් කතා කර ගන්න බැරි විදියටම අසරණ වෙලා ලු...ඈ බං ඔච්චර ගානක් සල්ලි කෑවත් ඉවර කරන්න පුලුවන් ද??? නඩු තීන්ධුව ඉවර වෙනකන් මේක විකුනන්න බැරි වෙයි...පිටරට කෙනෙක්ට ලංකාවේ දේපලක් ගන්න කොට යන්න ඕන විදියක් තියෙනවා...ඒ විදියට වැඩේ ගිහින් නැත්තම් ඉවරයි...එහෙම අවුලක් නම් නඩු දාන්නේ නෑ නේ..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපේ හරක් ඉතින් හැමදාම,,,
    ඇදගෙන නාගන්ඩ තියන ලිද ඉහගෙනම නාන්ඩ ගිහින් කෙලෝගන්නවනේ.........