මේ ගැන මම සම්පූර්ණ විස්තර සහිත පෝස්ට් එකක් හදල තියනවා. ඒක යුවතිය පත්තරේ මේ මාසෙ 26 වෙනිදා ඵල වෙනවා. එතෙක් ඒක පේජ් එකේ දාන්න එපා කියලා එයාල ඉල්ලීමක් කලා. ඒ නිසා ඒක දාන්නෙ නැහැ. ඒක පත්තරේ ගියාට පස්සේ මම ඒ පෝස්ට් එක දාන්නම්. නමුත් ගැටළුව තියෙන්නෙ පාළනය කර ගන්න බැරි තරම් ඒක ගැන විස්තර අහනවා. ඒ නිසා ඒ පෝස්ට් එක දාන තුරු මේකට කැමති අයට කූඩුව හදා ගන්න විදිහ ගැන කියල දෙන්නම්. පත්තරේ ලිපිය ඵල වෙන්න ටික දවසක් යන නිසා එතෙක් කූඩුව හදලා තියා ගන්න. ඒ විස්තර ටික අද කියන්නම්.
වටු පාලනය මම අත්හදා බලලා තියෙන්නේ. මගේ ළග සත්තු 200 ක් ඉන්නවා. ආදායම් වියදම් මම දන්නවා. ඒ නිසා තමයි කීවේ වටුවෝ 1000 ක් හැදුවොත් මාසෙට රුපියල් අසූ දාහත් ලක්ෂයත් අතර ආදායමක් එනවා කියලා.
අනිත් දේ තමයි සති දෙකේ පැටව් තමයි සාමාන්‍යයෙන් ගන්න ඕන. සති හයෙන් උන් බිත්තර දානවා. ඒ කියන්නේ අපි පැටව් අරගෙන මාසෙන් බිත්තර දානවා. ගං කුකුල්ලු වගේ මාස ගානක් ඉන්න ඕන නැහැ. අවුරුදු දෙකත් තුනත් අතර කාලයක් උන් බිත්තර දානවා.
වටුවා අවුරුදු ගානක් අපි හැදුවත් හීලෑ වෙන්නෙ නැහැ. බිත්තර දැමීම නැවැත්තුවට පස්සේ උන්ට ඇරල දාන්න හෝ මස් පිණිස විකුනන්න පුලුවන්. මස් වලට විකුනන්න අකමැති අය උන්ව නිදහස් කරන්න. උන් කෑම හොයන් කන්න දන්නවා. උන් ආයෙ එන්නෙ නැහැ. ඉගිලිලා යනවා.
වටු බිත්තර ඕන තරම් විකුනන්න පුළුවන්. ඔයාලගේ පැත්තේ තියන සිල්ලර කඩ වලට ගිහින් කතා කරන්න. මුලදී අකමැති අයට කියන්න පැකට් පහක් දාන්නම්; විකුනලා සල්ලි දෙන්න කියලා. එතකොට ඕන කෙනෙක් කැමති වෙනවා මේවා විකුනන්න. ඒ බිත්තර දාන්න යනකොට "අධි පෝෂණ වටු බිත්තර විකිණීමට තිබේ" කියලා A3 සයිස් එකේ කොලේක පොඩි දැන්වීමක් ගහලා, ඒකේ ඔයාලගේ ටෙලිෆෝන් නම්බර් එකත් ගහලා කඩේට දීල කියන්න ඒක හැමෝටම පේන තැනක ගහන්න කියලා. මම ඒ වගේ ගහපු දැන්වීම මුල් කමෙන්ට් වල දාන්නම්. ඒකේ ෆොන් නම්බර් වෙනස් කරලා ගන්න. නැත්නම් ඒ විදිහට වෙනම එකක් හදා ගන්න. වටු බිත්තර වල ගුණ තියන දැන්විමක් වෙනම තියනවා. ඒකත් කමෙන්ට් වල දාන්නම්. ඒ ටිකත් ලෑස්ති කරගෙන යන්න. ඒ දැන්වීම කඩේ ඇතුලේ තැනක ගහන්න. කලින් කීව එක කඩේ එළියට පේන්න ගහන්න. බිත්තර ටික විකිණෙයි බොහොම ඉක්මනට. බිත්තර විකුනන්න බය වෙන්නම එපා.
බිත්තර පැකට් කරලා තමයි කඩ වලට දාන්නේ. බිත්තර 10 හිස් පැකට් ගන්න තියනවා. ඒවා ගන්න. කොටුවේ චයිනා steet එකෙන් ගන්න පුලුවන් ඒ පැකට්. පැකට් 100 බන්ඩලේ රු 500 ක් වෙන්නෙ. කුරුණෑගල, පුත්තලමත් ඒ පැකට් තියනවා. ඔබ ඉන්න නගරෙත් හොයල බලන්න. සමහර විට ඇති. නැත්නම් චයිනා sreet එකෙන් ගන්න.
