පැනඩෝල් පෙත්තේ සිට ස්ටෙන්ට් දක්වා ඖෂධ වර්ග 450 ක මිල ඉහළට – හිඟය වළක්වන්න අපි මිල වැඩි කළා - මහාචාර්ය චන්න ජයසුමන

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    j3HHbrp.jpg


    පසුගිය සතියේ රජය ප්‍රකාශ කළ ගැසට් නිවේදනයකින් ඖෂධ වර්ග 60ක, අක්ෂි කාච වර්ග 38ක, රුධිර ග්ලුකෝස් මාපක හා හෘද රෝගීන් භාවිත කරන ස්ටෙන්ට් වර්ගවල මිල ගණන් වලට ‘උපරිම මිලක් ‘ නියම කළ බව කියැවිණි. නමුත් එහිදී සිදුවූයේ එම බෙහෙත් හා උපකරණ තිබුණ මිලට වඩා 9%කින් ඉහළ දැමීමකි.

    නව ගැසට් නිවේදනයට අනුව අත්‍යවශ්‍ය හා සුලබව අලෙවි වන පැරසිටමෝල් පෙත්තක නව මිල රුපියල් 1.71කි. මීට පෙර මිල රුපියල් 1.50කි. දියවැඩියා රෝගීන් භාවිත කරන ඉන්සියුලින් රුපියල් 748 සිට 1496 දක්වා පරාසය යටතේ මිල වැඩි වී තිබේ.

    කෙසේ වෙතත් ඖෂධ සැපයීම, නියාමනය පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ ඖෂධ හිඟයක් ඇති වීම වළක්වා ගැනීමේ අරමුණින් මෙලෙස මිල වැඩිකළ බවයි.

    ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ 2020 මාර්තු 8 වැනි දින ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල කමිටුව අනුමත කළ 9% මිල වැඩිවීම මෙලෙස ලබාදුන් බවයි. ඒ වන විට ඇමරිකානු ඩොලරයක් රුපියල් 198ක් වූ අතර මේ වන විට ඩොලරය රුපියල් 215ක් දක්වා වැඩි වී ඇති බව සංගමයේ සභාපති සංජීව විජේසේකර කියා සිටියේය. මේ නිසා 9%ක මිල වැඩිවීම ප්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ අදහසයි.

    වේදනා නාශක, දියවැඩියා, හෘද රෝග, හතිය, සෙම් රෝග වැනි රෝග සඳහා භාවිත කරන ඖෂධ වර්ග 60ක මිල මෙලෙස වැඩිකර ඇත. ඖෂධීය නාමයෙන් ඖෂධ වර්ග 60ක් වුවද විවිධ සන්නාම යටතේ අලෙවි කරන ඖෂධ වර්ග 450ක පමණ මිල මෙලෙස වැඩි වී ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දෙයි. හිටපු සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න 2019 මැයි 15 වැනි දින මෙම ඖෂධ, අක්ෂි කාච හා ස්ටෙන්ට්වල මිල අඩු කරමින් අති විශේෂ ගැසට් නිවේදනය පළමුව නිකුත් කරන ලදී.

    රුපියල් 3000 සිට රුපියල් 15000 දක්වා මිල පරාසය යටතේ මෙතෙක් අලෙවි කළ අක්ෂි කාච වර්ග 38ක් නව ගැසට් නිවේදනයට අනුව රුපියල් 3815 සිට රුපියල් 21,200 දක්වා වූ මිල පරාසයකට යටත් වන පරිදි වැඩිකර තිබේ. රුධිර ග්ලුකෝස් මාපකයක් මෙතෙක් කල් අලෙවි වූයේ රුපියල් 3150 කටය. නව ගැසට් නිවේදනයට අනුව එහි නව මිල රුපියල් 3433කි. රුධිර ග්ලුකෝස් මාපකවල භාවිත කරන පරීක්ෂණ තීරු කට්ටලද රුපියල් පනහකින් මිල වැඩි වී ඇත. හෘද රෝගීන්ගේ සැත්කම් සඳහා භාවිත කරන ලෝහමය ස්ටෙන්ට් ඒකක මිල රුපියල් 29920 දක්වාද, ඖෂධ මුදාහරින ස්ටෙන්ට් ඒකක මිල රුපියල් එක්ලක්ෂ තිස්දහස් අටසියයක් (130,800) දක්වාද වැඩිකර තිබේ.
     
    • Haha
    • Love
    Reactions: saja and ruchira55

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මේක ඉතාමත් හොද තීරණයක්.මොකද පැණඩොල් පෙත්තකින් උනත් මනුස්සයෙක්ගේ ආයුෂ කොට කරන්න පුලුවන් කියලා මම අහලා තියනවා.දැන් කලුසුද්දන්ට තියෙන්නේ බටහිර බෙහෙත් අත හැරලා සිංහල බෙහෙත් වලට පුරුදු වෙන එක..:yes:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    හිටපු සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න 2019 මැයි 15 වැනි දින මෙම ඖෂධ, අක්ෂි කාච හා ස්ටෙන්ට්වල මිල අඩු කරමින් අති විශේෂ ගැසට් නිවේදනය පළමුව නිකුත් කරන ලදී.


    මේක සහතික අැත්ත..මුං ඒ මිනිස්සුන්ගෙ වැරදිම කිව්වට රටේ මිනිස්සු දන්නව අැත්ත..
     
    • Like
    Reactions: SLBlackKnight

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මේක ඉතාමත් හොද තීරණයක්.මොකද පැණඩොල් පෙත්තකින් උනත් මනුස්සයෙක්ගේ ආයුෂ කොට කරන්න පුලුවන් කියලා මම අහලා තියනවා.දැන් කලුසුද්දන්ට තියෙන්නේ බටහිර බෙහෙත් අත හැරලා සිංහල බෙහෙත් වලට පුරුදු වෙන එක..:yes:
    sarcasm?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පැනි සුමනේ වැඩ පෙන්නයි.

    හිඟය වලක්වන්න මිල වැඩි කරමු.