XCOM2 Alien Game-2016

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island

    xcom2_4p3n-li.jpg


    මේ ගේම් එක හොඳඳ? ගහපු එවුන් කියපල්ලා බලන්න.




     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    oka turn based strategy.
    e genre eke thiyana hodama game ekak. wasteland wage.
    godak welawa yanawa habai. plan karala, play karanna one.
    walkthrough ekak balanna you tube eke.
     
    • Like
    Reactions: DjAtrocity

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    oka turn based strategy.
    e genre eke thiyana hodama game ekak. wasteland wage.
    godak welawa yanawa habai. plan karala, play karanna one.
    walkthrough ekak balanna you tube eke.

    පට්ට ගේම් එක. මීට කලින් ගේම් දෙකක් ආවා. X Com Enemy within, X Com Enemy unknown. දෙකම ගැහුවා. පට්ටයි.

    මෙහෙමයි. වෙනස් විදියකට යන්නේ. සීන් එක අපේ ලෝකෙට Alien attack එකක් ඇවිල්ලා තියෙන්නේ. උන් ලෝකේ පුරාම රටවල් අල්ල ගන්න තමයි ට්‍රයි එක දෙන්නේ. උන්ට ගේම දෙන්න ලෝකෙම රටවල් එකතු වෙලා දෙන ගේමක් තියෙන්නේ.

    අපිට ටීම් හදාගෙන යන්න තියෙන්නේ. රටවල් ගානකින් කට්ටිය ඉන්නව. හැබැයි ටීම් එකට කීපදෙනෙක් තමයි අපි තෝරලා ගන්නේ. Snipers, assault, heavy gunner වගේ එයාලගේ categories අනුව අපි ටීම් එක බැලන්ස් කරල හදාගන්න ඕන. සාමාන්‍යෙන් ටීම් එකකට අඩුමගානේ හතරදෙනෙක්වත් ඉන්නව. ඒ අයගේ performance අනුව තනතුරෙන් ඉහල යනවා මිෂන් එකෙන් මිෂන් එකට. එක මිෂන් එකකදී ඉන්ජර්ඩ් වුන අය තියලා සනීප වෙනකං වෙන අය ටීම් එකට දාගන්න පුළුවන්.

    අපේ base එකේ අපි එක එක facilities හදාගන්න ඕන. ඒවායෙන් තමයි අපේ weapons එහෙම upgrade කරගන්නේ. ඒ කියන්නෙ medi labs, weapons research වගේ දේවල්. මිශ්න්ස් ක්ම්ප්ලීට් කරල ලැබෙන සල්ලි වලින් මේ දේවල් කරන්න පුළුවන්.

    අපිට මිශ්න්ස් ලැබෙන්නේ ලෝකේ පුරාම රටවල් වලින්. එකපාර මිශ්න්ස් කීපයක් ලැබෙනවා. අවධානම අනුව කැමති එකක් තෝරගන්න පුළුවන්. ඒ කියන්නෙ aliens ල නගරයක් ආක්‍රමණය කරල තියෙනකොට, උන්ගෙ ship එකක් කඩන් වැටුනහම, උන්ගෙ base වලට ඇටැක් කරන වගේ සීන් තමයි ලැබෙන්නේ.
    යටින් කතාවක් යනවා අපි ගේම් එකේ ඉස්සරහට යද්දි

    turn base strategy කියන්නෙ අපිට සහ සතුරන්ට මාරුවෙන් මාරුවට තමයි turns ලැබෙන්නේ. ඒ නිසා හොඳට කල්පනා කරල තමයි ගහන්න ඕන. sniper ලගෙන් සෑහෙන්න ප්‍රයෝජන ගන්න පුළුවන් හරියට තැනක තිබ්බොත්.
    ඒ වගේම සමහර soldiers ලා experience අනුව ඉහලට ගියහම උන් පට්ට powerful වෙනවා. උන්ට සිරා upgrades ලැබෙනවා.