සුදු සීනි කන්න එපා ඕනිමනම් රතු සීනි ටිකක් කන්න.

toiya

Well-known member
  • Jan 8, 2007
    12,859
    4,147
    113
    පොන්සි ආණ්ඩුව
    කියවන්න
    Copied

    284849359_555161576009782_138891610229238639_n.jpg

    සුදු සීනි කන්න එපා ඕනිමනම් රතු සීනි ටිකක් කන්න.
    බොහෝම අය අහලා තියෙනවා ඇයිමේ සීනි කන්න කියන්නේ කියලා. අද බොහෝම දෙනෙක් හිතාගෙන ඉන්නේ සීනි කියන්නේ මාරාන්තික ආහාරයක් කියලා. ඔබලා අහලා තියෙනවාද සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා කියලා කියමනක්. මේවා නිකම්ම ඇවිල්ලා නැහැ. එදා සිංහලයා කැවුම් බොහෝ විට ආහාරයට අරං තියෙනවා. ඒවාත් නිකම්ම කැවුම් නෙවෙයි. කැවුම් වැඩිකලක් තියාගන්නේ පැණිවල දාලා තියලා. ඉතිං කාල තියෙන්නේ පැණි කැවුම්. බොහෝම දෙනෙකුට මේක විහිලුවක් වගේ හිතෙයි. පොඩ්ඩක් සොයලා බලන්නකෝ ඔයාලගේ ආච්චිලා සීයලා කොහොමද දියවැඩියාවෙන් බේරුනේ කියලා. ඒ අය ඒ ගැන වැඩි තැකීමක් කලේ නැහැ.
    අද වෙලා තියෙන්නේ මොකක්ද? දියවැඩියාවත් අපි අපේ ග්‍රහනයට අරගන්නට උත්සාහා කරනවා විතරයි. තමන්ට දැන් සීනි වැඩියි කියලා හිතාගෙන තමන්ම ඉන්සියුලින් ප්‍රමාණය තීරණය කරලා තමන්ම විදගන්න ක්‍රමයක්නේ තියෙන්නේ දැන්. ඒ ක්‍රමයෙන් කෝමා තත්වයට පත්වුන රෝගීන් කොපමණ සිටිනවාදැයි ඔබම සොයා බලන්න. ලංකාවේ මේවා ගැන දත්ත ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාව හිස මුදුනෙන් පිලිගන්න ඇමෙරිකාවතුල මේ වගේ දත්ත ඕනැ තරම් තියෙනවා. ඒ රටේ මොනා වුනත් FDA එකට විරුද්ධව නඩු දාලා දිනන්නත් පුලුවන් වාතාවරණයක් තියෙනවා. අපේ රටේ නම් ඒවා හීන විතරයි. මම දන්න වෛද්‍ය වරයෙක් ඉන්නවා Dr Joel Wallach කියලා. එතුමා FDA එකට විරුද්ධව අට පාරක් නඩු කියලා දිනලා තියෙනවා. ඒ වගේ එක නඩුවක ප්‍රතිඵලයක් ලෙසට පසුගිය වසරේ සිට ඇමෙරිකාවේ නිපදවන සියලුම ලදරු ආහාර වලට සෙලේනියම් නැමති ඛණිජ ලවන වර්ගය එකතු කරන්නට පටන් අරං තියෙනවා. ඒ වරටවල මේවා ගැන අඩු ගානනේ කතා කරන්නවත් පුලුවන්. අපේ රටේ නම් ඒක ලේසි නැහැ. මාතෘකාවට අදාල නැතත් පොඩ්ඩක් ඒ ගැනත් කිව්වේ සීනි කියන්නෙත් ඒ වගේම මාතෘකාවක් නිසා.
    සීනි කියන්නේ උක්ගස් වල සාරය අරං හදන සංයෝගයක්. සිනි නිශ්පාදනයේදී මුලින්ම ලැබෙන්නේ අපි දන්නා දුඹුරුපාට සිනි. දැන් මේවා තවත් වියදමක් දරලා කෙමිකල් භාවිතා කරලා සුදු කරන්න ඕනි. අපි ඒකට පිරිපහදු කරනවා කියලා කියනවා. අපිට හිතෙන්නේ මේ පිරිසිදු කරනවා කියලා. නැහැ කරන්නේ සුදුපාට කරන එක. මොකද මිනිස්සු බොහෝම කැමති පාටක් තමයි සුදු පාට. දුඹුරු වර්ණය වැඩි පිරිසක් ප්‍රිය කරන්නේ නැහැ. භික්ෂූන් වහන්සේලාට දුඹුරුපාට සිවුර අනුදැන වදාරන්නත් එක හේතුවක් තමයි මේ පාට නිසා කෙලෙස් ඇවිස්සෙන්නේ නැති වීම.
    පාට ගැන කියනකොට තවත් කතාවක් මතක් වුනා. දැනට වසර 15කට විතර පෙර මම මහමෙවිනාවේ ස්වාමීන් වහන්සේ නමක් එක්ක ගමනක් ගියා. මමයි කාර් එක පදවගෙන ගියේ. ඉදිරිපස අනෙක් සීට් එකේ ඒ ස්වාමීන් වහන්සේ ඉදගෙන හිටියා. අපි යනමාර්ගය තිබුනේ ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය පිටුපසින්. ඒ අතර මග තිබුනා උඩුකය නිරුවත් ස්ත්‍රියකගේ මූර්තියක් අඹලා. ඒක දුඹුරුපාට ගාල තිබුනේ. හාමුදුරුවෝ මගෙන් ඇහුවා මහත්තයෝ දැන් ඔය මූර්තියේ රෝස පාට ගැවොත් මොකද වෙන්නේ කියලා. මටත් ඒ අහපු එකට ෆුල් අප්සට් ගියා. හිතාගන්න පුලුවන් නේද වර්ණයට කල හැකි දේ. මේ අවට බොහෝම සිත්‍රී දූෂන එහෙම තියෙයි කියලා කිව්වා. කොහොම හරි දැන් ඒ රූපය එතන නැහැ.
    මේ කතාව අපේ මාතෘකාවට ටිකක් ගැලපෙනවා. සුදු පාටට අපි කැමතියි. ඒ නිසා එයට තියෙන ඉල්ලුමත් වැඩියි. මම දන්න ආර්ථික විද්‍යාවට අනුව නම් ඉල්ලුම වැඩි වන විට මිල වැඩිවෙනවා. නමුත් දුඹුරුපාට සීනි වලට ඇති ඉල්ලුම අඩුයි. ඒ වගේම ඊට වැයවන පිරිවැයත් අඩුයි. නමුත් මිල වැඩියි. සිංගප්පූරුවේ දුඹුරු සීනි කිලෝ එකක් ඩොලර් 4 ක් විතර වෙනවා. සුදු සීනි 1.35 විතර වෙන්නේ. මොකද මේ වෙලා තියෙන්නේ. බුද්ධියෙන් විමසලා බලන්න. සමහර විට තේරෙයි.
    සීනි පිරිපහදු කරන්නට යොදාගන්නා කෙමිකල් අපි දිනපතා පරිභෝජනය කරනවා. ටිකෙන් ටික අපි රෝගී වීම කරා යොමුවෙනවා. මේ අනුව ලෝකයේ සිටින යම් පිරිසකට ලාභයක් උපයන්නට එක් මාර්ගයක් පෑදිලා තියෙනවා. සීනි කියන්නේ අද මාෆියා එකක්. ඒ මාෆියා එකට තවත් මාෆියා එකක් එක්ක එක්වෙන එක ඒ තරම් දෙයක් නෙවෙයි. දරුවනේ උඹලා ලෙඩකරවන ප්‍රධානම මාර්ගයක් තමයි මේ සුදු සීනි. එහෙම නැතිව සීනි නිසා ලෙඩවෙනවා නොවෙයි.
    මිනිසාට දවසකට සිනි හැදි හයක් ආහාරයට ගත හැකියි. නමුත් කොකාකොලා මිලි ලීටර් 300 බෝතලයක සීනි හැදි 8ක් ඇති බව ඔබ දන්නවාද? දවසකට මේ බෝතල් තුනක් බොන කෙනෙකුට කුමක් වේවිද? එදා කැවුම් වලට දාලා තිබුනේ ස්වභාවික පැණි වුවත් මේ පැණි බීම වල ඇත්තේ උක්ගස් වලින් ගන්නා සීනිද නොව HIGH FRUCTOSE corn syrup නැත්නම් බඩ ඉරිගු වලින් නිස්සාරණය කරන සීනි වර්ගයකි. එහි ඇති වරද කුමක්ද? මම පසුගිය සතියේ ෆිලිපීනයේ තිබෙන මෙම HIGH FRUCTOSE corn syrup නිශ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට ගියා. ඇත්තටම ඒ සිදුකරන රසායනික ක්‍රියාවලි දුටුවහම අපි අපේ දරුවන්ට මේවා දෙනවා නේද කියලා හිතුනා. ටොපි හදන්න ගන්නේත් මේ HIGH FRUCTOSE corn syrup. ඒවා සිරප් කිව්වට ජලය ඇත්තේ 15% පමණයි. ඉතාමත් උකු ද්‍රාවණයක්. බෝතලට අනෙක් පැත්තට හැරෙව්වට හැලෙන්නේ නැහැ. ඒවත් කිසිදු වර්න්‍යක් නැති වන තරමට පිරිපහදු කරලා තමයි එන්නේ. එපමණක් නෙවෙයි, අද ලෝකයේ තියෙන බඩ ඉරිගු වලින් 85% ක් ජාණ විකෘති කර හදපු ඒවා. ඉතිං මේවා තමයි අපි අපේ දරුවන්ට කන්නට දෙන්නේ. දරුවන්ගේ සිරුරේ ජාන විකෘති නොවෙයි කියලා දිය හැකි යම් සහතිකයක් තිබේද? ඔබගේ කුසයේ සිටින දරුවාගේ ජාන විකෘති වන්නට එහ හේතු නොවේ යැයි කාට සහතික විය හැකිද? එසේ සහතික විය හැකි නම් ඔබ මිලදී ගන්නා බීම බෝතලයේ NON GMO ලෙසට සටහන් විය යුතුය. එසේ සටහන් වී නැති බව ඔබට හොදින්ම දැකගත හැකිය.
    දුඹුරුපාට සිනි නැතිනම් රතු පාට සීනි මේ රසායනික ක්‍රියාවලියට ලක්වෙන්නේ නැහැ. ඒකයි සුදු සීනි කන්න එපා ඕනිමනම් රතු සීනි කන්න කිව්වේ. දිය වැඩියාව ගැන වෙනම කතා කරලා තියෙන නිසා ඒ ගැන මෙිහිදි කතා කරන්නේ නැහැ. ගැටලු ඇති තැන් වෙනම කතා කරමු.
    තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරාගන්නට හැකිවේවි මේ දැනුම බෙදාගත්තානම්.
    ‍පෝෂණ වේදී…
    ~ ආචාර්‍ය නයන තේනුවර. ~
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,653
    113
    日本
    පර සුද්ද ලංකාවට සීනි පුරුදු කරාට උන් සීනි බොන්නෙ නෑ ලංකාවේ උන් වගේ..විස්කි වගේ තමා උන් සීනිත් ගාණකට ගන්නෙ..අපේ රටේ ගොන් හැත්ත තමා උන් පුරුදු කරපු ඒවා මළ පෙරේතයෝ වගේ කටේ තියන්ම ඉන්නේ..කිතුල් හකුරු කෑල්ල ගොඩේ කියල විසි කරලා අල්ලට සීනි හලාගත්ත ගොන් සිංහලයා ඕකුන්ට දියවැඩියාවම හැදිලා විඳවපන්..
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,392
    15,499
    113
    Land of the Gods 🕎
    දුඹුරු සීනි ,දුඹුරු පාන් තමයි හොද, එකම අවුල ඔය දෙකම එන්නෙ කලරින්. වැඩිය ඔන නෑ මේ ලගදි පරිප්පු ලොකුවට ගෙන්නන තැන්ක් වැටලුවා ලන්කාවේ ටොන් 10 ආසන්න ස්ටොක් එකක්. කරුමේ කියන්නේ මුන් ඒවා මැසින් එකකට දාල කලරින් කරනවා පෙනුම එන්න. කන්න උත්තක් නෑ
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,777
    11,820
    113
    මහනුවර
    Believe me,

