📈 පසුගිය වසර පහ තුළ මෙරට දිළිඳු ජන ප්‍රතිශතය දෙගුණ වෙලා... දැන් එය මුළු ජනගහනයෙන් 24.5% ත් ඉක්මවලා... - ලෝක බැංකුව දැනුම්දෙයි

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    ලෝක බැංකුවේ නවතම දත්ත වාර්තා අනුව මෙරට දුප්පත්කමින් පෙළෙන ජනතාව පසුගිය වසර 5 තුළ දෙගුණයකටත් වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ලෝක බැංකු කළමණාකරු ගෙවෝර්ග් සාර්ගසියාන් මහතා පසුගියදා පැවැති ආර්ථික සමුළුවක් අමතමින් ප්‍රකාශ කළේය.

    ආර්ථික අර්බුදය ඇතිවීමට පෙර 2019 වසරේදී මෙරට දුප්පත්කමින් පෙළෙන ජනතාව ප්‍රතිශතයක් ලෙස සියයට 11.3ක් වූ බවත් එය 2024 වනවිට සියයට 24.5 දක්වා දෙගුණයකටත් වඩා වැඩි ප්‍රතිශතයකින් වර්ධනය වී තිබෙන බවත් සාර්ගසියාන් මහතා පෙන්වා දුන්නේය. එහිදී දුප්පත්කමින් පෙළෙන ජනතාව අඩුකර ගැනීම සඳහා ඵලදායිතාව ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

    ඉදිරි දශකය තුළ ලක්ෂ 10ක තරුණ ප්‍රජාවක් මෙරට ශ්‍රම බළකායට පැමිණෙනු ඇති බවත් ඔවුන් පැමිණිය යුත්තේ වර්ධනය වන ආර්ථිකයට මිස සිරවූ ආර්ථිකයකට නොවන බවත් ඔහු පැවැසුවේය. එම තරුණ ප්‍රජාවට ප්‍රමාණවත් රැකියා වෙළෙඳපොළක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට විශාල කාර්යභාර්යයක් සිදු කිරීමට තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

    ජාතන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන යටතේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් කර ඇතත් තවමත් මෙරට රාජ්‍ය ණය ඉහළ මට්ටමක පවතින බවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් රාජ්‍ය ණය සියයට 95 දක්වා අඩුකර ගැනීමට ශ්‍රී ලංකා රජය ඉලක්ක කර තිබෙන බවත් සාර්ගසියාන් මහතා පැවැසුවේය .

    රාජ්‍ය ආදායමෙන් හරි අඩකට ආසන්න සංඛ්‍යාවක් ණය ගෙවීම් සඳහා භාවිත කරන බවත් වර්තමාන ආර්ථික වර්ධන වේගය මත පදනම් වූ විට ශ්‍රී ලංකාවට තිබෙන්නේ සීමා සහිත මූල්‍ය අවකාශයක් බවත් ඔහු සඳහන් කළේය. වෙළෙඳපොළ තුළ ප්‍රතිසංස්කරණ සඳහා දැඩි කැපවීමක් පැවැතිය යුතු බවද ඔහු කීය. ලබන වසර සඳහා ලෝක බැංකුව පුරෝකතනය කර ඇත්තේ සියයට 3.5 ක ආර්ථික වර්ධන වේගයක් බවද ලෝක බැංකු කළමණාකාරවරයා පැවැසුවේය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 වසරේ ප්‍රකාශයට පත්කළ සියයට 7 ක මැදි කාලීන ආර්ථික වර්ධන වේගය ශ්‍රී ලංකාවට ළඟා කර ගැනීමට හැකියාව පවතින බවත් නමුත් එය ළඟා කර ගත හැක්කේ දෙවැනි අදියරේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් තීරණාත්මක අයුරින් තල්ලුවක් ලබාදීමෙන් පමණක් බවත් සාර්ගසියාන් මහතා ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාව විවෘතභාවය දැඩිලෙස පිරිහීමට ලක්ව තිබෙන බවත් 2020 වසරේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 40ක්වූ වෙළෙඳ සහ ආයෝජන ප්‍රතිශතය පසුගිය වසරේදී සියයට 20 ක් දක්වා පහළ වැටි තිබෙන බවත් ඔහු පැවැසුවේය. මෙරට ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිසංස්කරණ අතර තීරුබදු අඩු කිරීම්, පැරා-තීරුබදු ක්‍රමයෙන් ඉවත් කිරීම, ලෝක වෙළෙඳ සංවිධානයේ වෙළඳ පහසුකම් ගිවිසුමට අනුකූල වීම සහ ආයෝජකයන්ට එක් ස්ථානයකින් සියලු අනුමැතීන් ලබා ගැනීමට අවස්ථාව ලබාදීම තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

    මෑත වසරවලදී ශ්‍රී ලංකාවේ ඵලදායීතාව සෘණාත්මක වී තිබෙන බව සාර්ගසියාන් මහතා පැවැසුවේය. ලංකාවේ පොල් අක්කරයකට ලැබෙන අස්වැන්නට වඩා තරඟකාරී රටවල්වල පොල් අක්කරයකට ලැබෙන අස්වැන්න 20 ගුණයකට වඩා වැඩි බව ඔහු ප්‍රකාශ කළේය. එය මෙරට පවුල්වලට මෙන්ම අපනයන තරඟකාරිත්වයට බලපාන බව ඔහු පැවැසුවේය.

    වෙළඳ බාධක ඉවත් කිරීම, ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ පෞද්ගලික ප්‍රාග්ධනය බලමුලු ගැන්වීම මගින් ආයෝජන ප්‍රධාන කරගත් ආර්ථිකයක් ශ්‍රී ලංකාව ඇති කරගත යුතු බව සාර්ගසියාන් මහතා ප්‍රකාශ කළේය. එසේම ශ්‍රී ලංකාව මෙරටට වැඩි වශයෙන් ආයෝජන ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බවත් විශේෂයෙන් සෘජු විදෙස් ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමට මෙරට අවධානය යොමුකළ යුතු බවත් ඔහු පැවැසුවේය.

    එසේම දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ජීවිත අහිමිවූ සාමාජිකයන් සිටින පවුල්වලට සිය ශෝකය පළකරන බවත් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන් සමග ලෝක බැංකුව සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය. සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ හානිය ඇස්තමේන්තු කිරීම සඳහා ලෝක බැංකුව රජය සමග එක්ව සිටින බවද ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ලෝක බැංකු කළමණාකරු ගෙවෝර්ග් සාර්ගසියාන් මහතා ප්‍රකාශ කළේය.

    ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ආර්ථික සමුළුවකදී ඔහු මෙම අදහස් පළ කළේය. එම ආර්ථික සමුළුව කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පසුගියදා පැවැත්විණි.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    gammak thamai! more to come!

    ලන්කාවෙ නූගත් අඩු කුලෙ හිගන පගෙයො ගෙමක් ගහ ගනිපු පොහොසත් වෙන උන් එක්ක තරහයි! එ ඔය හැත්ත නොදන්න දෙ තමයි පොහොසත් උන් අත දිග ඇරල වියදම් කරද්දි එසල්ලි ටික ටික පහල ලෙවල් වලට එන බව! එත් කොරොනා වලින් පස්සෙ ගෙමක් ගහ ගනිපු සියලුම දෙනා වගෙ රටෙන් බුරුතු පිටින් සින්නකරම පිට වෙලා ගියා!

    එ කියන්නෙ දැන් හොදට වියදම් කරන උන් අඩුයි! එ වගෙම එකටම හරියන්නෙ හිගන කුනු ලොබ සත 5ක් වියදම් කරන්නෙ නැති ආන්ඩුවක් ඉන්නෙ! මිනිසුන්ගෙ අතට සල්ලි එන ක්‍රම එන්න එන්න අඩු වෙනවා!
    ------ Post added on Dec 3, 2025 at 5:24 PM
     
    • Sad
    • Like
    Reactions: XpertThief and NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,085
    15,682
    113
    35
    Spain
    පාස්කු බෝම්බ, කොරෝනා,ආර්ථික අර්බුදය කියන බරපතලම අර්බුද 3ක් ඇතිවුනේ ඔය කියපු සීමිත කාලයේ, ඊට කලින් වකවානුවේ මිනිස්සු සතුටින් හිටියා.