Your favorite Sinhala/songs

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන
    හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා
    සුවෙන් මා එදා සැතපූ යහන් මත මහත් විස කටු
    තිබෙන්නාවු ලෙසට දැනේ ගතට වේදනා

    ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝ දුකින් බරවී
    දෙනෙත් අඳ නොවී තිබුණත් ඉනුත් නැහැ සුවේ
    කණත් බිහිරි වී නැති මුත් අමුත්තක් වෙලා නැහැ කිසි
    එහෙත් ඉන් හොඳක් මිහිරක් මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී

    සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන
    හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා

    දෙ අත් සහ දෙපා කොරවී නැතත් ඉන් ලබන්නට හැකි
    කිසිත් සම්පතක් සතුටක් මෙතෙක් නැහැ ලැබී
    මිහිරි යන වදන පමණක් අසා ඇති නමුත් ඒ තුළ
    ඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී

    සනත් නන්දසිරි
    ප්‍රේමනාත් ජයතිලක
    සනත් නන්දසිරි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තනි තරුවේ .... //
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා

    නෙතඟ නෙතඟ පැටළි පැටළි
    මුවඟ මුවඟ ඇලළි ඇලළි ...
    මෙතෙක් දුරක් එක් වී පැමිණී

    තනි තරුවේ …//
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා

    මහඳ අරණේ ලතැවි ලතැවි
    රැදෙනු බැරිව ඉගිළි ඉගිළි
    මගෙන් ඉවත ඇදිලා සැනසී

    තනි තරුවේ …//
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා


    පද:ප්‍රේමකීර්ති ද අල්විස්
    නාද සිත්තම් හා ගැයුම :වික්ටර් රත්නායක
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලඟදි ආපු සිංදු වලින් මේකට ආසයි :

    ගායනය : දමිත් අසංක
    තනුව : අමිල දිල්හාන්
    පද රචනය : සම්පත් ෆර්නැන්ඩෝපුල්ලේ
     

    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    තනි තරුවේ .... //
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා

    නෙතඟ නෙතඟ පැටළි පැටළි
    මුවඟ මුවඟ ඇලළි ඇලළි ...
    මෙතෙක් දුරක් එක් වී පැමිණී

    තනි තරුවේ …//
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා

    මහඳ අරණේ ලතැවි ලතැවි
    රැදෙනු බැරිව ඉගිළි ඉගිළි
    මගෙන් ඉවත ඇදිලා සැනසී

    තනි තරුවේ …//
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා


    පද:ප්‍රේමකීර්ති ද අල්විස්නාද සිත්තම් හා ගැයුම :වික්ටර් රත්නායක
    :love: