බිළිඳිය බිහිකල ගමන් මවයි ආච්චියි වලදමලා.. පැය 3 කට පොලිසියෙන් පණ පිටින් ගොඩ ගනී..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යාපනය චාවකච්චේරි පොලිස් වසමේ මඩ්ඩුවිල් ප්‍රදේශයේ ඊයේ (23) තරුණියක් විසින් දරුවෙකු බිහිකොට එම අවස්ථාවේම වලදමා පැය පැය 3 කට ආසන්න කාලයකට පසුව ගොඩගැනීමෙන් පසුව බිළිබඳය මිය ගොස් නොතිබීමෙන් රෝහල්ගත කොට ඇතැයි පොලීසිය පවසයි.

    අදාල තරුණිය 18 හැවිරිදි වියේ පසුවන අතර ඇයගේ පෙම් සබඳතාවයක් හේතුවෙන් දරුවෙකු ප්‍රසූත කිරීමට ආසන්නව සිට ඇති අතර ඊයේ දින උදෑසන 8.30ට පමණ තරුණිය සහ තරුණියගේ මවගේ සහයෙන් බිහිකොට පණපිටින්ම පොහොර උරයකට දමා ගෙවත්තේ පිහිටි වලකට දමා පස් දමා තිබයදී සොයාගනු ලැබීය.

    අදාල තරුණිය දරුවෙකු ප්‍රසූත කිරීමට ආසන්නව ඇති බවට අසල්වැසි නවැසියන් දැන සිටි හෙයින් ඊයේ උදෑසන 10ට පමණ තරුණිය දරුවා ප්‍රසූත කර ඇති බවට දැනගත්තද දරුවා නොසිටි හෙයින්ඒ පිළිබඳව අසල්වැසියන් විසින් ඒ පිළිබඳව චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමාරක්ෂණ අධිකාරියට දැනුමදී ඇත.

    අනතුරුව ළමාරක්ෂණ අධිකාරිය විසින් එම අවස්ථාවේම වසමබාර ග්‍රාම නිලධාරී වරයා විසින් චාවකච්චේරි පොලීසියටද දැනුම්දී පොලීසිය සහ අසල්වැසියන් සමග අදාල තරුණියගේ නිවසට ගොස් විමසීමේදී ගෙවත්තේ වලදැමූ බවට පැවසීමෙන් පසුව එම අවස්ථාදීම එම පිරිස් විසින් වලදැමූ බිළිඳිය ගොඩට ගෙන ඇත.

    දහවල් 12 ට පමණ බිළිඳය ගොඩට ගන්නා අවස්ථාවේදීද ප්‍රාණය ඇති බවට පොලිස් නිලධාරීන් දැනගත් විගසම බිළිඳිය චාවකච්චේරි රෝහලට ඇතුලත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව අදාල තරුණියද රෝහලට ඇතුලත් කරනු ලැබීය.

    අදාල සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරන චාවකච්චේරි පොලීසිය තරුණය සහ තරුණියගේ මව අත්අඩංගුවට ගැනීම සඳහා නීතිමය පියවර ගෙන ඇති අතරම බිළිඳිය මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවටද චාවකච්චේරි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

    වලදැමූ බිළිඳය පොහොර උරය තුල සිටීම හේතුවෙන් පස් නිසියාකාරව නොවැටීම මත බිළිඳයට හුස්ම ගැනීමට හැකිවී ඇතැයිද පොලීසිය සැක පල කර සිටියි.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    අම්මෝ මුන් මොන හිතකින් මෙව්වා කරනවද මන්දා. හොද වෙලාවට පොඩි බබා බේරුනේ ...

    හොද වෙලාවට පොඩි බබා බේරුනේ ... marunat paw, natat paw ban
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    අම්මෝ බං සක්කිලි දෙමල උට්ටියෝ හෙණ වදින්න ඕනි ඕකුන් දෙන්නට.
    කොහොමද ළමයා ලොකු වෙලා දැනගත්තම අම්මයි ආච්චියි එයාව මැරෙන්න ඉඩ ඇරියා කියලා.
    පොඩි එකා ඕකුන් දෙන්නට සලකන එකක් නෑ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,167
    24,806
    113
    tracing Geo-location.. ... ...
    කොහොමද බං ඔහොම කරන්නෙ මට නම් සතෙකුටවත් තුවාල වෙන්න ගහන්න හිත දෙන්නෑ 😶

    Math pereda pare idala podi balu patiyek genawa kawruhari dala gihin. Munta thaman ge lamai wisi karanna puluwan kiyanne hithaganna ba ithin.