පශු වෛද්‍ය කාර්යාලයෙන් වටු පාලනය ලියාපදිංචි කරන්න පුලුවන්. ඒක නොමිලේ කරන්නේ. හැදුනුම්පත අරන් යන්න විතරයි ඕන. එක දවසෙන් වැඩේ කර ගන්න පුලුවන්.
එතනදී දෙනවා ලියාපදිංචි අංකයක්. ඒ අංකේ දාලා පොඩ් ලේබල් එකක් හදලා ඒ ලේබල් එක පැකට් එක ඇතුලට දාලා, ඒකට බිත්තර ටික පැක් කරන්න. වටු බිත්තර කියලා සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන් ගහන්න. (Quail Eggs) නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය, හා මිල භාෂා දෙකෙන්ම ගහන්න. බිත්තර 10 ක පැක් එකක මිල රු. 120 දාන්න. ඔයාල කඩේට දෙන්නේ රු. 100 ට.
මේ විදිහට කොටුව හදන්න.
අඩි විස්සක් දිග අඩි දහයක් පළලට ගන්න. මැද මුදුන් කණු අඩි 10 ක් උසට ගන්න. දෙපැත්තේ කණු අඩි 8 ඒවා ගන්න. කොංකීට් වැඩපළ වල තියන "මඩු කණු" හෝ කැලෙන් කපා ගන්නා කණු මේකට ගන්න පුළුවන්. කොංකීට් කණු ගන්නවා නම්, ඒකට කුකුල් දැල් ගහන්න ඇණ ගහන්න බැරි නිසා ඒ කණුවට රීප්පයක් තියලා කම්බි වලින් තුන් තුන හතරකින් හොදින් හිර වෙන්න කටර් අඩුවකික් බදින්න. ඒකට දැල් තියලා ඇණ ගහන්න. මම ඒ විදිහට හදපු මගේ කොටුවේ ෆොටෝ ටිකකුත් කමෙන්ට් වල දාන්නම්. ඒ ටික බලන්න.
වහළට පරාල හෝ කැලෙන් කපා ගත් වල් ලී දාලා ඒකට උඩින් කුකුල් දැල් ගහන්න. ඒ කුකුල් දැලට උඩින් රස්නය අඩු කරන ෆොයිල් එකක් එළන්න. ඊට පස්සේ තහඩු ගහන්න. තහඩු වෙනුවට පොල් අතු බදිනවා නම්, ෆොයිල් ඕන නැහැ. නමුත් පොල් අතු බැන්දත් වහළට දැල් නම් අනිවාර්යෙන්ම ගහන්න.
කූඩුවේ පළල පැති දෙකෙන් අඩි හයක් උස, අඩි තුනක් පළල දොරවල් දෙකක් දාන්න. කොටුව සුද්ද කරන කොට දොර දෙකක් තියන එක ලේසියි. විල්බැරෝවක් අරගෙන කොටුව ඇතුළට යන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා අඩි තුනක් පළලට දොර දාන්න. දොරේ වටේට රීප්ප වලින් පෙු්ම් එක හදන්න. මැද කොටස කුකුල් දැල් වලින්ම ආවරණය කරන්න.
බිලොක් ගල් උස අතට එක පේළියකින් විතරක් බිත්ති බදින්න. ඊට පස්සේ වහළට එනකන් කුකුල් දැල් ගහන්න. කොටුවේ බිමට කටු සිමෙන්ති දාන්න. සුද මදින්න ඕන නැහැ. බදාම දාලා කැපුවාම ඇති.
දැන් කොටුව ලෑස්තියි. ඒකේ බිමට දහයියා හෝ ලී කුඩු අතුරන්න.
සත්තුන්ට මුල් මාසෙ කන්න දෙන්නෙ බිත්තර දාන කිකිලි පැටවුන්ට දෙන කෑම. ඊට පස්සෙ බිත්තර දාන ලොකු කිකිලියන්ට දෙන කෑම. කුකුල්ලුන්ට කෑම දෙන භාජනම ඒ සදහා යොදා ගන්න. පොඩි පැටව් කාලේ වතුර දෙනකොට කුකුල්ලුන්ට වතුර දෙන පොඩ් භාජන වල වටේ ටෙු් එකට ජිල් බෝල දාන්න. නැත්නම් සත්තු පොඩ් නිසා අනතුරු වෙන්න පුලුවන්.
වටු කුරුල්ලෝ කියලා කියන්නේ ගෙවල් වල හුරතලේට හදන සත්තු ජාතියක්. පොඩි සතෙක්. උන්ගේ කොටුවල ගදක් එන්නෙ නැහැ. ඔයාලගේ ගෙදර ඉදන් අඩි 30 ක් 40 ක් ඈතින් කූඩුව හදන්න. අල්ලපු ගෙවල් වලටත් ලං නොකර වත්ත මැද හදන්න. මෙයාලට අර ගං කුකුල්ලුන්ට වගේ Free Range හදන්න ඕන නැහැ. කූඩුව ඇතුලෙමයි ඉන්නේ.
