ජබොස් ලේන්...Updating

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ජබොස් ලේන්...[/FONT]

    [FONT=&quot]මම දිනූෂ වෙමි.. මෙහි මා මගේ නම පමණක් සත්‍ය ලෙස යොදා ගන්නේ ඇයි දැයි ඔබට ඉදිරියට වැටහෙනු ඇත. මෙය ලන්තයක් නොවේ... රජදහනක්ද නොවේ... චැට් ත්රෙඩ් එකක්ද නොවේ... ( ඕනෙ නං ඉතිං චැට් කලාට කමක් නෑ... හැබැයි මම ඕවට නෑ ඕන්... )
    මෙය ලේන් එකකි.. සිංහලෙන් කිව්වොත් මුඩුක්කුවක්, පටු පාරක් , වීදියක් වගේ ඒව්වා යොදා හැදින්විය හැක.. නෑ මේක පොඩි පාරක්... ගෙවල් කීපයක් තියෙනවා තමයි... ඒත් මේක පුද්ගලික පාරක්.... :)

    අපි වාසය කරන ඉඩම පිහිටි මේ වත්ත අතීතයේ ඒබරං නම් උ හෙන පොරකට අයත් වී තිබුන එකක් බව අපේ ආත්තම්මා පවසයි.... ආත්තම්මාට ඒබරං ගැන කථා කරනවිට ඇතිවන උජාරුව මගේ ‍.................... එක්කෙනා මම ගැන යාළුවන්ට කියද්දී ඇති වන උජාරුවට සමානයයි මගේ සූක්ශම ඇසට හසුවිය.... හා හා කමක් නෑ... ආච්චි උනත් ඒ ඒ වයසට ඒ ඒ වැඩ කරන්න ඕනෙ තමයි... ඒබරං උන් මම වගේ ඉන්න ඇති ඉස්සර... ඒක තමයි ආච්චිලාගේ සෙට් එක පිස්සු වැටෙන්න ඇත්තේ... හරියට දැන් කාලෙ නංගිලා මගේ පස්සෙන් එනවා වගේ.... බේරිල්ලක් නෑ මෙයා වෙලාවකට..

    හා හා .. ඒකෙන් වැඩක් නෑ... ඔය ඒබරං හීන් මැනිකා කියලා ලස්සන කෙල්ලෙක්ව කරකාරෙ එහෙම බැදලා.... යාන්තං දුසිම් භාගයක් හදා ගත්තාලු පරපුර රැක ගන්ට... පොඩ්ඩක් හෝව්... පොඩ්ඩක් හෝව්... යකෝ... හීන් මැනිකා කියන්නේ අපේ ආච්චි නේ... :shocked:

    ආ ඒක තමයි.... උඹලා හිතුවද අපේ ආච්චි ඒ කාලෙ කොල්ලො ගොඩක් එක්ක යාළු වෙලා ඉදලා තියෙනවා කියලා.... පිස්සු හැදෙයි.... ආච්චි එයාගේ මුනුබුරාගේ අඩි පාරේ ගිහින් නෑ....
    ආච්චිගෙ ෆස්ට් ලව් එකෙම්ම.. යාන්තන් අව්රුදු 17 වෙද්දි දීග ගිහිං...
    ඉදිං ඔය දෙන්නාට ළමයි 6 දෙනෙක් ඉදලා තියෙනවා.... හෝව්.... නෑ නෑ.... ඉදලා තියෙනවා නෙමෙයි ඉන්නවා..... අපේ තාත්තත් එක්කෙනෙක් නෙ බං... :)[/FONT]
    7.gif

    [FONT=&quot] ඒ හය දෙනා හැදෙන්නේ මෙහෙමයි. කොල්ලා.... කොල්ලා.... කොල්ලා... කෙල්ල.. කොල්ලා... කෙල්ල... ඕකෙං තුන් වෙනි එකා තමයි අපේ පියානෝ.. අනිත් අය මගේ නැන්දලා බාප්පා සහ මහප්පලා..... ( හා හා... දැං ඒ ජාතකේ ඇති )

    ඉතිං ඔන්න දැං ඔය හය දෙනා ලොකු වෙලා ලොකු වෙලා ලොකු වෙලා..............
    ආවලු කසාද බදින වයසට........ ඉස්සෙල්ලාම ලොක්කා බැන්දා..... එක්කන් ආවා කෙල්ලෙක්ව මහ ගෙදරට..... ඊලගට දෙවනියත් බැන්දා.... එක්කන් ආවා කෙල්ලෙක්ව මහ ගෙදරට..... ඊලගට අපේ වැඩකරු .... අපේ පියාණන් වහන්සේ.. බැන්දා..... එක්කන් ආවා කෙල්ලෙක්ව මහ ගෙදරට..... ඔය පළවෙනි එකා දෙවෙනි එකා බැදලා කෙල්ලො ගෙදරට එනකන් මිස්ටර් ඒබරං උන්නැහේ ... ඒ කියන්නේ අපේ සීයා... ඉවසගෙන ඉදලා තියෙනවා....
    පස්සෙ පස්සෙ....... දන්නෙ නැද්ද ඉතිං.... මිනිසා තමාගේ වර්ගයා බෝ කරන්ට ගත්තම ගෙවල් ඉඩ මදි වෙනවානේ..... සීයත් මේ වෙනකොට ටිකක් වයසක පොරක් නිසා රතු ඉර ගාවටම ගිහින් ඉදලා තියෙන්නේ..... ඇයි බං.... රෑට නිදා ගන්ට බෑ නොනා වාට්ටුවේ වගේ එකෙක් ඉවර වෙනකොට එකෙක් හූයියෝ .... ගානවා..... හා .... පොඩි උන් එහෙම තමයි..... රෑට අඩනවා...
    අඩන් නැතුව උන් මක්ක කොරන්ටද උන්නැහේ.... ආච්චිගේ කථාවට සීයා සරෙන්ඩර්... ( අන්න එතනදී පොර මම වගේ නෙවෙයි ) හා කමක් නෑ කියමුකෝ.. උදේට නිදා ගන්නවා....
    සීයා නිදෙයි උදේටත්.... දන ගගා වැටි වැටි ඇවිදින සේනාවක් ඇවිත් මෙන්න 1 වැඩේ සහ දෙක වැඩේ හරි ලස්සනට සීයාගේ පංචස්කන්ධය උඩ කරලා අතුල්ලලා යනවලු..... [/FONT]
    :shocked:
    [FONT=&quot] ඉවසන්න බෑ නේ මේ වැඩේ.... [/FONT]:growl:
    [FONT=&quot] යකෝ මම මැරෙනකං හරි හොදට ඉන්ඩ හිටපියව්කෝ කරන්ඩ හොද වැඩක් කියලා ... වත්ත පහල තිබ්බ ඕවිට එක්ක ... අක්කර පහක රබර් කෑල්ල.. ( කෑල්ල කිව්වේ ඉඩම ) විකුනලා
    ඔය ජම්බු ගස් වත්ත ( ඒ කියන්නේ මහ ගේ තිබ්බ විසාල වත්ත ) කෑලි හයකට බෙදලා...
    දරුවො හය දෙනාට ඒවා ලියලා ( ප්රාන භුක්තිය ඇතුව ) අර ඕවිටේ ඉඩම විකුණපු සල්ලි සමානව බෙදලා දීලා..... ඒ වෙච්ච මහන්සිය නිසා තුන් මාසෙන් හෘද අමාරුවක් ඇවිත් සතුටින් මිය පරලොව ගියාලු..... ඉතිං අපේ කට්ටියත් මොකද කලේ හම්බුන සල්ලි වලින් ගැහුවලු මාලිග වගේ ගෙවල් ඒ කාලෙ.... ( දැන් නං ටිකක් අව්ට් ඔෆ් ෆැශන් වගේ- -අපේ අම්මත් කියනවා )
    මහගේ තියෙන්නේ කෙරවලේ...... ඒ ගෙදර ඉන්නේ ආච්චී සහ වැඩට ඉන්න ළමයා....
    මහගෙදරට යන පාර දෙපැත්තෙන් ගෙවල් තුන ගානේ දෙපැත්තට ගෙවල් හයක් ඉදිවෙලා තියෙනවා.... මැදින් පාර.... ටිකක් හිතා ගන්න පුළුවන් වෙයි ‍නේද ???

