මෙසේ වූ කල්පනාවෙන් දවස් යවන කොනකපාලයෝ කිසියම් මංගල සම්මත දිනක පෙරවරුවේ එළකිරි අඩවියේ සිය අණසක පතුරුවා දශ රාජ ධර්මයෙන් රජ කරන්නා වූ GTRZ රජතුමාගේ විමානයට වැද රජුට ආචාර දක්වා එකත්පසව සිටියහ.
රජ්ජුරුවෝද තමා වෙත එළකිරියන් විසින් එවන් ලද දහස් සංඛ්‍යාත ලිපි කියවමින් සිටියේ, තමාගේ කාර්යයෙන් දෑස් ඉවතට නොගෙනම කොනකපාලයා ආ කාරණය විමසා සිටියහ.
එබසට කොනකපාලයා කියන්නේ, "දේවයන් වහන්ස, මා මේ අඩවියට පැමිණි දින සිට මේ දක්වා මාගේ වික්‍රම ඔබ වහන්සේ මනා කොට දන්නා සේක. Fake ID නිර්මානකරණයෙහි මා හා සමාන අයෙකු මේ අඩවියේ තබා කිසිදු වෙබ් අඩවියක නොමැත්තේමය.
ඒ කෙසේද යත්, මාගේ Fake ID සංඛ්‍යාව නිවැරදිව කියන්නට මම වත් සමත් නොවෙමි.
මාගේ සතුරන් එල්ල කරන සියලු -ve Rep ප්‍රහාර ක්ෂණයකින් ඛන්ඩණය කර දමා මාගේ නිල් කොටුව ඒ අයුරින්ම තබා ගැනීමට සමත් වීමෙන්ම මාගේ සේනා ශක්තිය නොදැනේද?