මෙයාල රාක්ක ඇතුලෙත් හදන්න පුළුවන්. ඒක වියදම් වැඩියි. ඒ නිසා මේ විදිහට හදමු.
මම මේ ගැන තියන යූ ටියුබ් වීඩියෝ වල ලින්ක් ටිකක් දාන්නම් කමෙන්ට් වල. ඒ ටික බලන්න.
ලාභය ගැන කිසිම සැකයක් තියා ගන්න එපා. මම මේ ගැන දේශන තියලා කට්ටිය දැනුවත් කලාට පස්සේ "සර් බලන්න තැනක් නැද්ද?" කියලා හැමෝම අහනවා. මගේ උපදෙස් අනුව මේක කරන අයවත් පෙන්නන්න කැමති නැහැ. මොනව හරි හේතුවක කියලා මගහරිනවා. ඇස්වහ වදිනවා කියනවා. ඔය හේතුව නිසා තමයි කට්ටියට පෙන්නන්න මම මගේ ගෙදර පැටව් 200 ක් ගෙනාවේ. මම එක දැනට පන්සිය දෙනෙකුට වඩා පෙන්නලා තියනවා. ඒත් මුකුත් උනේ නම් නැහැ !!!
ලේබල් ගහන කොට A4 කොලේකට ලේබල් දෙපේළියක් වෙන්න ඩිසයින් කර ගන්න. එක කොලේක ලේබල් 10 ක් එන්න හදන්න. එක තීරුවක පහළට ලේබල් පහ ගානේ තීරු දෙකේ දහයක් වෙන්න ගන්න.
බිත්තර විකුනන්න බැහැ කියලා පොඩ්ඩක් වත් බය වෙන්න එපා. මේකට තියන ඉල්ලුමට සරිලන සැපයුමක් තාම ලංකාවේ නැහැ. කඩවල් එක්ක කතා කරන්න යන්න කලින් මගේ මාර්කටින් පෝස්ට් එක (අර තට්ට හිසක් තියන කෙනෙකුට පණාවක් විකුනන කතාව) ආයෙම කියවලා යන්න. කාර්ගීල්ස්, කීල්ස්, ලාෆ් වගේ ලොකු සුපිරි වෙළෙදසැල් වලට අමතරව ඔයාලගේ නගර වල තියන වෙනත් සුපිරි වෙළෙදසැල් වලට ගිහින් කතා කරන්න. පොඩි සිල්ලර කඩ වලටත් දාන්න.
ඔයාලගේ පැත්තේ වටු පැටවුන් ගන්න නැතිනම් මම පැටව් හොයලා දෙන්නම්. සති දෙකෙන් දෙන්න ඕන එන්නත් දුන්න, පශු වෛද්‍ය වරයෙකුගේ අධීක්ෂණය යටතේ කරන ෆාම් එකකින් ඉතාම හොද තත්ත්වයේ පැටවුන අරන් දෙන්නම්. ඔය පැති වලින් ඒ වගේ ගුණාත්මක පැටවුන් හොයා ගන්න බැරිනම් විතරක කෝල් එකක් දෙන්න.
0713300014. මම වැඩක ඉදලා ආන්සර් කරන්න බැරි උනොත් ඒ නම්බර් එකට වටු පැටවු ඕන කියලා SMS එකක් දාල තියන්න.
මේ ගැන 100% ක් විස්තර තියන පෝස්ට් එකක් මේ මාසේ 26 වෙනිදා පේජ් එකට දාන්නම්. එතෙක්, ලාභය ගැන කිසිම සැකයක් තියා ගන්න එපා. දැනෙන ආදායමක් එන්න සත්තු 1000 ක් වත් දාන්න. කොටුවට, සත්තුන්ට සහ සතුන් බිත්තර දමන තුරු කෑම වලට රුපියල් ලක්ෂ එකහමාරත් දෙකත් අතර ගානක් යයි. ඒක බිත්තර දාන්න අරන් මුල් මාස දෙකෙන්ම ආවරණය වෙනවා. ඊට පස්සෙ හැම මාසෙම රු. ලක්ෂයක ආදායමක් එනවා.
මොකද හිතන්නේ ? පටන් ගමුද ?
ඔබේ පිළිතුර "හා" නම්, මේ මාසෙ 26 වෙනිදා සියළු විස්තර තියන පෝස්ට් එක දාන තුරු, කොටුව හදලා තියා ගන්න. පැටවුන් ඕන නම් ටිකක් කලින් කෝල් එකක් දෙන්න.
Source: https://www.facebook.com/433703176964243/posts/850427965291760/
Crishantha Dissanayake
071 33 000 14

ඒ සීන් එක මොකද්ද බන්?