• Jul 6, 2012
    10,672
    2,901
    113
    උඹලට කියන්න තාම බයික් උණ හොඳ නෑ.මේ ඩෙංගු වසංගතේ පැතිරෙන වෙලාවෙ මේකත් මොකට හැදුන ද මන්දා? අවුලක් නෑ එහෙනම් උණ සීතල වෙලා යන්න කියලා අද බහිමු මගේ දෙවනි නුල් පොජ්ජට. :oo::oo:

    මෙව්වා බලන්න කලින් මේකත් කියවලා හිටියොත් හොඳයි වගේ
    වර්ගවාදය සහ බයික්

    අද මොකද්ද මම කියන්න යන්නෙ.අම්මට සිරි මතක නෑ නෙ!......පොඩ්ඩක් හිටපං අපෙ දුමින්ද අයියගෙ පූර්ව පශ්චාත් යුග ස්මරණය කළ හැකි ඥාන ශක්තියෙන් බලනකං....#%^$%@# ආං
    හරි ඔන්න මතක් උනා.:rolleyes::rolleyes:

    හරි අද එහෙනම් මම කියන යන්..................නේ Yamaha Fz.......16 නෙමේ FZ1 ගැන.:yes::yes:

    17.jpg


    Yamaha FZ1 කියන්නෙ 1000cc වන්ඩියක්.මේක Sports බයික් ගනයටම තමයි වැටෙන්නෙ.ටකරං ගොඩක් නම් නෙමේ.පට්ට ගහන්න පුළුවන් ජාතියේ බයික් එකක්.1000cc කිව්වට ඇත්තටම මේකෙ ඇන්ජින් ධාරිතාව 998cc.In line four,four stroke four Cylinder එන්ජිමක් Titanium intake valves 20 ක් සහිතයි.150 PS/11,000 rpm Maximum output එකකුත් 106 Nm/ 8,000 rpm Maximum Torque එකකුත් දෙන්න පුලුවන් විදියට තමයි මේක Design කරලා තියෙන්නෙ.

    ලංකාවේ මෙව්වා එක නීත්‍යානුකූලව නම් දුවන්න බෑ.ඒත් නමට විතරක් නීතියක් තියාගෙන හාල්මැස්සො පෙතියො කරලා කූඩු කරන මේ වගේ රටක් ඔය වගේ වන්ඩියක් පාරෙ දුවන එක වෙන්න බැරි දෙයක් නෙමේ.:confused:

    මුළින්ම මේකෙ හතර වටේ මැනලම පටං ගමු.අපේ එවුං කොහොමත් මනින්න ගියොත් කූඩැල්ලො ත් පරාදයි නෙ?:P:P
    බයික් එක කෙලින් හිටවල තියන අවස්ථාවක් සළකමු.
    Seat height: 815 mm
    Overall height: 1204 mm
    Overall length: 2141 mm
    Overall width: 770 mm
    Ground clearance: 135 mm
    Wheelbase: 1461 mm
    කියලා තමයි මම හොයපු Site වල තිබුනෙ
    එහෙනම් දැන් පොඩි එකාගෙ බර මනිමු.මේකා උපන් ගමන් තෙල් ගහල ගත්තම බර 220.9kg වෙනවලු.පුදුමයි ඒත් ඇත්තයි!හොරෙක්ට නම් උස්සනවා බොරු ඒ තරමටම මෙව්ව එක බරයි.

    එහෙනම් දැන් බහිමු මේකෙ ඇ...ඇඇ....ඇන්ජිම ලඟට.මොකද්ද මේකෙ මෝල?මේක Digital TCI තාක්ෂණයෙන් ජ්වලනය සිදුකරන Fuel Injector මෝලක්.ඒ කිව්වෙ 32 bit ECU එකක් මගින් ජ්වලනය සිදු කරන Transistor Contoller මගින් සමන්විතයි.මම ඉස්සරවෙලා කිව්වත් වගේ මේක සිලින්ඩර 4 එන්ජිමක්.
    DOHC තාක්ෂණයෙන් ඉන්ධන පාලනය කරන අතර ඉන්ජෙක්ටර් පොම්ප ක්‍රියාවලියක් මගින් Fuel injector තාක්ෂණයෙන් ඒවා දහනයට ලක් කෙරෙනවා.මින් වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබා ගත හැකියි.
    මේකෙ Compression ratio එක 11.5:1.
    Bore x Stroke අගය 77.0 x 53.6 mm
    මෙයට ද්‍රව සිසිලන එන්ජිමක් අඩංගුයි.cooooll......
    මේකෙ gear පද්ධතිය Wet multiplate clutch ,manual gear transmission system එකක්.වේග හයක gear පද්ධතියකින් යුක්තයි.1 down 5 up.Gear transmission එක chain එකක් මගින් තමයි වෙන්නෙ.Final Drive එක O-ring chain model එකට තමයි යන්නෙ.


    චැසිය,රෝද සමග හම ගැසීම..
    Rake (fork angle): 25.0°
    Trail: 109 mm
    Front suspension: 43mm fork; fully adjustable, 5.1-in travel
    Front suspension travel: 130 mm
    Rear suspension: Single shock; adjustable preload and rebound damping, 5.1-in travel
    Rear suspension travel: 130 mm
    Front tyre dimensions: 120/70 -ZR17
    Rear tyre dimensions: 190/50 -ZR17
    Front brakes: Double disc. Floating discs with 4-piston calipers
    Front brakes diameter: 320 mm
    Rear brakes: Single disc
    Rear brakes diameter: 245 mm


    අඩේ මේක මහ පට්ට ලේසි ගේමක් නෙ copy කිරිල්ලයි paste කිරිල්ලයි විතරයි.මේ ටික නොදැම්මොත් හරි නෑනෙ ඒකයි මේ ටික දැම්මෙ.ඕන කෙනෙක් බලා ගත්ත දෙන්.පොඩි edit කිරිල්ලක් විතරයි කරේ.

    දැන් කෙළින් කතාව........

    මේකෙ මෙහෙම ප්‍රශ්නයක් තියනවා FZ1බයික් එක Yamaha අයියලගෙ Site දෙකක පෙන්නන්නෙ දෙවිදිහකට.ඉන්දියාව අපිට වැඩිය කිට්ටු නිසා උංගෙ රටේ තියන FZ1 එක තමයි මම දැම්මෙ.ඒත් ඒරොප්පෙ ඇමරිකාවෙ එහෙම විකුණන්නෙ වෙනම හැඩයක් තියන FZ1 බයික් එකක්.මටත් ලොකු පටලැවිල්ලක් ආවා මේ ගැන විස්තර හොයනකොට.මක් කොරන්නෙයි ඉතින් බැඳගත්ත බෙරේ ගහන්නත් එපැයි.....:nerd::nerd::nerd:

    American one
    images


    Indian one
    images


    ඉන්දියාවට අදිනවා නෙමෙයි ඒත් ඉන්දියාවෙ හදන බයික් එක ඒරොප්පෙ බයික් එකට වඩා ලස්සනයි.ඒත්....කල්පැවැත්ම???

    මේවගෙ gearකෙරුවාව ගැන මම තව ටිකක් හොයාගෙන ගියා මෙන්න මෙහෙමයි එව්වගෙ Gear Ratio ටික
    1st = 2.533
    2nd = 2.063
    3rd = 1.762
    4th = 1.522
    5th = 1.350
    6th = 1.208

    මේ කියන එකත් අපේ කට්ටියට හෙන ගැටලුවක්.උඹලට විතරක් නෙමේ මටත් මේ නූල් පොජ්ජ ලියනකං ඕක හිස රදයක් වගේ තිබුනෙ. මේක තනිකර සරළ සිද්ධාන්තයක්.

    එක x:1 කියල සැළකුවහොත් එතනින් කියවෙන්නෙ එන්ජිමේන් සිදුකෙරෙන x revolutions ප්‍රමනයකින් අදාළ ජියරයේ transmission output එක revolution එකක් සිදු කරන බවයි.
    ඒක නිසා ඒ අනුපාතය අඩු වෙනව කියන්නෙ අදාළ gear එකේදී එන්ජිමෙන් යෙදිය යුතු ශක්ති ප්‍රමාණය අඩු වෙනව කියන එකයි.

    මේකට එන්නෙ ලීටර් 18ක සියදෝරිස් මාමගෙ බඩේ සයිස් එන්ජිමක්.ලීටර් 3.8 ක එන්ජින් ඔයිල් පරිමාවකුත් තියනවා.

    FZ1 2012 විශේෂ ලක්ෂණ
    1)ඉතා ශක්තිමත් සහ සැහැල්ලු ඇලුමීයම් රාමුව
    2)පදවන්නාගේ පහසුව හා යතුරුපැදියේ ආකර්ෂණීය බව වෙනුවෙන්ම නිර්මාණය කළ
    Handlebar position සහ Sculpted bodyworks
    3)Adjustable Suspensions


    මොකක් ගැන කතා කරත් මේකෙ ඔලුව සහ මීටරේ ගැන කතා කරන්න බැරි උනා නෙ.මේකෙ RPM මීටර් එක නැත්තම් Tachometer එක විතරක් ඇනලොග් වෙන අනිත් මීටර් ඔක්කොම ඩිජිටල් වෙන මීටර් පැනල් එකක්.
    11.jpg

    7.jpg


    මේක දැනට ඉන්ඩියන් අයියලා මාකට් කරන්නෙ ඉන්ඩියන් රුපියල් 870000කට.ලංකාවට බද්ද ගහලා එනකොට උඹලට ඒ ගානෙන් 3.5m ක බජට් එකකට හරියන කාර් එකක්ම හොයාගන්න පුළුවංඒක නිසා මේක නම් ලංකාවට එන එක බොරුවක්.මූළිකව මේක පාට දෙකක් එනවා එකක් සුදු පාටින් සහ අනික කළු පාටෙන්


    මේකෙ ඔළුවට කියන හරි නමක් මට තාම හොයා ගන්න බැරි උනා එක එක එකා එක එක නම් කියනවා.මම ඕකට තාමත් කියන්නෙ FZ හෙඩ් ලයිට් කියලා.ඒකට කියන හරි නමක් දන්න කෙනෙක් කමෙන්ටුවකුත් දාන්න අමතක කරන්නෙපා.
    අද ත්‍රෙඩ් එක නම් ටිකක් දිග වැඩි වෙලා කම්මලි උනා වගේ.ඒක නිසා සමහර කොටස් හැලෙන්නත් ඇති.ගනං ගනෙපා ඊළඟ එක මාසෙකින් විතර දාන්නම් ඒකනම් එළටම දෙන්නම්.එහෙනම් මේක බලලා වැරැද්දක් එහෙම තියෙනම් කියලා එකක් එහෙම දාලා යන්න.අහක බලාගෙන නම් යන්න එපා මම දවස් ගානක් මේකට කට්ට කෑවා මචංලා.....


    මේ මගේ පළවෙනි ත්‍රෙඩ් එක ඒකත් බලලම යන්න.
    KTM DUke 200

    මීට බයික් උණ ගහපු එළකිරි කොල්ලෙක්
     
    Last edited:

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Patta ban ... Man kamathima Bike ekak ... :yes::yes::yes::yes:

    2003 Honda CBR 250

    macham me Bike eke used ekak lankawe hoyagana puluwanda...:yes::yes::yes::yes::yes::yes:

    kiyal vithra wvida ......:yes::confused::confused::confused::confused::confused:



    Honda-CBR-250-2003.jpg


    HondaCBR2504.jpg
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    රත්තරං;13404709 said:
    උබ නියමෙට වැඩේ කරන් යනවා මල්ලි... ලගදි දුන්න නිසා රෙප් බෑලු.. තෙරුවන් සරනයි

    ahh රත්තරං macha
     
  • Jul 6, 2012
    10,672
    2,901
    113
    Patta ban ... Man kamathima Bike ekak ... :yes::yes::yes::yes:

    2003 Honda CBR 250

    macham me Bike eke used ekak lankawe hoyagana puluwanda...:yes::yes::yes::yes::yes::yes:

    kiyal vithra wvida ......:yes::confused::confused::confused::confused::confused:



    Honda-CBR-250-2003.jpg


    HondaCBR2504.jpg

    මෙහේදි හොයා ගන්න පුළුවන් වෙයි කොල්ලෝ.ඒත් මෙහේ වැඩිපුර දුවන්නෙ නම් CBR Gullarm තමයි.ඒව දන් අවුරුදු 20කට වඩා පරණයි.Buget එක නම් කියක් වෙයිද කියල මට හරියට කියන්න බෑ බං.ඒත් අනිත් ඒවත් එක්ක බලද්දි මට හිතෙන්නෙ මේක 3.60+ වෙයි.මීගමුව කුරුණෑගල පැත්තෙ එහෙම හෙව්වොත් හොයාගන්න බැරි නෑ.

    ඒත් කොල්ලො මට පොඩි අවුලක් තියනවා.මම මේක ගැන නම් හරියටම දන්නෙ නෑ.ඒත් අන්තිමට Original 4 cylinder CBR ආවෙ 1999 අවුරුද්දේ කියල තමයි මට මතක.ආපහු Indian Thailand Single cylinder 250 CBR එකක් ගැහුවෙ 2009 දි.ඔය 2003 එක මම හිතන්නෙ බොඩිකිට් කරපු එකක් පරන CBR එකක්.පොඩ්ඩක් ඒ ගැන තව දන්න කෙනෙකුගෙනුත් අහපං කොල්ලා.
     
    Last edited: