රැඩිකල්_නොවන_උමතුව..!!!

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
රැඩිකල්_නොවන_උමතුව..!!!

රැඩිකල්_නොවන_උමතුව..!!!

සීතල කොපුලට
උණුහුම් දෙන්නට
වසින හාදු වැහි
කොපුල් පමණකින්
නොනවතිනා කළ..

සිහින මිහිදුමෙන්
ඈ වත දැකුමට
සිතා සිටින රෑ
නිරුවත් ඇගෙ වත
කීකරු නෑ මට..

කිතුනු බුද්ධ උව
සංස්කෘතිය තව
චාර ධර්ම දත්
මිනිසෙකු වෙමි මම
නිදහස නැති වූ...


"කව ට බසක් ඇත"
"මොන බොරු පිස්සුද"
"මේක උතුම් රට"
"මගෙ කට කුමටද"
බඩු මිල අහසට


සුළු ධනේෂ්වර
මධ්‍ය පාන්තික
ලිංගිකත්වයම
රැඩිකල් වේවිද?

අලෙවි කිරිය හැකි

ක්‍රමය වෙනස් කර
නව ලොව නගමුද
උපාධියක් ගෙන
රැකියාවක හිඳ
මගෙ කෙල්ලත් බැඳ..??..!!!


"සිත එක්ලස් කර
එකක් සිතාපං"
"මුකුත් නොසිත උඹ
පාඩුවෙ හිටපං"
එතකොට හරිය..???

තේරුනා කියලා හිතෙනවා නම් අදහස් කියන්නකෝ.....


වෙනත් හොද ලිපි

කිරිමැටි කාලා තියෙනවාද?
http://www.elakiri.com/forum/showthread.php?t=1124169

සිහින වල කේරුම දන්නවාද?
http://www.elakiri.com/forum/showthread.php?t=1124309
 
  • Like
Reactions: rehrumesh

nirman.1995

Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    ela machooo

    picture.php
     
    Last edited: