මම මගේ DSLR එක විකුණනවා. උඩ තියෙන්නේ ඒක තමයි. මේක අරගෙන තාම මාස තුනක්වත් නෑ. ශොට්ස් 1500 ක්වත් අරගෙන නෑ තාම. පල්ලෙහා තියෙන්නේ ඒකේ බිල. ඒක අරගත්තේ UK වල Jessops කියන ශොප් එකෙන්. ඔයාලත් සමහර විට මේ ශොප් එක ගැන අහලා ඇති.
මම කැමරා එකත් එක්ක ලෙන්ස් එකත් දෙනවා. (කැමරා එකක් නැතුව ලෙන්ස් එකෙන් මොනවා කරන්නද...
) තව බෑග් එකයි, 8GB මෙමරි කාඩ් එකත් දෙනවා. ඒ ඔක්කොටම තමා පවුම් 548ක් ගියේ.
ගණන් හදලා බලන්න පවුම රු. 180 ගානේ දැම්මත් මේ ටිකේ වටිනාකම රු. 98 000 කට වැඩියි. මට කාර් එකකට ඇඩ්වාන්ස් කරන්න සල්ලි වගයක් මදිවෙලා තමයි හදිස්සියේ මේ ගානට විකුණන්නේ.
මෙතන තියෙනවා මම ගත්තු පැකේජ් එකේ සම්පූර්ණ විස්තරය. පවුම් 542 ට තියෙන පැකේජ් එක තමයි මම ගත්තේ. තව විස්තර දැනගන්න ඕනේ නම් ගූගල් කරලා බලන්න. SONY ALPHA DSLR A390 තමයි කැමරා එකේ බ්‍රෑන්ඩ් එකයි මොඩල් එකයි.
Jessops - Sony Alpha a390 with 18-70
මේකෙන් මම කරපු වැඩ බලන්න ඕනේ නම් මේ ත්‍රෙඩ් එක බලන්න.
MindS Photography
උනන්දුවක් තියෙන අය මට pm කරන්න. මට පොඩ්ඩක් වැඩේ හදිස්සියි. බම්ප් එකක්වත් දුන්නොත් ලොකු උදව්වක්...



