මචං රෙප් කැපුවට ඇත්ත බොරු කරන්නවත් බොරුව ඇත්ත කරන්නවත් බෑ. උඹල දන්නවා මම ලේසියෙන් කෙනෙකුට අදින්නේ නෑ. ඇද්දොත් ඉතින් ලේසි වෙන්නෙත් නෑ. මම මෙතෙක් ඇදල තියෙන්නේ දෙන්නෙකුට විතරයි. ඒ ඉතාමත් යුක්ති යුක්ත කාරණාවලට. මම පහර දෙන්නේ ආගම් වලට හෝ ශාස්තෘවරුන්ට නෙවෙයි. පුද්ගලානුබද්ධ පාහර කම් වලට. සමහර පුද්ගලයන් "මං පොර" වෙන්න කරන තුච්ඡ, නින්දිත වැඩ වලට. මගේ අරමුණ ඒ වගේ පුද්ගලයන් ගේ යටි අරමුණු මොනවාද කියන එක නිරාවරණය කිරීම පමණයි. ඒ වගේ අය ගනන් ගන්නවද? නැද්ද කියන කාරණය එතකොට අනිත් අය තීරණය කරයි. ඒ වගේ ත්රෙඩ් බම්ප් වෙන එක මේ එලකිරි ප්රජාවට ම කරන සේවයක්. මම හිතන්නේ එලකිරියේ ඉන්න ඉහල නිලධාරීන් සහ බලධාරීන් මේ ෆේක් අයිඩී ප්රශ්නයට විසදුමක් ඉක්මනට නොදුන්නොත් සෑහෙන දෙනෙක් කලකිරිමෙන් යුක්තව මේකෙන් ඉවත් වෙයි. මම දන්න තරමට ලංකාවෙ ට්රැෆික් වැඩිම සයිට් වලින් 7 වෙනි තැන තියෙන්නේ එළකිරි එක. ඒ තත්ත්වය තව දුරටත් පවත්ව ගන්න නම් ඉහල නිලධාරීන් සහ බලධාරීන් වහා ක්රියාත්මක විය යුතු බව නැවත නැවතත් මතක් කළ යුතු වෙනවා.
පළමු සහ අවසාන කාරණයත් පෙර පැවසූ දේමයි. රෙප් කැපුවට ඇත්ත බොරු කරන්නවත් බොරුව ඇත්ත කරන්නවත් බෑ, මේ සමාජයට පාහර කම් කරන එකට විරුද්ධව මේකෙ ඉන්න සමාජිකයෝ නැගී හිටීම වළක්වන්නත් බෑ.......!!!!!