😎🎬 "ජොනී ඩෙප්ගේ" හොලිවුඩ් පුනරාගමනය - "Day Drinker" සිනමාපටයේ ප්‍රථම නිල ඡායාරූපය 😉🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    "Amber Heard" ගෙ හුටපටේ නිසා හොලිවුඩ් සිනමාවෙන් අවුරුදු ගාණක් තිස්සෙ ඈත්වෙලා හිටපු " Johnny Depp" ඔන්න ප්‍රධාන ධාරාවෙ හොලිවුඩ් චිත්‍රපටයකින් අපිට ඉදිරියෙදි දැක ගන්න ලැබෙන්න නියමිතව තියෙනවා. 500 Days of Summer (2009), The Amazing Spider-Man (2012), The Amazing Spider-Man 2 (2014) වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු "Marc Webb" කියන හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂවරයගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වෙන මේ අලුත් චිත්‍රපටය නම් කරලා තියෙන්නෙ "Day Drinker" කියන නමිනුයි. "Johnny Depp" ප්‍රධාන චරිතයට පණ පොවන මේ චිත්‍රපටයේ අනෙක් ප්‍රධාන චරිතවලට ප්‍රවීණ රංගන ශිල්පිණියක් වෙන "Penélope Cruz" ත්, නවක රංගන ශිල්පිණියක් වෙන "Madelyn Cline" ත් රංගනයෙන් දායක වෙනවා. Manu Ríos, Arón Piper, Juan Diego Botto සහ Anika Boyle කියන රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් චිත්‍රපටයෙ සෙසු චරිතවලට රංගනයෙන් දායක වෙනවා. "Day Drinker" චිත්‍රපටය නිෂ්පාදනය සහ බෙදාහැරීම සිදු කරන්නෙ "Lionsgate" සමාගම විසිනුයි. 2026 වර්ෂයෙදි තමයි චිත්‍රපටය එළි දක්වන්න මේ වෙනකොට සැලසුම් කරලා තියෙන්නෙ.

    Film Synopsis

    Day Drinker tells the story of a private-yacht bartender (Madelyn Cline) who encounters a mysterious, onboard guest (Depp). They soon find themselves entangled with a criminal figure (Cruz) and connected in ways no one saw coming.

    "Day Drinker" සිනමාපටයේ ප්‍රථම නිල ඡායාරූපය

    Gogse1UWYAEbyk9


    DayDrinker_Niete_11042025_DSC0440RC_Crop3.jpg






    අනෙක් ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන "Penélope Cruz" සහ "Madelyn Cline"


    Penelope-Cruz.jpg
    madelyn-cline-unverified-sn-has-been-giving-me-a-lot-of-v0-dhadbharvila1.jpg



     
    • Love
    Reactions: Reincarnator