පිරිහෙන පුද්ගලයා ගැන දෙසුම

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
පිරිහෙන පුද්ගලයා ගැන දෙසුම

192nj.jpg


පරාභව සූත්‍රය

පිරිහෙන පුද්ගලයා ගැන වදාළ ‍දෙසුම

මා විසින් ‍මෙ‍සේ අසා දැන ගන්නා ලදි


01513j80.gif

එකල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි‍යේ සැවැත්නුවර ‍දෙව්රම් නම් වූ අ‍නේ පිඬු සිටුහූ ‍ගේ ආරාම‍යෙහි ය.
එහිදි එක්තරා ‍දෙවි‍යෙක් මැදියම් රැ‍යෙහි මනස්කාන්ත පැහැයෙකින් යුතුව මුළු ‍දෙව්රම බබලවා ‍ගෙන භාග්‍ය වතුන් වහන්ස ‍වෙත පැමිණ‍යේ ය.
එක් ප‍සෙකින් සිටි ඒ ‍දෙවියා භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් මෙසේ කීවේය.

02zpic350fea.jpg


ගෞතම සුවාමිනි, පැණයක් අසමි මම
පිරිහෙන කෙනා දත යුතුමය ලොවේ සැම
ආවෙමි අසා දැන ගන්නට කරුණ මෙම
පවසනු මැනව, ලොව පිරිහෙන කරුණු කිම?


03zp06davi.jpg


සුවසේ දත හැකිය යහපත වෙත යන්නා
එලෙසම දත හැකිය මෙලොවේ පිරිහෙන්නා
දියුණුව පෙනේ වෙත දහමේ හැසිරෙන්නා
පිරිහී යයි ලො‍වේ දහමට ගරහන්නා


පිරිහෙන පළමු හේතුව අද දැන ගතිමු
පින්වත් භගවතාණෙනි අපි පිළිගතිමු
පිරිහෙන දෙවන කරුණද දැනුමට රිසිමු
වදහළ මැනව, අදරින් ඉල්ලා සිටිමු


04zp09dhamma.jpg


දුදනන් ඇසුර ඔහු හට ප්‍රිය මනාපය
සුදනන්ගේ ඇසුර ගැන නැත මනාපය
දුදනන්ගේම දහමට හරි මනාපය
මෙලෙසින් ලැබ ගනී දිවියේ විළාපය

පිරිහෙන දෙවන හේතුව අද දැන ගතිමු
පින්වත් භගවතාණෙනි අපි පිළිගතිමු
පිරිහෙන තෙවන කරුණද දැනුමට රිසිමු
වදහළ මැනව, අදරින් ඉල්ලා සිටිමු


05imagessmartkidsimagel.gif


නිතරම නිදන පිරිසෙහි සිත ඇලුන කෙනා
අලසව හිඳියි වෙර වීරිය බිම හැලෙනා
නුපුරුව අනුන් ගැන සිත තුළ වෙර බැඳුනු
හඳුනා ගත හැකිය පිරිහෙන මෙම ලකුණු


පිරිහෙන තෙවන හේතුව අද දැන ගතිමු
පින්වත් භගවතාණෙනි අපි පිළිගතිමු
සිව්වෙනි කරුණ පිරිහෙන දැන ගනු රිසිමු
වදහළ මැනව, අදරින් ඉල්ලා සිටිමු

06aw1.jpg


රැස්කො‍ට ධනය සුවසේ කල් ගෙවන කෙනා
ගොස් වයසට සිටින මව් පිය නොම සොයනා
දුක් පිරි සැපත නැති දිවියට ඉඩ හරිනා
ලක් වේ පිරිහුමට මොහු දිවියේ හඬනා


සිව්වන කරුණ පිරිහීමට දැන ගතිමු
පින්වත් භගවතාණෙනි අපි පිළිගතිමු
පස්වන කරුණ පිරිහෙන දැන ගනු රිසිමු
වදහළ මැනව, අදරින් ඉල්ලා සිටිමු


07n10.jpg


එන විට නිවස වෙත බමුණෙකු පිහිට පතා
සමණෙකු වඩින විට ඔහු හොඳ කෙනෙකු සිතා
සිඟමන පිණිස පැමිණෙන විට දුකින් ඉතා
රැවටුම මොවුන් බොරුවෙන් පිරිහෙනු නියතා


පස්වන කරුණ පිරිහීමට දැන ගතිමු
පින්වත් භගවතාණෙනි අපි පිළිගතිමු
හයවන කරුණ පිරිහෙන දැන ගනු රිසිමු
වදහළ මැනව, අදරින් ඉල්ලා සිටිමු

