Youtube Facebook වීඩියෝ හොඳම තත්ත්වයෙන් ඩවුන්ලෝඩ් කරම&#354

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    Youtube Facebook වීඩියෝ හොඳම තත්ත්වයෙන් ඩවුන්ලෝඩ් කරම&#354

    Chrome, Firefox වගේ වෙබ් බ්‍රව්සර් වලට අනුබද්ධ Video Downloader වල උපරිම resolution එකෙන් ඩවුන්ලෝඩ් කරනවිට සමහර වීඩියෝ වල video only කියල නාද පටය නැතිව පැහැදිලි විඩියෝව පමණක් ඩවුන්ලෝඩ් වන අවස්ථාවලට සමහරවිට ඔබත් මුහුණදීලා ඇති. එවිට නාද පටය වෙනම ඩවුන්ලෝඩ් කර වීඩියෝවට වෙනම මෘදුකාංගයකින් එක් කර ගන්න වෙනව.

    එලෙස නොකර එකවරම වීඩියෝව එහි උපරිම resolution එකෙන් ශබිදයද සහිතව ඩවුන්ලෝඩ් කරගතහැකි මෘදුකාංගයක් ගැනයි මේ කියන්නෙ. මෙමඟින් Youtube පමණක් නොව Facebook වීඩියෝත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. වෙනත් වීඩියෝ වෙබ්සයිට් ගැන නම් බැලුවෙ නැහැ. ඒවත් පුළුවන් ඇති. ට්‍රයි කරල බලන්න. හරිගියොත් සද්ද නැතුව නොඉඳ මේකෙම comment කරන්න මට රෙප් ටිකකුත් එකතු කරල.

    මේ මෘදුකාංගය තමයි 4K Video Downloader. නොමිලයේ බාගන්න පුළුවන් version එක හොඳටම සෑහෙනව. ඕනැනම් licensed version එක මුදල් ගෙවල ගන්නත් පුළුවන් අමතර පහසුකම් කීපයක් එක්ක.

    මෙන්න Download Link එක.

    13239259_10209763848201886_3036324719673822040_n.jpg

    Install කරල Open කරපුවාම මෙහෙමයි.

    13265970_10209763844041782_38626411836261098_n.jpg

    දැන් වෙබ් බ්‍රව්සර්එකේ අදාළ වීඩියෝ පිටුවට යන්න. දැන් වීඩියෝවෙ URL address එක කොපි කරන්න මේ වගේ.

    13263895_10209763845521819_2063027738794939533_n.jpg

    දැන් + ලකුණ ඇති කොලපාට button එකේ පැත්කකට පුංචි රතු ඊතල ලකුණක් ඇවිල්ල නම් වැඩේ හරි. ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. කොලපාට button එක click කරන්න.

    13267817_10209763845721824_5414544695524608690_n.jpg


    දැන් සුළු වෙලාවක් ඉවසන්න ඩවුන්ලෝඩ් එක සූදානම් වෙනකන්.

    13239479_10209763846121834_2029324877785041816_n.jpg


    පහත dialog box එකෙන් කැමති resolution එක සහ file type එක තෝරන්න. ඕනැනම් වීඩියෝව නැතිව හඬපටය පමණක් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.

    13244837_10209763846321839_6781679959381998014_n.jpg


    දැන් පහත රූපයෙ වගේ ඩවුන්ලෝඩ් එක ඇර‍ඹේවි. ඔනැනම් ඊතලයෙන් පෙන්නන තැනින් pause කරලා කැමති වෙලාවක resume කරන්නත් පුළුවනි.

    13230263_10209763847201861_552365173648915087_n.jpg


    අත්හදා බලලා comment කරන්න.