    ජම්බු ගහ වත්ත..... ජම්බු ගස් පොලිමක් තියෙනවා... ඒකයි එහෙම නම වැටිලා තියෙන්නේ.... ජම්බු ගස් කියලා පොඩි කාලේ හරියට උච්චාරනය කරන්න අපහසු උන නිසා.... අපි කියලා තියෙන්නේ ජබුස් කියලා..... ඒකයි මම මේකට ජබොස් ලේන් කියලා දැම්‍මේ....

    මහප්පලාගේ ළමයි ගොඩාක් ලොකු අයියලා දැං... උන්ව අපිට සෙට් වෙන්නේ නෑ... එකෙක් මේ ලගදි බැන්දත් එක්ක.... අපි සෙට් එකේ 4ක් ඉන්නවා ( හතරයි )
    මම දිනුෂ ... අනිත් උන්ට මම කියන නම් වලින්ම දාන්නං... නැත්තං හොද නෑ නේ...
    රොටියා.... මතියා... පාන්...

    අපි සෙට් එක තමයි ජබොස් ලේන් එකේ වැඩර්ස් ලා... ඔක්කොම අව්රුද්දක් දෙකක් බැල වැඩිමල් අය.... රොටියා ඇන්ඩ් පාන් සහෝදරයෝ.... මතියා නැන්දාගේ පුතා..

    ආ තව එක්කෙනෙක් ඉන්නවා..... එයාගේ නම........................................ ( අපි ආදරේට කියන්නේ සුදු චූටි කියලා ) ඒ අපේ චූටි නැන්දාගේ (ඔළුව)ලොකු දුව... එයා අපි එක්ක වැඩිය නෑ... එයා මොඩිලින් වලට කැමතියි කියලා කියනවා.... මල පොතේ කවර් පේජ් එකවත් තවම එයාගෙ ෆොටෝ එකකින් හැඩ වෙලා නං නෑ....

    හරි හරි ඔන්න මම අපේ අලගිය වැලගිය ( මලගිය ) තැන් ටික කෙටියෙන් සමාලෝචනය කලා...

    මම මේ නූලෙන් ඔයාලා එක්ක දිගටම බෙදා ගන්නේ අපිට උන සීන්... අපි කරපු දේවල් ... මගේ කථා සහ මගේ යාළුවන්ගේ කථා.... හැම වෙලාවෙම ඉඩක් තිබ්බොත් ලියන්නම්.....
    [/FONT]
    [FONT=&quot]

    හරි.... ඔන්න පටන් ගත්තා...

    [/FONT]


    [FONT=&quot]ජබොස් ලේන්...[/FONT]



     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කථා අංක එක.... උපන්දින පාටිය

    කථා අංක එක.... උපන්දින පාටිය

    [FONT=&quot]මේක අපි පොඩි කාලෙ උන කථාවක්.... [/FONT]
    [FONT=&quot]
    ඔන්න දවසක් අපි හතර දෙනා සෙල්ලං කර කර ඉන්නකොට අම්මේ කියාගෙන නැන්දාගේ ලොකු දුව දුවගෙන ගියා ගෙට...... හොදට හිටිය ඒ අක්කට මොන මල යකා ගැහුවද කියලා බලාන්ට අපිත් දිව්වා රොයිටර්ලා වගේ ගෙට.... අම්මටසිරි අපි යනකොට නැන්දා හිටු කියලා ගෙවල් දොරවල් වහනවා.... මතියටත් කට තියං ඉන්ඩම බෑ නෙ... ගත් කටටම උ අහපි ... නැන්දෙ තාම ලෑ වෙලා නැතුව මොතද ඔය දනෙල් දොලවල් වහන්නෙ??? මදුරු හප්පියො එනවටද නැන්දෙ.... ?