    Seeni kiyanne API hithanawata wada loku abbahiyak. Galawenna harima amarui. Mama iye ude hithagena hitiye adin mama seeni nawattanawa kiyala.

    Eth wada karana gaman iddi dawal Pattama kammali. Nidimathai henama dull feeling ekak awe.

    Passe mama coke tin ekak aran biwwa. Ita passe thama kammali gathiya giye. :(

    Puluwannam sugar addiction eka kadaganain. Jiwithe lokuma jyagrahanayak.
     
    • Like
    Reactions: NRTG and manjulabw

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    24,239
    46,879
    113
    එතකොට දවසට දුඹුරු සීනි දෙකක් කෑවොත් insulin resistant හැදෙන්නේ නැද්ද
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,488
    12,912
    113
    කලරින් ඩ දන්නේ නෑනේ බන් ඕවයේ තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,575
    36,130
    113
    Homagama
    කියවන්න
    Copied

    284849359_555161576009782_138891610229238639_n.jpg

    සුදු සීනි කන්න එපා ඕනිමනම් රතු සීනි ටිකක් කන්න.
    බොහෝම අය අහලා තියෙනවා ඇයිමේ සීනි කන්න කියන්නේ කියලා. අද බොහෝම දෙනෙක් හිතාගෙන ඉන්නේ සීනි කියන්නේ මාරාන්තික ආහාරයක් කියලා. ඔබලා අහලා තියෙනවාද සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා කියලා කියමනක්. මේවා නිකම්ම ඇවිල්ලා නැහැ. එදා සිංහලයා කැවුම් බොහෝ විට ආහාරයට අරං තියෙනවා. ඒවාත් නිකම්ම කැවුම් නෙවෙයි. කැවුම් වැඩිකලක් තියාගන්නේ පැණිවල දාලා තියලා. ඉතිං කාල තියෙන්නේ පැණි කැවුම්. බොහෝම දෙනෙකුට මේක විහිලුවක් වගේ හිතෙයි. පොඩ්ඩක් සොයලා බලන්නකෝ ඔයාලගේ ආච්චිලා සීයලා කොහොමද දියවැඩියාවෙන් බේරුනේ කියලා. ඒ අය ඒ ගැන වැඩි තැකීමක් කලේ නැහැ.
    අද වෙලා තියෙන්නේ මොකක්ද? දියවැඩියාවත් අපි අපේ ග්‍රහනයට අරගන්නට උත්සාහා කරනවා විතරයි. තමන්ට දැන් සීනි වැඩියි කියලා හිතාගෙන තමන්ම ඉන්සියුලින් ප්‍රමාණය තීරණය කරලා තමන්ම විදගන්න ක්‍රමයක්නේ තියෙන්නේ දැන්. ඒ ක්‍රමයෙන් කෝමා තත්වයට පත්වුන රෝගීන් කොපමණ සිටිනවාදැයි ඔබම සොයා බලන්න. ලංකාවේ මේවා ගැන දත්ත ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාව හිස මුදුනෙන් පිලිගන්න ඇමෙරිකාවතුල මේ වගේ දත්ත ඕනැ තරම් තියෙනවා. ඒ රටේ මොනා වුනත් FDA එකට විරුද්ධව නඩු දාලා දිනන්නත් පුලුවන් වාතාවරණයක් තියෙනවා. අපේ රටේ නම් ඒවා හීන විතරයි. මම දන්න වෛද්‍ය වරයෙක් ඉන්නවා Dr Joel Wallach කියලා. එතුමා FDA එකට විරුද්ධව අට පාරක් නඩු කියලා දිනලා තියෙනවා. ඒ වගේ එක නඩුවක ප්‍රතිඵලයක් ලෙසට පසුගිය වසරේ සිට ඇමෙරිකාවේ නිපදවන සියලුම ලදරු ආහාර වලට සෙලේනියම් නැමති ඛණිජ ලවන වර්ගය එකතු කරන්නට පටන් අරං තියෙනවා. ඒ වරටවල මේවා ගැන අඩු ගානනේ කතා කරන්නවත් පුලුවන්. අපේ රටේ නම් ඒක ලේසි නැහැ. මාතෘකාවට අදාල නැතත් පොඩ්ඩක් ඒ ගැනත් කිව්වේ සීනි කියන්නෙත් ඒ වගේම මාතෘකාවක් නිසා.
