X-Men: Days of Future Past .... මේ මාසේ 23 මේක Release වෙන්නේ..එනකන් ඉවසිල්ලක&#353

kreezer

Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    X-Men: Days of Future Past .... මේ මාසේ 23 මේක Release වෙන්නේ..එනකන් ඉවසිල්ලක&#353

    X-Men: Days of Future Past

    Superhero චිත්‍රපට ඉතිහාසයේ මිල අධිකම චිත්‍රපටය ලෙස බ්‍රයන් සිංගර්ගේ X-Men: Days of Future Past චිත්‍රපටය ඉතිහාස ගතවනු ඇති බවට පැවසේ. එමෙන්ම “ආරක්ෂක යක්ෂයා” (Daredevil) චරිතය 20th Century Fox වෙතින් නැවත marvel වෙත ලබාගැනීම නිසා “විකෘර්තිකයන්” (X-Men) සහ “පුදුමාකාර සිව්දෙනා” (Fantastic Four) අයිතිය අහිමි වීමට පෙර ඒවායේ නව නිකුතුවන් තුලින් විශාල අදායමක් ලබා ගැනීමට 20th Century Fox ආයතනය බලාපොරොත්තුවෙන් සිටින බැවින් මෙම චිත්‍රපටය කෙරෙහි Fox ආයතනය සුවිශාල අවධානයක් යොමු කර ඇත. මෙය Avatar වලින් පසුව Fox විසින් වැයකළ සුවිශාලම ආයෝජනයයි. එමෙන්ම සියලුම සුපිරි වීර චිත්‍රපට අභිබවා යමින් සුපිරි වීර ඉතිහාසයේ ඇති දැවැන්තම නිර්මාණය බව පැවසේ.

    X-Men චිත්‍රපට ඉතිහාසයේ පළමු වරට හඳුන්වා දෙන Sentinels නම් විකෘර්තිකයන් විනාශ කිරීමේ රොබෝ යන්ත්‍ර මෙම චිත්‍රපටයේ දැවැන්තම නිර්මාණය වී තිබේ. එමෙන්ම අතීත වර්තමාන යුග යා කරමින් නිමවුණු මෙම සලරුව මැයි 23 දින ලොව පුරා සිනමා ශාලා සඳහා නිකුත් කිරීමට නියමිතව ඇත.

    n7f6wcj


    ndl1hg4j


    nhu5o2j


    nfqjxaj


    n7evr3j


    nfslnxj


    ndu5lh4j


    nh4kz7j



    [ ඉස්සුවේ බය්ස්කොප් මන්සලෙන් හොඳේ...... ]


    අඩෝ මේ එළකිරි එකේ තෙරෙඩ් එකක් එක්ක images දාන එකනම් මාර කට්ටක් කන්න වෙන වැඩක් බන් ..මෙච්චර අමාරුවෙන් දාලත් පෙන්නේ නෑ..උඹලට පේනවද? imageshack එකෙන් දැම්මේ...