අද උදේ (230714) whatsapp ගිණුමට එකපාරටම නොනැවතී messages මහ ගොඩක් එන්න ගත්ත. මේවට කියන්නෙ 'ස්පෑම් කිරීම' කියල. Whatsapp අවභාවිතය...
කොහොම හරි මම ඉක්මණටම කළේ ඒ contact ව බ්ලොක් කළ එක.
Pic_4 එකේ පේනව වගේ messages 64 න් නවතින්නෙ නැහැ block නොකළ නම්...
ඊළඟට මම කළේ එයාගෙ විස්තර ටික screenshots ගත්ත එක. මේ ලියමනට අවශ්‍ය නිසා.
ඊටපසුව report කළා. ඉතුරු හරිය Whatsapp එකේ අයියල, අක්කල ටික බලාගනී.
මේ spam කියන්නෙ Whatsapp වල විතරක් නෙවෙයි, E-mail, Facebook වගේ සෑම සේවාවක ම වගේ තියනවා.
දැන් බලමු Whatsapp වල මේ විදියෙ දිගටම එන messages ඇවිත් spam වීමකදී ආරක්ෂා වෙන්න අනුගමනය කරන්න ඕනේ පියවර...
Profile picture (display photo) මත ක්ලික් කරන්න.
Name එක මත නම් එපා! එහෙම වුනොත් open වෙනව.
මේවගේ දෙයක් වුනොත් කිසිම විටක ඒ messages open කරන්න එපා, ඒ කියන්නෙ read කරන්න එපා. PiC_4 එකේ පේනවා ඇති මම read කරලා නෑ.
Info මත ක්ලික් කරන්න.
මෙතන 'Block ...' ක්ලික් කරලා එන popup එකේ 'Block' මත ක්ලික් කරන්න.
ඔබ online ඉන්න අතරේ එකදිගට මේ messages එනවා නම්, ඉවරයක් වෙනකම් බලා ඉන්න එපා, එහෙමම ගිහින් block කරන්න. සමහර විට Whatsapp slow වේවි, ඒත් එහෙම හරි හැකි ඉක්මණින් block කරන්න.
මෙතන තියෙන්නෙ block කළාට පසුව chat list එකේ පෙන්වන විදිය.
block කරලා තිබුනත් chat එක open නොකිරීම පරෙස්සම්.
එහෙම නැත්නම්, Report ක්ලික් කරල අවශ්‍ය නම්, block and report දෙකම එකවර කරන්නත් පුළුවන්. මම අවස්ථා දෙකකදී කළ නිසා report කළ එකත් නැවත කියන්නම්.
Report කරන්නෙ මේ වගේ අයට නැවත Whatsapp අවභාවිතා කිරීමට ඇති අවස්ථාව අවම කරන්න.
ඉහත විදියටම PiC_3 තැනට ඇවිත් 'Report ...' ක්ලික් කරන්න.
මෙතන 'Report' මත ක්ලික් කරන්න.
මෙතන 'Block contact and delete chat' හරි ලකුණ තියෙන්න දෙන්න. මොකද කලින් block කරලා තිබුනට, chat එක delete නොකර chat list එකේ තිබුනොත් බැරිවෙලා හරි open වෙලා ප්‍රශ්නයක් වෙන්න ඉඩක් තියෙන නිසා. ඔබේ Whatsapp ගිණුමට හානිදායක වන විවිධ links තියෙන්න පුළුවන්.
මේකට මිනිත්තු කිහිපයක් ගත වෙන්න පුළුවන්.
Report වුනාට පස්සෙ chat එක delete වෙයි.
දැන් ඔබ ආරක්ෂිතයි.
මේ spam messages ගොඩක් වෙලාවට තේරුමක් නැති වචන හෝ සංකේත තියෙන්නෙ. මට ආව එකත් chat list එකේ preview වලින් දකින්න ලැබුන විදියට තිබුනේ සංකේත... ඒ කියන්නෙ chat එක open නොකළට contact name හෝ අංකයට යටින් පෙන්වන message එකේ කෙටි අන්තර්ගතය... ඒවගෙම ඒ වගෙ messages වල වචන, වාක්‍ය තියනවා නම්, grammar වැරදි වෙන්න පුළුවන්...
ඒවගේම අහල ඇති Whatsapp වල 'මොඩ් ඇප්ස්' (Mods Apps) ගැන... මේවයේ පහසුකම් වැඩි වුවත්, ඒ පහසුකම් දෙන්නෙ වෙනත් වංචනික අරමුණු වලින් වෙන්න පුළුවන් බොහෝ වෙලාවට. ඒවගෙම මේ වගේ mods app භාවිතයෙන් ඔබේ දුරකථන අංකය permanently ban වෙන්න පුළුවන් Whatsapp වලින්. ඒ නිසා නිල (official) Whatsapp පමණක් භාවිතා කිරීම සුදුසුයි. ඒ කියන්නෙ 'Play Store' වලින් විතරක් install කරන Whatsapp එක... ඒ වගෙම update එකක් ආව ගමන් update කරන්න ඕනෙ...
ඒවගේම සමහර messages ලැබෙන්න පුළුවන්, මෙන්න මේවගේ වාසියක් එනව, මේක මෙච්චර පිරිසක් අතර බෙදාහරින්න වගේ... ඒවා හරියට හොයා බලල මිසක්, එන links ක්ලික් කරන්න හෝ බෙදාහරින්න එපා.
තව සමහර විට පෞද්ගලික තොරතුරු විමසන්න පුළුවන්. ඒ කිසිම දෙයක් නොදී සිටීම සුදුසුයි. සමහර විට Whatsapp නිල නියෝජිතයෙක් ලෙසින් ම වෙස් අරන් එන්න පුළුවන් මේ මේ විස්තර දෙන්න ඔබව තහවුරු කරගන්න වගේ... නැත්නම් මේ විදියට කළාම වැඩි පහසුකම් ලැබෙනවා වගේ දැන්වීම් කරමින්...
Whatsapp විතරක් නෙවෙයි, තව තව විවිධ සේවා හරහා මේ වගේ විස්තර විමසන අවස්ථා තිබෙනව. ඒ සැබෑවටම ඒ සේවාවේ නිල නියෝජිතයෙක් ද තහවුරු කර නොගෙන විස්තර ලබා දීමෙන් ඔබේ පෞද්ගලිකත්වයට හානියක් වෙන්න බොහෝ ඉඩකඩ තියනව.
ඉතින් මේ වගෙ සෙල්ලම් වලින් පරෙස්සම් වෙන්න!
2307141730 2307141744 2307141751 2307141847
#mabheera
#siehra
#spn
........................................................................................................................................................
[ [ [ ...මේවා elakiri එකේ අය දන්නව කියල දන්නව, මගෙ අමුතු සිද්ධියට සම්බන්ධ වෙන්න පුළුවන් නිසා දැම්මෙ...
page එකේ link දානවට වඩා මේකෙම post කරල link එක දාන්න... ] ] ]
------ Post added on Sep 8, 2023 at 8:54 PM

Last edited:
මටත් කෝල් දෙකක් ඇවිත් තිබ්බා +91 නම්බර් එකකින්. මට තියෙන ප්‍රශ්නෙ මුන්ට මෙච්චර සෙට් එකකගෙ නම්බර් කොහෙන්ද යන්නෙ කියලා.. දන්න දන්න ගොඩක් උන්ට මේ ටිකේ වදිනව missed calls