The Power of Words

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    wow.. thats such a nice video..
    thanks for sharing bro..
    spread out too much rep today ..
    sorry!!
    giv u wen possible k ..
    rep+ !!
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේ කතාවට ගොඩක් සමාන එකක්.............
    දෙකම එකවගේ නිසා දාන්න හිතුනා............
    මම හරි ආසයි මේකතාවට............

    පුංචි කතාවකින් ලොකු පණිවිඩයක්

    imagekmp.jpg


    දෑස් නොපෙනෙන කුඩා දරුවෙක්, පඩි පෙලක් උඩ, හිස් වැස්මක්ද දෙපා අසල තබාගෙන, හිඳගෙන හිඳී.
    ඒ අසලම යමක් ලිවූ පුවරුවකි. එහි සඳහන් වූ‍යේ “කරුණාකර දෑස් නොපෙනෙන මට උදව් කරන්න” යන්නයි.
    නමුත් හිස් වැස්මේ වූයේ කාසි කිහිපයක් පමණි.


    image001ln.jpg


    ඒ අසලින් ගමන් ගත් අයෙකු තම පසුම්බියෙන් කාසි කිහිපයක් ගෙන හිස් වැස්මට දැම්මේය.
    අනතුරුව අසල ඇති පුවරුව කියවූ ඔහු එය අතට ගෙන එහි යමක් ලිව්වේය.
    එය නැවතත් තිබූ පරිදිම සකසා පිටව ගියේය.
    අනතුරුව ඒ අසලින් ගමත් ගත් සියළුදෙනා නව වැකිය සහිත පුවරුව කියවූවෝය.


    image002tb.jpg


    ඉතා ඉක්මනින් හිස් වැස්ම පිරී ඉතිරී යන්නට විය. ඒ අසලින් ගමන්ගත් සියළු දෙනා මේ දෑස් නොපෙනෙන කුඩා දරුවාට මුදල් දීමට ඉදිරිපත් විය.
    එදින සවස්භාගයේ පුවරුව වෙනස් කල පුද්ගලයා එතනට පැමිණියේ කුමක් සිදුවී ඇත්දැයි බැලීමටය.
    අඩි ශබ්දයෙන් ඔහු හඳුනාගත් දරුවා ඔහුගෙන් මෙසේ ඇසීය;


    “ඔබද අද උදෑසන මෙතනට පැමිණ මගේ පුවරුව වෙනස් කලේ? ඔබ මොනවද එහි ලිව්වේ?”

    ඒ ඇසූ ඔහු මෙසේ පිළිතුරු දෙන්නට විය;

    “මම කලේ සත්‍යය ලිවීම පමණි. ඔබ ලියූ දෙයම වෙනස් විදිහකින් ලිවීමයි.”
    එනම්
    “අද කෙතරම් ලස්සන දවසක් වුවත් එය මට නොපෙනේ”
    යන්නයි.

    ඔබ සිතනවාද පුවරු දෙකෙන්ම පෙන්නුම් කරනු ලැබූයේ එකම අදහසක් බව. ඇත්ත ව‍ශයෙන්ම ඔබ හරි. එය එසේමය.
    නමුත් පළමු පුවරුවෙන් කියාපෑවේ ඉතා සරලවම එම දරුවා අන්ධ බවයි.
    එහෙත් දෙවන පුවරුවෙන් කියා පෑවේ දෑස් පෙනෙන අනෙකුත් පුද්ගලයන් කොපමණ වාසනාවන්තද ‍යන්නයි.
    එමනිසා දෙවන පුවරුව ඉතා ප්‍රභබල වීම පුදුම සහගත විය යුතු කරුණක්ද?


    ඉතින් ඔබත් ඔබට හිමි දේ ගැන ස්තූති වන්ත වන්න. නිර්මාණාත්මක වන්න. නව වෙනස්කම් ඇති කරන්න.
    වෙනස් ආරකින් සිතන්න පෙළඹෙන්න. හැමවිටම ධානාත්මක වන්න.


    අන් අය යහපත සහ ප්‍රඥාව කරා කැඳවාගෙන යන්න. ජීවත්වීමේදී නිදහසට කරුණු නොසොයන්න. පසුතැවීමෙන් තොරව ආදරය කරන්න.
    සැමවිටම සිහියේ තබාගන්න, ජීවිතය ඔබට හැඬීමට කරුණු 100 ක් ලබා දෙන විට, සිනහ සීමට කරුණු 1000 ක් පෙන්වන බව.
    වර්ථමානය විශ්වාසයෙන් ගෙවා දමන්න. අනාගතයට බියෙන් තොරව සූදානම් වන්න. විශ්වාසය තුරුළුකොට ගෙන බය සංකාව හැරදමන්න.


    උදාර මිනිසුන් පවසන අන්නදමට
    “ජීවිතය යනු අයහපත පිටුදකිමින් යහපත වැඩිදියුණු කිරීම සඳහා වූ,
    අළුත් වැඩියාකිරීම් සහ නැවත ගොඩනැංවීමේ අකණ්ඩ ක්‍රියාවලියකි. ‍
    ජීවිත ගමනෙහි දුකින් තොරව ගමන් කිරීමට ඔබට අවශ්‍යනම්,
    ඔබට හොඳ හෘද සාක්ෂියක් තිබීම අත්‍යාවශ්‍යම වේ.


    මිනිසෙකුගේ සිනහවක් දැකීම ඉතාමත් ප්‍රසන්න දෙයකි.
    නමුත් එම සිනහව පිටුපස සිටින්නේ ඔබ නම්
    එය ඔබට ඊටත් වඩා ප්‍රසන්න දෙයක් වීම නොඅනුමානය.

    http://www.elakiri.com/forum/showthread.php?t=1049129