1. කිසිම අවස්ථාවක අල්ලා ගැනීමට අවුරුදු 300 ක් ගත කරලා නෑ.
2. යුද්ධ නොකරම අල්ලා ගත්ත කියන්නේ අවනම්බුවක් මිස ලොකු කමක් නෙමෙයි. අසියාවෙම ඉන්නවා ලෝකේ ප්‍රබලම හමුදාවක් එක්ක සටන් කරලා එයාලට අමතක නොවන පාඩම් උගන්වල ඉතිහාස ගත වෙච්ච ජාතිනුත්.
අනික් එක තමයි ඔබ සදහන් කළා යටත් කරගත් සියලු දෙනා යටත් කරගත්තේ "ස්ට්‍රැටජික් ජියෝලොකේෂන්" නිසා කියල. නමුත් වස්කෝද ගාමා (පෘතුගීසි) ලංකාවට ආවේ කුළුබඩු සොයාගෙන.
වස්කෝද ගාමා ලංකාවට නෙමේ ඉන්දියාවට ආවෙ. ලංකාවට ආවෙ ලොරෙන්සෝද අල්මේදා.
වස්කෝද ගාම ඉන්දියාවට ආවෙ කුලුබඩු සහ ප්‍රෙස්ටර් ජෝන් කියල (එයාල එහෙම ප්‍රභල කතෝලික රජකෙනෙක් ඉන්දියාවෙ ඉන්නවා කියල විශ්වාස කලා). කොන්ස්තන්තිනෝපලය තුර්කීන්ට යටත් වෙච්චි හින්දා යුරෝපෙට එන බඩුමුට්ටුවල වියදම වැඩි උනා, සප්ලයිචේන් එකේ වැදගත් ස්තානයක් තුර්කින් යටතට ආපු හින්ද යුරෝපයට ඉන්දියාවට සහ චීනය ඇතුලු ඈත පෙරදිගට එන්න ඕල්ටර්නේට් රවුට් ඕන උනා. ඉන්දියාව හොයාගන ගිය කොලොම්බස් එල් සැල්වදෝර් වලට ගොඩ බැස්සා. පෘතුගීසි ශුභ ප්‍රාර්ථනා තුඩුව හරහා ඉන්දියාවට ආව.
පෘතුගීසි ලංකාවට ආවෙ 1505, එයාලට සම්පූර්ණ දූපතම අල්ලගන්න බැරිව ගියා. ලන්දේසීන් ඇවිල්ලා කන්ද උඩරටත් එක්ක යුද්ද කීපයක් කලත් පස්සෙ මිත්‍රශීලීව කටයුතු කලා ශේප් එකේ.
ඉංග්‍රීසි ලංකාවට ඇවිල්ලා අවුරුදු ගනනාවක් දඟලලා තමයි අල්ලා ගත්තෙ. එතකොට යුරෝපා ජාතීන් ලංකාව අල්ලගන්න අවුරුදු තුන්සීයකට නොඅඩු කාලයක් දඟලලා තියනවා.
යුද්ද නොකර අල්ලගත්ත කියන්නෙ යුද්දෙකින් අල්ලගන්න බැරි උනා කියන එක. යුද්ද කරල අල්ලගන්න බැරි උනා කියන එක.
ලෝක ඉතිහාසයේ පලවෙනි වතාවට යුරෝපා ජාතියක් ආසියානු ජාතියකින් පරාජයට පත් උනේ ලංකාවෙදි. මුල්ල්රෙියා සටනෙදි. ඒ වගේ හොදි නැතිවෙන්න කෑව ලංකාව ඇතුලෙ යුරෝපා ජාතීන් යුද්ධ බරගානකදි.
ලංකාව අන්තිමට ඉංග්‍රීසින්ට නතු උනේ තෙලිඟු කුමාරයෙකුට පාලන බලය ගිහිල්ලා ඒ රජ්ජුරුවො අත්තනෝමතික විදිහට වැඩකරපුවාම ඒකට විරුද්ධව ඇහැලේපොල අධිකාරම ප්‍රමුඛ සිංහල මිනිස්සු කැරලි ගහපුවාම ඉංග්‍රීසීනුත් ඒ කැරැල්ලට කපටි විදිහට ප්ලග් වෙලා ඒ කැරැල්ල හයිජැක් කරපු එකෙන්.
ඔය කොලෝනියල් යුගයේ ලොග් පොත් එහෙම බලපුවාම ඒවගෙ ලංකාවෙ තියන ස්ට්‍රටජික් වටිනාකම ගැන සඳහන් වෙනවා.