දැන් අපි දැනගමු මේ කොටස් 6.
1. අපි භාවිතා කරන ආදී word, excel හැම software එකකම දකින main menu එක.මෙයින් කරන්නෙ අපි අනිත් සියලු මෘදුකාංග වලින් කරන දේම තමයි.අළුත් සින්දුවක් පටන් ගන්න,save කරන්න ආදිය.
2. mixer ඔබ studio එකකට ගිහින් තියෙනවනම් මේක දැකල ඇති. මේකෙන් කරන්නෙ අපි වාදනය කරන සියළුම සංගීත කොටස් එක් කොට එක ගීතයක් ලෙස දැක්වීමයි. එකෙන් අපි වාදනය කරන සංගීත භාණ්ඩ වල හඬ අඩු වැඩි කල හැක.
3. සංගීත භාණ්ඩ වේ. අපි පාවිච්චි කරන වයලීන්, තබ්ලා, ගිටාර් ආදිය රීසන් හි පෙන්නන්නේ මෙලෙසයි. එහෙත් මේ භාණ්ඩ වලින් කරන්නෙත් වේදිකාවේ අපි සංගීත භාණ්ඩ වලින් කරන දේමයි.
4. මෙයින් කරන්නේ අපි හදන ගීත වාදනය, රෙකෝඩ් කිරීම ආදී දේවල්.
5. මෙතනින් අපිට ගීතය පෙළ ගස්වන තැනට පිවිසිය හැක. ගීතය හැදීමටත් මෙතනින් යා යුතුය.
6. ගීත පෙළ ගස්වනය (sequencer) 5න් පිවිසෙන්නේ මෙතනටයි. ගීත පෙළ ගැස්වීම, හැදීම ආදිය කරන්නේ මෙතනයි.