Zuckerberg Hutapate

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    Facebook%20small%20logo-low.jpg


    ෆේස්බුක් යනු වර්තනාමයේ සුප්‍රසිද්ධ සමාජගත අන්තර්ජාල වෙබ් අඩවියකි.2004 වසර තුලදී හාවඩ් විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කරගෙන මාක් ශූකර්බර්ග් නැමති 19 හැවිරිදි සරසවි සිසුවෙක් ආරම්බකරන ලද මෙය අද වසර 7ක් වන විට ලොව පුරා වෙසෙන සෙනග කෝටි 55ක්(මිලියන 550ක්)නිතර භාවිතා කරයි.දිනකට හත්ලක්ෂයක් පමණ පිරිසක් ෆේස්බුක් සමග එකතුවේ.2012 අවසන් වනවිට ෆේස්බුක් භාවිත කරන්නන් කෝටි සීයක් පමණ වෙනු ඇතැයිද අදහස් කෙරේ

    එදා මෙදා තුර මිනිස් ඉතිහාසයේ බිහිකල දැවැන්තම මහජන තොරතුරු සමුදායක් හෙබි දත්ත ගබාඩාව ෆේස්බුක් සේවය විසින් නිර්මාණය කර තිබේ.මෙහි මූලිකයා වශයෙන් කටයුතු කර මාක් ශුකර්බර්ග්ට ටයිම්ස් සගරාව විසින් 2010 වසරේ ලොව ආදර්ශවත්ම පුද්ගලයා යන සම්මානය පවා පිරිනමන ලදී.

    poy_cover_z_1215.jpg


    ලොව කාගෙත් කතාබහට ලක්වන සිද්දියක් ශූකර්බර්ගට සිදුවිය අද දිගහැරුම එයයි

    ගොඩක් අය දන්නව ඇතිනේ මාර්ක් ශුකර්බර්ගේ ෆේස්බුක් පිටුව.
    ඉතින් මේ පිටුව දින කිහිපයකට පෙර යම් පාර්ශවයක් විසින් සිය අයිතියට ගෙන තිබේ.එනම් යම් හැක් පහාරයකට ලක්වීමයි.


    Mark Zuckerberg's Facebook Page Has Been Hacked By An Unknown Person

    මෙම සිද්දිය ගැන දැනගන්නට ලැබුනේ එම හැකර් කරු විසින් ශූකර්බග්ගේ පිටුවෙහි පල කරන ලද සටහනකිනි.Facebook කණ්ඩායමට පවා මෙය නවත්වා ගැනීමට පුලුවන් වී නැත.මෙම සටහන පළවී පැයක් තුල මෙයට 1800කට අදික Likes ප්‍රමාණයක් ලැබී තිබෙන අතර Comments ද ලැබී තිබිණ.

    The page belonging to the 26-year-old Zuckerberg, the Facebook founder who was named Time's Man of the Year in 2010, was hacked some time on Tuesday.
    ඔහු යොදන ලද සටහනේ ජයා රූපයක් මෙලෙස දැක්විය හැක

    Zuckerberg-hack-001.jpg


    වහා ක්‍රියාත්මක වූ ෆේස්බුක් කණ්ඩායම සිය ප්‍රධානියාගේ පිටුව සහ තවත් ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ෆේස්බුක් පිටු කිහිපයක් භාවිතය අත් හිටුවා සියල්ල ප්‍රතිසංස්කරණය කර තිබේ.එහෙත් එ වන විටත් මෙය ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන කිහිපයකම පළවී තිබිණ.

    The Message Left By The Hacker

    ""Let the hacking begin: If facebook needs money, instead of going to the banks, why doesn't Facebook let its users invest in Facebook in a social way? Why not transform Facebook into a 'social business' the way Nobel Prize winner Muhammad Yunus described it?http://bit.ly/f26rT3 What do you think? #hackercup2011"
    බොහෝ දෙනෙකු මෙම ප්‍රහාරය පෙන්වා දී තිබුනේ විකිලික්ස් හැකර් ප්‍රහාරකයන් විසින් ෆේස්බුක් වෙත එල්ල කරන ලද ප්‍රහාරයක් කියාය.එහෙත් කල විමසීම් වලදී ෆේස්බුක් ආයතනය විසින් පවසා තිබෙන්නේ මෙය එවන් ප්‍රහාරයක් නොවන බවත්.මෙය ෆේස්බුක් මගින් සංවිධානය කරණු ලබන ෆේස්බුක් හැකර් කුසලාන‍යේ පෙනීසිටින තරග කරුවෙකුගේ ක්‍රියාවක් කියාය

    15041814_facebook-hack.jpg


    ෆේස්බුක් හැකර් කප් ලෝක ව්‍යාප්ත වැඩ සටහනේ අවසාන වටය කිසිදු වෙනස් වීමකින් තොරව මාර්තු 11 වන දින ෆේස්බුක් මූලස්ථානයේදී තබන්නට කටයුතු යොදා තිබෙන බවද සදහන් වෙයි.මෙය ලෝක ව්‍යාප්ත හැකර් කරුවන්ගේ එකතුවකින් ෆේස්බුක් සංවිධානය කරන තරගාවලියකි

    මෙම ප්‍රහාරයට දින කිහිපයකට පෙර ප්‍රංශ ජනාධිපති නිකොලොස් සාකෝසි මහතගේ ෆේස්බුක් පිටුවද යම් හැකර් ප්‍රහාරයකට ලක්වී තිබින.

    r-SARKOZY-FACEBOOK-HACK-large570.jpg


    එම පුද්ගලයාම මාක් ගේ පිටුවද හැක් කරන්නට ඇතැයි වාර්තා වේ.මෙහිදී අපි දන්න තරමින් ෆේස්බුක් ගිණුමට ඇතුලුවී එමගින් සිය අතින් පාලනය වන පිටු වල යම් යම් දේ අයෙකුට පලකල හැක.එහෙත් මෙහිදී සිදුවී ඇත්තේ කෙලින්ම ෆෑන් පේජ් එකට ඇතුලු වී එය අයිති පුත්ගලයා සටහන් කරන අකාරයට සටහන් තැබීමයි

    තවමත් මෙම ප්‍රහාරය එල්ල කරන ලද තැනැත්තා නිශ්චිතව සදහන් වී නොමැති අතර රැහැන් රහිත අන්තර්ජාල සේවාවක් මගින් පිවිස මෙම ක්‍රියාව සිදු කරන්නට ඇති බව ෆේස්බුක් පාලකයින් පෙන්වා දේ.මේ වන විට ඇමරිකානු ආරක්ෂක අංශ මේ පිලිබධ පරීක්ෂන පවත්වන අතර මෙය ඔහියෝ ප්‍රාන්තයේ අයෙකුගේ ක්‍රියාවක් බවටද සැක කෙරේ

    කෙසේ වෙතත් මෙම සිද්දියත් සමගම ෆේස්බුක් භාවිත කරන්නන්ටද ෆේස්බුක් පාලකයන්ටද හිතන්නට කාරණයක් එක්වී තිබේ එනම්.ෆේස්බුක් තුල තිබෙන ආරක්ශාව පිළිබදවයි.ෆේස්බුක් නිර්මාණකරුට හෙවත් ෆේස්බුක් ප්‍රධානියාට මෙවන් හැකර් ප්‍රහාරයකට මුහුණ දෙන්නට සිදුවූ වා නම් ෆේස්බුක් භාවිත කරන්නගේ දත්තයන්ට කුමක් වේදැයි ප්‍රශ්නාර්තයක් බවට පත් වී තිබේ

    facebook-security.gif


    ෆේස්බුක් අයිතිකාරයට මෙහෙම නම් අපිට මොන කතාද?
    යන්න ෆේස්බුක් ලෝලීන් තුල ඇතිවී තිබෙන ප්‍රශ්නයකි.ෆේස්බුක් තුලට යොමු කරන දත්තයගේ ආරක්ශාව සහ හැකර් ප්‍රහාරයන්ගෙන් බේරීමට ෆේස්බුක් බලධාරින් වෙනදාට වඩා යම් ආරක්ෂාකාරී ක්‍රියාමාර්ගයක් ගනී කියලා අද බොහෝ දෙනා බලන් සිටිනවා.ෆේස්බුක් වලට ලොවපුරා ඇතිවන විරෝධය වැඩි වීමටද මෙවන් සාදක පිටුවහලක් විය හැක.
    Add You Comments Here
    __________________________________________________

    මගේ තවත් එලකිරි තුල පලකල ලිපි කියවන්න පහත වෙබ් ලිපිනය ඔස්සේ පිවිසෙන්න

    _________________



    _________________
    Sorry For Re Post
    © 2010 Mal Baba@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Site
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි යාලුවා මේ විස්තර අපිත්
    එක්ක බෙදා ගත්තාට..

    රෙප් දෙන්න ව්දියක් නෑල්ලු..~
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    හොඳ පෝස්ට් එකක්... :)
    ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ස්තුතියි යාලුවා මේ විස්තර අපිත්
    එක්ක බෙදා ගත්තාට..

    රෙප් දෙන්න ව්දියක් නෑල්ලු..~

    ammata udu...hene patta hacker kenek wenne ethi!

    maxxa rep++

    හොඳ පෝස්ට් එකක්... :)
    ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට...

    Thanks Comments Walata
    Thanks Lot Kiwwa Menna
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පිස්සු හද්දෙනවා
    මම හිතන්නේ ඕක කරන්න ඇත්තේ තවත් හොදම සමාජ වෙබ් අඩවියක
    අයිතිකායෙක් වෙන්න ඕන
    හොද පොස්ට් එකක් මල් බබා
    රෙප්+