ඔබ දන්නවාද? (මේස ලුනු ගැන)

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
ඔබ දන්නවාද? (මේස ලුනු ගැන)

ඔබ දන්නවාද?​

හැමෝම ලුනු ගැන නම් දන්නවා ඇති. හැම ගෙදරකම ලුනු තියෙනවානේ. ඒත් මේ දේ ගැන දන්නවාද කියලා බලන්නකෝ....!

මම අහනවා ඔයාලගෙන් ප්‍රශ්නයක්.....

මේස ලුනුයි සාමාන්‍ය ලුනුයි අතර වෙනස මොකක්ද කියලා...ඔබ දන්නවාද?

කෙනෙක් කියයි ඕව කන්න මිසක් වෙන දේවල් මොකටද කියලා....
කෙනෙක් කියයි සුදු ලුනුයි මඩ පාට ලුනුයි කියලා..
කෙනෙක් කියයි කුඩු කරපු ලුනුයි කැට ලුනුයි කියලා..
කෙනෙක් කියයි පිරිසිදු ලුනුයි අවද්‍රාව්‍ය ලවණ තියෙන ලුනුයි කියලා....

ඔව් අන්තිම උත්තරේ තමා හරියටම හරි උත්තරේ...
මම ඕක තව පැහැදිලි කරන්නම්... ඔයා දන්ම ගිහින් නිකන් ලුනු කැටයකුයි මේස ලුනු ටිකකුයි මේසයක් උඩින් තියලා බලන්න.. ටික වෙලාවක් යද්දි මේස ලුනු ටික එහෙම්මම තියෙයි ඒත් සාමන්‍ය ලුනු ටික දිය වෙලා තියෙයි.... ඇත්තටම ඔය හේතුව හින්දා තමයි මේස ලුනු කියල නම වැටිල තියෙන්නෙ...

මැග්නීසියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් සල්පේඩ් කියන ලවන ජලාකර්ශකයි මේවා වලින් ජල වාශ්ප උරා ගන්නවා.. මේවා සුලු වශයෙන් සාමන්‍ය ලුනු වල තියෙනවා.. ඒ හින්ද සාමන්‍ය ලුනු කැට නිකන්ම දියවෙන්න හදනවා.. මේස ලුනු කියන්නේ එම ලවණ අයින් කරපු ලුනු ඒව එහෙම වෙන්නේ නෑ....

ඇත්තටම ඔයාල මේක දැනගෙන හිටියද නැද්ද මේස ලුනු කිව්වේ ඇයි කියලා....


salt.jpg