මෙව්වා එක

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න එක මහත්තයෙක් අලුතින්ම PC කට්ටක් ගෙදර ගෙනාව එක ප්‍රදර්ශනයකදී දැකල.............ඒ කාලේ ඉතින් PC එකක් කියන්නේ මැජික් බඩුවක් වගේ තමයි.............අපේ මිනිහත් ඉතින් ඕක දාගෙන දන්නා වැඩ නොදන්නා වැඩ ඔක්කොම ඕකෙන් ගන්න බලනවා............. කොහොමහරි මිනිහ බඩුව ගැන ෆුල් සැටිස්.............ඒ කියන්නේ පස්වනක් ප්‍රීතියෙන් ( නොදන්න කට්ටිය දැනගන්න පස්වනක් ප්‍රීතිය කියන්නේ ප්‍රීතිය X 5 ).............ඔය අතරේ මාස හයකට පස්සේ ඔය කොම්පියුටර් කොම්පැනිය හිතුව වෙළඳපොල සමීක්ෂණයක් කොරන්න කොම්පියුටර් ගත්ත අයගේ සැටිස් ලෙවෙල් එක ගැන.............ඉතින් ඒ කොම්පැනිය හැමෝගෙන්ම අහල ඇරිය ඒ අයගේ කොමෙන්ට්ස්.............

    අපේ මිනිහ මෙහෙම ලිවුවා ආපු ලියුම් කරදහියට රිප්ලයි හැටියට.............

    “ඔබලාගේ මැෂිම නම් අනර්ගයි,පැන්ටාස්ටික්.............ගහන හැම අකුරම ඉස්ක්රීන් එකේ එනවා හරි පුදුමයි.............මගේ කොල්ල නම් එකේ වෙන වෙන වැඩත් කොරනවා.............ඉන්ටෙර්කෝස් ද මොකක්ද එහෙකට ගිහින් මොකක්ද මොකක්ද කොරනවා.............මට නම් ඔය අනන් මනන් කොටන්න දැන් බැහැ මං වයසයිනේ.............මට තියෙන්නේ එක කොම්ප්ලේන් එකයි අර මැෂිමේ ඔයාල නොමිලේ හයි කරලා තිබ්බ මෙව්වා එක.............අර කෝප්ප රඳවනය අනේ (සින්හලෙන් කියනවා නම් cup holder එක).............තේ කෝප්පේ එක උඩ තියෙද්දී සුවිච් එක එබිලා මා අතින් කැඩුනානේ.............කරුණාකරලා එක නොකැඩෙන විදිහට අලුත් මැෂිම්වල හදන්ඩ හොඳඳ.............”

    හත්වලාමේ මේක දැක්කම මුළු කොම්පියුටර් කොම්පැනියම අන්ද කයිප්පු............. :eek::eek::eek::eek::shocked:

    “ඇයි දෙයියනේ අපි දුන්නේ නැනේ cup holder එකක් හයි කරලා.............මොකක්ද මේ අමුතු කෑල්ල කියල ගිහින් බලාගෙන වරෙන්” කියල කොම්පැනියේ ලොක්කා ගොබිලෙක් ඇරියා අර ගොය්යගේ ගෙදරට.............අනේ අපේ ගොයියාත් පෙන්නුවා කොම්පියුටරේ මෙව්වා එක.............

    කාලා වරෙන්කෝ කුම්බලා මාළු කියපියකෝ අපේ මිනිහා මේ කතාකරල තියෙන්නේ කොම්පියුටරේ CD ROM එකේ CD tray එක ගැනනේ.............එකේ මැද සිදුරේ තමයි අපේ මෑන්ගේ තේ කෝප්පේ තියල තියෙන්නේ.............



    උපුටා ගත්තේ http://tlr.thelastrow.net/archives/7554/
     

    liger

    Junior member
  • Apr 7, 2011
    190
    7
    18
    බැලුව නේද?

    මේක කියවපු හැමෝම cd rom එකේ කෑල්ල එලියට අරගෙන බැලුව නේද?:yes::yes::yes::yes::yes: