පියෙකුගේ වියෝගය සහ සංසාරේ අපේ තනි කම

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මොකුත් නොකියා ඉන්නම්........!!!!

    සමහර වෙලාවට නිහඩ බව තරම් හොද පිළිතුරක් තවත් නැහැ.....!!!!!!!!
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපේ තනි නොතනියට බුදුදහම අපි ලගින්ම ඉන්නවා
    මරණය කාටත් උරුමයි .නැවත මරණෙන් ගොඩ ඒමක් නැහැ.
    දුකක් උනත් දරා ගන්න වෙනවා සංසර හැටි ඔහොම තමා කියලා.
    මම නම් ගොඩක් වෙලාවට හිතට දුක දරා ගන්න බැරි උනාම බාවනා කරනවා.
    හිත හදා ගන්නවා සංසාරේ හැටි ඔහොම තමා.

    :(:(
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya



    දුක හිතෙනවා තම මචන්ලා සහ මචීල.එහෙම නොවෙනවා නම් ඉතින් පෘතග්ජන මනුස්සයෙක් නෙවේ.
    එක්කෝ හිත දියුණු කරපු කෙනෙක් නැත්නම් හැගීම් දැනීම් නැති කෙනෙක් අර 250 ඉල්ලපු කෙනාගේ ගොඩේ ඉන්න
    .ඒ නිසා මේ වගේ දේවල් අපි ලග ඉන්න අයටත් වෙන්න පුළුවන්, අපිටත් වෙන්න පුළුවන් කියන දේ තේරුම්
    ගත්තොත් ඇති.අඩුම තරමේ කෙනෙක්ගේ දුක තේරුම් ගැනීම වත් කරන්න පුළුවන් කියන්නේ ඊලග පියවරකදී,
    කවද හෝ මේ මුළු සන්සරේම දුක තේරුම් ගන්න පුළුවන්.ඉතින් ඔයාල ගැන සතුටු වෙන්න..
    අනික තම මොන දර්මය , විභාග pass උනත් මොකටද කෙනෙක්ගේ දුක නොතෙරිලා..
    එතනින් පටන් ගන්න පුළුවන් වීම ගැන ඔයාල සතුටු වෙන්න..
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'දුක හොඳටම තේරුණ කෙනා' දන්නවා ඉපදිච්ච සත්වයාට දුක උරුම බව!! එයා දුකෙන් තැවෙන කෙනෙක් දැක්කට අඬන්නේ, දොඩන්නේ නැහැ! දුක බෙදාගන්න යන්නෙත් නැහැ! මොකද බොරුවැඩ කරලා වැඩක් නැහැ කියල දන්න නිසා... ඒත් ඒ උදවිය, දුකට වැටිච්ච උදවියව, ඒ දුකෙන් සදහටම නිදහස් කරන්න බොහොම උවමනාවෙන් උත්සාහ කරනවා!!!
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    'දුක හොඳටම තේරුණ කෙනා' දන්නවා ඉපදිච්ච සත්වයාට දුක උරුම බව!! එයා දුකෙන් තැවෙන කෙනෙක් දැක්කට අඬන්නේ, දොඩන්නේ නැහැ! දුක බෙදාගන්න යන්නෙත් නැහැ! මොකද බොරුවැඩ කරලා වැඩක් නැහැ කියල දන්න නිසා... ඒත් ඒ උදවිය, දුකට වැටිච්ච උදවියව, ඒ දුකෙන් සදහටම නිදහස් කරන්න බොහොම උවමනාවෙන් උත්සාහ කරනවා!!!
    ඔව් මිත්‍රය ඒ දුක , සැබෑ දුක , සැබෑ සැනසීම වැටහුනා පුද්ගලයා.එත් අනිත් අයත් ඒ තත්වෙට ගන්න
    ඕනේ නම් කරන්න ඕනේ ඒ ඒ කෙනාට ඒ ඒ කෙනාගේ දැනීමේ තේරීමේ තැන ඉඳන් පටන් ගන්න එක නෙවේද?.
    ඒ ඇර එක පාරට යන්න බැහැ ඔතොකොට බොහෝ පිරිසක් මග හැරෙනවා.බොහොම වෙහෙස මහන්සියෙන්
    උදව් කරන්න ඕනේ මග හැරුණු පිරිසට මිසක් දැනටමත් ඒ පාරේ යන අයට නෙවේ.ඒ වගේම උදව් කරන්නත්
    ඕනේ සැබෑම අරමුණකින් මිසක් දර්මයේ ගැබුර කියා දෙන්න නෙවේ, ඒ අය ගැබුරෙන් ගැබුරට යනවා මිසක්
    සැනසීමට පත් වෙන්නේ නැහැ උතුම් නිවනින්.
     

    rusiya

    Member
    Aug 27, 2009
    456
    8
    0
    COLOMBO
    pissu wage kiyewwama...
    ape elakiri kollo hondai mewage dewal hitana eka...
    antimat danenne jewithe kiyanne mayawak witharai....
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    machan mekanam hodatama mata danuna.....adenta wage....
    oka thamai me jeewithe kiyanne.......
    oka thamai me sansare kiyanne.......iwarayak na......

    kohoma unath oya eka dane na widihata liyala thiyenawa...oyata ewele danuna de samahara wita thawa kenekuta danenne nathi wenna puluwan......
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔව් මිත්‍රය ඒ දුක , සැබෑ දුක , සැබෑ සැනසීම වැටහුනා පුද්ගලයා.එත් අනිත් අයත් ඒ තත්වෙට ගන්න
    ඕනේ නම් කරන්න ඕනේ ඒ ඒ කෙනාට ඒ ඒ කෙනාගේ දැනීමේ තේරීමේ තැන ඉඳන් පටන් ගන්න එක නෙවේද?.
    ඒ ඇර එක පාරට යන්න බැහැ ඔතොකොට බොහෝ පිරිසක් මග හැරෙනවා.බොහොම වෙහෙස මහන්සියෙන්
    උදව් කරන්න ඕනේ මග හැරුණු පිරිසට මිසක් දැනටමත් ඒ පාරේ යන අයට නෙවේ.ඒ වගේම උදව් කරන්නත්
    ඕනේ සැබෑම අරමුණකින් මිසක් දර්මයේ ගැබුර කියා දෙන්න නෙවේ, ඒ අය ගැබුරෙන් ගැබුරට යනවා මිසක්
    සැනසීමට පත් වෙන්නේ නැහැ උතුම් නිවනින්.

    naa yaalu! hithenne ohoma thamayi... eth wenne e widiyata neweyi!! nidahas weema bohoma dushkarayi!!! ithaamath tika denayi goda yanne...

    kohomath thaman yam ilakkayak karaa giyoth misak, ilakkaya thaman langata enne naha, keeyatawath!!!

    ilakkaya penwala deela, ekata yanna upakaara karanna puluwan nam, anna e kramaya hari!! eth ithin 'thoga ganane' dukin ethera karanna wenne naha... yathaarthaya ekayi!!
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    naa yaalu! hithenne ohoma thamayi... eth wenne e widiyata neweyi!! nidahas weema bohoma dushkarayi!!! ithaamath tika denayi goda yanne...

    kohomath thaman yam ilakkayak karaa giyoth misak, ilakkaya thaman langata enne naha, keeyatawath!!!

    ilakkaya penwala deela, ekata yanna upakaara karanna puluwan nam, anna e kramaya hari!!

    eth ithin 'thoga ganane' dukin ethera karanna wenne naha... yathaarthaya ekayi!!
    දුක පෙන්නුවා , ඇතැමුන් එක තේරුම් ගත්ත, පිලියමක් ඇත්නම් කියල එයාලටම හිතුන, මින් පෙර ඉගෙන ගත්තු පිලියමක් මතක් උනා
    ඒ මාර්ගයේ ආවා..

