🤔🎥🎬 ඇමරිකානු සිනමා ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨතම සිනමා නිර්මාණයක දෙවැනි පරිච්ඡේදය: "Heat 2" 🎬🎥😎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,946
    152,887
    113
    1hBHAB8.jpg


    ඇමරිකානු සිනමා ඉතිහාසයේ බිහිවුණු Crime/Thriller/Drama ගණයට අයත් විශිෂ්ඨතම සිනමාපටයක් ලෙස ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ "Michael Mann" විසින් අධ්‍යක්ෂණය කළ 1995 වසරේ තිරගත වූ 'Heat' සිනමාපටය හැදින්විය හැකිය. Robert De Niro, Al Pacino, Tom Sizemore, Val Kilmer, Jon Voight, Amy Brenneman, Ashley Judd, Wes Studi සහ Natalie Portman වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ රංගනයෙන් ඔපවත් වූ මෙම සිනමාපටයේ කතා තේමාව "Neil McCauley" (Robert De Niro) ප්‍රමුඛ බැංකු මංකොල්ලකරුවන් කණ්ඩායමක් සහ ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට "Vincent Hanna" (Al Pacino) නම් පොලිස් ලුතින්වරයා ඇතුළු පිරිස දරණ දැඩි උපක්‍රමශීලී ප්‍රයත්නයන් වටා ගොඩ නැගී ඇත.


    ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සහ තිර රචක "Michael Mann"

    Michael_Mann_SDCC_2014.jpg


    1107d7ba7bf569c6905eeefab418d9d1ff-09-heat.2x.rsocial.w600.jpg




    'Heat' සිනමාපටයේ රූපගත කිරීම අතරතුර

    sZmKzJG.jpg

    behind-the-scenes-of-heat-1995-michael-mann-v0-tcmhq3vhm9qa1.jpg

    michael-mann-directing-ashley-judd-on-heat.jpg

    i.jpg

    heatbts.jpg


    සිනමා ඉතිහාසයේ රූපගත කළ විශිෂ්ඨතම "වෙඩි හුවමාරු ජවනිකාව" (Gun shootout) ලෙස සලකනු ලබන මෙම සිනමාපටයේ ඇතුළත් "බැංකු මංකොල්ල" ජවනිකාව සහ අනෙකුත් වෙඩි හුවමාරු දර්ශන මෙන්ම ඇතැම් කතා තේමාවන්ගෙන් ලබාගත් ආභාශය "GTA (Grand theft auto), Payday වැනි පරිඝණක/වීඩියෝ ක්‍රීඩාවන්වල මෙන්ම 2008 වසරේ තිරගත වූ ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ "The Dark Knight" සිනමාපටය තුළද (Joker's bank robbery) කැපී පෙනෙන අයුරින් දැකගත හැකිය.





    මේ අතර 'Heat' සිනමාපටයේ අධ්‍යක්ෂවරයා මෙන්ම තිර රචකයා ද වූ "Michael Mann" ඔහුගේ නවතම සිනමාපටය වන 'Ferari' සිනමාපටයේ ප්‍රවර්ධන කටයුතු අතරතුර විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඔහුගේ මීළග නිර්මාණ කාර්යය 'Heat' සිනමාපටයේ දෙවැනි කොටස අධ්‍යක්ෂණය කිරීම බවයි. වසර ගණනාවක සිට 'Heat' සිනමාපටයේ දෙවැනි කොටසක් නිර්මාණය කිරීමේ දැඩි උවමනාවකින් පසු වූ අධ්‍යක්ෂ "Michael Mann", ඔහු සහ ප්‍රවීණ ග්‍රන්ථ රචිකාවියක් වන"Meg Gardiner" විසින් එක්ව රචනා කළ "Heat 2" නම් නවකතාව ඇසුරින් මෙම නව සිනමාපටයේ තිර රචනාව ගොඩනැගීම සිදුකොට ඇත. "Michael Mann" ගේ නවතම සිනමාපටය වන 'Ferari' හි ප්‍රධාන චරිතයට පණ පොවන "Adam Driver", "Heat 2" හි ප්‍රධාන චරිතයට ද බොහෝ විට පණ පොවණු ඇති බව හොලිවුඩයෙන් ලැබෙන ආරංචි මාර්ගයන් මගින් පැවසේ.


    "Heat 2" ග්‍රන්ථය (නවකතාව)

    71q3hF-dQXL.jpg




    driver.jpeg


    1995 වසරේ තිරගත වූ 'Heat' සිනමාපටයේ චරිතයන්ට පණ පොවනු ලැබූ රංගන ශිල්පීන්ගෙන් කවරෙකු හෝ මෙම දෙවැනි කොටසට තම රංගන දායකත්වය ලබාදෙනවා ද? නැතහොත් නව සිනමාපටය පළවෙනි සිනමාපටයේ කතාංගයෙන් මිදුණු නවතම කතා තේමාවක් ඔස්සේ ගලා යන්නේ ද යන කරුණු මෙතෙක් වාර්තා වී නැත. එළකිරි සිනමා ප්‍රේක්ෂකයන් ලෙස මේ "Heat 2" සිනමාපටය පිළිබදව ඔබ දරණ අදහස කුමක් ද? "Heat' සිනමාපටයේ දෙවැනි කොටසක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් තිබේ ද? මෙම නව සිනමා නිර්මාණය මගින් 1995 එළිදැක්වූ මුල් සිනමාපටයට යම් හානියක් සිදුවේ ද? එහි සාර්ථක, අසාර්ථකබාවය කෙසේ තීරණය වේද? ඒ පිළිබදව ඔබ දරණ අදහස් මෙහි පළ කරන්න. :yes: :)


    "Heat' සිනමාපටයට වසර 20 ක් පිරීම නිමිති කොට ගෙන 2015 වසරේදී ඇකඩමි (ඔස්කාර්) කමිටුව මගින් "Michael Mann, Robert De Niro, Al Pacino" සහ සිනමාපටයේ ප්‍රධාන තාක්ෂණික ශිල්පීන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවන්. සම්මුඛ සාකච්ඡාවන් මෙහෙයවනු ලැබුවේ සිනමා අධ්‍යක්ෂ සහ තිර රචක ක්‍රිස්ටෝපර් නෝලාන් විසිනි.

    nolan.jpg


    screen-shot-2016-09-12-at-12-05-10-pm.png













    🎬 ලිපිය සදහා යොදාගත් මූලාශ්‍රයන් 🎬

    ✍️✨ ලිපිය සැකසුම: @Stimulus mind ✨✍️

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,887
    113
    Heat (1995) පට්ට Film එකක් 😍, අලුත් එකට ගන්න ඉන්න Adam Driver වැඩිය සෙට් නෑ මටනම් 🥹
    තාම හරියටම confirm කරලා නෑ Adam driver ඉන්නව ද කියන එක ෆිල්ම් එකේ. මට නම් ලොකු අවුලක් නෑ Adam Driver ගෙ රගපෑම්වල. දැනට හොලිවුඩ්වල ඉන්න අලුත් පරපුරේ ඇක්ටර්ස්ලගෙන් ඉස්සරහින්ම ඉන්න කෙනෙක් කියලා මට නම් හිතෙන්නෙ. :yes:
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    තාම හරියටම confirm කරලා නෑ Adam driver ඉන්නව ද කියන එක ෆිල්ම් එකේ. මට නම් ලොකු අවුලක් නෑ Adam Driver ගෙ රගපෑම්වල. දැනට හොලිවුඩ්වල ඉන්න අලුත් පරපුරේ ඇක්ටර්ස්ලගෙන් ඉස්සරහින්ම ඉන්න කෙනෙක් කියලා මට නම් හිතෙන්නෙ. :yes:
    BlacKkKlansman ekedinam mata set une na mcn
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,887
    113
    Logan Lucky baluwa, mul ekanam balala na
    මේ ෆිල්ම් එක බලලා තියෙනව ද? Michael Mann ඩිරෙක්ට් කරපු පට්ට ෆිල්ම් එකක්. ටොම් අයියා මේකෙ villian ගෙ කැරැක්ටර් එක කරන්නෙ. මේකෙත් පට්ට gun shootout ටිකක් තියෙනවා. :yes: John Wick වල තියෙනවා වගේ cartoonish ඒවා නෙවේ.

    MV5BMjE3NjM5OTMxMV5BMl5BanBnXkFtZTcwOTIzMTQyMw@@._V1_FMjpg_UX1000_.jpg
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,087
    4,415
    113
    සල්ලි තියනව නම් මේ චිත්‍ර පටි සල්ලි දීල බලන්න.
    අපි සල්ලි නැති කාලේ හැම ෆිල්ම් එකක්ම බැලුවේ හොරට download කරල.
    දැන් අතේ හොදට සල්ලි තියනව නම් ගෙවල බලන්න. ඔය netflix, hulu වගේ service එකක් සල්ලි ගෙවල ගන්න.
    සල්ලි නැත නම් හොරට බලන්න වෙනද වගේ.
     

    Similar threads