yfm badullata nedda?

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
33000 .lk web site eka dala thiyenawa y fm gena mehema kathaawak...meka eththada?yaaluwane,


Y FM ගුවන්විදුලියේ වැඩසටහන් කළමනාකරු වන එස්.එම්. මරික්කාර් හට එම පත්වීම ලැබුනේ කිංස්ලිගේ යලි ආගමනයත් සමගය. මාතර උපන් ගම වන මර්ක්කාර්ගේ ගමට ‍Y FM ඇසුනේ නැත. ඒ දකුණු පලාතට ‍Y FM සංඛ්‍යාතයක් නොතිබූ නිසාය.

දකුණේ ඇතැම් ප්‍රදේශ වලට (වැලිගම වැනි ප්‍රදේශ වලට) ‍Y FM ඇසුනේ ඌව පලාතට අයත් බණ්ඩාරවෙල විකාශණාගාරයෙන් සිදු කල විකාශන ඔස්සේය.

අලුත් පත්වීම විගස මරික්කර් මරික්කාර් විසින් නායබැද්ද ට්‍රාන්ස්මීටරය ගලවාගෙන ගොස් දෙනියාය ගොන්ගල කන්දේ සවි කොට ඇත. මේ ගැන විමසූ හිතවතුන් කීප දෙනෙකුට මොහු පවසා ඇත්තේ "ඌවේ ඉන්නේ ගොඩයෝ, උන්ට මොන රොක් මියුසික් ද?"යනුවෙනි.

කෙසේ නමුත් මේ වන විට 92.7 Y FM නායබැද්දෙන් බදුල්ල, නුවර එළිය, අම්පාර, මොනරාගල දිස්ත්‍රික්ක වලට නො ඇසේ. Y FM වෙනුවෙන් තවත් ආයෝජනය කිරීම මහරාජා විසින් තාවකාලිකව නතරකොට ඇති නිසා සිංගප්පූරු මාර්කට් එකෙන් අලුත් ට්‍රාන්ස්මීටෙර් එකක් නායබැද්ද ට අද හෙට නොලැබෙන බවද කිව යුතුය.

මේ පුවත සනාථ කරගැනීම සඳහා අප වයි එෆ්. එම් ඇමතු විට ඔවුන් අපට පැවසුවේ ලොකු ගැටළුවක් සිදුව ඇති බවයි.

වයි. එෆ්. එම් හා අප අතර ඇතිවූ සංවාදය මෙසේය.

33000 : අපි බදුල්ලෙන් කතා කරන්නේ, අපිට දැන් ලඟකදී ඉදන් වයි එෆ්. එම් මෙහෙට ඇහෙන්නේ නැහැ

වයි එෆ්. එම් : අපි දැනුම් දීල තියෙන්නේ , ඉක්මනටම හරි යයි

33000 : ඉස්සරනම් අපි දිගටම ඇහුවේ වයි. එත් දැන් මාසෙක විස්තර ඉදන් වැඩ නැහැ

වයි එෆ්. එම් : පොඩි ප්‍රශ්නයක් උනා ළඟදී. ඉක්මනටම හරි යයි..දැන් ඒ ගොල්ලෝ හදාගෙන යනවා

33000 : කොච්චර කාලයක් යයි ද ?

වයි එෆ්. එම් : ඒ ගොල්ලෝ දැනට හදනවා... තාම නම් හරියට කියන්න බෑ... ලොකු ප්‍රශ්නයක් තමයි වෙලා තියෙන්නේ