[FONT="]
[/FONT]
[FONT="]මම දිනූෂ වෙමි.. මෙහි මා මගේ නම පමණක් සත්‍ය ලෙස යොදා ගන්නේ ඇයි දැයි ඔබට ඉදිරියට වැටහෙනු ඇත. මෙය ලන්තයක් නොවේ... රජදහනක්ද නොවේ... චැට් ත්‍රෙඩ් එකක්ද නොවේ... ( ඕනෙ නං ඉතිං චැට් කලාට කමක් නෑ... හැබැයි මම ඕවට නෑ ඕන්... )
මෙය ලේන් එකකි.. සිංහලෙන් කිව්වොත් මුඩුක්කුවක්, පටු පාරක් , වීදියක් වගේ ඒව්වා යොදා හැදින්විය හැක.. නෑ මේක පොඩි පාරක්... ගෙවල් කීපයක් තියෙනවා තමයි... ඒත් මේක පුද්ගලික පාරක්....
අපි වාසය කරන ඉඩම පිහිටි මේ වත්ත අතීතයේ ඒබරං නම් උ හෙන පොරකට අයත් වී තිබුන එකක් බව අපේ ආත්තම්මා පවසයි.... ආත්තම්මාට ඒබරං ගැන කථා කරනවිට ඇතිවන උජාරුව මගේ .................... එක්කෙනා මම ගැන යාළුවන්ට කියද්දී ඇති වන උජාරුවට සමානයයි මගේ සූක්ශම ඇසට හසුවිය.... හා හා කමක් නෑ... ආච්චි උනත් ඒ ඒ වයසට ඒ ඒ වැඩ කරන්න ඕනෙ තමයි... ඒබරං උන් මම වගේ ඉන්න ඇති ඉස්සර... ඒක තමයි ආච්චිලාගේ සෙට් එක පිස්සු වැටෙන්න ඇත්තේ... හරියට දැන් කාලෙ නංගිලා මගේ පස්සෙන් එනවා වගේ.... බේරිල්ලක් නෑ මෙයා වෙලාවකට..
හා හා .. ඒකෙන් වැඩක් නෑ... ඔය ඒබරං හීන් මැනිකා කියලා ලස්සන කෙල්ලෙක්ව කරකාරෙ එහෙම බැදලා.... යාන්තං දුසිම් භාගයක් හදා ගත්තාලු පරපුර රැක ගන්ට... පොඩ්ඩක් හෝව්... පොඩ්ඩක් හෝව්... යකෝ... හීන් මැනිකා කියන්නේ අපේ ආච්චි නේ...
ආ ඒක තමයි.... උඹලා හිතුවද අපේ ආච්චි ඒ කාලෙ කොල්ලො ගොඩක් එක්ක යාළු වෙලා ඉදලා තියෙනවා කියලා.... පිස්සු හැදෙයි.... ආච්චි එයාගේ මුනුබුරාගේ අඩි පාරේ ගිහින් නෑ....
ආච්චිගෙ ෆස්ට් ලව් එකෙම්ම.. යාන්තන් අව්රුදු 17 වෙද්දි දීග ගිහිං...
ඉදිං ඔය දෙන්නාට ළමයි 6 දෙනෙක් ඉදලා තියෙනවා.... හෝව්.... නෑ නෑ.... ඉදලා තියෙනවා නෙමෙයි ඉන්නවා..... අපේ තාත්තත් එක්කෙනෙක් නෙ බං...
[/FONT]
[FONT="] ඒ හය දෙනා හැදෙන්නේ මෙහෙමයි. කොල්ලා.... කොල්ලා.... කොල්ලා... කෙල්ල.. කොල්ලා... කෙල්ල... ඕකෙං තුන් වෙනි එකා තමයි අපේ පියානෝ.. අනිත් අය මගේ නැන්දලා බාප්පා සහ මහප්පලා..... ( හා හා... දැං ඒ ජාතකේ ඇති )
ඉතිං ඔන්න දැං ඔය හය දෙනා ලොකු වෙලා ලොකු වෙලා ලොකු වෙලා..............
ආවලු කසාද බදින වයසට........ ඉස්සෙල්ලාම ලොක්කා බැන්දා..... එක්කන් ආවා කෙල්ලෙක්ව මහ ගෙදරට..... ඊලගට දෙවනියත් බැන්දා.... එක්කන් ආවා කෙල්ලෙක්ව මහ ගෙදරට..... ඊලගට අපේ වැඩකරු .... අපේ පියාණන් වහන්සේ.. බැන්දා..... එක්කන් ආවා කෙල්ලෙක්ව මහ ගෙදරට..... ඔය පළවෙනි එකා දෙවෙනි එකා බැදලා කෙල්ලො ගෙදරට එනකන් මිස්ටර් ඒබරං උන්නැහේ ... ඒ කියන්නේ අපේ සීයා... ඉවසගෙන ඉදලා තියෙනවා....
පස්සෙ පස්සෙ....... දන්නෙ නැද්ද ඉතිං.... මිනිසා තමාගේ වර්ගයා බෝ කරන්ට ගත්තම ගෙවල් ඉඩ මදි වෙනවානේ..... සීයත් මේ වෙනකොට ටිකක් වයසක පොරක් නිසා රතු ඉර ගාවටම ගිහින් ඉදලා තියෙන්නේ..... ඇයි බං.... රෑට නිදා ගන්ට බෑ නොනා වාට්ටුවේ වගේ එකෙක් ඉවර වෙනකොට එකෙක් හූයියෝ .... ගානවා..... හා .... පොඩි උන් එහෙම තමයි..... රෑට අඩනවා...
අඩන් නැතුව උන් මක්ක කොරන්ටද උන්නැහේ.... ආච්චිගේ කථාවට සීයා සරෙන්ඩර්... ( අන්න එතනදී පොර මම වගේ නෙවෙයි ) හා කමක් නෑ කියමුකෝ.. උදේට නිදා ගන්නවා....
සීයා නිදෙයි උදේටත්.... දන ගගා වැටි වැටි ඇවිදින සේනාවක් ඇවිත් මෙන්න 1 වැඩේ සහ දෙක වැඩේ හරි ලස්සනට සීයාගේ පංචස්කන්ධය උඩ කරලා අතුල්ලලා යනවලු..... [/FONT]
[FONT="] ඉවසන්න බෑ නේ මේ වැඩේ.... [/FONT]
[FONT="] යකෝ මම මැරෙනකං හරි හොදට ඉන්ඩ හිටපියව්කෝ කරන්ඩ හොද වැඩක් කියලා ... වත්ත පහල තිබ්බ ඕවිට එක්ක ... අක්කර පහක රබර් කෑල්ල.. ( කෑල්ල කිව්වේ ඉඩම ) විකුනලා
ඔය ජම්බු ගස් වත්ත ( ඒ කියන්නේ මහ ගේ තිබ්බ විසාල වත්ත ) කෑලි හයකට බෙදලා...
දරුවො හය දෙනාට ඒවා ලියලා ( ප්‍රාන භුක්තිය ඇතුව ) අර ඕවිටේ ඉඩම විකුණපු සල්ලි සමානව බෙදලා දීලා..... ඒ වෙච්ච මහන්සිය නිසා තුන් මාසෙන් හෘද අමාරුවක් ඇවිත් සතුටින් මිය පරලොව ගියාලු..... ඉතිං අපේ කට්ටියත් මොකද කලේ හම්බුන සල්ලි වලින් ගැහුවලු මාලිග වගේ ගෙවල් ඒ කාලෙ.... ( දැන් නං ටිකක් අව්ට් ඔෆ් ෆැශන් වගේ- -අපේ අම්මත් කියනවා )
මහගේ තියෙන්නේ කෙරවලේ...... ඒ ගෙදර ඉන්නේ ආච්චී සහ වැඩට ඉන්න ළමයා....
මහගෙදරට යන පාර දෙපැත්තෙන් ගෙවල් තුන ගානේ දෙපැත්තට ගෙවල් හයක් ඉදිවෙලා තියෙනවා.... මැදින් පාර.... ටිකක් හිතා ගන්න පුළුවන් වෙයි නේද ???
ජම්බු ගහ වත්ත..... ජම්බු ගස් පොලිමක් තියෙනවා... ඒකයි එහෙම නම වැටිලා තියෙන්නේ.... ජම්බු ගස් කියලා පොඩි කාලේ හරියට උච්චාරනය කරන්න අපහසු උන නිසා.... අපි කියලා තියෙන්නේ ජබුස් කියලා..... ඒකයි මම මේකට ජබොස් ලේන් කියලා දැම්මේ....
මහප්පලාගේ ළමයි ගොඩාක් ලොකු අයියලා දැං... උන්ව අපිට සෙට් වෙන්නේ නෑ... එකෙක් මේ ලගදි බැන්දත් එක්ක.... අපි සෙට් එකේ 4ක් ඉන්නවා ( හතරයි )
මම දිනුෂ ... අනිත් උන්ට මම කියන නම් වලින්ම දාන්නං... නැත්තං හොද නෑ නේ...
රොටියා.... මතියා... පාන්...
අපි සෙට් එක තමයි ජබොස් ලේන් එකේ වැඩර්ස් ලා... ඔක්කොම අව්රුද්දක් දෙකක් බැල වැඩිමල් අය.... රොටියා ඇන්ඩ් පාන් සහෝදරයෝ.... මතියා නැන්දාගේ පුතා..
ආ තව එක්කෙනෙක් ඉන්නවා..... එයාගේ නම........................................ ( අපි ආදරේට කියන්නේ සුදු චූටි කියලා ) ඒ අපේ චූටි නැන්දාගේ (ඔළුව)ලොකු දුව... එයා අපි එක්ක වැඩිය නෑ... එයා මොඩිලින් වලට කැමතියි කියලා කියනවා.... මල පොතේ කවර් පේජ් එකවත් තවම එයාගෙ ෆොටෝ එකකින් හැඩ වෙලා නං නෑ....
හරි හරි ඔන්න මම අපේ අලගිය වැලගිය ( මලගිය ) තැන් ටික කෙටියෙන් සමාලෝචනය කලා...
මම මේ නූලෙන් ඔයාලා එක්ක දිගටම බෙදා ගන්නේ අපිට උන සීන්... අපි කරපු දේවල් ... මගේ කථා සහ මගේ යාළුවන්ගේ කථා.... හැම වෙලාවෙම ඉඩක් තිබ්බොත් ලියන්නම්.....
[/FONT][FONT="]
හරි.... ඔන්න පටන් ගත්තා...
[/FONT]
[/FONT]
[FONT="]ජබොස් ලේන්...[/FONT]

Last edited: