මෙන්න අර ඔරලෝසුවේ රහස

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,874
    1
    43,017
    113
    මෙන්න අර ඔරලෝසුවේ රහස

    img-beautiful-diy-propeller-fan-led-clock-372.jpg


    මෙහෙමයි. ඔතන ඔය වෙන දේම ඉස්සර අපි බලපු CRT ටීවිවලත් වුණා.. CRT ටීවිවල රූපෙ හැදෙන්නෙ තනි බීම් එකකින්. මෙන්න මේ වගේ..

    hnaIS.gif


    FD8VQAIGHFJX4HT.LARGE.gif


    තින ඉරෙන් ඉරට තමා මුළු ස්ක්‍රීන් එකම කවර් කරන්නෙ.. ඒත් අපිට ඒ ලයින් වෙනවෙනම පේන්නෙ නෑ නේද ? ඒකට හේතු දෙකක් තියෙනව. ඉන් එක හේතුවක් තමා, මෙතනට අදාල වෙන්නෙ අපිට. ඔය එක ඉරක් ඇඳිල ටික වෙලාවකින් අනික් ඉරවල් ඇඳෙනකොට කලිං ඉර නැති වෙන්ඩ එපැයි. ඔව් ඇත්තටම ටික වෙලාවකින් නැති වෙනව. ඒත් අපේ අහැට තියෙනව වගේ පේනව. ඒක අපේ ඇහේ තියෙන ගුණයක්. දෙයක් පෙනිල අතුරුදහන් වුණත් ඒක තියෙනව වගේ පේනව අපේ මොළේට.. (visual persistence) කියන්නෙ ඕකට තමා..

    ඔය ඔරලෝසුව ගැන කියනවනං, ඔය ලයිට් අවශ්‍ය විදියට නිමි නිම පත්තු කරන්ඩ පුලුවං, අපි නිර්මාණය කරන දෙයට අනුව. ඔය පරිපථයෙ තියෙන microcontroller එකෙන් තමා LED ටික පත්තු වෙන හැටි තීරණය කරන්නෙ. ඔය ලයිට් හයි කරල තියෙන බෝඩ් එක කැරකෙනකොට. කොයි කොණෙදිද අවශ්‍ය බලබ් ටික පත්තු වෙන්ඩ ඕන කියල microcontroller එක තීරණය කරනව.. අපි හිතමු අංශක 30 ක් කැරකිල තියෙන මොහොතෙ බල්බ් එකක් පත්තු වුණා කියල. ඒක එක පාරට නිමුණත් (කොහොමත් කැරකෙන කොට තව තැනකට ලයිට් එක යනවනෙ) එතන පත්තු වෙලා වගේ තියෙනව අපිට පේනව.. දැං ඔය පෙරහැරවල් වල කරකවන ගිනි රවුම් දැකල තියෙනව නේ... වේගෙන් කරකවනකොට මුලු රවුම ගින් ගන්නව වගේනෙ පේන්නෙ...

    ඔය විදියට අවශ්‍ය තැන් වලදි මුළු රවුවෙම ඩොට් ගාණ සම්පූර්ණ කරනව. ඒත් වේගෙන් කැරකෙනකොට පත්තු කරපු ඩොට් ඔක්කොම එකම මොහොතෙ අපිට පේනව :P

    මං හිතන්නෙ microcontroller එකයි, ප්‍රෝග්‍රෑම් එකයි අපිට වැඩේ ගොඩක් ලේසි කරල දෙනව.. අපිට ඕන පැටන් එක දෙන්ඩ විතරයි තියනේනෙ...
    සංකීර්ණ ගණනය කිරීම් එයාල කරගන්නව..

    (දෙයක් දැනගත්තනං රෙප් පාරක් දියල්ල :rolleyes:)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,874
    1
    43,017
    113
    ඔරලෝසුවනං ටිකක් අමාරු ඇති.. ඒත් තේරුං ගන්ඩත් ඒක මෙහෙම එකක් හදනහැටි බලපල්ල

    DSCN7280.JPG


    DSCN4238.JPG


    LED+ARENGE.bmp


    Slide3.JPG


    Slide4.JPG


    LED+A.bmp


    මේ පින්තූරෙ තමා ගොඩක් වැදගත්..

    LED+A+active+high.bmp


    ඔය උඩ තියෙන්නෙ A අකුර හදන හැටි. ඒකෙ 4 වෙනි LED එක අනික්වට වඩා ටිකක් වැඩි වෙලාවක් පත්තු වෙලා තියෙන්ඩ ඕන.. ලයින් එක දිග නිසා..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,874
    1
    43,017
    113
    මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් මේ කන්ට්‍රෝලරේටනං එන්නෙ..
    මෙතන ඩිලේ එක තියන්ඩ ඕන හරියට, උඹලගෙ මෝටරේ කැරකෙන ස්පීඩ් එකට අනුව

    if your motor is rotating in clock wise direction then the corresponding code will be as follows.
    leds are connected to PORT0 of AT89S52 so the logic will be
    P0=0x81; delay( );//define this function as per your motor
    P0=0x6f; delay( );
    P0=0x6f; delay( );
    P0=0x6f; delay( );
    P0=0x81; delay( );
    P0=0xff; delay( );// to make one column gap between letters
    if it is anti clock wise then
    same code in the reverse order
    in this example im using the letter "A" which is symetrical
    for other letters you need to follow from down to top of the code algorithm discussed above
    P0=0xff; delay( );// to make one column gap between letters
    P0=0x81; delay( );
    P0=0x6f; delay( );
    P0=0x6f; delay( );
    P0=0x6f; delay( );
    P0=0x81; delay( );
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,874
    1
    43,017
    113
    මේ තියෙන්නෙ rpm එක 1000 ක් වුණ මෝටරේකට, ඩිසයින් එකත් එක්ක ගලපල ඩිලේ එක හොයන හැටි.. ඩිලේ එක කියන්නෙ කොච්චර වෙලාවක් LED එක පත්තු වෙලා තියෙන්ඩ ඕනද කියන එක.. ඒ අනුව තමා අකුරෙ පළල තීරණය වෙන්නෙ..

    Radius කියන්නෙ කැරකෙන රවුමෙ අරයට..

    DELAY CALCULATIONS
    motor speed===1000 RPM
    time for one rotation===60 milli seconds
    radious =30cm
    peremeter=2*3.414*30=204.84~205
    width of led column=0.5cm ( this indicated the duration of led glow in terms of length of display)
    total num of columns(leds)=205/0.5=410
    410 leds=60 milli seconds
    one led(column)time=146 micro seconds//
    columns for each letter=6
    time for a letter=6*146=876 micro seconds
    length for letter=6*0.5=3
    total leters=205/3=68
    THE CALCULATIONS VARIES ACCORDING TO THE GLOW TIME OF LED AND RADIUS OF THE ROTATING ARM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,874
    1
    43,017
    113
    මෙහෙම හිතපල්ල. මෝටෙරේ කැරකෙන ස්පීඩ් එක වැඩිවුණොත් එල්ඊඩී ගමන් කරන දුර වැඩි වෙන නිසා, ඇඳෙන ලයින් දිග වැඩි වෙනව. ඒ කියන්නෙ A අකුරෙ ලයින්වල පළල වැඩි වෙනව...
    මුළු රවුමක්ම කැරකෙන කොට, එල්ඊඩී එකක් පත්තු කරල තිබ්බොත් තනි රවුමක් හැදෙනව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,874
    1
    43,017
    113
    ඔන්න බලපල්ල වේගෙ හරියට එනකං නිකං චප්ප වෙලා වගේ පේන්නෙ. ඊට පස්සෙ හරියට දිග ඇරිල පේන්ඩ ගන්නව.. මොටර් ස්පීඩ් එකනං හරියට ඕන.. :yes: