~Sri Lanka's BEST 5 (ශ්‍රී ලංකාවේ වනජීවි සංචාරක ආකර්ශණය)~
Images © - Gihan De Silva Wijeyeratne
Content © - [email protected]
යුද්ධය අවසන් වීමත් සමග කවුරුත් දන්නවා ඇති ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ විශාල ප්රවර්ධනයක් සිදු උනා 
කලින් වසරකට ලංකාවට විදේශිකයෝ ආවේ ලක්ශ 2කට අඩු පිරිසක්
ඒත් යුද්ධයෙන් පස්සේ ඒ ගනන ලක්ශ 6 දක්වා වැඩිවෙලා තියෙනවා
2011 වසරේ අවසානයේ ඉලක්කය මිලියනයක විදේශිකයන් පිරිසක් ලංකාවේ සුන්දරත්වයට ඈඳා ගැනීම
ලංකාවට පැමිනෙන විදේශිකයන් අතරින් වැඩි හරියක් එන්නේ ලංකාවේ ස්වාභාවික සෞන්දර්යත්වයට
ඒ අතරිනුත් වන ජීවී සංචාර ප්රමුඛ ස්ථානයක් ගන්නවා (Wild life safaris )
මොකද කියන්වනම් ලෝකයම පිලිඅරගෙන තියෙන දෙයක් තමයි වනජීවි සංචාර වලට අප්‍රිකාව සහ ඉන්දියාව හැරුන කොට වඩාත්ම සුදුසු රට ලංකාව කියලා
අප්‍රිකාවේ වනජීවී සංචාර ප්‍රසිද්ධ වෙන්න හේතුවක් තමයි Africa's Big 5. ඒ කියන්නේ අප්‍රිකාවේ සුලබව දැකගත හැකි සත්ව කාන්ඩ 5
ඒ වගේම ලංකාවෙත් වනජීවී සංචාර ප්‍රසිද්ධ වෙන්න හේතුව තමයි ලංකාවේ පමනක් සුවිසේශීව දැකිය හැකි සත්ව කාණ්ඩ 5 නොහොත් Sri Lanka's Big 5
කවුද මේ Sri Lanka's Big 5
මෙන්න මෙයාලා තමයි ශ්‍රී ලංකාව ලෝකයේ ඉහලින්ම උස්සලා තියන සගයො ටික
Blue Whale (නිල් තල්මසා) - Big Blue
Sperm Whale () - Big Tooth
Leopard (දිවියා) - Big Cat
Elephant (අලියා) - Big Ele
Sloth Bear (වලසා) - Big Tropical Bear
මේ සත්ව කාණ්ඩ අතරින් හැර අනික් හැම සතාම ලෝකයේ හොදින්ම දැක ගන්න පුලුවන් නොම්මර එකේ ස්ථානය තම ලංකාව
ආසියාවේ නම් මේ කාණ්ඩ 5ට නොම්මර එක
මේ පහතින් දාලා තියෙන්නේ මේ අපෙ යාලුවෝ ටික ගැන විස්තර ටිකක්
Blue Whale (නිල් තල්මසා) - Big Blue
දැනට ලෝකයෙ ජීවත්වන විශාලම සත්වයා තමයි නිල් තල්මසා
ලංකාවේ මිරිස්ස මුහුදු තීරයේ සුලබව දැක ගන්න පුලුවන්
ඇතැම් වෙලාවට 40-50 දක්වා දකින වෙලාවලුත් තියෙනවා
ඒ වගේම කල්පිටිය ඩොල්ෆින් ලා බලන්න ගියාමත් මෙයාලව බලාගන්න පුලුවන්
මිරිස්සෙන් මෙයාලව බලන්න එක්කන් යන ආයතන් කීපයක්ම තියෙනවා
ඒ අතරින් Mirissa water sports ප්රරසිද්ධයි
හැබැයි රුපියල් 6000ක වගේ ගානක් යනවා එක්කෙනෙක්ට
කල්පිටියෙන් යනවා නම් කල්පිටිය ආශ්‍රිතව තියෙන හෝටල් මාර්ගයෙන් මුහුදට යන්න පුලුවන්
නැත්තම් නාවික හමුදාවේ නැවේ යන්නත් පුලුවන්
මෙන්න නිල් තල්මසා ගැන **cut සහෝදරයාගේ එක
Sperm Whale - Big Tooth
මෙයාලා නම් නිල් තල්මස්සු තරම්ම සුලබ නෑ
මුන් වැඩිය මතුපිටට එන්නේ නෑ.. ගොඩක් වෙලාවට උඩට ඇවිල්ලා යද්දි වල්ගය තමා බලාගන්න පුලුවන්
මිරිස්ස හරියෙදි 2-10 ත් අතර ප්‍රමාණයක් බලාගන්න පුලුවන්
කල්පිටියේදි දකීවි කියල අනුමාන කරන්න අමාරුයි
ඒත් බොහෝ විට දකින්න ඉඩ කඩ තියෙනවා
තල්මස්සු බලද්දි පොඩි බෝනස් එකක් විදියට රට වටේ රවුම් ගහන ඩොල්ෆින් රංචුත් බලාගන්න පුලුවන්
Leopard (දිවියා) - Big Cat
ලංකාවේදි හමුවන විශාලම පූස් කාණ්ඩයට අයත් සත්වයා
යාල, විල්පත්තු, කුමන ආදී වනෝද්‍යාන වලදි මෙයාලව බලාගන්න පුලුවන්
යාලේ හරියට සෆාරියක් ගියොත් මෙයාලා 5-6ක් අනිවාර්යයෙන් බලාගන්න පුලුවන්
හැබැයි වැඩිය මිනිස්සුන්ට මුහුන දෙන්නෙ නැති ලජ්ජාශීලී ගොයියෝ ටිකක්
Elephant (අලියා) - Big Ele
මෙන්න ඉන්නවා ලංකාවට වැඩිම කීර්තියක් ගෙනදෙන කොට්ඨාශය
ලංකාවේ ඕනම ප්‍රධාන වනෝද්‍යානයකදී දැක ගන්න පුලුවන්
ඒත් අවාසනාවට සීඝ්‍ර ලෙස වඳ වීමේ තර්ජනයට මුහුන පාලා තියෙන්නේ
ඒ අතරින් දල සහිත ඇතුන් ඉන්නේ ඉතාම සුලු ප්‍රමාණයක්
අලි ගැන කතා කරද්දි සුවිසේශම අංගයක් වන්නේ අලි රංචු ගැහෙන එක (Elephant gathering)
උඩවලවේ සහ මින්නෙරිය ජාතික වනෝද්‍යානයට හවස් වරුවක ගියා නම් අපූරුවට බලාගන්න තිබ්බා
උඩවලව තමයි අලින්ට ගොඩාක්ම ප්‍රසිද්ධම
Sloth Bear (වලසා) - Big Tropical Bear
මෙන්න වලහා... මෙහෙම හිටියට හරිම දරුනුයි
ගොඩක් වෙලාවට හවස 2, 3 වෙද්දි යාල වනයේදී දැක ගන්න පුලුවන්
ඒ වගේම විල්පත්තු, වස්ගමුව වගේ වනෝද්‍යාන වලත් දකින්න ලැබෙනවා
ඒත් පින්තූරයක් එහෙම ගන්න එක හරිම අමාරුයි..මොකද මිනිස්සු දැක්ක ගමන් කලබල වෙලා දුවනවා
අවුරුද්දෙ ජූනි ජූලි මාස වල වැඩියෙන් බලාගන්න පුලුවන්
මෙන්න මේ ලොක්කෝ පස් දෙනා හින්දා තමයි ලංකාවේ ආකර්ශනය වැඩිවෙලා ලංකාව සංචාරක පුරවරයක් වෙලා තියෙන්නෙ
ඒ හින්දා කරුනාකරල ඔයාලත් මේ ගොල්ලොන්ව රැක ගන්න උදව් කරන්න
විශේශයෙන්ම අලි සම්පත
ඔයාලා කවුරු හරි safari එකක් යනවා නම් යාල වගේ පැත්තක් තෝරගන්න
මොකද විල්පත්තු වස්ගමුව වගේ උදයාන ලඟදි විවෘත කරපු හින්දා සත්තු එලියට එනවා අඩුයි
තව කිසිම safari එකක් උදේ යන්න එපා
යන්න සුදුසුම වෙලාව තමයි හවස 2න් පස්සේ
එක එක guide ලා කියයි උදෙම යන් කියලා..ඒ ඒ අයගේ ලේසියට...
කාට හරි මේ ගැන ගැටලු තියෙනවා නම් හරි.. අදහස්, අත්දැකීම් තියෙනවා නම් හරි මෙතන දාන්න පුලුවන්
ප.ලි : මම කලින් thread එකක් දැම්මා දකින්න ඇති මම ආයෙ thread දාන්නේ නෑ කියලා
ඒත් නොදන්න යමක් දැනගත්තම එලකිරි සහෝදරයන් එක්ක බෙදා ගන්න පුරුද්ද හින්දා තමයි මේක දැම්මේ

Code:
http://www.elakiri.com/forum/showthread.php?t=875716

Last edited:
ඇත්තටම මේ තරම් වටිනා කියන සතුන් අපේ කැලැවල තාම ඉන්නවා කියන එකත්..