ආසද වැස්සේ තෙමෙන්න?

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    'අමර සහ නයනා' විසින් ගුප්ත ලෙස මතකය ආක්‍රමණය කළ ආකාරය පෙර සටහනේදී (අමර දුටු දේශපාලනය) සඳහන් කළෙමි. එබැවින් එහිදී චරිත නාමය ලෙස 'අමර' යොදාගත් අතර, මෙම සටහනේදී 'නයනා' වෙනුවෙන් අවස්ථාව ලබාදීමට තීරණය කළෙමි.

    ළමා කල මහ වැස්සේ තෙමෙමින් ලද නිර්ව්‍යාජ සතුට නයනාට තවමත් මතකය. එකල එනම්, කුඩා අවදියේ ඇය විශ්වාස කළේ විනෝදය ගෙන එන ඕනෑම දෙයක් පරිපූර්ණ වීමට නම් වර්ෂාව අවැසි ම දෙයක් බවයි. වැස්සක සේයාවක් මතු වෙද්දී සිතේ පැනනඟින පැහැදිලි කළ නොහැකි වූ සියුම් සන්තෝසය ඇයට තවමත් දැනෙන්නා සේය. යාන්තමින් වැහි දිය බිම තෙමද්දී මිදුලට පැන අත් පා වීසි කරමින් යෙදෙන අක්‍රමවත් නර්තනය මෙකල සිහියට නැඟෙන විට ඈ සොඳුරු සිනහවකින් පිරී යන්නීය. වැඩිහිටියන්ගේ ආදරණීය බැණ හඬගැසීම් මධ්‍යයේ ඒ කිසිත් නෑසුනු සේ වැසි දිය හා සුරතල් වූ අහිංසක අහංකාර බව තවමත් ඈ දරා සිටියාය.

    නමුත් ඒ අහිංසක අහංකාර බව තුරුණු වියේදී ඇය උපයෝගී කොටගත්තේ වැස්සේ තෙමෙන්නට නම් නොවේ. කෙටියෙන්ම පවසන්නේ නම් වැස්ස මෙකල දී ඇයට කරදරයක් පමණි. අතීතයේ වැස්ස හා බැඳුනු මතකයන් රසවිඳින්නට ළමා කාලයෙන් අනතුරුවද ඇය ප්‍රිය කළ නමුත්, වැස්සේ තෙමීමට උවමනාවක් ඇයට නොවීය. එකල වැසි වැටෙන තුරු බලා සිටි ඇය, මෙකල වැස්සක සේයාවක් දකිද්දී කුඩයක් ළං කර ගැනීමට අනිච්ඡානුගතව පුහුණු වී සිටියාය.

    වැස්ස හා ප්‍රේමය අතර ඇති නොබිඳෙන සබැඳියාව නයනා දුටුවේ විවාහයට පෙර තුරුණු ප්‍රේමයේ ඇලී ගැලී සිටි කාලයේදී ය. ආදරණීය සිතිවිලි අතර කිමිදී සිටි ඇය වැස්ස හා ප්‍රේමය දක්වන සිනමා දර්ශන වලට වහ වැටී සිටියාය. වැස්ස හා ප්‍රේමය ගැන කවිපද ගෙතුවාය. සමාජ මාධ්‍ය හරහා ඒවා බෙදාගත්තාය. නමුත් යාන්තමින් වැහිපොදක් වැටෙද්දී සැමට ප්‍රථම කුඩයක් සෙවූයේද ඒ නයනා ම ය. ඇතැම් විටෙක මේ දෙබිඩි පිළිවෙත සිහිවී ලැජ්ජාව මුසු, අපැහැදිලි, ගුප්ත හැඟීමක් ද ඇගේ සිතේ උපන.

    "කියන දේවල් එහෙමම කරන්නෙ කවුද...අනික දැන් වැස්සේ තෙමෙන්න ගියොත් මිනිස්සු හිතයි මට පිස්සු කියලා..." ඇය හිත හදා ගත්තේ එහෙමය.

    කෙසේ නමුත්, වැස්ස තරම් ප්‍රීතියක් ගෙන ආ... වැස්ස තරම් හද සැනසූ... වචනයෙන් පැහැදිලි කළ නොහැකි අතිශය පිවිතුරු හැඟීමක් ජනිත කළා වූ... සියළු සෝ තැවුල් පලවා හරිමින් සිත පුරා විසිරී පැතිරී ගියා වූ... මිල කළ නොහැකි නමුත් නොමිලේ ම ලැබුවා වූ... එතරම් සුන්දර වූ අන් කිසිවක් දිවිය පුරාවටම ඈ නොදුටුවා ය; නොවින්ඳා ය. අනාගතයේදී ද එවන් වූ නිදහසක් නොලබන බව ඈ දැන සිටියාය. පවුල් ජීවිතයේ වගකීම් අතර සිරවෙද්දී, ජීවිතයට එන අයුරකට මුණුණදීමට නයනා හිත හදා ගත්තාය.

    ඇය ජීවිතයේ තෝරාගැනීම් කළේ එයාකාරයෙනි.
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    ela bn. uba liyapu ekakda? kathavakma liyapanko
    ස්තුතියි (y) කතා දෙක තුනක්ම ලියන්න අරන් අතරමැද නැවතුනා. එකදිගට ලියන්න බැරි අවුලක් තියනවා. :-)
     
    • Love
    Reactions: Tharaka25

    Orayan-K

    Junior member
  • Dec 6, 2021
    68
    88
    18

    පට්ටම රයිටින් ස්ටයිල් එක. :love2: Well done bro!
     
    • Like
    Reactions: s.p.n

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    නයනා කියන්නේ pluviophile කෙනෙක්
    වැස්සට පෙම්බදින, කවි ලියන හුඟක් අය වැස්සෙ තෙමෙන්න ලොකු ආසාවක් නෑ

    හුඟක් දේවල් ගැන අපි එහෙමයි. හිත අස්සෙන් ආදරේ කලාට, ඒක හැමදාම හිත අස්සක හැංගිච්ච හීනයක්ම වෙලා මැරිලා යනවා
     
    • Like
    Reactions: s.p.n

    Orayan-K

    Junior member
  • Dec 6, 2021
    68
    88
    18
    නයනා කියන්නේ pluviophile කෙනෙක්
    වැස්සට පෙම්බදින, කවි ලියන හුඟක් අය වැස්සෙ තෙමෙන්න ලොකු ආසාවක් නෑ

    හුඟක් දේවල් ගැන අපි එහෙමයි. හිත අස්සෙන් ආදරේ කලාට, ඒක හැමදාම හිත අස්සක හැංගිච්ච හීනයක්ම වෙලා මැරිලා යනවා
    සංකල්පයන් හා යථාර්තයන් අතර වෙනස.
     
    • Like
    Reactions: s.p.n