🎬💘 හර්මිගේ දිවිය වෙනස් කළ ඒ ගිම්හාන සමය... - Summer of '42 (1971) 🎥💘

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    "Coming of age / romance" කියන 'genres' වලට අයිති වෙන "Summer of '42 (1971) කියන චිත්‍රපටය ගැනයි ඔන්න අද මං කියන්න යන්නෙ. :) අපි හුග දෙනෙක් බලලා තියෙන "Malèna (2000)" චිත්‍රපටියෙ ඇතුළත් වුණු කතා තේමාවන්ට ටිකක් සමානකමක් දක්වන කතා තේමාවල් මේ "Summer of '42 (1971)" චිත්‍රපටය තුළත් දැකගන්න පුළුවන්.

    දෙවැනි ලෝක යුද්ධය උච්ච්තම අවස්ථාවක පැවැතුණු කාල සමයක, ඒ කියන්නෙ 1942 වසරේ ගිම්හාන සමය ගතවෙමින් තිබුණු අතරවාරයේ, ඇමරිකාවේ 'නැන්ටකට්' කියන දූපතට අයත් නගරයේ ජීවත් වුණු 'Hermie' (හර්මි) කියන වයස අවුරුදු 15 ක් වෙන පිරිමි ළමයා තමයි මේ චිත්‍රපටියෙ ප්‍රධාන කතා නායකයා බවට පත් වෙන්නෙ. මේ 'හර්මි' කියන පිරිමි ළමයට ඒ නගරයේම ජීවත් වෙන 'Dorothhy" (ඩොරති) කියන, යුද්ධයට ගියපු තමන්ගෙ සැමියා එනතෙක් බලන් ඉන්න තරුණ කාන්තාව කෙරෙහි ඇතිවෙන ඒකපාර්ශවික ආදරයක් ඔස්සේ තමයි මේ "Summer of '42 (1971)" චිත්‍රපටයෙ කතාව ගොඩනැගෙන්නෙ.


    mK0NOER.jpg






    To Kill a Mockingbird (1962), Love With the Proper Stranger (1963), The Man in the Moon (1991) වගේ සම්මානනීය චිත්‍රපට රාශියක් අධ්‍යක්ෂණය කරපු ප්‍රවීණ හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වුණු 'Robert Mulligan' විසින් අධ්‍යක්ෂණය කරපු මේ "Summer of '42" චිත්‍රපටයෙ තිර පිටපත රචනා කරනු ලැබුවෙ "Herman Raucher" විසිනුයි. මේ තිර රචක "Herman Raucher" ට මුහුණදුන්න වුණු සත්‍ය සිදුවීමක් පාදක කරගෙන රචනා කරපු මේ තිර රචනය චිත්‍රපටයෙ එළි දැක්වීමට සමගාමීව චිත්‍රපටයේ නමින්ම නවකතා ග්‍රනථයක් විදිහටත් එළි දැක්වීම සිදු කරනු ලැබුවා. චිත්‍රපටයෙ ප්‍රධාන චරිත වුණු හර්මිගේ චරිතයට "Gary Grimes" විසිනුත්, ඩොරතිගේ චරිතයට හොලිවුඩයේ හිටපු සුරූපීම රංගන ශිල්පිණියක් වුණු "Jennifer O'Neill" විසිනුත් තමයි පණ පෙව්වෙ. චිත්‍රපටයෙ ඇතුළත් වුණු සෙසු චරිත සදහා Jerry Houser, Oliver Conant, Katherine Allentuck, Christopher Norris, Lou Frizzell කියන රංගන ශිල්පීන් සහ ශිල්පිණියන් තම රංගන දායකත්වය ලබා දුන්නා.

    AVJJD55.jpg
    Xomd9tk.jpg

    1971 වසරෙදි තිරගත කරපු චිත්‍රපට අතරින් ලෝකයේ 5 වැනියට වැඩිම ආදායමක් උපයපු සිනමාපටය විදිහට වාර්තා අතරට එක්වෙන්නත් සමත් වුණු මේ "Summer of '42" චිත්‍රපටය, 1972 වසරෙ පැවැත්වුණු 44 වැනි ඔස්කාර් සම්මාන උළෙල සදහා කාණ්ඩ 4 ක් වෙනුවෙන් නාමයෝජනා ලබා ගන්නත් සමත් වුණා. ඒ වසරේ හොදම තිර රචනය (Best Original Screenplay), හොදම කැමරාකරණය, හොදම සංස්කරණය සහ හොදම පසුබිම් සංගීතය වෙනුවෙන් හිමිවෙන සම්මාන සදහායි. මේ අතරින් "Michel Legrand" කියන ප්‍රංශ ජාතික සංගීතඥයා විසින් මේ "Summer of '42" චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කරපු මනරම් පසුබිම් සංගීතය ඒ වසරේ හොදම පසුබිම් සංගීතයට පිරිනැමෙන ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබන්නත් සමත් වුණා.

    හොලිවුඩ්වල ඒ කාලෙ හිටපු 'Classical beauty' එකක් තිබ්බ ලස්සනම නිළියක් තමයි "Jennifer O'Neill" කියන්නෙ.:):love: දැන් මේ නිළියට වයස අවුරුදු 77 ක් වෙනවා.


    EewLbMs.jpg
    2IuuXTH.jpg


    JwnvudQ.jpg
    WJgul3d.jpg


    cCMqsyH.jpg


    prn4Sr8.jpg


    ljhn1xa.jpg


    විශේෂයෙන් කියන්න ඕන "Malèna (2000)" චිත්‍රපටියයි, මේ චිත්‍රපටියයි අතරෙ පොඩි සමානකම් තියෙනවා කියලා මං මුලදි කිව්වට "Malèna' වල වගේ sex, nudity කියන දේවල් අනවශ්‍ය විදිහට පෙන්නන්න චිත්‍රපටයක් නම් නෙමේ මේ "Summer of '42 (1971)" කියන්නෙ. නිරුවත කියන දේ අනවශ්‍ය විදිහට මතු කරන්නෙ නැතුව, බොහොම කලාත්මක විදිහට රූපගත කරපු චිත්‍රපටයක් තමයි මේක. ඒ නිසා ඒවගේ දර්ශන බලන්න බලාපොරොත්තුවෙන් විතරක් නම් මේ ෆිල්ම් එක බලන්න එපා. ෆිල්ම් එකේ 'soundtarck' එක නම් මේ තාක් අහලා තියෙන "Movie sountracks" අතර තියෙන ලස්සනම 'soundtrack' එකක් කියලා නම් අනිවා කියන්න පුළුවන්. :yes::love:









    ✍️🎬 සටහන: @Stimulus mind 🎥✍️

     
    Last edited:

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,689
    30,953
    113
    අපායෙ දොරකඩ
    TFS 🤩 (y)

    ❤️Jennifer O'Neill❤️ 😍

    Spouses :baffled:
    Deed Rossiter (m. 1965; div. 1971)
    Joseph Koster (m. 1972; div. 1974)
    Nick De Noia (m. 1975; div. 1976)
    Jeff Barry (m. 1978; div. 1979)
    John Lederer (m. 1979; div. 1983)
    Richard Alan Brown (m. 1986; div. 1989) & (m. 1993; div. 1996)
    Neil L. Bonin (m. 1992; annul. 1993)
    Mervin Sidney Louque Jr. (m. 1996)

    :lol:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    TFS 🤩 (y)

    ❤️Jennifer O'Neill❤️ 😍

    Spouses :baffled:
    Deed Rossiter (m. 1965; div. 1971)
    Joseph Koster (m. 1972; div. 1974)
    Nick De Noia (m. 1975; div. 1976)
    Jeff Barry (m. 1978; div. 1979)
    John Lederer (m. 1979; div. 1983)
    Richard Alan Brown (m. 1986; div. 1989) & (m. 1993; div. 1996)
    Neil L. Bonin (m. 1992; annul. 1993)
    Mervin Sidney Louque Jr. (m. 1996)

    :lol:
    විවාහ ජීවිතේ නම් මෙයාගෙ ටිකක් අවුල් තමයි. ඒ වුණාට හැබෑ ජීවිතේදි සෑහෙන ලොකු සේවයක් කරන කෙනෙක් කියලා තමයි හුගක් ප්‍රසිද්ධ. හොද මනුස්සයෙක් වගේ මොනවා වුණත්. :yes: දැන් ඉන්න ඔළුව ඉදිමගත්ත නිළියො වගේ නෙවේ.



    2021 දි ෆිල්ම් එකේ 50 වෙනි anniversary එක සමරන්න කරපු reunion වීඩියෝ එක මේ. ෆිල්ම් එක සම්බන්ධ behind the scenes එහෙම ගැනත් හුගක් කතා කරනවා. කම්මැලි නැතුව බලන්න පුළුවන් වීඩියෝ එකක්. :)