08koreankingdinner66976.jpg

රැස්කොට මුතු මැණික් කහවනු පොදි බැන්ද
සිත් සේ රස බොජුන් පිනවන මන නන්ද
මත් වී හුදෙකලාවේ එය රස වින්ද
ලක්වේ පිරිහුමට මොහු දුක වෙත බැන්ද

හයවන කරුණ පිරිහීමට දැන ගතිමු
පින්වත් භගවතාණෙනි අපි පිළිගතිමු
සත්වන කරුණ පිරිහෙන දැන ගනු රිසිමු
වදහළ මැනව, අදරින් ඉල්ලා සිටිමු


09ar10081512.jpg


ජාතිය ධනය ගැන ඉහලින් හිතාගෙන
කුල ගොත වලින් හිස තද කොට වෙලාගෙන
සිතමින් නෑ සියන් හැම බිම හෙලාගෙන
සිටිනා මොහුව පිරීහී යයි දිනෙන් දින


සත්වන කරුණ පිරිහීමට දැන ගතිමු
පින්වත් භගවතාණෙනි අපි පිළිගතිමු
අටවන කරුණ පිරිහෙන දැන ගනු රිසිමු
වදහළ මැනව, අදරින් ඉල්ලා සිටිමු


108455086.jpg


ගැහැණු වෙත බැඳී ලොල්වී මත් වතුර
සූදුව පිණිස කැප කරමින් දිවි යතුර
ලද ලද සියළු දෙය වනසන විස කතුර
ඔහු ලඟ තිබේ පිරිහී යන සැඩ වතුර


අටවන කරුණ පිරිහීමට දැන ගතිමු
පින්වත් භගවතාණෙනි අපි පිළිගතිමු
නවවන කරුණ පිරිහෙන දැන ගනු රිසිමු
වදහළ මැනව, අදරින් ඉල්ලා සිටිමු


11sihinayathapasamagasm.jpg

සිය අඹු සමග තුටුවනු නොහැකිව අඬන
වෙසඟන පහස සොයමින් යන සිත බැ‍ඳෙන
පරඹුන් අතර නිතරම ගැවසී වෙසෙන
පිරිහී යාම නියතයි මොහු ලොව සිටින


නවවන කරුණ පිරිහීමට දැන ගතිමු
පින්වත් භගවතාණෙනි අපි පිළිගතිමු
දසවන කරුණ පිරිහෙන දැන ගනු රිසිමු
වදහළ මැනව, අදරින් ඉල්ලා සිටිමු

12aw08102611.jpg


පෙමකට සුදුසු කල ගිය විට අතීතෙට
ලැම ඇති තිඹිරි පල වැනි රුව අගේ කොට
දැරියක රැගෙන නොනිදන ඉරිසියාවට
යනු ඇත මොහු ද පිරිහී යන කලාවට


දසවන කරුණ පිරිහීමට දැන ගතිමු
පින්වත් භගවතාණෙනි අපි පිළිගතිමු
එකොලොස් වන කරුණ මෙහි දැන ගනු රිසිමු
වදහළ මැනව, අදරින් ඉල්ලා සිටිමු

13nightclub.jpg


ලොල් වී කම් සැපට හැම වියදම් කරන
මිනිහෙකු ගැහැණියක හෝ ලොව මුලට එන
නිසි ලෙස රකිනු බැරි ලෙස දිවි ගත කරන
පිරිහීමකට මුල් වේ ලොව මෙම කරුණ

එකොලොස්වන කරුණ පිරිහෙන දැන ගතිමු
පින්වත් භගවතාණෙනි අපි පිළිගතිමු
පිරිහෙන දොලොස්වන දෙය දැන ගනු රිසිමු
වදහළ මැනව, අදරින් ඉල්ලා සිටිමු

14king16lg.gif


නැති බැරි කෙනෙකු රජ කුලයක ඉපදීමෙන්
කුල මානයෙන් ආසාවෙන් මත් වීමෙන්
පැතු විට රජ පුටුව ඉහළට හිත යාමෙන්
අවසන් වේය ඔහුගේ දිවි පිරිහීමෙන්


15zp05puncha.jpg


පිරිහෙන මෙම කරුණු දැන ලොව නුවණ ඇති
බුදු බණ ඉගෙන හඳුනා ගෙන වඩන රුති
සැලසෙන සැපත ලැබ ගෙන ඉත සිත කැමති
යනු ඇත සොඳුරු ලොවකට හැම සැපත ඇති


16zpic350vis.jpg


කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ “අපේ බුදු නමිඳු තවමත් වැඩ වෙසෙති” ගෘන්ථය ඇසුරෙන් සකසන ලදි.
පින්තූර අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදි.