    තොට වැඩක් නෑ නෙ ඒවා... ගෙහිං එන්න කියාපිය අම්මන්ඩිට... ඔය අනිත් තුන් කට්ටුවටත් එක්ක කීවෙ මං..... නැන්දා අන දුන්නා....

    මේ මොන ගිනි විජ්ජුම්බරයක්ද බං මේ වෙන්න යන්නේ .. අද ජාතික මව් වරුන්ගේ සමුළුවද ??
    මවි කිරි දිනයද ?? ( එහෙම එකක් නෑ නෙ ) මව් පිය උපහාරද ?? ( ඒක හැමදාම වෙනවා නේ .. තාත්තා වැඩ ඇරිලා ගෙදර ආවාම ) මොකක්ද මේ ‍සීන් එක....
    මමත් ඕන ඝන සෙන්ටිමීටරයක් වෙන්ටයි කියලා ගිහිං කිව්වා අපේ අම්මට... අම්මත් ඉතිං පනිවිඩ කාරයගෙං ව්ස්තර ටිකක් අහලා එහෙම... කරුනු කාරනා ටිකක් දැනගෙන ... මව් යානය පිකප් වෙලා ඇරියා හැටට හැටේ නැන්දලාගෙ ගෙදරට. අප්පා.. එදා හවස් වෙනකම්ම මව්වරු ඔක්කෝම නැන්දාගේ ගේ ඇතුලේ.... කිසි හාවක් හූවක් නෑ.... දොර ජනෙල් වහගෙන... මොන ගිනි විජ්ජුම්බරයක් කරනවාද මන්දා... අපි හතර දෙනාටත් හෙන අප්සට් වැඩේට...
    මෙතන මොකක් වෙන්ට ඇතිද ? අපි හතර දෙනා අපේ නිගමන ඉදිරිපත් කලා...

    මතියා කියනවා... අල අක්කා දූගෙන දූගෙන ගිහිං සිහි නැති වෙලා ඇති.. අම්මලා තික අක්කත සීය ගන්ට ට්රයි කරනවා ඇති....

    පාං කියනවා... නෑ නෑ... අක්කා අක්කට තාත්තා ගෙනත් දීපු ටොපි ටික කනවා ඇති... තනියෙං කන්ඩ හොද නැති හින්දා දමයි අම්මලාව ගෙන්නගෙන තියෙන්නේ.... අනේ අම්මපා මෙහෙමත් අම්මලා අක්කලා....අපිට තමයි පැනිරස හොද නෑ... දත් පනුවො කනවා කිය කිය කෑ ගහන්නේ.... එතකොට ඒ අයගෙ දත් පනුවො කන්නේ නෑ... උන්ගේ දත් යකඩ.... අනෙ මගෙ කට...

    රොටියා ටිකක් අභිරහස් වලට කැමති පොර... උ ගත් කටටම කිව්වා... ‍අක්කා වත්ත පහල දැක්ක කෘර මිනීමරුවෙක් එක්ක දරුණු සටනක් කරලා ජය අරං ගෙදර ඇවිත් දැං රස කර කර අම්මලාට කියනවා ඇති..... අනේ මටත් යන්න තිබ්බා නං...

    මම කොහොමත් ඉස්සර ඉදංම ඔය හතර දෙනාගෙං යමක් කමක් දන්න , විද්වත් , උගත් මනසක් තියෙන පොර නේ... කොහොමත් පොඩි කාලේ කියලා වෙනසක් නෑ..... දුන්නා ලෙක්චර් එකක් මම.... අඩෝ... ඕවා එකක් වත් නෙවෙයි බං.....අර රූපවාහි‍නියේ යන්නේ ඉස්පෙල්බයින්ඩර්....
    අන්න ඒකෙ ලෝක වලට මාරු වෙන ගැජට් එක හම්බෙලා ඔය අක්කට.... තනියෙං යන්ඩ බැරි නිසයි අම්මලා සෙට් එකත් එක්ක ගියෙ... දැං ඉතිං අශ්කා ගිනි බෝල ගහනවා ඇති හිටු කියලා අපේ කට්ටිය‍ට..... ඔන්න සන් වත් හිටියා නං මට ශේප් එකක් දාලා දෙන්න තිබ්බා... උත් නෑ වෙලාවටම මේ ටිකේ.... නිවාඩු ගිහිං...
    මල්ලිලා..... ඔන්න අද ඉදං අපි බේරුනා... උදෙම්ම නැගිටින්න ඕනෙ නෑ... දත් මදින්න ඕනෙ නෑ... මූන හෝද හොද ඉස්කෝලෙ යන්ඩ ලෑස්ති වෙන්න ඕනෙ නෑ.... තාත්තලා වගේ අර කූරු ජාතිය කඩෙන් ගෙනල්ලා බෝතලේ තියෙන වතුර බොන්න පුළුවන් චියර්ස් කියලා... යේ.............................. ජය වේවා....

    [/FONT]​
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    2

    2.

    [FONT=&quot]ජය වේවා.... ජය වේවා.... ජය වේවා.... ජය වේවා.... කිය කිය අපි නැන්දාගේ මිදුලේ විකාර කරමින් පිස්සු නැටුවෙමු..... හදිසියෙන්ම නිවසේ ජනේලයක් විවර විය... [/FONT]
    [FONT=&quot]ළමයිනේ.. උඹලට වෙන තැනක් නැද්ද ඔය සෙල්ලම කොරන්ඩ.... පලයව් මෙතනිං අපි මෙතන ලොකු වැඩක්.... ජනේලයෙන් නික්මුන ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයෙන් අපේ කකුල් වලට බලය ලැබුන නිසා වේගයෙන් ඈතට දිව යාමට අප සමත් වූ අතර.... දිවීමෙන් තර්ක සේදී යාමේ විලි ලැජ්ජාවද වසා ගත්තෙමු...

    ඇත්තටම මෙතන මොකක්ද වෙලා ‍තියෙන්නේ.... අපි කාගෙන් අහලද මේක දැන ගන්නේ...
    අළුතෙන් හටගත් මේ ප්රස්නය හතර වසරේ හිටපු අපි හතර දෙනාට හෙන අව්ලක් බවට පරිවර්ථනය වී තිබුනි.. කමක් නෑ අපි හොයාගමු මල්ලිලා... ඔය වගේ වැඩද අපි පොඩි කාලෙ ඉදං කලේ.. [/FONT]


    [FONT=&quot]එදා රෑ අපේ ලේන් එකම අමුතුම සිරියකින් ඇලලී ගියේය... මාරයි මචං... හිතා ගන්නවත් බෑ...
    ලොකු අයියා උනු උනුවේ සල්ලි දීලා ගත්ත වසන්තයේ සීඩී එක අළුත්ම අළුත් සීඩී ප්‍ලේයර් එකේ සද්දෙට දැම්මේය... තාත්තලා ... බාප්පලා.... හිටු කියලා දේවාල සොයා ගියහ....
    අපේ ගෙදර උදවිය දේවාල කළමනා පිලිගැන්වීමට බයිට් සකස් කලහ....
    අම්මටසිරි... එදා ඉදං දවස් හතක් යනකං අපි මාරම මාර හේතුවක් දන්නෙ නැති අමුතුම සතුටකින් අලලී ගිහිං හිටියේ... රෑ වෙලා ඔහොම පාටි දැම්මට... දවල්ට ඔක්කොම ගිනි කසයො වගේ වැඩ.. නැන්දා ගේ විකුනලා කොහෙ හරි යන්නවත් හදනවාද මන්දා.... ගේ පේන්ට් කරනවා.. පොලිෂ් කරනවා... මකුලු දැල් කඩනවා... ජනෙල් හදනවා... කර්ටන් අළුතෙන් දානවා... ඉස්තෝප්පු කෑල්ලට ටයිල් අල්ලනවා... කොටින්ම කියනවා නං මුළු ගේම අළුත් කරනවා.... හැබැයි අපිට වැඩිය ඔය ගෙදර පැත්තට යාම තහනම්...
    ගියත් නැන්දාගේ මහ කාමරේට යන්න බෑ.... ඒත් යකෝ අපිට වඩා බාල අර හොටු කෙල්ලන්ටත් යන්ඩ දෙනවා.... ආච්චිත් යනවා... අම්මලත් යනවා.... අල්ලපු ගෙදර අක්කලා නංගිලාත් ගියා....
    මතියාගේ ගනන් හිලව් වලට අනූව ගතඋන පැය විසිහතර ඇතුලත ලේන් එකේ වැඩිම කාන්තා පැමිනීම සටහන් වෙන්නේ නැන්දාගේ ගෙදර මේන් බෙඩ් රූම් එකෙන්..
    අපිට විතරක් නෙවෙයි... අසරන අපේ තා‍ත්තලාටත්... බාප්පලාටත් .... අහල පහල පිරිමින්ටත් එහි යාම තහනම්....

    අවසාන දින කීපයේදී ... ඉවසනු බැරි තැන උමතුව ඒ ‍මේ අත දිව ගියා....... වගේ මමත් තීරනය කලා තනි ගේමක් දීලා මොකක්ද සීන් එක කියලා හොයා ගන්න...
    හා හා ... පටන් ගත්තා අම්මගෙන්ම...
    අම්මේ........
    ඇයි පුතේ....
    ඇයි අම්මේ අපිට නැන්දගේ ගෙදරට වැඩිය යන්න දෙන්නේ නැත්තේ... ?
    ආ...... ලොකු අක්කගේ උපන් දිනයක් නේ පුතේ....... ඒකයි ඔය...
    ඉතිං බං අම්මේ.... මේක හෙන මගුලක් නේ.. අපිත් එක්නේ ඔය උපන්දින...අපිට උපන්දින ආවම එක දවසින් ඉවරයි... අනික ඕනෙම කෙනෙක්ට අපේ ගෙදර එන්ඩත් දෙනවා....
    අපිට එහෙම නොකර අක්කට විතරක් එහෙම කරන්ඩ ඔට්ටු නෑ නේද ?? ඇයි අක්කා ලොකුද ?

    කට කොනින් ගිය සිනාවකිං ...... ඔව් ලොකුයි... දැං මගෙ පුත්තරයා වැඩි කථා නැතුව ගිහිං වැඩක් බලා ගත්තොත් හොදයි.... මට වැඩ ‍ගොඩාක් තියෙනවා කරලා ඉවර කරන්න....[/FONT]

    [FONT=&quot]
    අම්මා ගියාය... ඇයි අම්මා එහෙම කිව්වේ.... හැබැයි ආරම්භය නරක නෑ.... දැං මම දන්නවා අක්කව තමයි කාමරේට දාලා වහලා තියෙන්නේ කියලා... හේතුව උපන්දිනය නිසා...

    කොල්ලන්ට එක දවසින් ඉවර උනාට කෙල්ලන්ට දවස් ගානක් යනකං උපන්දින ගන්නවා ඇති.... [/FONT]
    :growl:
    :frown:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    3.

    [FONT=&quot]අනේ දෙයියනේ මමත් එහෙම කෙනෙක් උනා නං... එහෙනං මටත් තිබ්බා දවස් ගානක් තෑගි අරගන්න හැමෝගෙන්ම.... ශික්.... අපරාදෙ...

    දෙවනුව මම ගියේ ඒ කාලය වන විට ඉස්කෝලේ ලොකු පන්තියක ඉගෙන ගන්න... ඔළුව ලොකු පන්ඩිත ලොකු අයියා වෙතටයි....

    අයියේ.....
    හ්ම්.......
    අයියේ....
    හ්ම් හම්.....
    මේ.......
    කියපං... අහගෙන ඉන්නේ...
    මේ.... මට කියනවද ....
    ඔව් කියපං.... මොකක්ද දැනගන්න ඕනෙ..
    මට කියනවකෝ ඇයි අර අක්කාගේ උපන්දිනේ දවස් ගානක් ගන්නේ කියලා ?

    අම්මා අයියට කලින්ම අනතුරු අගවලාද කොහෙද... මම උගෙනුත් ඕක අහයි කියලා... අම්මා වගේම කට කොනකින් හිනා වෙලා උ කියාපි.... අක්කා ජම්බු ගහෙං වැටිලා... ඒකයි ඔය...

    [/FONT]

    [FONT=&quot]අප්පා එහෙමද.... කොයි ගහෙන්ද අයියේ.. ?? අර උස එකෙන්ද ??

    හ්ම්... ඔව් ඔව්... ඒකෙන් වෙන්න ඇති....

    හුටා..... පව් නේද බං ඒ අක්කා........

    බං..... තෝ කාටද උලමෝ බං කීවෙ.... ?

    නෑ අයියෙ මම දැං යන්නං...

    අයිය‍ාගේ කෝපාවිශ්ඨය අව්ස්සනු අකමැති නිසා මිස මා උට බය නිසා නොවේ මා උගේ කාමරෙන් පිට උනේ...

    හරි... දැං මම දන්නවා සීන් එක.... අක්කා අර ජම්බු ගස් පේලියේ මැද තියෙන උස ගහේ ජම්බු කඩන්න ගිහිං .... කකුල ලිස්සලා බිමට වැටිලා.... දැං හෙන අමාරුයිලු... එයාව සන්තෝස කරන්න තමයි ඔය ගෙදර අය එයාගෙ උපන්දිනේ ලොකුවට ගන්නේ..... අපේ හතර දෙනාට මම මේ කථාව රස කර කර කියද්දි උන්ටත් මාර කේන්තියි මට වගේ.... ඇයි යකෝ අපිටත් මේ වගේ උපන්දින තිබ්බා නං ශෝක නේ.....

    පාන් අඩන්න ගත්තා හූ තියලා.... උ පොඩි එකා නේ... උ කොහොමත් හෙන අව්ල් යනවා උට නොදී අපි මොනවා හරි කෑවොත්.... ඉතිං උට ගන්නෙ නැතුව අක්කට ලොකු උපන්දින පාටියක් ගත්තම උ අව්ල් යන එක අහන්නත් දෙයක්ද.....

    ඔන්න එතකොට තමයි මට ගණදෙවි නුවන පහල උනේ......
    පාන්ටත් අක්කා වගේම උපන්දින ගන්න පුළුවන්... පොඩි දෙයයි කරන්ඩ තියෙන්නේ....

    [/FONT]

    [FONT=&quot]පාන්වත් ජම්බු ගහකින් වට්ටමු.... [/FONT]:shocked:[FONT=&quot]

    [/FONT]
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    4.

    [FONT=&quot]කොහොමද මගෙ අදහස..... කට්ටියටම මාර හැපි.... උන් ඔක්කොම දිව්වා මාවත් දාලා ජම්බු ගස් පේලිය ලගට....... හිටු යකෝ මාව දාලා කොහෙද තොපි යන්නේ.... මම බැන බැන උන් ලගට යද්දිත් පාන් ගහේ බාගයක් දුර නැගලා.....
    වැඩි වෙලාවක් යන්ඩ කලින් පානා මුදුනටම නැග්ගා.... යකෝ මූව ජම්බු කඩන්න කියලා ජීවිතේට ඔය ගහේ මුදුනට යවන්ඩ බෑ.... ඒකට අද.... තෑගි ගන්ඩ තියෙන ආසාවනේ.... හා කමක් නෑ.... පානො... උඹට ලැබෙන තෑගි වලින් වැඩි හරිය මටත් දියං හොදේ...

    කියලා කට ගන්ඩ උනේ නෑ... බුදු අම්මෝ කියාගෙන උවත් ලිස්සු‍වා ගහෙන්..... හරී... පානුත් ජම්බු ගහෙන් වැටුනා.... උව නං බොරුවට ‍ෙනවෙයි ඇත්තටම ගහෙං වැටුනා.... හරිම තාත්විකයි... හැබැයි පොඩි අව්ලක් කියන්නේ අර අක්කා වගේ මූ නැගිටලා අම්මේ කියාගෙන දිව්වේ නෑ... ආවු.... රිදෙනවා රිදෙනවා ..... උයි ...... අම්මේ......... ! කිය කිය උ බිම නිදාගෙනම අඩනවා....... උගෙ අතකුත් අනිත් පැත්තට කැරකිලා.....

