පෝං එක සහ මම 2 - පෝං එකට මොකද උණේ?

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    ගිය නූලෙන් පස්සෙ මේ වගේ තව නූලක් දාන්ට හිතුවෙ මම වගේම ප්‍රශ්නයක් තියෙන කෙනෙක් වේ නම් උදව්වක්, සප් එකක් දීමේ අරමුණින් මිස වෙන කිසිම දේකින් නොවන බව මතක තියාගන්ට. මුලින්ම කියන්න ඕන ගිය නූලට අදහස් උදහස් දැක්වූ සියල්ලටම මගේ හදපිරි ආදරබර මෙව්වා එක. වැල්වටාරං ඕන නෑ ටොපික් එකට එමු.

    මගේ පෝං එකේ කිසිම හානියක් නැතිව ටච් එක වැඩ කරන එක නැවතුණ එකයි ඔක්කොටම මුල. ප්‍රශ්න කියල උඩ බලං ඉඳල බෑනේ. විසඳුමක් හොයන්ට එපැයි. මේ ඉදිරිපත් කරන විසඳුම Huawei Nova 2i ඇතුළු ගොඩක් නවීන පන්නයේ ස්මාර්ට් පෝං වලට හරියනවා. (මගේ පෝං එක Huawei Nova 2i :P)

    Huawei-nova-2i-Black.jpg

    ගොඩක් උන්දැල කොච්චර වීරිය දාල පරිස්සං කලත්, තමංගෙ පෝං එක එක පාරක් හරි වට්ටගන්නවා. ඒක තමා ලෝක සොබාවේ. ඒත් නොහිතන වෙලාවක වැටුණොත් මොකද කරන්නේ? පෝං එකක් කැඩුනම හදන්න තැන් තිබ්බට උන් කරන වැඩ නිසා පෝං එක දෙන්න අමාරුයි. එහෙම දෙනවනං පෝං එක ෆැක්ටරි රීසෙට් කරලම දෙන්න ඕන.‍‍ ඒත් ටච් එකට බබා හම්බුණොත් මේක කරගන්න අමාරුයි. ඊට හපන් අපේ ඩේටා ටික??? Volume down + Power බටන් එක පාර ප්‍රස් කරල රීසෙට් කරන්න හැකි උණාට ඩේටා ගන්නෙ කොහොමද? (මතක තියාගන්ට ‍Confirmation නැතිව රීසෙට් කරන්න දෙන්නෙත් නෑ සමහරක් පෝං වල. මගෙ එකේ වගේ:P)

    (තමංගෙ පෝං එකේ හැම වෙලාවෙම USB Debugging ඔන් එකේ තියාගන්න. USB Debugging ඔන් කරගන්නෙ Settings වල About Phone වල Build Number එක පිස්සෙක් වගේ ඔබාගෙන ඔබාගෙන ගියාම ඇක්ටිව් වෙන Developer Option වලින්.)

    enable-usb-debugging-android-3.jpg

    මගේ පෝං එකේ USB Debugging On එකේ තිබුනේ නෑ. Touch එක යූස් කරන්නත් බෑ. මම ගියා දෙවනි විකල්පේට. ඒ තමා Micro USB to OTG HUB

    sas.jpg

    මම ග‍ාව තිබුණ ‍එකේ USB පෝට් තුනක් තිබුණා. ඉන් එකකට මගේ USB Mouse එකයි අනිකට පවර් කේබල් එකකින් PC එකටයි ප්ලග් කලා‍. (බහුතරයක් නවීන ස්මාට් පෝං වලට Mouse Support කරනවා. මට ඕන කරන USB Debugging වැඩේ මම කරගත්තෙ MOUSE එකෙන්. ඒ වගේම PC එකට ඇක්සස් හදාගත්තෙත් එහෙමයි) දැන් මම පෝං එකේ තිබ්බ ඔ‍ක්කොම වටින ඩේටා ටික PC එකට ඇද්දා. ඒත් හිතට දුකයි පෝං එක ගැන. මේකෙන් දැන් මොකුත්ම කරගන්න බැරිද? අපෝ පුළුවන්. වැඩ ගොඩක් කරගන්න පුළුවන්. කොටින්ම කිව්වොත් පෝං එක යූස් කරන්නම පුළුවන් ආපහු.

    පෝං එක PC එකෙන් හසුරවලා විවිධ වැඩ කරගන්න පුළුවන්. ඒකට විවිධ සොෆ්ට්වෙයාර් තියෙනවා. මෙතනදි මම තෝරගත්තේ VYSOR කියන එක. ඒක මට ෆ්‍රෙන්ඩ්ලි නිසා. (https://www.vysor.io/)

    Vysor එක දාගත්තම මට පුළුවන් උණා පෝං එක ඒ විදිහටම පාවිච්චි කරන්න. මගේ පෝං එකේ කැමරාව කොලිටි නිසා වගේම, මට Zoom මීටින්ග්ස් වලට PC එක‍ට වෙබ් කැමරාවක් තිබුණෙ නැති නිසාම මම තීරණය කලා ‍පෝං එක වෙබ් කැමරාව විදිහට යූස් කරන්න. ඒක මම කලේ DroidCam වලින් (https://www.dev47apps.com/). Vysor හරහා පෝං ‍එකේ DroidCam ඉන්ස්ටෝල් කරගත්තා වගේම DroidCam එකේ PC වර්ෂන් එක PC එකට දාගෙන වැඩේ ගොඩ දාගත්තා. (ඊයේ තිබ්බ Zoom මීටින්ග් එකට සෙට් උණෙත් මේ ක්‍රමෙන්මයි)


    droidcam-live_7c4a12eb7455b3a1ce1ef1cadcf29289.jpeg

    මගේ පෝං එකේ බැටරිය කචල් නිසා මම මේ වෙබ් කැමරාවක වැඩේ කරගන්නටයි, ස්ටෝරේජ් වලටයි තමා දැනට පෝං එක යොදා ගන්නෙ. හදන්නනං බලාපොරොත්තු වෙන්නෙ නෑ. මේ නූල දැම්මේ අර කලින් කිව්වා වගේම නොදන්නා කෙනෙක් ගේ දැනුමට හෝ දන්න‍ා කෙනෙක්ගේ දැනුම වැඩි කොරන්ට. තව මොනවහරි තිබ්බොත් අප්ඩේට් කොරන්නං. එහෙනං අවසරයි !
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    TFS.
    vysor linux වලටත් පුළුවන් chrome app එකක් විදියට use කරන්න.
    තව linux වලට ඒ වගේම එකක් තියනවා scrcpy කියලා. (free and open-source screen mirroring)
     

    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    mageth tiyenne 2i ekak. dan battery eka pimbila touch eka gum ekath galawagena udata awith tiyenne. battryath payai tiyenne. service centerma yanna epai battry danna
    Eka 2i eke factory fault ekakda bn? Ape aiyageth thiyenne 2i ekak. U eka apu dawas walama gaththa ekak. pora heavy user kenek newe. Phone eke battery eka pimbila enawa. 2parak battery eka replace kara.hebei solid phone eka.
     
    • Wow
    Reactions: Grey Walker