බෞද්ධ_ලිපි-පටිච්ච_සමුප්පාදය

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
බෞද්ධ_ලිපි-පටිච්ච_සමුප්පාදය

පටිච්ච සමුප්පාදය

පොඩ්ඩක් සිතුවාද ඔබ නිමක් නැති මේ සසර ගමන ගැන. එසේනම් ඔබ තවම සිටින්නේ ‍සසර නම් වූ ඒ අතිශය ඝොර බිරම් වූ ගොහොරු ‍මඩේ එරීගෙනය. චුට්ටක් සිතන්න මෙයින් ගැලැවෙන මග ගැන. සමහරවිට ඔබට ඒ සදහා කාලය නැතිවා වියහැකියි. නමුත් ප්‍රඥා වන්‍තයින් සදහාම දේශනා කලාවූ‍ බුදු දහමින් සිසිල විදින බොදුනුවෙක් වූ ඔබට මෙහිදී කාලය කෙසේවත් ප්‍රශ්නයක්නොවිය යුතුයි.
අතිශය දීර්‍ඝවු මේ සසර ගමන දෙස බලන කල වසර හැට හැත්තෑවකට සිමාවු අපගේ ජීවිත කාලය කෙතරම් අල්ප කාලයක් දැයි අවබෝධ කරගත හැකි වනුයේ ප්‍රඥාවන්තයින්ටම පමනි. පඤඤා ලෝකස්මිං පජ්ජතෝ

එහෙයිනි බුදු පියාණන් වහන්සේ දේශනා කොට ව‍දා‍ළේ

අවිද්‍යා‍‍‍‍ පච්චයා සංකාරා - පඥාව නොමැතිවීම සසරට හේතුවයි

සංකාර පච්චයා විඤඤාණ - සසර පැවැත්ම සදහා විඤඤාණ හෙවත් සත්වයාගේ හටගැනීම වේ

විඤඤාණ පචිචයා නාම රෑප - සත්වයා ගේ හටගැන්ම සමග නාම රෑප ඇතිවීම සිදුවේ

නාම රෑප පච්චයා සලායතන - නාම රෑප දෙක පවතින්නේ ඉන්ද්‍රිය සය සමග බද්ධ වීගෙනය

සලායතන පච්චයා ඵස්ස - ඉන්ද්‍රියන්ගේ ස්‍වභාවය නම් රූපාදියෙහි ගැටීමයි

ඵස්ස පච්චයා වේදනා - රූපාදියෙහි ගැටීම නිසා වින්දනය ට යොමුවේ

වේදනා පච්චයා තණ්හා - වින්දනයට යොමුවූ විට හටගන්නේ ආශාවයි

තණ්හා පච්චයා උපාදාන - ආශාව නිසා සිදුවන්නේ උපාදානය හෙවත් අල්වා ගැනීමයි

උපාදාන පච්චයා භව - එසේවූ රාගාදි ආශාව අලලාගත්කල නැවත සසර මගට හේතුවේ

භව පච්චයා ජාති,ජරා,ව්‍යාධි,මරණ,දුක්ඛ දොමනස්ස - සසර මගට වැටීම නිසා නැවත ඉපදිම,වයසට යෑම,ලෙඩවීම,මරණයට පත්වීම හා අනන්ත දුක් වේදනාවන්ට පත්වීම සිදුවේ

මෙයයි අප තිලොවග බුදුපියණන්වහන්සේ ණුවැනැතියන් සදහා දේශනා කොට වදාළ පටිච්ච සමුප්පාද ධර්‍මතාවය.

කියවු සැමට සම්මා සම්බුදු සරණයි.....!

-----------------------------------------------------
මට වටිනා ලිපි පෙලක් ලැබුනා ඔබත් මෙම ලිපි පෙල කියවා බලන්න.
-----------------------------------------------------

මගේ වෙනත් ලිපි

ජාතික_කොඩිය_ගැන ඔබ දන්නවාද ?

වීඩියෝ වර්ග

දැහැටි කූරු ගැන ඔබ දන්නවාද ?
 
hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
thawath tikak wistara kalanam wadat hodai. dannanwada මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි ධර්මතා හතරින් එකක් තමයි ඔයාගේ මේ ලිපියට මුල් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ දෙයක් අන් අය කියෙව්වත් නැතත් අඩු තරමේ බෙදා ගන්න හිත පහල වෙච්ච එකත් මතුවට ඔයාට පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න උපකාර වේවි.
 
  • Like
Reactions: Rana Rala

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
thawath tikak wistara kalanam wadat hodai. dannanwada මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි ධර්මතා හතරින් එකක් තමයි ඔයාගේ මේ ලිපියට මුල් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ දෙයක් අන් අය කියෙව්වත් නැතත් අඩු තරමේ බෙදා ගන්න හිත පහල වෙච්ච එකත් මතුවට ඔයාට පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න උපකාර වේවි.
ඔව් ඒ උනාට ඔයා හැර කවුරුත් බලලා නෑ නේ......
 
hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
ඔව් ඒ උනාට ඔයා හැර කවුරුත් බලලා නෑ නේ......

අනේ යාළුවා එහෙම කියන්නෙපා. මන් දාන ඒවත් කවුරුවත් බලන්නේ නෑ මන් හිතන්නේ. ඔයා බෞද්ධනම් දිගටම මේ දේවල් කරගෙන යන්න. කවුරුහරි කෙනෙක් ඒ දේවල් කියවයි. අඩු ගානේ එක් කෙනෙක් හරි. මමත් බුදුදහම පුහුණු කරන්න පටන් ගත්තෙ අනිත් අය අතහැරලා දාපු අයගෙන්. ඔයා බ්‍රහ්මජාල සූත්‍රය කියවන්න. ධෛර්යමත් වෙන්න. දිගින් දිගටම ලියන්න. එතකොට ඔයා‍ට හුඟක් ප්‍රයෝජන අත්වෙනවා.

වටිනා දේ වටිනාකම කොහොම වුනත් තියෙනවා. ඒ නිසා කියවන නොකියවන අය ගැන හිතන්න එපා. ඔයාගෙ යුතුකම ඉෂ්ට කරන්න.
 
බලමු.... ස්තුතියි......
 
ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    සංකාරා= සංස්කාර කියලයි මට බුද්ධාගම උගන්නන හාමුදුරුවෝ ඉගැන්නුවෙ. පොඩ්ඩක් බලන්න. මම බුද්දාගමට අලුත් නිසා මට වැරදෙන්නත් පුලුවන්..:confused:
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    සංකාරා= සංස්කාර කියලයි මට බුද්ධාගම උගන්නන හාමුදුරුවෝ ඉගැන්නුවෙ. පොඩ්ඩක් බලන්න. මම බුද්දාගමට අලුත් නිසා මට වැරදෙන්නත් පුලුවන්..:confused:
    සහෝ... මෙම අදහස් නම් නිවැරදියි
     
    vishaal

    Member
    May 19, 2011
    2
    2
    0
    සංකාරා= සංස්කාර කියලයි මට බුද්ධාගම උගන්නන හාමුදුරුවෝ ඉගැන්නුවෙ. පොඩ්ඩක් බලන්න. මම බුද්දාගමට අලුත් නිසා මට වැරදෙන්නත් පුලුවන්..:confused:

    හිටගෙනද?
     
    • Like
    Reactions: silentsahan

    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    අනේ යාළුවා එහෙම කියන්නෙපා. මන් දාන ඒවත් කවුරුවත් බලන්නේ නෑ මන් හිතන්නේ. ඔයා බෞද්ධනම් දිගටම මේ දේවල් කරගෙන යන්න. කවුරුහරි කෙනෙක් ඒ දේවල් කියවයි. අඩු ගානේ එක් කෙනෙක් හරි. මමත් බුදුදහම පුහුණු කරන්න පටන් ගත්තෙ අනිත් අය අතහැරලා දාපු අයගෙන්. ඔයා බ්‍රහ්මජාල සූත්‍රය කියවන්න. ධෛර්යමත් වෙන්න. දිගින් දිගටම ලියන්න. එතකොට ඔයා‍ට හුඟක් ප්‍රයෝජන අත්වෙනවා.

    වටිනා දේ වටිනාකම කොහොම වුනත් තියෙනවා. ඒ නිසා කියවන නොකියවන අය ගැන හිතන්න එපා. ඔයාගෙ යුතුකම ඉෂ්ට කරන්න.

    keep up da good work... api kiyawanawa.....