Yaluwo / Yalukama [FRIENDSHIP]

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ලෝකෙ මැවුව දෙවියන් වහන්සේ ලොකේ මවනකොට මැවුව වටිනාම දෙයක් තමයි විරුද්ධ හෝ සමාන ලිංගිකයන් අතර ඇති වන අන්‍යෝන්ය බැදියාව හෙවත්,යාලූකම යාලුකම කියන එකට මට නම් මෙතෙක් නිශ්චිතයි කියල මීනින් එකක් දෙන්න අමාරුයි.මොකද ඉතින් දවසින් දවස යාලුකමට නිර්වචන එකතුවෙනවනේ



    friendship2title.gif


    යාලුකම කියනකොට එන ප්‍රධාන චරිතෙ තමයි යාලුව.යාලුවන් දෙන්නෙක් හෝ ඊට වැඩි පිරිසක් එකතු උනහම යාලුවෝ ඇති වෙනවාමේ යාලුවන්ට එකතු උනහම ගොඩක් දේවල් වෙනස් කරන්නත් දේවල් නැති කරන්නත් මහම මහ පුදුම දේවල් කරන්න්ත් බලයක් ලැබෙනවා අන්න ඒ බලය තමයි බැදීම කියන්නෙ.එකිනෙකා අතර තියෙන විශ්වාසය මත පදනම් වූ එකමුතු බව.මේක ආත්මයෙන් ආත්මයට යන බැදීමක් කියල ගොඩ දෙනෙක් කියනවා මම අහල තියෙනවා.සමහර යාලුකම් ඒ තරම් ශක්තිමත් සමහර එවා නැතත්


    විකිපිඩියා වේ මෙන්න මෙහෙමයි යාලුකම හදුන්වන්නෙ
    ________________________________________________________
    In a comparison of personal relationships, friendship is considered to be closer than association, although there is a range of degrees of intimacy in both friendships and associations. Friendship and association can be thought of as spanning across the same continuum. The study of friendship is included in the fields of sociology, social psychology, anthropology, philosophy, and zoology. Various academic theories of friendship have been proposed, among which are social exchange theory, equity theory, relational dialectics, and attachment styles.
    _______________________________________________________________

    280px-Amistad_SV.JPG


    යාලුකමේදී අවශ්‍යම එකක් තමයි අන්‍යෝන්ය විශ්වාසය ඒක නැත්නම් එතන තියෙන්නෙ යාලුකමක්ද නැත්නම් වෙන මොකද්ද කියල තේරුම් ගන්න බෑ.සැකෙන් බයෙන් කරගෙන යාලුකම නම් තිබිලත් වැඩක් නෑ මොකද කිසිම ප්‍රයෝජනයක් නැති නිසා.ඒකෙන් වෙන්නෙ ඒ යාලුවන්ගේ ජීවිත වලට අවාසනාව ළගා වෙන එක තමයි.මොකද ඒ ගැන ඔගොල්ලො හිතන්නෙ

    අපි සමාජය එක්ක මුහුවෙනකොට විවිධ මාර්ගවලින් (පාසලෙන්,පන්තියෙන්,අන්තර්ජාලයෙන්,එහෙන් මෙහෙන්)අපිට එක එක යාලුවො හම්බ වෙනවා.එක එක මූණු දාගෙන එනවා,හොද වෙවා නරක වෙවා අෆිත් ඉතින් එන යාලුවො එක්ක යාලුවො වෙනවා.සමහර වෙලාවලට එකම එක්කෙනා තමයි විවිධ අවස්ථාවලදී විවිධාකාර වූ වෙස් මුහුණු දාගෙන එන්නෙ.කොහෙන් කොහොම ආවත් සමහරු නම් අදුරගන්න පුලුවන් මොකද එයාගේ එක දුර්වල කමකින් අෆිට දැන ගන්න පුලුවන්.බැරි උනොත් ඉතින් සොරිම තමයි


    හැමවෙලාවෙම අවංක යාලුවො හම්බ වෙයි කියල හිතන්න බෑ මොකද අපි රහත් වෙලා වත් වෙන අයගේ හිත කියවන්න පුලුවන් න්‍යායක්වත් අපිට නෑ නේ(සමහරුන්ට නම් තියෙනවලු නේ)ඉතින් එන්න එන්න යාලුවො පරණ වෙනවා කාලයත් එක්ක බැදීම් තර වෙනවා හැබැයි අවංක හැම වෙලාවෙම සත්‍ය කතා කරන දුකේදී සැපේදී අත් නැහැර ඉන්න කේලම් කියල යටින් ගේම් දෙනෙ නැති පණ වගේ ඉන්න යාලුවො තමයි අපි ළංකරගන්න ඕනේ.සල්ලි වලට ගන්න බැරි දේ ආදරය විතරක් ද ඇයි අවංක යාලුකම සල්ලි වලට ගන්න පුලුවන්ද අනේ මන්ද ගෑනිවත් මාකටින් කරන කලේ යාලුකමත් විකුනන අය නැත්තෙම නෑ නේවෙයි නේ.ඉන්න පුලුවන් එහෙම අය.අපිට ඉන්න ඕනා එහෙම යාලුවොද ?

    යාලුවන් අතර සැගවිච්ච ගොඩක් දේවල් තියෙනවා සුන්දර රහස් වගේම අසුන්දර මතකයනුත් තියෙන්නෙ පුලුවන් ප්‍රධාන වශයෙන් අනෙකාව තේරුම් අරගෙන වැඩ කරන්න ඕනා.මොකද නරක වෙලාවට යාලුවම තමන්ගේ ලොකුම හතුර උනොත් එහෙම.හතුරෙකුට උනත් කරදරයක් වෙනකොට අහක බලන්න ඉන්න පුලුවන්ද මනුස්සකමක් තියෙන කෙනෙකුට


    ලොකේ එක එක දවස් එක එක දේට ලෝකයා වෙන් කරල තියෙනවා.ආදරේට එක දවසක්.අම්මලට තාත්තලට තව දවසක්.ගුරුවරුන්ට තව දවසක් කියල යාලුවන්ට කියල අර වගේ වෙනම දවසක් වෙන් කරන්න පුලුවන්ද.ප්‍රයෝගිකව කරන්න පුලුවන්ද ඒක පොඩ්ඩක් හිතල බලන

    අද නම් හොද යාලුවෙක් හොයාගන්නම බැරි තරම් ගොඩක්ම ඉන්නෙ දේවදත්තල වගේ අයනේ.ඔගොලොන්ටත් ඕන තරම් එවගේ අය හමු වෙලා ඇති එ වගේම පණ වගේ ඉන්න ලක්ෂෙකින් හොයාගන්න බැරි යාලුවොත් ඉන්න ඇති නේද ඔය අතර.මට කියන්න පුලුවන්ද ඇයි ඔගොල්ලො එක පිරිසක් නරක යාලුවො කියලත් එක පිරිසක් හොද යාලුවො කියලත් ඛණ්ඩණය කරේ කියලා මටත් ඔය කියන දෙවර්ගයම හමුවෙලා තියෙනවා ඉස්සරහටත් හමුවෙයි

    යාලුවන් අතරෙ විහිලු කරනවා ගහ ගන්නවා මරා ගන්නවා එක එක කෙලි කොරනවා නේ ඉතින් එවා ආයි අලුත් දෙයකින් අමතක වෙනවා.ලෝකය කැරකෙනකොට ඉතින් එකම තැන යාලුකම පල් වෙන්නෙ නෑ කියන්න පුලුවන් නේ,බොරුද,තව එකක් අලුත් යාලුවො එනකොට පරණ යාලුවො නම් අමතක කරන්නෙ ඇයි මට ගොඩක් වෙලාවට මුහුණ දෙන්න උන දෙයක් මේක.දන්නෙ නෑ ඇයි කියලා.යාලුකම කියන්නෙ ඉස්සරහට යන්න යන්න වෙනස් වන දෙයක් ද?

    මෙහෙමයි හැබැයි යාලුවන්ගේ ක්‍රියාකාරකම් වලින් අනිත් අයට අවැඩක් වෙනව නම් ඒක එයාලට කියල දීම යාලුකමේ යුතුකමක් හැබැයි ඒ කියලත් ඉතින් වැඩක් නැත්නම් යාලුකම බේර ගන්නත් මොකක් හරි පියවරක් ගන්න ඕනා

    ගොඩක්ම වර්ථමානයේ ඔය කියන යාලුවො නැති වෙන්නෙ එකි නෙකා අතර තියෙන හිතුවක්කර මෙන්න අදහස් මතවාද වල තියෙන දුරස්ථභාවය හෙවත් පරස්පරථාවය කියලයි මට හිතෙන්නෙ
    පොඩි පොඩි දේවල් උනත් වැරදි විදියට බැලුවම අනිත් දේවලුත් වැරදි විදියට පේන්නෙ නිරායාසයෙන්ම නෙ

    යාලුවෙකුට යාලුවෙක්ගෙන් සමාවක් දෙන්න පුලුවන් වරදක් උනා නම් සමාව දෙන එක දේව ගතියක් හැබැයි සමාව ගත්ත කෙනා ඒ සමාව වැරදි කුහක විදියට ප්‍රජෝජනය කරනව නම් ඉතින් ඒ මනුස්සයට පාප මිත්‍රයා කියන්න වෙන එක අහන්න දෙයක් නෑ


    එ වගේම යාලුවන්ව අප කෙරෙහි තියාගන්නත් අපි ක්‍රියාකරනන් ඕනේ.බලෙන් තියාගන්න කියන එක නෙවෙයි මම කිව්වෙ.ආදරෙන් අපි එක්ක ඉන්න තත්වයට පත් කරගන්න ඕනේ.ඔතනදි නම් ගොඩ දෙනෙක්ට වැරදිලා ඇති සමහර වේලාවට අපේ වැඩ නිසා ඉන්න යාලුවොත් යාලුවො යාලුවොත් හිත් අමනාපකම් ඇති කරගන්න අවස්ථා ඇති වෙනව.මගේ අතිනුත් දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙහෙම වෙලා ඇති සමහර විට අපේ පැත්තෙන් හොදයි කියල හිතෙන දේ අපි කරනවා.ඒ දේම අපේ යාලුවන්ට නරකට හිටින්නත් හිතේ කහටක් ඇති වෙන්නත් බලපාන්න පුලුවන්.ඊට පස්සෙ තමයි අර කියන යටින් ගේම් දෙන වැඩේ මුලාරම්භය ස්ථාපනය වෙන්නෙ මම හිතන විදියට.

    යාලුකම ගැන නම් කතා කරන්න බොහොමයක් දේවල් තියෙන්නෙ පුලුවන්.මට මේ ගැන දැන්ම කතා කරන්න අදහසක් තිබෙ නෑ මමත් ආසවෙන් හිටිය පොඩ්ඩක් මේ වගේ මාතෘකාවන් ගැන කතා කරනන්.සමහර දේවල් වෙන්නෙ හොදටමයි කියල හිතනවනේ
    ඇත්තටම මට කියන්න යාලුකම හෙවත් එක මෙන්න මේ විදියට හදුන්වන්න නිර්වචනය කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද ආදරයමත් ද මේ යාලුකම කියන්නෙ නැත්නම් වෙන දෙයක්ද මොකද්ද ඇත්තටම



    අෆි කතා කරමු සංවාධයට අවසරයි
    හිතේ තියෙන දේ කියන්න හොදක් හෝ නරකක් වෙවා මට හිතුන දේ මම කිව්ව සමහරවිට වැරදි ඇති හරිත් ඇති
    ඔගොල්ලොත් ඔගොල්ලන්ගේ හිතේ යාලුකමට තියෙන ඉඩ ගැන කියන්න
    සංවාධයට අවසරයි
    ________________________________________________________

    කාටවත් අපහාස කරන්න නම් මේක යොදාගන්න එෆා
    ඕන කෙනෙක්ට ඕනම දෙයක් මෙතන කියන්න පුලුවන් මතෘකාවට අදාලව


    _________________


    _________________
    © 2011 Mal Baba@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Sites

     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මට ඉන්නවා යාලුවෝ group 3ක්. කට්ටියක් අපේ ගෙවල් පැත්තේ යාලුවෝ.තව කට්ටියක් ඉස්කෝලේ යාලුවෝ. අනිත් කට්ටිය තමය එළකිරි එකේ යාලුවෝ. මේ group 3 ත් එක්කම ගොඩක් හොදින් ඉන්න හැම තිස්සෙම මම try කරනවා. තව ඉස්සරහට තව group ඕකට එකතු වෙය් කියල බලාපොරොත්තුවෙන් ඉන්නවා :):):):)
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    hoda yaluwek kiyanne ape dukedi sapedi dekedima api laga inna ayai
    mage jeewithe hambawechcha hoda yaluwo gaana wadi.mokada habawechcha ekama naraka yaluwagen mama hoda padamak igena gaththa.me ELAKIRI.COM eke inna godak aya hodama aya kiyalai mata kiyanna thiyenne.
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    හොද කාලීන මාතෘකාවක්.....

    මගේ අදහසත් අපි සමාජයට එන කොට හතුරෝ එහෙමත් නැත්තම් නරක යාළුවෝ කවුරුත් නෑ ඔක්කොම යළුවෝ.....අපි ඒ අයත් එක්ක ගනුදෙනු කරන විදිහට තමා හොද හා නරක යාළුවෝ ඈති වෙන්නේ......එහෙම ඈති වෙන්නෙත් අපේ හැසිරීම් රටාවත් එක්ක....මට නම් මේ ජිවිතයේ ඈත්දැකීම් අඩුයි.....

    හැබැයි මේ එළකිරි එකේ ඈත්දැකීම් හුගක් තියෙන අය ඉන්නවා කියලා දන්නවා.......ඒ අ​යගේ අත්දැකීම් අපිටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා......
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මිත්‍රත්වය කියන්නේ හරි පුදුමාකාර දෙයක්.....:)

    විටෙක දුක, කදුල තවත් විටක සිනහව, සං‍තෝශය. කොහොම උනත් එකම වචනයෙන් විවිධ වේශවලින් මිත්‍රත්වය එනවා. ඒ මිත්‍රත්වය අව්ස්ථාව අනුව පුද්ගලයා අනුව වයස් සීමාවල් අනුවද වෙනස් වෙනව...:nerd:

    යාලුවන් අතර තියන මිත්‍රත්වය ගොඩක් වෙලාවට හරිම විවෘතයි. ඒ විවෘත කම නිසාම ගැටලු ගොඩයි. මේ වැනි ගැටලු ඇති නොවීමටනම් එකිනෙක පිලිබද අන්‍යනෝනය අවබෝධයක් තිබිය යුතුයි. මේ වැනි අන්‍යනෝනය අවබෝධයක් නැති අවස්ථාවල ඇතිවන ගැටලු වලට ඔනැ තරම් උදාහරණ එලකිරි එකේම තියනව. අපි මිත්‍රයන් විදියට ඒ තත්වයට පත්විය යුතු නැ....:no:


    අපිට ලෝකයේ තනියෙන් ජීවත් වන්නට බැරිය. අපි සියලුදෙනා ජිවිත කාලයේම උත්සාහ කරනුයේ කවුරුන් හෝ සමීපකර ගන්නටය එසේත් නැත්නම් සමීප වන්නටය. අපිට ජීවිතයේ සතුරන් ඇතිකරගන්නට පුලුවන ඒත් මිතුරන් ඇතිකරගන්නට ලේසි නැත. ඉන්න මිතුරාත් නැතිකර ගැනීම නොව කරයුත්තේ අලුත් මිතුරන් ඇතිකර ගැනීමය....:yes:
     
    යාලුවෝ තම අපිට ඉන්න ලොකුම සම්පත ,,එළකිරි .com එකට පින් සිද වෙන අපිට ඊ වගේ යාලුවෝ ගොඩක් සෙට් උනා.:):)
    තැන්ක්ස් මල් බබා ගොඩක් වැදගත් කලොච්
    ත ත්රෙඅඩ් එකක් :)

    You must spread some Reputation around before giving it to Mal Baba again.
     

    sanmahesh

    Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    ගොඩක් දේවල් කියපුව ඇත්ත යාළුවා.ඔය විදිය තමයි යාලුවෝ ...මම නම හිතන්නේ යාළුවා මගේ යාලුවෝ මොනවාගේ උනත් හැමෝම එක්ක සතුටින් ඉන්න...අපිට වරදක් කරත් ඒ අය සමග වෙනදාට වද හොදින් ඉන්න එතකොට තමයි වැරදි කරපු යාළුවට හොදට දන්නේන....:)

    රේප් ++
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමාජයේ හැසිරෙද්දි හමුවන පිරිස් අතරින් අපට රුචි ගති ලක්ෂන ඇති අය බොහෝ විට අපගෙ යාලුවො බවට පත්වෙනව. අපගේ සිතුම් පැතුම් හා සමාන සිතුම් පැතුම් ඇති අය තමයි බොහෝ විට අප වඩා ප්‍රිය කරන යාලුවො බවට පත්කරගන්නෙ. නිරන්තර අපත් සමඟ වෙසෙමින් කටයුතු කරන අයද යාලුවො බවට පත්වෙන අවස්ථා තියනව ඒ අයගෙ ගති ලක්ෂණ අපගේ රුච්කත්වයෙන් මදක් ඈත් වුණත්. කොහොම වුණත් අපි හොඳ යාලුවො කියල හඳුන්වන්නෙ බොහෝවිට තමා හා සමඟ යන අදහස්වලින් සමන්විත අය. ඊට අමතරව තමාගේ දුකේදී ළඟින් ඉන්න තමාට උදව් පදව් කරමින් හෝ තමා ගැන සොයා බලන අයට බොහෝවිට අප ලෙන්ගතු වෙනව. එය මනුෂ්‍ය ස්වභාවය.