    මටයි.. රොටියාටයි මතියාටයි මාර සන්තොසයි... සතුට වැඩිකමට අපි පාන්ව උස්සගෙන දිව්වෙ උගෙ අම්මා ලගට....
    නැන්දේ .. නැන්දේ...... මෙන්න පාන් වැටුවා ජම්බු ගහෙන්..... හුරේ... අක්කට වගේ පාන්ටත් පාටියක් දාමු ..... නැන්දේ.....

    නැන්දේ.. නැන්දේ...... අපි තාලෙට කිව්වා මිදුලෙ ඉදං....
    අයියෝ මගෙ පුතා...........................!!!!!
    මෙන්න නැන්දයි මාමයි දෙන්නම එනවා හිටු කියලා......... !
    ආපු ගමන් බැලුවා පාන් ව චෙක් කරලා.... හුටා.. අතක් කැඩිලා ද කොහෙද.... හා හා ... මල්ලියෙ ගනිං ඔය වාහනේ... යමු යමු ඉක්මනට ඉස්පිරිතාලේ....

    මලා..... උගෙ අතක් කැඩිලා.... උගෙ නං අතක් කැඩිලා ශේප්..... අපේ අතපය හතරම කැඩෙනකං වේවැල් කසාය හමුබුනා රිදෙන්න.... කොච්චර කිව්වත් නතර කලේම නෑ ගෙදර උදවිය....
    අයි යකුනේ මේ තලන්නේ..... මොන වරදක් කලාටද.... අපිට ඕන උනේ පාටියක් ගන්න පාන්ටත්..... තෑගි ගන්න....

    තෑගි... තෑගි... දෙන්නං තොපිට තෑගි..... අම්මා දෙහි කපනවා හෝ ගාලා....



    පහුවදා නෙවෙයි... ඊටත් පහුවදා පාන්ව ගෙදර එක්කන් ආවා.... හොදට තිබ්බ එක අඩුවක් සුදු පාට මහත ගොනියක් වගේ එකකින් වෙලලා... බෙල්ලට තියලා ගැටගහලා..... පව්... උගෙ මූනෙ කිසිම පාටි ගතියක් තිබ්බෙ නෑ...
    පාන් ලෙඩ නිසා අපිටත් ලෙඩ වගේ.... හැබැයි දවස් හතරකින් විතර අක්කා එළියට ආවා.....
    එයාට කොටහළුද මොකක්ද එකක් වෙලා නිසාලු ගේ ඇතුලෙ ඉදලා තියෙන්නේ.......
    පාටි දාලා.... අක්කා එලියට ආවා....

    මේ කරපු වැඩේට හොද වැඩක් කරන්නං කියලා කථා වෙච්ච අපි ...
    අර බූරු මෝඩ පිස්සු අයියාගේ වසන්තයේ සීඩී එක හොරකං කරලා .... ලැට් වලට දාලා... යට යනකං වතුර දැම්මා.... ..
    [/FONT]
    ;)


    ඉවරයි.
    [FONT=&quot]
    [/FONT]
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ශා........................ නියමයිනෙ.. ශොක් කාතාව.. කමක් නැද්ද පොස්ට් එකක් දැන්මට මැද්දෙන් :rolleyes:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මමනම් ඔය පාරවල් ගානේ රාස්තියාදු ගහන්නේ නැ.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ශා........................ නියමයිනෙ.. ශොක් කාතාව.. කමක් නැද්ද පොස්ට් එකක් දැන්මට මැද්දෙන් :rolleyes:
    uya dammata kamak naha ane
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ශා........................ නියමයිනෙ.. ශොක් කාතාව.. කමක් නැද්ද පොස්ට් එකක් දැන්මට මැද්දෙන් :rolleyes:


    තෑන්ක්ස්..:):)

    කමක් නෑ... කථාව ඉවරයි නේ....
    දැං පොස්ට්ස් දාන්න.....
    මේකෙම තමයි දැං පොස්ට්ස් දාන්නෙත්... :):)