here"'s the original mongal sonnayo
බයියෝ කියන්නේ උබල වගේ 2.50 නුගත් සොන්නයෝ නිසා ..ෆොටෝෂොප් කරන උන්ට හොදට ගෙවනවලු අප්පච්චි
here's the original link
http://en.kiosko.net/in/2012-07-11/np/hindu.html
ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ නෑ
August 6, 2015 04:51 pm
ඊළම වෙනුවෙන් තමන් සහය නොදක්වන බවත්, ඊළාම් සිතියම සහිතව මැතිවරණ ප්‍රචාරණයේ නොයෙදුණු බවත් කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, යාපනය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අපේක්ෂිකා විජකලා මහේෂ්වරන් මහත්මිය පවසයි.
තමන්ට එල්ලවන චෝදනා පිළිබඳ ඇයගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.
එකී නිවේදනයේ මෙසේද සඳහන්ය.
යාපනය දිස්ත්‍රීක්කය තුළ මහජන සහයෝගය දිනෙන් දින මා වෙත ගලා එමින් පවතී. පාවෙන ඡන්ද ද අප වෙත නැඹුරු වෙමින් ඇත. කෙසේ වෙතත් දුෂ්ඨ බලවේගවලට මෙම තත්ත්වය දරා ගත නොහැකි අතර ඔවුන් අප සම්බන්ධයෙන් බොරු ප්‍රචාර පතුරවමින් සිටියි. බෙදුම්වාදීන් කලකට පෙර නිර්මාණය කර ගෙන සිටි දෙමිළ නිජභූමි සිතියමේ සහ අපේ අපේක්ෂකයකුගේ රුව දැක්වෙන ව්‍යාජ ලෙස සැකසූ ශ්‍රී ලංකා සිතියමක් දකුණේ මැතිවරණ ව්‍යාපාරයට හානි කිරීමේ අරමුණින්, පතුරුවා හරිමින් සිටී.
සිංහල ජන හදවත් තුළ වාර්ගික අසමඟිය ඇති කිරීම මෙහි අරමුණ වී ඇති බව පැහැදිලි ය.
එමෙන්ම අන්තර්ජාල සමාජ මාධ්‍ය තුළින් ද, ඒ හා සමාන සිතියම් මා පෞද්ගලිකව සම්බන්ධ කර ප්‍රදර්ශනය කරමින් ඇත. මෙකී සියලූම ක්‍රියාවන්, සාමාන්‍ය ජනයාගෙන් මා වෙත ලැබෙමින් පවතින ඉහළ ජන ප්‍රසාදය දිරවා ගත නොහැකි දුෂ්ට බලවේගයන්හි පටු අරමුණුවල ප්‍රතිඵල වේ. අපි කිසිදිනක ඊළාම් ඉල්ලීම වෙනුවෙන් සහයෝගය දක්වා නොමැති අතර ඒ සඳහා ඉදිරියේදී ද සහයෝගය නොදක්වමු.
ඒකීය ශ්‍රී ලංකාවක් තුළ අපගේ ජනවාර්ගික ප්‍රශ්නය සඳහා විසඳුමක් සෙවිය යුතු බවට වූ අපගේ ස්ථාවරයෙහි කිසිදු වෙනසක් ඉදිරියට ද සිදු නොවේ. එබැවින් මෙම බොරු ප්‍රචාර අපි සම්පූර්ණයෙන් ම බැහැර කරමු. තවද, මෙවැනි පදනම් විරහිත බොරු ප්‍රචාර අපි හදවතින් ම තරයේ හෙළා දකිමු. ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සිංහල ජනයා සමග සමාන පුරවැසියන් ලෙස ජීවත් වීම අපගේ ප්‍රතිපත්තිය බව දන්වා සිටිමු.
තවද, එජාප පාලනයක් යටතේ උතුරු ප්‍රදේශයේ සියලූ පොලිස් ස්ථාන වසා දමන බවට මා පැවසුයේ යැයි නාග විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ සඳහන් කර ඇත. පුවත්පතට අනුව මෙම ප්‍රකාශය කොළඹ පැවති රැස්වීමක දී සිදුකර ඇතැයි ද උන්වහන්සේ චෝදනා කරති. එවැනි ආකාරයේ ප්‍රකාශයක් කිසි දිනක මා විසින් සිදුකර නොමැත. ජාතිවාදය පතුරවමින් ගෙන යනු ලබන මෙම වැරදි පුවත් පිළිබඳව මම මැතිවරණ කොමසාරිස්තුමා වෙත කරුණු දක්වා ඇති බව ද සඳහන් කරමි.
Code:
http://sinhala.adaderana.lk/news/53084/ඊළාම්-සිතියම්-කතා-බොරු---මං-ඊළමට-සහය-දෙන්නේ-නෑ