"අනුන්ගේ ඇහේ පොල් කීරි දකින ඇත්තෝ තමාගේ ඇහේ ඇති පොල් පරාල නොදකිති."
මේක අපි හැමෝම අහලා පුරුදු කතාවක්. ඒත් ඇයි එහෙම වෙන්නේ කියන කාරණාවේ ටිකක් ගැඹුරට කිමිදිලා බැලුවොත් දකින්න ලැබෙන යථාර්තය ගැන යමක් ලියා තැබිය යුතු බව හිතුනා.
ඕනෑම දෙයක් සාපේක්ෂයි. උදාහරණයකට 'ටකස් මහත්තයා' හොඳ කෙනෙක් කියලා හැමෝම පිළිගන්නවා නම්, එහෙම වෙන්නේ ටකස් මහත්තයා ඇතුළත් සමාජයේ ටකස් මහත්තයාට සාපේක්ෂව නරක අය වැඩි පිරිසක් ඉන්න නිසා. ටකස් මහත්තයාට වඩා හොඳ අය විතරක් ඉන්න සමාජයකට ටකස් මහත්තයාව දැම්මොත්, එතනදී නරකම කෙනා වෙන්නෙත් ටකස් මහත්තයාම තමයි.
හොඳ-නරක විතරක් නෙවෙයි, දක්ෂ-අදක්ෂ, උගත්-නූගත්, දුප්පත්-පොහොසත් මෙකී නොකී හැමදේම තීරණය වෙන්නේ ඒ ආකාරයට. ඒ ඒ සමාජය අනූව, එකකට එකක් සාපේක්ෂව.
අපි හිතමු ටකස් මහත්තයා ඔහු අයත් සමාජයේ උගත්ම කෙනා කියලා. ඒ සමාජයටම අයත් 'කරස් මහත්තයා'ට ඕනේ කොහොම හරි ටකස් මහත්තයා පරද්දලා මුල්තැන ගන්න. හැබැයි ප්‍රායෝගිකව ඒක කරන්න බැරි බව, කළ නොහැකි හේතු කිහිපයක්ම මේ වෙනකොට තියනවා කියලා කරස් මහත්තයා දන්නවා. එතකොට කරස් මහත්තයා මොකද කරන්නේ? ටකස් මහත්තයාව තමන්ට වඩා පහතට ඇදලා දාලා, වක්‍රාකාරව තමන්ට පළමු තැන ගන්න විවිධ උපක්‍රම හරහා උත්සාහ කරන එක. එතනදී අපි අර අහලා පුරුදු අනෙකාගේ ඇහේ පොල් කීර දැකීමේ කතාව එනවා. කරස් මහත්තයා උත්සාහ කරන උපක්‍රම අතර ටකස් මහත්තයාගේ සුළු වැරදි මහා පරිමාණයෙන් දැක්වීමත් ඇතුළත්. වරදක් විය යුතුම නෑ, ටකස් මහත්තයාගේ හොඳ ගතිගුණයක් වුනත් වැරැද්දක් විදියට දක්වන්න කරස් මහත්තයා උත්සාහ කරනවා. කරස් මහත්තයාගේ අභිප්‍රාය වෙන්නේ තමා සාපේක්ෂව ටකස් මහත්තයාට වඩා හොඳයි කියලා පෙන්වන එක. එයින් තමාගේ "පොල් පරාල" සඟවන්න පුළුවන් කියලයි කරස් මහත්තයා හිතන්නේ.
මෙතනදී තව කතාවක් තියනවා. යම් කෙනෙක් තමන් ගෙවන ජීවිතයේ අතෘප්තිකර භාවය, තමාගේම ක්‍රියාකලාපයන් නිසා සමාජය තුළ පිළිගැනීමක් නොලැබීම, තමන්ගේ නින්දා සහගත අතීතය වගේ හේතූන් නිසා තමාට වඩා ඉදිරියෙන් සිටින අය පිළිබඳව වෛරයක් ඇති කරගන්නවා. එතනදී එයාලගේ ජීවිතේ ම වෙන්නේ කුමන හෝ උපක්‍රමයකින් අනෙකා වට්ටන්න කටයුතු කිරීම. නැත්නම් තමන්ගේම මට්ටමට අනෙක් අයවත් ගැනීම. ඒ තුළින් තමන්ගේ වැරදි වැහිලා යාවි කියන බොළඳ බලාපොරොත්තුව එයාලට තියනවා. ('බහුතරය හදාගැනීම' ලිපිය කියවලා නැත්නම් කියවන්න. මෙතනට ඒකත් අදාළයි.)
මෙවැන්නන්ට බොරුවක් ඇත්ත කිරීමටත්, ඇත්තක් බොරුවක් කිරීමටත් මනා හැකියාවක් තියනවා. ඒ කියන්නේ අනුන්ගේ ඇහේ පොල් කීර පොල් පරාලයක් බවටත්, තමන්ගේ ඇහේ පොල් පරාලය පොල් කීරක් බවටත් මවාපාන්න එවැන්නෝ දක්ෂයි. මේ ක්‍රියාවලිය ඉතාම ප්‍රබලව දේශපාලනය තුළ භාවිතා වෙනවා. "අපි කළේ මෙහෙම විතරයි. ඒත් එයාල එහෙම කළා. අරහෙමත් කළා. ඒ නිසා අපි හොඳයි..."
මේකෙම දිගුවක් තමයි අපහාස හා සමච්චලයට ලක්කිරීම් කියන්නේ. මේක පහසුවෙන් හඳුනා ගැනීමත් අසීරුයි. මේ අපහාස කරන්නෝ බිහිවීමට මූලික හේතුවක් සංසන්දනය. තමා හා අනෙකා සංසන්දනය කිරීම නිසා බොහෝ දෙනා දුකට කළකිරීමට පත්වීම සාමාන්‍ය දෙයක්. සමාජ මාධ්‍ය නිසා විශේෂයෙන් නව යොවුන් හා තරුණ ප්‍රජාව අතර වර්තමානයේ මේක වැඩිවෙලා තියනවා. මේ විදියට ඇතැම් අය අධික වශයෙන් දුකට පත්වීම හේතුවෙන් මනසට වෙන හානිය වළක්වන්න මනස විසින්ම උපක්‍රමයක් හඳුන්වලා දෙනවා. ඒ කියන්නේ එවැනි පුද්ගලයන් දුක මඟහරවා ගැනීමට කරන්නේ අනෙකාගේ වැරදි සෙවීම, දුර්වලතා දැකීම, ඒවා ප්‍රචාරය කිරීම හා වැඩි වැඩියෙන් එවැනි දෑ කතාකිරීම. සාමාන්‍ය පුද්ගලයන්ට පමණක් නෙවෙයි, ප්‍රසිද්ධ හා ජනප්‍රිය චරිත වලට පවා විවිධාකාර ලෙස අපහාස කරන්නන්ගේ ජීවිත ඇතුළාන්තයේ සැඟවිලා තියන දුක්ඛදායක තත්ත්වය තමයි ඔවුන් මේ විදියට සංසන්දනය නිසා මානසික වියවුලට පත්වූවන් වීම. අපහාස හා උපහාස කියන්නේ එකක් විදියට දැකීම ඔවුන්ගේ සිරිතක්... ඒ නිසා ඔබට අපහාස කරන්නෙක් හමුවුනාම අනුකම්පා කිරීම තමයි සුදුසුම...
සාපේක්ෂව තමන්ට ලැබිලා තියන "තැන" ගැන පසුතැවිලි වීම, උදම් වීම හෝ තමාට ඉදිරියෙන් සිටින්නන්ට වෛර කිරීම වෙනුවට තමාගේම ගමනක් යන ශිෂ්ට සම්පන්න දියුණු මනසකින් හෙබි මිනිස්සුන්වත් අපිට ජීවිත ගමනේ ඇතැම් තැන් වලදි කලාතුරකින් හෝ හමුවෙනවා. අනෙකා වට්ටවා පාගා දමා ඉදිරියට යාම කියන්නේ තාවකාලික, කෙටිකාලීන දිනුමක් පමණක් ගෙන එන ප්‍රාථමික මට්ටමේ උපක්‍රමයක් බවත්, ඒ වෙනුවෙන් වැය කරන ශක්තිය තමා වෙනුවෙන් යෙදවීම වඩා ප්‍රතිඵලදායක බවත් ඒ ශිෂ්ට මිනිස්සු දන්නවා.
ඉතින් ඔබේ ඇහේ පොල් කීරි සොයන, ඔබව පහළට ඇඳ දැමීමට උත්සාහ කරන නොදියුණු මිනිස්සුන්ගේ දුෂ්ට උපක්‍රම වලට අහුවෙන්න එපා! එවැන්නන් නිසා අධෛර්යයට පත්වෙනවා කියන්නේ ඔවුන්ට දිනුම දෙනවා කියන එක. පරාජය බාර අරන් පැත්තකට වෙනවාද, නැත්නම් ඒවාට හසු නොවී, වැටුනත් ආයේ නැගිටලා දිනුම හොයාගෙන යනවාද කියන තෝරාගැනීම තියෙන්නේ ඔබේ අතේ.
ජය පතමි, අනෙකාගේ වැරදි වෙනුවට තමාගේම වැරදි දැක, ඒවා නිවැරදි කරගනිමින් යන, ඔබේම වූ සාර්ථක ගමනකට...