මේ හරි හූනියම් කියන ඒවා ඇත්තද?
මේ ලියන්නෙ මට උන ඇත්තම කතාවක්...
මම 2006 ඉඳන් කරන්න හදන හැම වැඩක් වගේම අසාර්ථක වෙනව කියල මට හිතෙනව. මම දන්නෙ නෑ ඇයි කියල. මම මේ කතාව මම ළඟින්ම ඇසුරු කරන මගේ යාළුවෙකුට කිව්ව පෙරේද රෑ. එයා කිව්ව කතාවක් තමයි, අර අඳුන බලල සාස්තර, මන්තර ගුරුකම් කරන කෙනෙක් දන්නව, එයා ලඟට ගිහින් බලමු කියල.. (මගේ නම් වැඩිය ලොකු විශ්වාසයක් නෑ) ගියොත් වචනයක්. ආවොත් ඇතෙක් කියල හිතල, එහෙනම් යමුකො කියල, මමත් ගියා යාළුව එක්ක.
එතනිදි ඒ මනුස්සය අපිත් එක්ක ගොඩක් හිතවත් උනා. කතාකරේම බුදුරජාණන් වහන්සේ ගැනමයි. පස්සෙ අඳුන බලන වැඩේ පටන් ගත්ත. ගොඩක් දේවල් කිව්ව. මට 2012 මාර්තු වෙනකන් කරන්න හදන කිසි දෙයක් හරි යන්නෙ නෑ කිව්ව. අපේ තාත්තගෙ කකුලෙ කැපුම් පාරක් වගේ කැළලක් තියෙනව නේද කියලත් ඇහුව. (ඇත්තටම තියෙනව එහෙම කැළලක්. ඒ පෙන්නපු තැනමයි තියෙන්නෙ. කොහොම කිව්වද මන්ද) දැන් මට එන්නලු 14 වෙනි සෙනසුරාද. මොනවදො බඩු ලිස්ට් එකකුත් දුන්න ගේන්න කියල, මල් වර්ග 9 ක්, රස කැවිලි වර්ග 9ක්, පළතුරු 9ක්, තව එක එක ඒව. නව ග්රහ පූජාවක් කරන්න ඕනලු. ඒ නම් මොකක්ද කියලවත් මම දන්නෙ නෑ. තව, බුද්ධ පූජා තියන්න කිව්ව. විෂ්ණු පූජාවක් තියන්නත් ඕන කිව්ව. දෙහි කපන්නත් ඕන කිව්ව. මේව වල ප්රතිඵලයක් ඇත්තටම තියෙනවද? ඔන්න බුද්ධ පූජාවකින් නම් පින් රැස් වෙනව ඇති කියල මම හිතනව. දැන් මම ඒකට යන්නද කියල හිතා ගන්න බැරුව ඉන්නෙ.
එයා ඉස්සර කාලෙ හරි හූනියම් කරපු කෙනෙක්ලු. ඒ දේවල් ඇත්තද? එහෙම මනුස්සයෙකුට හූනියම් කරන්න පුළුවන්ද? නූල් පන්නන ඒව, ජප කරන ඒව, එතකොට මේ අඳුන බලල කියන ඒව අපිට ඒ අඳුන පේන්නෙ නැද්ද කියල එහෙම මට හරියටම දැනගන්න ඕන. මේව ගැන බුදුරජාණන් වහන්සේ දේසනා කරල තියෙන්න මොනවද?. ඒ කාලෙත් මෙහෙම දේවල් වෙලා තිබුනද? මට මේක හොඳට මේ ගැන දන්න කෙනෙක් පැහැදිළි කරල දෙන්න....

Last edited:

--