Yusra Mardini - Olympic

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,841
    913
    113
    Every where
    රියෝ ද ජැනයිරෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර් 100 සමනල ආර කාන්තා පිහිනුම් තරගයෙන් දීප්තිමත් තාරකාව බවට පත්ව ඇති සිරියානු ජාතික යුස්රා මාර්ඩ්නි තවමත් දහනම වැනි වියෙහි පසුවනවා.

    සිරියාවේ ක්‍රිස්තියානි පවුලක උපන් ඇය පදිංචිව සිටි නිවෙස සිරියානු සිවිල් යුද්‍ධයේදී විනාශයට පත් වූ අතර යුස්රා සිය නැගෙණිය සරාත් සමඟ ජර්මනියට පලා යන්නට තීරණය කළේ ඒ අනුවයි.

    ග්‍රීසිය බලා හොර රහසේ සංක්‍රමණිකයන් ගෙන යන බෝට්ටුවකට සරණාගතයින් දහ අට දෙනකුත් සමග ඔවුන් ගොඩවූ අතර ඊජියන් මුහුදේ ගැඹුරු ම ඉසව්වේදී බෝට්ටුවේ ඇංජිම ක්‍රියා විරහිත වුණේ ඔවුන් සියලු දෙනාගේ ම බලාපොරොත්තු සුනු විසුනු කරමින්.

    බෝට්ටුවේ සිටි සරණාගතයින් අතරින් පිහිනන්නට දැන සිටියේ යුස්රා සහ සරා පමණයි.

    මර බියෙන් තැති ගෙන අ‍ඳෝනා නඟන අසරණයන්ගේ දිවි බේරා ගන්නට සිතට දිරිගත් යුසරාත් නැගෙනියත් ඩිංගි බෝට්ටුව තමන්ගේ කකුල්වලට කඹයකින් ගැට ගසාගෙන පැය තුනක කාලයක් පිහිණා ලෙස් බෝස් වෙරළට පැමිණ තිබෙනවා.

    “පිහිනීම නොවන්නට අද මා ජීවතුන් අතරේ නෑ. එදා සරණාගතයන් විසි දෙනෙකුත් සමඟ මා ගැඹුරු මුහුදේ ගිලී ගියා නම් ජීවිතයේ මා දුටු එකම සිහිනය වූ ඔලිම්පික් ජයග්‍රහණය ලබා ගන්නට මට හැකි වන්නේ නෑ…”සිරියානු ජාතික යුස්රා මාර්ඩ්නි මෙවර ඔලිම්පික් ගම්මානයේ සිට කිවේ එයයි.


    preview.jpg


    ss.jpg


    575154e34.jpg
     
    • Like
    Reactions: Nishz

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    me panala apu aya patta freedom eke innawa athieurope wala. ara bombekata ahu wela building ekak asse idan adala aran ambulance ekata dagaththa podi kollawa dakkama adenawa. syria walata kela wenna issella un muslim da?