17209351021727331447401.jpg


සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධානු සාසනං

සියළු අකුසල් දුරු කරන්න
සියළු කුසල් රැස් කරන්න
සිත පිරිසිදුව තබා ගන්න
මේ සියළු බුදු වරුන්ගේ අනුශානසාවයි.......!!!


181wz.jpg


දෙදහස් හයවෙන් ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පිළිවෙතින් පෙළ ගැසෙමු......!!!

©hansa1010.weebly.com
All Rights Recerved
2011.05.14
 
Last edited:

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
දෙදහස් හයවෙන් ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පිළිවෙතින් පෙළ ගැසෙමු......!!!
 

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
ඉතාම වැදගත් ත්‍රෙඩ් එකක් යාලුවා :yes:
හරිම ලස්සනයි
අපිත් එක්ක බෙදාගත්තට ඔබට බොහොම පිං :D
බුදු සරණයි.....!!!


iPQfH.gif
 

Prothean

Member
Apr 25, 2011
866
93
0
ජාතිය ධනය ගැන ඉහලින් හිතාගෙන
කුල ගොත වලින් හිස තද කොට වෙලාගෙන
සිතමින් නෑ සියන් හැම බිම හෙලාගෙන
සිටිනා මොහුව පිරීහී යයි දිනෙන් දින

මේක වැඩියෙන්ම කරන්නේ කවුද. ඔය ගොල්ලන්මනේ.
 
Last edited:

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
ජාතිය ධනය ගැන ඉහලින් හිතාගෙන
කුල ගොත වලින් හිස තද කොට වෙලාගෙන
සිතමින් නෑ සියන් හැම බිම හෙලාගෙන
සිටිනා මොහුව පිරීහී යයි දිනෙන් දින

අනගාරික ධර්මපාලතුමාටය්, ලංකාවෙ බොහෝ බෞද්ධයන්ටය් පරාභව සූත්‍රය කියවන්න අමතක වෙලා වගේ
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මේක වැඩියෙන්ම කරන්නේ කවුද. ඔය ගොල්ලන්මනේ.

ජාතිය ධනය ගැන ඉහලින් හිතාගෙන
කුල ගොත වලින් හිස තද කොට වෙලාගෙන
සිතමින් නෑ සියන් හැම බිම හෙලාගෙන
සිටිනා මොහුව පිරීහී යයි දිනෙන් දින

අනගාරික ධර්මපාලතුමාටය්, ලංකාවෙ බොහෝ බෞද්ධයන්ටය් පරාභව සූත්‍රය කියවන්න අමතක වෙලා වගේ

පොඩ්ඩක් ඉවසලා ඉන්න වසල සූත්‍රය කමින් සූන්..............
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔක්කොම කියෙව්වා මචං...බොහොම ස්තුති. :D
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මේක වැඩියෙන්ම කරන්නේ කවුද. ඔය ගොල්ලන්මනේ.
    ඕගොල්ලෝ කිව්වේ කාටද???:eek:

    ජාතිය ධනය ගැන ඉහලින් හිතාගෙන
    කුල ගොත වලින් හිස තද කොට වෙලාගෙන
    සිතමින් නෑ සියන් හැම බිම හෙලාගෙන
    සිටිනා මොහුව පිරීහී යයි දිනෙන් දින

    අනගාරික ධර්මපාලතුමාටය්, ලංකාවෙ බොහෝ බෞද්ධයන්ටය් පරාභව සූත්‍රය කියවන්න අමතක වෙලා වගේ
    ඕක අයෙ හරියට කියවපන්.කියවල තේරුම අරන් බලපන් උඹ කියපු එක ගැලපෙනවද කියලා.
     
    • Like
    Reactions: hansa1018

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේක වැඩියෙන්ම කරන්නේ කවුද. ඔය ගොල්ලන්මනේ.

    ඒක තමා අපි මේ විසදගන්න හදන්නේ.ඔයා පැත්තකට වෙලා ඉන්නකෝ අපි සිංහල බව්ද
    අය මේක ගැන බලා ගන්නම්.. ක්‍රිස්තියානුවන් කලබල වෙන්න ඕන නැහැ දරුවෝ ..
    අනික ඔයාල බලන් ඉද්දි ඔහොම කොහොමද මේක කරගන්නේ හරියට ??:sorry:
     
    Last edited:
    • Like
    Reactions: Gouken