    ඇතැමුන් දුක දැක්ක, තේරුම් ගත්තේ නැහැ , නැවත ආපසු ගියා..

    ow mama e de kalinma kiwwa :)
    mata pahadiliwama one naha maha darma yathrawak hadanna methana..:no:
    saralawa wena katha bahak witharai..
    kenekuta hithanna deyak thaman ganama ada wage dawasaka wath..:)
    ethanin ehata kamathi kenekuta yanna puluwan..
    echcharai..
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    pissu wage kiyewwama...
    ape elakiri kollo hondai mewage dewal hitana eka...
    antimat danenne jewithe kiyanne mayawak witharai....

    machan mekanam hodatama mata danuna.....adenta wage....
    oka thamai me jeewithe kiyanne.......
    oka thamai me sansare kiyanne.......iwarayak na......

    kohoma unath oya eka dane na widihata liyala thiyenawa...oyata ewele danuna de samahara wita thawa kenekuta danenne nathi wenna puluwan......
    ඔව් මචන් අපි එළකිරි එකේදී හැම දේ ගැනම කතා බැහැ කරනවනේ.දේශපාලනය
    , විනෝදය මේ හැම දේම.ගොඩක් පිරිසක් ඉන්නවා මේ වගේ විවිද දේ වලට ආස.ඉතින්
    මේ හැමෝටම අපි ගැනම හිතන්න දෙයක් තියෙනවා.මෙහෙම කතා කරද්දී එන වාසිය
    ඒකයි ගොඩක් දෙනෙක් ඒක රැස් වෙනවා විවිද පැති වල ඉන්න.ඒ කියන්නේ මෙතෙක් කල්
    විවිධ මාර්ගයේ ගිය අය එකම තැනකට එනවා.ඒකම තමා බුදුන්ගේ දේශනාවේත්
    තියෙන්නේ දම්මක්චක්කප්පවත්තන සූත්‍රයේ මේ විදිහට" දෙනමක් ඒකම මාර්ගයෙහි
    නොවඩින්න "කියා.
    මෙතන කලෙත් ඒ වගේ දෙයක් හරි විදිහට තේරුම් ගත්තොත් විවිද මාර්ග වල ඉන්න අය එකම
    මගකට ඇවිත් තේරුම් ගත්ත ..
    හසිත කිව්ව වගේ මේ දේ එකිනෙකට විවිධ විදිහට දැනෙන්නෙත් ඒකමයි.විවිධ මාර්ග වල
    යන අය මෙතන ඉන්න නිසා.එත් මොහොතකට හරි අපිට දැනුන ඒකයි මචන්ලා උබලගෙන්
    ඇර විදිහේ හැගීම් එලියට එන්නේ.අනික් අය එක්ක අදහස් බෙදා ගත්තට පින්..
     

    scooby dooo

    Member
    Jan 26, 2011
    520
    29
    0
    මම මේ කියන්න යන දේ ඇහුවම දරා ගන්න බැරි වෙන්න පුළුවන් මිනිස්සු මොන තරම් අකාරුණික විදිහට හැසිරෙනවද
    කියල.අද ගොඩක් උතුම් දිනයක්නේ , බව්ද විතරක් නෙවේ හැම මනුස්සයෙක්ම ඒක විදිනවා
    ලංකාවේ ඉන්න විශේහ්ශේන්ම.ඒ ආගම් කුල පැත්තකින් තියල, දාර්මිෂ්ට කමින්.ඒ වගේම
    බව්ද කෙනෙක් නොවුනත් මේක කියවන්න ,මම කියල තියන සංසාරේ ,පව් පින්,
    වගේ වචන" අහ අපේ ආගමේ නැනේ ඒ නිසා අපිට ඕව valid නැ "කියල නොහිත..
    ************
    සංවේදී අය මේක බලන්න එපා.තද කම්පනයක් දරා ගන්න පුළුවන් අය විතරක් බලන්න.
    මම මේකත් සැහෙන කාලයක් ඉඳල කියන්න ඕන කමින් හිටපු කාරණයක්,එත් වෙලාවක්
    අවෙත් නැහැ කියන්න තරම් සුදුසු කාලයක් තිබ්බෙත් නැහැ.මොකද



    ජීවිතයේ තියන අනිත්‍ය ස්වබාවය , අපි ඇත්තටම මොන තරම් අසරණද මේ සංසාරේ පුරාවටම
    කියන දේ තේරුම් ගන්න පුළුවන් ගොඩක් හිතට දැනෙන සිදුවීමක් මේක.අපි ඇත්තටම තනි කම
    කියන දේ මොන තරම් සහනයක් ඕන වෙලාවටම නැති වෙලා යනවද කියන එක මට ගොඩක්ම
    දැනුන දෙයක්.ඇත්තටම මේ වගේ දෙයක් මට නම් වෙන දාට කොහොම උහුලා ගන්නද කියල
    මට නම් හිතා ගන්න බැහැ.එත් මම කෙනෙක් වෙනුවෙන් ඒක එක පාරක් විද ගත්ත.ඒ කෙනා මොන
    තරම් අසරණ උනාද කියන දේ මට අදටත් මතකයි.(ඒ වගේම මේ වගේ මීට සමාන දෙයක් මගේ නැණටත්
    වෙලා තියෙනවා, මම ඒක ගැනත් කියන්නම්)

    ඒ වගේම ආයේ පාරක් කියනවා මේ කතාව බොහොම තදින් හිතට වැදෙන්න පුළුවන් ඒ නිසා සංවේදී
    මනසක් තියෙන කෙනෙක් මෙතනින් පහලට කියවන්න එපා
    .කියවපු කෙනෙක්ගෙන් බොහොම පරිස්සමෙන්
    අදහස විතරක් ගන්න.(ඊට පස්සේ ගොඩක් ඒ ගැන හිතන්න එපා සංවේදී මනසක් නම් තියෙන්නේ ).
    අනික මම එදිනෙද අපි කතා කරන බාසාවෙන් තමා කියන්නෙත් නැත්නම් මේක විහුළුවක් වෙනවා.
    **********************************************************************
    **********************************************************************
    මේ සිදුවීම උනේ මගේ පුංචි කෙනෙක්ගේ පුතාට.එයට මම කියන්නේ චූටි අය්යා .මට දවසක් පාන්දර call
    එකක් අව මගේ mobile 4n එකට චූටි අය්යගේ අල්ලපු ගෙදර ඉන්න යාළුවෙක්ගෙන්.එයා මට කිව්වේ මචන්
    ඉක්මනට වරෙන් උබලගේ චූටි අය්යලගේ තාත්තට ටිකක් අමාරුයි, ඒ නිසා වරෙන් උබලගේ ගෙවල් වල අයටත්
    මේ සීන් ඒක යන්තම් දීල කියල.මට එයා කතා කරපු විදිහට තේරුණා මොකක් හෝ වෙලා තියෙන බව.මම
    කලේ ගෙදරට නොකිය පුන්චිලගේ(චූටි අය්යගේ අම්ම නෙවේ, අනික් පුංචි අපේ ) ගෙදර ගියා එයාව අර ගන්න..
    මොකද ගෙදර අයට මේක ඒක පාරටම කියල බැහැ.ඉතින් මම එයාව අරගෙන ගියා චූටි අය්යලගේ ගෙදර.
    මම යන ගමන් කිව්වා පුංචිට හොදටම අමාරුයි කියල තමා මට කිව්වේ කියල.ඔතොකොට එයත් තේරෙනවනේ
    මම නොකිය කියන්නේ මොකක්ද කියල යනකොට සුදු කොඩි දාල තිබ්බේ. ඉතින් යද්දී චූටි අය්යා ඉන්නවා ගෙදර
    hospital එකේ ඉඳන් ඇවිත් ගෙදර.මම ලගට ගිහින් ඉ ලගට කරන්න ඕන වඩා කරන්න කතා බැහැ කරගත්ත අර
    යාලුවත් එක්ක ගෙවල් ලග ඉන්න..ඊට පස්සේ චූටි අය්යවයි, පුන්චිවයි ආයේ hospital එකට අරන් යන්න ඕන
    මරණ පරීක්ශනේ කට උත්තර ගන්න මරණ පරීක්ෂක ආවම.
    ඒ අතරේදී අපේ තාත්තලත් ඇවිත් හිටියේ
    මට ඒක කිව්වා ඉතින් 10 වගේ අපි ගියා..


    ඊට පස්සේ ඉතින් මෘත ශරීරාගාරයට අපි ගියා , ඊට පස්සේ ඉතින් කට උත්තර අරන් මරණ පරීක්ශනේ ඉවර වෙලා
    body ඒක release කරන්න ඕන වැඩ කලා අපේ තාත්ත ඒ වැඩ එහෙම ඉවර කරලා එයාල ගියා ගෙදර පුන්චිල
    කට්ටියම.දැන් ඉතුරු චූටි
    අය්යයි මායි එයාගේ යාලුවෝ තුන් දෙනෙකුයි විතරයි චූටි අය්යට කොච්චර යන්න කිව්වත්
    ගියේ නැහැ.:no:
    තමන්ගේ තාත්තාව තනි කරලා යන්න බැහැ.මට උනත් යන්න බැහැ ඒ වගේ වෙලාවක.
    එයාගේ යාලුවෝ ටික කිව්වත් ගියේ නැහැ .ඉතින් ඔහොම හිටිය අපි එත් තවත් body ඒක release වෙන්නේ නැහැ
    අපේ තාත්තත් ගියා නිසා කරන්න දේකුත් නැහැ පරක්කු වෙන එකට ,අනික නැති වෙන්න දේකුත් නැහැනේ දැන් ඉතින් ඒ නිසා අපි හිටිය.
    ඔයා අතරේදී චූටි අය්යගේ යාලුවෝ ටිකට යන්න උනා වෙන හදිස්සිම වැඩකට call එකක් ඇවිත්.දැන් ඉතුරු
    මමයි චූටි අය්යයි විතරයි.එහෙම ඉද්දි මරණ පරීක්ෂක එලියට ආවා එයාගේ වැඩ ඉවර වෙලා .එයා ගියා අපිව හම්බෙලා මම එන්නම් පුතා කියල .
    මොකද එයාව අපි දන්නවා ගෙවල් ලග කෙනෙක් නිසා.ඊට පස්සේ අපි දෙන්නට කතා කලා body එක ගන්න .
    මල් ශාලාවේ වාහනේ ඇවිත් අනික් පැත්තේ gate එකට , අපි ඇතුලට ගියා හරි බොඩි එකද කියල බලල ගන්න
    කියල කිව්වා නිසා.
    ඒ මනුස්සය ඇහුව අපෙන් ඔයාල කව්ද කියන ඒක body එක දෙද්දී මේ මරුන කෙනාගේ.
    තියන chamber වලින් එලියට අරන් දුන්න body ඒක ට්‍රොලියක දාල.ලේ වලින් නැවිල body
    එක :dull:.කළු පාට polythene එකකින් වහල තිබ්බේ body ඒක ,ඒ වගේම එහෙම තියෙද්දී ගොඩක් උඩට body එකේ
    බඩ හරිය ඉස්සිලා තිබ්බේ (අඩියකටත් වඩා).
    දැන් තමා මම මේ කියන සිද්දිය උනේ.

    ඒ මනුස්සය එක පාරට අර කළු පාට ඉටි රෙද්ද අයින් කරලා ඇහුව "මේ මල්ලත් ගෙනියන්න දෙන්නද"කියල.
    බඩ උඩ තිබ්බ මල්ල අතට අරන්," තියල යනවා නම් 250 ගන්නවා "කියල කිව්වා. අපි බැලුව මොකක්ද කියල
    මේ .බලද්දී ඒ කෙනා අර අතට අරන් තියෙන්නේ චූටි අය්යගේ තාත්තගේ body එකෙන් අයින් කරපු බඩවැල්
    දාල තියන bag එක:dull:.චූටි අය්යගේ ඇස් වලින් කදුළු පැන්න එවෙලේ .එවෙලේ පොලොව පාලන යන්න හිතුනේ
    තමන්ගේ තාත්තගේ බඩ වැල් දාල තියන මල්ල පෙන්නල මේක ගෙනියන්නේ නැත්නම් 250 ඕනේ කියල කියද්දී
    මොන දරුවාටද උහුලා ගන්න පුළුවන්.:dull:
    පුදුම මොහොතකට මම මූණ දුන්නේ චූටි අය්යගේ මූණ දකිද්දී මට උහුලා
    ගන්න බැහැ.අර මිනිහ බලන් ඉන්නවා අපි මොකද කියන්නේ කියල බලාගෙන.ජීවිතේ අපි මොන තරම් තනිවෙනවද
    කියන ඒක මට හොදටම දැනුන මොහොතක් ඒක.අපි ආදරේ කරන හැම කෙනෙක්ගෙම ආදරේ ඕන වෙන වේලාවකදී
    ඒ වගේ තනි කමක් වගේම ඒ වගේ දුකක් කොහොමද දරා ගන්නේ.අපි මොන තරම් තනි වෙලාද ජීවිතේ
    තුලදී,අපි ලග ඉන්න හැම කෙනෙක්ම අපිට ඕනෑම වෙලාවේදී අපි ලග ඉන්න පුළුවන් තත්වෙක නැහැ
    නේද කියල මට දැනුන.තමන්ව ආදරෙන් බලාගත්ත තාත්තගේ ගල් ගැහුන මල කදයි ,තමන්ගේ තාත්තගේ අර දේවල්
    ටික ගෙනියනවද නැද්ද කියල අහන කෙනෙකුයි එක්ක තනි වෙන්න වෙද්දී අපි මොන තරම් සංසාරේ අසරණද
    කියල දැනෙනවා.මොන තරම් දුකක්ද අපි උහුලන් ඉන්නේ මේ සංසාරේ පුරාවටම.තව මොන තරම් මේ වගේ අපි
    අසරණ වේවිද කාත් කව්රුත්ම නැතිව.
    ********************************
    .එදා එයාට මම හිටිය ලග,එත් මට මේ වගේ කෙනෙක් ඉඳීවිද ඒ දවස මට
    උදා වෙද්දී?ඔයාලට ඉඳීද ඒ දවසට?මේ වගේ ආත්ම කීයක අපි තනි වේවිද ,අසරණ වේවිද?
    අපේ උදව්වට කෙනෙක් ඉඳීවිද?අපිව තේරුම් ගන්න කෙනෙක් ඉඳීවිද?කාගේ හරි පස්සේ වැටිලා යන්න
    කෙනෙක් ඉඳීවිද අපි සිහි විකල් වෙලා ඉන්න වෙලාවට අපේ අතින් අල්ලන් ?
    දුකට ඔලුව අත ගාල අඩන්න එපා කියන්න කෙනෙක් ඉඳීවිද?
    රු 250 ණයට දෙන්න කෙනෙක් ඉඳීවිද පර්ස් එක අතට අරන් ? :dull:


    මචන් මගේ තාත්ත නැති උනේ මම hospitel ඉන්න කොට තාත්ත නැති වෙලා මාසයක්ම යනකන් මම ඒ විත්තිය දැනගෙන හිටියේ නැ.ඒ වෙලාවේ මම විදපු දුක කාටවත් අත්වෙන්න එපා කියල මම ප්‍රර්ථනා කරනවා.ඒ වගේම මගේ සීය ඒ කියන්නේ තාත්තගේ තාත්ත එයා තම දන්නේ නැ එයාගේ පුතා ජීවතුන් අතර නැ කියල.තමන්ගේ තාත්ත නැති උනාට පස්සේ හිතට දැනෙන දේ කියන්න මට තේරෙන්නේ නැ.එත් එදාට තමන් මොන තත්වේ හිටියත් තමන් තනි වෙලා කියන හැගීම දැනෙන්නේ එතකොට.:(
     
    • Like
    Reactions: thushana

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඉන්න යාළුවා මම උත්තර දෙන්නම්..මම දැන් අවේ...මට තේරෙනවා ඔයාගේ දුක..
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මට කියන්න කිසිම දෙයක් නැහැ මචන්. මේ Thread එක බලල අදහසක් ගන්න තමයි තියෙන්නේ.ස්තුතියි මචන් මේ වගේ හොඳ Thread එකක් දැම්මට. :yes: