මේකේ නම් මේක ආතල් එකට දැම්මේ. මොකද මේකේ බහුතරයක් ඉන්නේ මේව ගැන අවබෝධයක් තියෙන අය. ඒත් අපි බැලුවොත් එෆ්.බී යූටියුබ් පැත්ත , පව් කියල හිතෙනව ලංකාවේ තරුණ පරපුර (96න් පස්සේ උන් ටික) උන්ට ඔලුවලට කාවද්දල තියෙන්නේ ඉගෙන ගෙන වැඩක් නෑ, රස්සාවක් කරල වැඩක් නෑ. i8 එකක් ගන්න එක , මාසෙට ලක්ෂ ගනන් හොයන එක තමා ජිවිතේ කියල. ඒකට වගකියන්න ඕන බහුතර උන් වැදගෙන ඉන්න ලෝකල් ජෙෆ් බෙසෝස්, ජැක්මා කියල හිතන් ඉන්න උන්.

ලොකුම මම දකින අනිත් දේ කියන එක අමු අමුවේ Entrepreneurship චාටර් කරන එක.
මුන්ට Entrepreneurල කියන වන් Jack Ma, Elon Musk,Jeff Bezos ලට කියන්න වචන නෑ.
මේ ඇවිත් බිස්නස්මන්ලා. ඔය වචනේ හැදුවෙත් ඔය විෂබීජ ඔලුවට දාපු කට්ටියම තමයි.
අමතර ආදායමක් ගන්න ඊමනි කරන එක කිසි වරදක් නෑ, මගේ උනත් තියෙනව යූස් නොකරන ඇඩ්සෙන්ස් ඔය ෆ්‍රී ටයිම් වල හදපුව.
ඒ වගේම ගෙදරට වෙලා නිකං ඉන්න කෙනෙක් නම් මේවගේ පාත්වලට යන එක කිසි වරදක් නෑ. එහෙම නෙමේනේ අද පරපුර. හිනාවෙන්න නෙමේ අඩන්න තමා ඉස්සරහට තියෙන්නේ.
මොන දේ කලත් තමන්ගේ විෂය පථය ඇතුලේ ඉගෙන ගන්නේ නැතිවුන් සෝඩා බෝතලේ ඇරිය වගේ තමා. මේ වගේ සෙට් වලට කරන උන් කියල තමයි ප්‍රොමෝට් වෙන්නේ. අනිත් කරන උදවිය තමයි ෆේස්බුක් පේජ් අටවගෙන පේජ් කරන බුවාලා ටික.
තවීීෂ මතක් උනා