මේ අවුරුද්දෙ ජූලි 14 වෙනිදා ඇමරිකා එකස්ත් ජනපදයේ 'Missouri' ප්‍රාන්තයට අයත් "Knob Noster" කියන නගරයේ දකුණු දෙසට වන්නටව පිහිටලා තියෙන "Whiteman Air Force Base" කියන ගුවන් හමුදා මූලස්ථානය මගින් පවත්වපු "Wings Over Whiteman" කියන ගුවන් සංදර්ශනය අතරෙදි තමයි මේ අපූරු 'GoPro' වීඩියෝව පටිගත කරලා තියෙන්නෙ. මේ ගුවන් සංදර්ශනයට යොදාගත්තු "B-2 Spirit Stealth Bomber" (Northrop B-2 Spirit) කියන දුර්ලභ ගනයේ බෝම්බ හෙළන ගුවන් යානාවක් (American heavy strategic bomber) සහ ඊට සහචරව පියාසර කරන "T-38 talon" (Northrop T-38 Talon) ගනයේ ප්‍රහාරක ගුවන් යානාවකුත් මේ වීඩියෝවේදී දැකගන්න පුළුවන්. මේ වීඩියෝව පටිගත කරලා තියෙන්නෙ "B-2 Spirit Stealth Bomber" එකට ආසන්නයෙන් ඊට සමගාමීව පියාසර කරපු තවත් "T-38 talon" ගනයේ ප්‍රහාරක ගුවන් යානාවක ගුවන් නියමුවෙක් පැළදගෙන හිටපු 'GoPro' කැමරාවක් මගිනුයි. සමස්ථයක් වශයෙන් ගත්තොත් "B-2 Spirit Stealth Bomber" (Northrop B-2 Spirit) ගනයේ බෝම්බ හෙළන ගුවන් යානාවන් 19 ක් පමණයි දැනට එක්සත් ජනපද ගුවන් හමුදාව මගින් ක්‍රියාකාරී සේවයේ යොදවා තිබෙන්නේ.
"B-2 Spirit Stealth Bomber" (Northrop B-2 Spirit) බෝම්බ හෙළන ගුවන් යානාවක බාහිර ස්වරූපය
"T-38 talon" (Northrop T-38 Talon) ගනයේ ප්‍රහාරක ගුවන් යානාවක්