    කොහොම වුණත් මගේ මතය අනුවනම් හොඳ මිතුරෙක්, ගජ මිතුරෙක් වීමට වඩා කළණ මිතුරෙක් වීම හා කළණ මිතුරන් සිටීමයි පුද්ගලයන්ට සුදුසු වන්නෙ. හැබැයි මං මේ වචනවලට දෙන අර්ථ සාමන්‍ය සමාජ ව්‍යවහාරයේ එන අදහස්වලට පටහැනි වෙන්න පුළුවන්. ගජ මිතුරෙක් කියන්නෙ මගේ අදහස අනුව තමාගෙ මිතුරා කරන කියන සියලුම දේවල් අනුමත කරමින් ඒ දේවලට සහය දක්වන්නෙක්. ඒකයි අපි ඒ කෙනාට මෙතරම් කැමති. මොකද එයා අපේ හොඳ පැත්ත තමයි නිතර දකින්නෙ. අපි කරන ඕන වැඩකට සහය දෙනව. එවැනි මිතුරෙක් සිටීම භයානකයි කෙනෙකුට. නමුත් කළණ මිතුර කියන්නෙ ඒ වගේ කෙනෙක් නෙමෙයි. එයා අපි කරන හොඳ වැඩවලදි සහය දුන්නත් අපට හෝ අනිකුත් අයට අවැඩක් වෙන දේ වලදි එරෙහි වෙනව. පුළුවන්නම් අපිව ඒ දේවලින් ඈත් කරල තබාගන්න මහන්සි වෙනව. ඒ වගේ කෙනෙක් වෙන එක තමයි හොඳ දේ. ඒ වගේ මිතුරෙක් ඔබ සතුනම් ඒ ගැන සතුටු වෙන්න.

    සමහරවිට අප හතුරා කියන කෙනාම වක්‍රකාරව අපට කළණ මිතුරෙක් වෙන්න තියන ඉඩකඩ වැඩියි. මොකද අප හතුරා නිසා දේවල් කරද්දි ගොඩක් පරිසමින් කරන්නෙ. අනිත් දේ තමයි අපි දන්නව එයා කොයි වගේ ද කියල. එයාගෙන් අපිට වෙන්න පුළුවන් හානිය ගැන එහෙම අපට දල හෝ තක්සේරුවක් තියනව. අර වගේ මිතුරෙකු හෝ සමහර මිතුරු වෙසින් ඉන්න පුද්ගලයෙකුට වඩා හතුරුකම් කරන්න අපට කළණ මිතුරෙකුගේ සේවව සපයන්න ඉඩ තියනව.

    තවත් දෙයක් තමයි අපි කාගෙත් අදහස් උදහස් විවිධාකාරයි. ඒක නිසා අපගේ මිතුරන්ම ව වුණත් අප අකමැති දේවල් කරන්න ඉඩ තියන අවස්ථා වැඩියි. අප වුණත් මිතුරන්ට රුචි නොවන දේවල් කරන්න තියන අවස්ථා තියනව. අප කා තුළත් හොඳ නරක කියන දෙකම අඩු වැඩි වශයෙන් තියනවනෙ. මේ වගේ දේවල් ‍දැනගෙන සමාජයේ වෙසෙනවානම් ගොඩක් ගැටලු අවම කරගන්න පුළුවන්.
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    යාලුවෝ තම අපිට ඉන්න ලොකුම සම්පත ,,එළකිරි .com එකට පින් සිද වෙන අපිට ඊ වගේ යාලුවෝ ගොඩක් සෙට් උනා.:):)
    තැන්ක්ස් මල් බබා ගොඩක් වැදගත් කලොච්
    ත ත්රෙඅඩ් එකක් :)

    You must spread some Reputation around before giving it to Mal Baba again.

    :yes::yes: