ලංකාවේ පාර්ලිමේන්තුවේ 225 තුලින් රටක් හදන්න පුලුවන්ද පවතින නීති රාමුව තුල?

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පොඩ්ඩක් හිතපල්ලකො ආණ්ඩුවක් හදන්න 113 ඕන...

    දැන් කැබිනට් ඇමතිවරු 30 ඉන්නවා..නියෝජ්‍ය ඇමතිවරු 30 ඉන්නවා..රාජ්‍ය ඇමති වරු 30 ඉන්නවා..දැන් සේරම අනුවයි..

    ඔන්න හැදෙනවා අලුත් සෙට් එකක් පසුපෙළ මන්ති කියලා...දැන් පසු පෙළ සතුටු කරන්න දෙනවා District සංවර්දන කියලා තනතුරක් දෙනවා.. එයින් 23-25 දුන්නම 113-115 එනවා

    බලන් ගියාම 113-115 දෙනාටම තනතුරු වරප්‍රසාද දීලා මහජනතාවගෙන් නඩත්තු වෙනවා විශාල බරක් විදියට...

    දැන් නියෝජ්‍ය ඇමති කම් දීපු අයට හිතට හොද නැහැ, අපි මෙච්චර පක්ෂෙට වැඩ කළා අපිට දුන්නේ නියෝජය ඇමති කමක් කියලා..ඒ සේත්ම තමා රාජ්‍ය සහ පසු පෙළ...

    පොඩ්ඩක් බලපල්ලා ඇමති මණ්ඩලේ පත් කර දවසට පස්සේ අදොවැඩියාව..

    දැන් මොකද්ද වෙන්නේ, අපේ විපක්ෂය බලන් ඉන්නවා ආණ්ඩුවේ ඉන්න කලකිරිනු අය බා ගන්න...ඔන්න පටන් ගන්නවා ලංසු වලට විකිනෙන්න...ආණ්ඩුව වැටෙන්න යනවා..

    දැන් බලේ පවත්වන්න තව තව තනතුරු දෙනවා කල කිරුණු අයට...ඒ අයගේ ගෙවල් වල අයට දෙනවා තානාපති කම්...

    මට නම් හිතෙන්නෙම අපි වගේ රටකට 225 වැඩි.. ඕක 75 වගේ අඩු කරන්න ඕන...එක District එකකට දල වශයෙන් 03 වගේ, ජන සංයුතිය අමතක කරලා දැම්මම...

    කැබිනට් ඇමති කම් 10-15 අඩු කරන්න ඕන,නියෝජ්‍ය ඇමති කම් 10-15, රාජ්‍ය ඇමති කම් 0.. සේරම බැලුවොත් 30 වගේනේ එතකොට ... එහෙම උනොත් තව 7 දෙනයි තනතුරු නැතුව එන්නේ

    දැන් මෙහෙම උනාම බල පෙරලි කරන්න කලින්ට වඩා අමාරු වෙනවා නේද?

    තව පනතක් ගේනවා නම් පක්ෂ මාරු කරන්න බැහැ කියලා.අර 07 දෙනාටත් කට්ට කාගෙන ඉන්න වෙනවා
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොහොමද බන් මේක 225ක් වෙනකං වැඩි වුණේ

    :baffled::baffled:
    එක නම් මාත් දන්නේ නැහැ බන්..හදපු එකා තමා රට කන්න පලවෙනි මුල් උනේ මට හිතෙන්නේ..මේ පර්ලිමෙන්ට් එක රටට අති විශාල බරක්..

    දවසකට කෝටියක් විතර වියදම් වෙනවා රැස් උනාම
     
    • Like
    Reactions: asbestos

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    IMG_20220508_224706.jpg
     
    • Like
    Reactions: Die-hard

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම නම් පුද්ගලිකව කැමති මේ වගේ ක්‍රමයකට.

    මහජනතාවගේ ඡන්දයෙන් පත් වෙන මහජන මන්ත්‍රණ සභාවක් තියෙනවා. ඒ ඒ දේශපාලන පක්ෂවලට ලැබෙන ඡන්ද ගණන අනුව ආසන ලැබෙන ක්‍රමය නැහැ. ඒ වෙනුවට තියෙන්නේ මුළු ලංකාවම ඡන්ද කොට්ඨාස 100කට විතර බෙදලා ඒ එක එක කොට්ඨාසයකින් වැඩි ඡන්ද ලබන කෙනා ඒ කොට්ඨාසය නියෝජනය කරන මන්ත්‍රී විදියට තේරී පත් වෙන එක. එතකොට මනාප පොරයකුත් නැහැ. සමානුපාත ක්‍රමය නැති නිසා සුළු පක්ෂවලට ඕනෙ ඕනෙ හැටියට ආණ්ඩු කරද්දි නැවෙන්න ඕනෙත් නැහැ. පජාත මිනිහෙක් කොට්ඨාසයක් නියෝජනය කරන අපේක්ෂකයෙක් හැටියට දැම්මොත් පරදින්න ඉඩ තියෙන නිසා දේශපාලන පක්ෂ පෙළඹෙනවා, සාපේක්ෂව හොඳ මිනිස්සු ඉදිරිපත් කරන්න. ඇත්තටම 1989 මහ මැතිවරණෙට කලින් ලංකාවේ තිබුනෙත් ඔය වගේ ක්‍රමයක්.

    ඊට පස්සේ අමාත්‍ය මණ්ඩලයක් තියෙනවා, හැබැයි ඔවුන් කිසිම කෙනෙක් අර මන්ත්‍රණ සභාව නියෝජනය කරන්නේ නැහැ. මහජන මන්ත්‍රණ සභාවේ බහුතර විශ්වාසය මත ඔවුන් පත් වෙනවා වගේම ඒ විශ්වාසය අහිමි වුනොත් ඔවුන්ට ගෙදර යන්න වෙනවා. ජනාධිපති, උප ජනාධිපති ඇතුළු සමස්ත අමාත්‍ය මණ්ඩලයම ඒ විදියට අවුරුදු 5ක කාලයකට පත් වෙනවා. මහජන මන්ත්‍රණ සභාවේ කාලයත් අවුරුදු 5යි. එතකොට ජනාධිපති තෝරන්න වෙනම ඡන්දයක් අවශ්‍යත් නැහැ. ජනාධිපතියි, ආණ්ඩු පක්ෂයයි පක්ෂ දෙකකින් ආවොත් එන ගැටළුව මතු වෙන්නෙත් නැහැ. කොහොමත් නීති සම්පාදනය කරන්නේ මන්ත්‍රණ සභාවනේ. ඇමති මඩුල්ලට තියෙන්නේ ඒවා ක්‍රියාත්මක කිරීම. ජනාධිපතිට පවා මන්ත්‍රණ සභාවට වග කියන්න වෙන නිසා බලයට කෑදර අය ඒ වගේ තනතුරකට තරග කරන සම්ප්‍රදායත් ඒකෙන් නවතිනවා.
     
    • Like
    Reactions: Die-hard