Youtube හි වැඩිම පිරිසක් නැරඹු වීඩියෝ හතර

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
Youtube හි වැඩිම පිරිසක් නැරඹු වීඩියෝ හතර

Youtube හි වැඩිම පිරිසක් නැරඹු වීඩියෝ හතර

Youtube එකේ මෙතෙක් කල් වැඩිම පිරිසක් නරඹපු වීඩියෝ හතර ( four best videos )ගැනයි අද ඔයාලට කියන්න යන්නේ. අපි හැමෝම වීඩියෝ එකක් බලන්න ලොග් වෙන්නේ Youtube එකටනේ. ඉතින් අපි බලමු වැඩිම පිරිසක් නරඹපු වීඩියෝ හතර මොනවද කියලා.


1 . Despasito – ( Youtube )
මේ ගීතය තමයි Youtube ඔස්සේ වැඩිපුරම නරඹලා තියන ගීතය. Luis Fonsi සහ Daddy Yenkee ගායනා කරන Despasito ගීතයට ඉතාම ලස්සන වීඩියෝවක් තිබෙනවා. මේ වීඩියෝ එක Upload කරලා තියෙන්නේ 2017 වසරේ ජනවාරි මස 12 වෙනි දින. අද වෙනකොට මේ ගීතය මෙම ගීතය නරඹලා තිබෙන ප්‍රමාණය බිලියන 5.1 ක්. එයින් මිලියන 27ක් මේ ගීතයට Like කරලා තියෙනවා. මේ වීඩියෝව රූගත කරලා තියෙන්නේ ආජන්ටිනාවේ සැන් ජුවාන් නගරය ආශ්‍රිතව. වීඩියෝව නිර්මාණය කරලා තියෙන්නේ Carlos Pcrez.




2. See You Again – ( Youtube )
වැඩිම පිරිසක් දෙවනියට නරඹලා තියෙන ගීතය වන්නේ Wiz Khalifa සහ Charlie Puth ගයන See You Again කියන ගීතය. එය Fast And The Furious චිත්‍රපට මාලාවෙන් උපුටා ගත් වීඩියෝ ඇසුරෙන් නිර්මාණය වූ ගීතයක්. එහි රංගනයෙන් එක් වූ රිය අනතුරකින් මිය ගිය Paul Walker සිහි වීම පිණිස තමයි මේ ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ. මෙම ගීතය Upload කර ඇත්තේ 2015 වසරේ අප්‍රේල් 06 වෙනිදා. මේ වෙනකොට බිලියන 3.56ක් වූ ජනතාව මෙම ගීතය නරඹලා තිබෙනවා. 2015 වසරේදී අන්තර්ජාලයට එක වූ ගීතයක් වුවත් මේ මොහොතේ පවා අලුතෙන් Views ලැබෙන ගීතයක් තමයි මෙය.




3. Shape Of You – ( Youtube )
තෙවනුව වැඩිම පිරිසක් නරඹා ඇති වීඩියෝව වන්නේ Ed Shareen f.a Shape Of You කියන ගීතය යි.එම ගීතය නම් අපි කා අතරත් ගොඩාක් ජනප්‍රිය ගීතයක්. අපුරු කතාවක් සහිත වීඩියෝවක් ලෙසට එය බොහෝ ලෙස ජනප්‍රියයි. මෙම වීඩියෝව බිලියන 3.5ක පමණ ප්‍රේක්ෂකයන් නරඹා ඇත. මෙම ගීතය Upload කර ඇත්තේ 2017 වසරේ ජනවාරි මස 30 වන දිනයි. මෙම වීඩියෝව තරුණ තරුණියන් අතර වඩාත් ජනප්‍රිය වුනේ එහි රංගනයෙන් එක වන බොක්සින් ක්‍රීඩිකාව නිසා බව කිවුවොත් නිවැරදියි.



4. Gangam Style ( Youtube)
Gangnam Style කියන කොරියන් ගීතයක්. මෙම ගීතය බිලියන 3.5 ක ප්‍රේක්ෂක්ත්වයක් හිමි කර ගත් අපුරු ගීතයකි. මෙම ගීතය 04 වෙනියට වැඩිම පිරිසක් නරඹපු ගීතය වෙනවා. වැඩිම පිරිසක් නැරඹීමට හේතුව වන්නේ gangam style ගීතය සඳහා නිර්මාණය වූ ඒ අපුරු වීඩියෝවටයි. PSY විසින් ගායනා කල Gangnam Style සින්දුව නිසා මුළු ලොවම කැළඹුන කිව්වොත් හරි. ඊට හේතුව එහි තිබුණු හාස්‍ය ජනක නැටුම නිසා බව ගොඩාක් දෙනෙකුගේ මතයයි. මෙම ගීතය කුඩා ළමයින්ගේ සිත් ඇදගන්න එතරම් වෙලාවක් ගියේ නැහැ.

Psy නමින් ජනප්‍රිය වූ දකුණු කොරියානු ගායකයාගේ Gangam Style යන ගීතය Upload කර ඇත්තේ 2012 දී වුවත් අදටත් එම ගීතය කා අතරෙත් බෝහෝම ජනප්‍රියයි. කොච්චර ජනප්‍රිය වුනාද කියනවා නම්, 2012 ජුලි මස 15 වන දින නිකුත් කල ගන්නම් ස්ටයිල් සින්දුව 2012 දෙසැම්බර් 21 වන විට YouTube හි පළමුවරට බිලියනකට අධික පිරිසක් නැරඹු වීඩියෝව බවට පත්වීමට මෙම ගීතයට හැකි වුනා. ඒ වගේම තවමත් යු ටියුබ් හි වැඩිම පිරිසක් නරඹා ඇති වීඩියෝව ගීතයද එයයි. එය නරඹා ඇති ප්‍රමාණය බිලියන 2.8 කි. යු ටියුබ් හි වැඩිම පිරිසක් Like කරපු වීඩියෝවට හිමි ගිනස් වාර්තාවද සතු වන්නේ මෙම Gangnam Style ගිතයටයි.




Source http://thewoman.lk/youtube-songs-videos/
 

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    matanam shape of you hithata wadune sinduwata wada melody eka nisa <3 eka mulinma ahuweth eka podi kellek eyage aiya ekka car ekak athule sinduwata dance dana ekakin....
     
    • Like
    Reactions: Didy