බදු නොගෙව පැනල යන ලැජ්ජ නැති පුරවැසියන්....පැතුම් කෙළින්ම කියයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බදු හොරු අල්ලන්න මතුරන රටේ බදු ෆයිල් අරින එක විහිළුවක් කර ගෙන කියලා සුජීව ප්‍රේමරත්න මහත්මය බුකියේ ලියලා තිබුනා.

    මට හිතෙන්නේ අපේ රටේ මිනිස්සු බදු ගෙව්වට ඒ ගැන තියෙන අදහස් හරි විවිධයි. බදු කියන්නේ කොහොමත් කවුරුත් ආස ඒකක් නෙවෙයි. මේ ලෝකේ ඕන රටකට ගිහින් ඇහැව්වොත් බදු ගෙවන්නේ සතුටින්ද කියලා කවුරුත් කියන එකක් නෑ ඔව් සතුටින් කියලා. ලෝකේ දියුණුම රටක උනත් දේශපාලනය තුල තියෙන ප්‍රධාන මාතෘකාව තමයි බදු අඩු කරන එක. ඡන්දයට කලින් බදු අඩු කරන්න ඇවිත් පස්සෙන් පහුවට බදු වැඩි කරපු දේශපාලකයෝ ඉන්නේ.

    අපේ රටේ සමස්ථ රාජ්‍ය ආදායම 2023 දී රුපියල් බිලියන 3100ක්. එය මූලිකව ලැබෙන්නේ ජනතාවගෙන් එකතු කර ගන්න බද්දෙන්. ඒක කරන්න ප්‍රධාන ආයතන තුනක් තියෙනවා. එකක් ආදායම් බදු දෙපාර්තමේන්තුව. දෙවැන්න රේගුව. තුන් වැන්න සුරා බදු දෙපාර්තමේන්තුව.

    දැන් රටේ තියෙන ලොකු ගැටළුවක් තමයි මේ ආයතන ටික බදු නිවැරැදිව එකතු නොකිරීම. ඒ නිසා රටේ බදු කොච්චර පැනෙව්වත් ඒ ටික නිවැරැදිව එකතු වෙන්නේනැති නම් රාජ්‍ය ආදායම් වැඩි වෙන්නේ නෑ. මෙහිදී නිතර නැගෙන චෝදනාව තමයි බදු පැහැර හැරීම කියන එක. බදු හොරු, තෝරු මෝරු ගැන නිතර කතා වෙනවා. එහිදී චෝදනා නැගෙන්නේ ලොකු ව්‍යාපාරිකයන්ට. ඒ කවුද කියලා හරියටම කියන්න පුළුවන් අයත් නෑ. කිව්වට සාධක ඉදිරිපත් කරන්නෙත් නෑ. හිටපු ගමන් බිලියන 900 යි කියලා ගණන් හදලා කියන අයත් ඉන්නවා. හැබැයි සාධක නැතුව. ඒවා අහලා ඒ බිලියන 900 බලෙන් ගහලා හරි ගනියි කියලා හිතන අයත් ඉන්නවා.

    අපි ආදායම් බදු දෙපාර්තමේන්තුව ගමු.

    එකක් ඒ අය සමාගම් වල ලාබයෙන් 25-30% ක ආදායම් බද්දක් ගන්නවා. ඒ කියන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුවට සමාගම් ලාබ ලබපු බව පෙන්වන්න ඕනේ. පොදු සමාගම් නම් තමන්ගේ මූල්‍ය විස්තර ප්‍රසිද්ධ කරනවා කොටස් හිමියන් වෙනුවෙන්. ඒ නිසා ඒවාට ලාබ හංගන්න අමාරුයි. ඒත් සමාගමක් තමන්ගේ ලාබය හරියටම පෙන්නුවේ නැත්නම් ඒකෙන් 30% ක් ගන්න අමාරුයි. පාඩුයි කියලා ගණන් හැදුවොත්? නැත්නම් ලාබය හැංගුවොත්? අපි දන්නවා සමහර කඩ වල හොරට බිල් පොත් තියෙනවා. බිල් නොකඩා බඩු විකුණනවා. ව්‍යාපාරයක් තමන්ගේ ගිණුම් කටයුතු හරියට කරලා, හරියටම ලාබපාඩු අවංකව පෙන්නුවොත් විතරයි ඒකෙන් කොටසක් බදු විදියට ගෙවන්න වෙන්නේ. එහෙම නොපෙන්නා ඉන්න පුළුවන් නම් බදු හොරකම් කරන්න පුළුවන්.

    ඒක හොයන්න වෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට. රට පුරා තියෙන ඔඩිට් සමාගම් වලට පුළුවන් මේ ගිණුම් ලාබ පාඩු තමන්ගේ කස්ටමර්ට ගැලපෙන්න හදලා දෙන්න. ඉතිං මේ සමාගමෙන් සමාගමට ඇත්තෙන්ම ලාබ පාඩු උනා ද කියලා හොයලා බලන්න දැන් තියෙන ආදායම් බදු දෙපාර්තමේන්තුවට පුළුවන් ද? මේකේ ඉන්න කෙනෙකුට ඒක හරියට නොකර ඉන්න පුළුවන් පුද්ගලික වාසි අරගෙන. මේක දූෂිත ආයතනයක් කියලා IMF එක පවා කිව්වා. ඒ අඩුපාඩු ටික හදා ගන්නේ කවද්ද? නැත්නම් අඩුපාඩු තියෙන එකෙන් නීතියේ කන් අස්සෙන් රිංගලා ගිහින් වංචා දූෂණ කරන්නේ කවුද ? නීතියෙන් වගවීමක් නැත්නම් ඒවට කවුරුත් බය වෙයිද?

    රේගුවේ තත්ත්වයත් වෙනස් නැ. පිටරටින් එන බඩු වලට නියමිත බදු ප්‍රමාණය තීරණය කිරීමේ බලයක් ඔවුන්ට තිබෙනවා. ඒවට ලොකු බදු ගහනවා කියලා බඩුව ගෙන්නඖ මිනිහව බය කරලා, ඊට වඩා අඩුවෙන් ගාණක් තමන් තියා ගෙන ඒවා පාස් කරලා දෙනව කියලා වරායට වැස්සට ගොඩ වෙන මිනිහත් දන්නවා. රජයේ සේවකයෙක් ලබන වැටුපට වඩා ඉහල ආදායමක් තිබෙන ජීවිතයක් රේගුවේ මිනිස්සු පේන්නම ගත කරනවා. ලොකු ගෙවල්, ලොකු වාහන මේ අයට තියෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. රේගුවේ රස්සාවක් ගන්න ඕන කෙනෙක් කැමතියි. ඒ තියෙන ඉහළ ආදායම් තත්ත්වය හින්දම. ඒ පුද්ගලයන් හොරා කන බව දැන දැනත් සමාජය ඔවුන්ට ගෞරවය දෙනවා.

    අනික සුරාබදු දෙපාර්තමේන්තුව. දවසක බාර් එකකට ගිහින් අහන්න බදු ගෙවන්නේ කොහොමද කියලා. ලොකු පතරංගයක් වගේ පොතක විස්තර අතින් ලියලා තමයි ඒක කරන්නේ. ලිව්ව ඒවා ගණන් හදලා බදු ගෙවන්නේ. ඔබට මතක නම් සුරාබදු එකේම ඉන්නවා මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන අය. මේ අය රටේ හොඳ ආදායමක් ලබන අය. නීතියට බයත් නැති, නීතියෙන් බලවත් අය.

    ඉතිං මේ නෙට්වර්ක් එකේම කොටසක් බවට දේශපාලකයා පත් වෙනවා. තමන්ගේ ව්‍යාපාර වල බදු, වරායෙන් බඩු පන්න ගැනිලි, බාර් වල, ඉස්කාගාරවල බදු හොරකම් සියල්ල මේ නෙට්වර්ක් එක ඇතුලේ වෙන්නේ. මේක හොර ජාලාවක්. මේකට සෙට් වෙන ජනතාවත් ඒකේ කොටස් කාරයෝ වෙනවා. ඒ අය තමයි ඩියුටි ෆ්‍රී එකෙන් අරක්කු පන්නන්නේ, වරායෙන් ජරාව දීලා ලාබෙට බඩු ක්ලියර් කර ගන්නේ, ලාබ පෙන්නන්නේ නැතුව හොරට ගණන් හදලා පාඩු පෙන්වන්නේ, හොර බිල් දෙන්නේ.

    මේක සංකීර්ණ හොර ජාලයක් මිසක් එක්කෙනෙක් දෙන්නෙක්ගේ වැඩක් නෙවෙයි. දේශපාලන හොරු, නිලධාරී හොරු සහ ජනතා හොරු ආදී සියල්ල මේකට අයත්. මේ හොර ජාලය විසින් බදු නොගෙවීම නිසා යම් කිසි භාණ්ඩයක් අඩුවට විකුණන කොට ඒක ගන්න පොරකන මිනිස්සුත් ඒ හොර නඩයේම තමයි. එක තැනකින් ලාබෙට දෙන කොට තව තැනකට බදු ගෙවලා හරි ගාණට දෙන්න බෑ. මිනිස්සු එතනට යන්නේ නෑ. ඉතිං වෙළෙඳපොළම හොරු වෙන්න වෙනවා, නැත්නම් බිස්නස් නෑ.

    ඒ වගේම පුද්ගලික ආදායම් පවා මිනිස්සු හෙළි කරන්නේ නෑ. පුද්ගලික සේවය ලබා දෙන වෛද්‍ය වරුන් තමන් උපයන මුදල නිශ්කාශනය කරන්නෙ නෑ. අතට කෑෂ් ගන්න ලෝයර් එහෙම කරන්නෙත් නෑ. තැන තැන ගිණුම් ගත නොකර, අතට කෑෂ් හුවමාරු වෙන කිසිම ගණුදෙනුවක් ගිණුම්ගත නොවීම නිසා බදු වලට අහුවෙන්නේ නෑ. මේ අකාර්යක්ෂමතාව නිසා රටේ අදායම් නිවැරැදිව කියවා ගන්න ක්‍රමයක් නෑ. විශේෂයෙන් බදු පද්ධතිය සහ ආදායම් ලබන්නන්ගේ බැංකු ගිණුම් සම්බන්ධ වෙලා නෑ. ඒ ගණුදෙනු වල ආව ගිය හැටි ගැන පාරදෘෂය භාවයක් නෑ.

    ඉතිං අපේ රටේ තියෙන්නේ මේ යුගයට නොගැලපෙන අකාර්යක්ෂම රාජ්‍ය පරිපාලනය ක්‍රමයක්. ඒ නොගැලපෙන අක්‍රමවත් භාවයට මුවා වෙලා ඒවා අල්ලං ඉන්න කට්ටිය සොරා කන , සූරා කන ක්‍රමයක්. මේක රටේ පොදු ප්‍රශ්නයක් මිසක් කීපදෙනෙකුගේ එකක් නෙවෙයි. රටේ ජාතික බදු ප්‍රතිපත්තිය කොච්චර හැදුවත් එය නිවැරැදිව අය කර ගන්න හැකි රාජ්‍ය පරිපාලනය යාන්ත්‍රණයක්, පරමාධිපත්‍යයෙන් යුතු නීතියක් නැත්නම් රටක් ගොඩ නගන්න බෑ.

    සාමාන්‍ය මිනිස්සු පවා ටින් අංකයක් ගන්න අකමැතියි. ඒකත් වැරැද්දක් ලෙස දකිනවා. මේ වැඩපිළිවෙලක් නිවැරැදිව ක්‍රියාත්මක වෙන්න නම් හම්බ කරන අපි හැමෝම බදු ෆයිල් අරින්න ඕනේ. කාගෙවත් හොර වැඩ වලට සම්බන්ධ නොවී ඉන්න ඕනේ. සමාගම්, ව්‍යාපාර, පුද්ගලයන්ගේ අදායම් නිවැරැදිව නිරීක්ෂණය කල හැකි පාරදෘෂය මූල්‍ය ක්‍රමයක් හදන්න ඕනේ. ඒවාට අලුත් අනපනත් වගේම නූතන තාක්ෂණය අවශ්‍යයයි. හොරුන්ට හොරකම් කරන්න බැරි සිස්ටම් එකක් කියන්නේ ඒකට.

    එච්චරයි !

    පැතුම් කර්නර් #පැතූනොමික්ස් #රටහදනහරිපාර #හරිත
     
    • Like
    Reactions: erandak and shenat

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    We don't need a system change. The JVP AKD people will be the first people to reject such system.
    They are equal to the black guys in US. They are needed but with them don't expect any good system.
    Instead become immutable from the system is the right correct answer.
    Adopt to the corrupted system is the right answer.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    මේ කතාව නං හරි.

    හැමෝටම එක සිස්ටම් එකක් හදනකන් බයියන්ට හැමදාම ෆේල් පොන්නයොයි, හොරුයි දාගෙන සවුබාගෙ දැක්ම බලාගෙන සැපේ ඉන්න පුලුවන් දැන් වගේ 😆
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    මේ කතාව නං හරි.

    හැමෝටම එක සිස්ටම් එකක් හදනකන් බයියන්ට හැමදාම ෆේල් පොන්නයොයි, හොරුයි දාගෙන සවුබාගෙ දැක්ම බලාගෙන සැපේ ඉන්න පුලුවන් දැන් වගේ 😆
    උබල ටින් එක ගත්තාද. රට උන් ගොඩක් ඔන්ලයින් Apply කරනව දාලා තිබ්බා බුකියේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    උබල ටින් එක ගත්තාද. රට උන් ගොඩක් ඔන්ලයින් Apply කරනව දාලා තිබ්බා බුකියේ.

    මට TIN එකක් තිබුණෙ රට යන්නත් කලින් ඉඳන්.
    මම ඒක කැන්සල් කරන්න request කරා දැන් අවුරුදු දෙකකට විතර කලින් මොකද ඒ කාලෙ ඒක තියාගන්න ඕන නෑ කියල එයාල කිව්ව නිසා. හැබැයි රික්වෙස්ට් කරාට ඒක කරන්න තව අවුරුදු තුනක් වත් යයි කියලා එදා කිව්වෙ. ඒ නිසා තාම කැන්සල් වෙලා නැතුව ඇති කියල මම හිතනවා. කැන්සල් කරන්න එපා කියල කියන්න ඕන.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    මට TIN එකක් තිබුණෙ රට යන්නත් කලින් ඉඳන්.
    මම ඒක කැන්සල් කරන්න request කරා දැන් අවුරුදු දෙකකට විතර කලින් මොකද ඒ කාලෙ ඒක තියාගන්න ඕන නෑ කියල එයාල කිව්ව නිසා. හැබැයි රික්වෙස්ට් කරාට ඒක කරන්න තව අවුරුදු තුනක් වත් යයි කියලා එදා කිව්වෙ. ඒ නිසා තාම කැන්සල් වෙලා නැතුව ඇති කියල මම හිතනවා. කැන්සල් කරන්න එපා කියල කියන්න ඕන.
    ඔව් නේ කොහොමත් Pvt register වෙනකොට එහෙම ඕක ඉස්සර දුන්නනෙ..මාත් 2017 වගේ ගත්තේ බඩු වගයක් ගෙන්න ගන්න. ඕක දැම්ම දාපන් නැත්තං මුන් cancel කරයි.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් නේ කොහොමත් Pvt register වෙනකොට එහෙම ඕක ඉස්සර දුන්නනෙ..මාත් 2017 වගේ ගත්තේ බඩු වගයක් ගෙන්න ගන්න. ඕක දැම්ම දාපන් නැත්තං මුන් cancel කරයි.

    කිසිම අවුලක් නැතුව සයින් කරන්නයි, මූණ පෙන්නන්නයි යන්නෙ නැතුව සම්පූර්ණ වැඩේ ඔන්ලයින් කරන්න පුලුවන්ද? මොකද කැන්සල් කරල නං ආයෙ ඇප්ලයි කරන්න ඕනනේ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    මට නම් හිතෙන්නෙම මූ පැචුම වගේ ලිව්ව වගේ ලියල ගුපියන්ගෙන් ආතල් ගන්නව කියල...
     
    • Like
    Reactions: Chimpanzee Putha

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මට නම් හිතෙන්නෙම මූ පැචුම වගේ ලිව්ව වගේ ලියල ගුපියන්ගෙන් ආතල් ගන්නව කියල...
    ඇයි ඔබ එහෙම හිතෙන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    කිසිම අවුලක් නැතුව සයින් කරන්නයි, මූණ පෙන්නන්නයි යන්නෙ නැතුව සම්පූර්ණ වැඩේ ඔන්ලයින් කරන්න පුලුවන්ද? මොකද කැන්සල් කරල නං ආයෙ ඇප්ලයි කරන්න ඕනනේ.
    එහෙම තමා කියන්නේ නං. මෙහෙ වේලාවෙන් පාන්දර බලන්න. Traffic වැඩි උනාම කෙස් වෙනවා. මාත් ඉරිදා තාත්ත රෙජිස්ටර් කරන්න ඉන්නේ ඔන්ලයින් බලලා කියන්නන්.
     
    • Like
    Reactions: shenat

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    මම නම් කියන්නේ ඔය පොහොට්ටු බැල්ලිගෙ පුතාලයි, සමනලයෝ ටිකයි බදු ෆයිල් ඕපන් කරලා බදු ගෙවන්න ඕන මිනිස්සුන්ට කලින්.

    මිනිස්සු ලග නැති ධනය තියෙන්නේ උන් ගාව. නාකි මයිනාගේ ෆයිල් එක ඇරියා නම් රටේ හැම මිනිහාගෙන්ම එන බදු වලට වඩා වැඩි බදු එකතු කරන්න පුළුවන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    පැචුම් කෙටියෙන් කියපන් හෑලි එපා උබ රනිල්ටද සපෝට

    "රනිල් විසින් සී ලංකා ජන සමාජයේ උන්නතිය වෙනුවෙන් ඉටු කරන ලද සේවා "

    ගැන රචනාවක් ලියන්න හැබැයි තහනම් වචනේ රනිල්. අන්න එහෙම තමා මූට මාර්තුකා දෙන්නේ.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මට නම් හිතෙන්නෙම මූ පැචුම වගේ ලිව්ව වගේ ලියල ගුපියන්ගෙන් ආතල් ගන්නව කියල...
    ඔබට සාක්ශි තිබෙනවා ද
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    Pachum athal denna epa Lol
    Hamuge surathulnge badu, bol naya issarawela gewanna kiyapanko...