    සීනි කියන්නේ උක්ගස් වල සාරය අරං හදන සංයෝගයක්. සිනි නිශ්පාදනයේදී මුලින්ම ලැබෙන්නේ අපි දන්නා දුඹුරුපාට සිනි. දැන් මේවා තවත් වියදමක් දරලා කෙමිකල් භාවිතා කරලා සුදු කරන්න ඕනි. අපි ඒකට පිරිපහදු කරනවා කියලා කියනවා. අපිට හිතෙන්නේ මේ පිරිසිදු කරනවා කියලා. නැහැ කරන්නේ සුදුපාට කරන එක. මොකද මිනිස්සු බොහෝම කැමති පාටක් තමයි සුදු පාට. දුඹුරු වර්ණය වැඩි පිරිසක් ප්‍රිය කරන්නේ නැහැ. භික්ෂූන් වහන්සේලාට දුඹුරුපාට සිවුර අනුදැන වදාරන්නත් එක හේතුවක් තමයි මේ පාට නිසා කෙලෙස් ඇවිස්සෙන්නේ නැති වීම.
    පාට ගැන කියනකොට තවත් කතාවක් මතක් වුනා. දැනට වසර 15කට විතර පෙර මම මහමෙවිනාවේ ස්වාමීන් වහන්සේ නමක් එක්ක ගමනක් ගියා. මමයි කාර් එක පදවගෙන ගියේ. ඉදිරිපස අනෙක් සීට් එකේ ඒ ස්වාමීන් වහන්සේ ඉදගෙන හිටියා. අපි යනමාර්ගය තිබුනේ ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය පිටුපසින්. ඒ අතර මග තිබුනා උඩුකය නිරුවත් ස්ත්‍රියකගේ මූර්තියක් අඹලා. ඒක දුඹුරුපාට ගාල තිබුනේ. හාමුදුරුවෝ මගෙන් ඇහුවා මහත්තයෝ දැන් ඔය මූර්තියේ රෝස පාට ගැවොත් මොකද වෙන්නේ කියලා. මටත් ඒ අහපු එකට ෆුල් අප්සට් ගියා. හිතාගන්න පුලුවන් නේද වර්ණයට කල හැකි දේ. මේ අවට බොහෝම සිත්‍රී දූෂන එහෙම තියෙයි කියලා කිව්වා. කොහොම හරි දැන් ඒ රූපය එතන නැහැ.
    මේ කතාව අපේ මාතෘකාවට ටිකක් ගැලපෙනවා. සුදු පාටට අපි කැමතියි. ඒ නිසා එයට තියෙන ඉල්ලුමත් වැඩියි. මම දන්න ආර්ථික විද්‍යාවට අනුව නම් ඉල්ලුම වැඩි වන විට මිල වැඩිවෙනවා. නමුත් දුඹුරුපාට සීනි වලට ඇති ඉල්ලුම අඩුයි. ඒ වගේම ඊට වැයවන පිරිවැයත් අඩුයි. නමුත් මිල වැඩියි. සිංගප්පූරුවේ දුඹුරු සීනි කිලෝ එකක් ඩොලර් 4 ක් විතර වෙනවා. සුදු සීනි 1.35 විතර වෙන්නේ. මොකද මේ වෙලා තියෙන්නේ. බුද්ධියෙන් විමසලා බලන්න. සමහර විට තේරෙයි.
    සීනි පිරිපහදු කරන්නට යොදාගන්නා කෙමිකල් අපි දිනපතා පරිභෝජනය කරනවා. ටිකෙන් ටික අපි රෝගී වීම කරා යොමුවෙනවා. මේ අනුව ලෝකයේ සිටින යම් පිරිසකට ලාභයක් උපයන්නට එක් මාර්ගයක් පෑදිලා තියෙනවා. සීනි කියන්නේ අද මාෆියා එකක්. ඒ මාෆියා එකට තවත් මාෆියා එකක් එක්ක එක්වෙන එක ඒ තරම් දෙයක් නෙවෙයි. දරුවනේ උඹලා ලෙඩකරවන ප්‍රධානම මාර්ගයක් තමයි මේ සුදු සීනි. එහෙම නැතිව සීනි නිසා ලෙඩවෙනවා නොවෙයි.
    මිනිසාට දවසකට සිනි හැදි හයක් ආහාරයට ගත හැකියි. නමුත් කොකාකොලා මිලි ලීටර් 300 බෝතලයක සීනි හැදි 8ක් ඇති බව ඔබ දන්නවාද? දවසකට මේ බෝතල් තුනක් බොන කෙනෙකුට කුමක් වේවිද? එදා කැවුම් වලට දාලා තිබුනේ ස්වභාවික පැණි වුවත් මේ පැණි බීම වල ඇත්තේ උක්ගස් වලින් ගන්නා සීනිද නොව HIGH FRUCTOSE corn syrup නැත්නම් බඩ ඉරිගු වලින් නිස්සාරණය කරන සීනි වර්ගයකි. එහි ඇති වරද කුමක්ද? මම පසුගිය සතියේ ෆිලිපීනයේ තිබෙන මෙම HIGH FRUCTOSE corn syrup නිශ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට ගියා. ඇත්තටම ඒ සිදුකරන රසායනික ක්‍රියාවලි දුටුවහම අපි අපේ දරුවන්ට මේවා දෙනවා නේද කියලා හිතුනා. ටොපි හදන්න ගන්නේත් මේ HIGH FRUCTOSE corn syrup. ඒවා සිරප් කිව්වට ජලය ඇත්තේ 15% පමණයි. ඉතාමත් උකු ද්‍රාවණයක්. බෝතලට අනෙක් පැත්තට හැරෙව්වට හැලෙන්නේ නැහැ. ඒවත් කිසිදු වර්න්‍යක් නැති වන තරමට පිරිපහදු කරලා තමයි එන්නේ. එපමණක් නෙවෙයි, අද ලෝකයේ තියෙන බඩ ඉරිගු වලින් 85% ක් ජාණ විකෘති කර හදපු ඒවා. ඉතිං මේවා තමයි අපි අපේ දරුවන්ට කන්නට දෙන්නේ. දරුවන්ගේ සිරුරේ ජාන විකෘති නොවෙයි කියලා දිය හැකි යම් සහතිකයක් තිබේද? ඔබගේ කුසයේ සිටින දරුවාගේ ජාන විකෘති වන්නට එහ හේතු නොවේ යැයි කාට සහතික විය හැකිද? එසේ සහතික විය හැකි නම් ඔබ මිලදී ගන්නා බීම බෝතලයේ NON GMO ලෙසට සටහන් විය යුතුය. එසේ සටහන් වී නැති බව ඔබට හොදින්ම දැකගත හැකිය.
    දුඹුරුපාට සිනි නැතිනම් රතු පාට සීනි මේ රසායනික ක්‍රියාවලියට ලක්වෙන්නේ නැහැ. ඒකයි සුදු සීනි කන්න එපා ඕනිමනම් රතු සීනි කන්න කිව්වේ. දිය වැඩියාව ගැන වෙනම කතා කරලා තියෙන නිසා ඒ ගැන මෙිහිදි කතා කරන්නේ නැහැ. ගැටලු ඇති තැන් වෙනම කතා කරමු.
    තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරාගන්නට හැකිවේවි මේ දැනුම බෙදාගත්තානම්.
    ‍පෝෂණ වේදී…
    ~ ආචාර්‍ය නයන තේනුවර. ~
    සුදු හෝ දුබුරු දෙකම කන්න එපා.

    සිනි කියන්නේ නවත්තන්න ලේසිම දෙයක්.
    සතියක් දෙකක් හිතලාම නොකර හිටියොත් නවත්න්න කිසිම ගේමක් නැ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,824
    193,188
    113
    Colombo, Sri Lanka
    සුදු සිනි වෙලදපොලේ සාපේක්ෂව ලාබ නිසා සුදු සීනිවලට කලරින් දාලා රතු සිනි කරලා දෙනවලු :baffled:
     
    • Angry
    Reactions: Any.key

    Emios

    Well-known member
  • Dec 10, 2009
    65,027
    56,136
    113
    rathu sini hendi 8k wage danna one ban sudu hedi 2ka peni raha enna.mala utta epa wenawa.ita wada lesiy sudu sini kala marenawa
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,826
    6,433
    113
    හෙල බිමේ
    දුඹුරු සීනි හොඳයි කියලා දැන ගත්ත mafia කාරයෝ කරන්නේ මොකක්ද ? ලාභෙට සුදු සීනි ගෙනැල්ලා ඩයි දානවා දුඹුරු පාට වෙන්න
     
    • Sad
    Reactions: NRTG