දරු දුක..

දරු දුක.. 16++

අම්මා බුදු වේවා..

මේ කියමන අපිට අලුත් දෙයක් නෙමෙයි.. පුරාණේ ඉදන් කටින් කටට අපු කියමනක්..
මම අද පෙන්නලා දෙන්න උත්සහ කරන්නේ ඇයි අම්මා බුදු වෙන්න ඕන කියලා කියන්නේ කියලයි...

ඇත්තටම අම්මා කෙනෙක් වෙනවා කියන එක කොයි තරම් ලොකු ආඩම්බරයක්ද?
අපි හරි ආඩම්බරෙන් බලන් ඉන්නවා තාත්තා කෙනෙක් වෙනකම්..
එත් බලන්න අම්මා කෙනෙක් වෙන්න මේ කරන කැප කිරීම පිරිමි අපිට ආත්ම 7 කටවත් කරන්න පුළුවන් වෙයිද කියලා...




video එක නොපෙනේනම් මේ link එකෙන් බලන්න පුළුවන්..
http://www.youtube.com/watch?v=gJeRWGxOTcA&feature=player_embedded


මේකේ තියෙන්නේ සිසේරියන් සැත්කමක් කරන විදිහ විතරයි..
මේ ත්‍රෙඩ් එකේම මම අනිත් ඒවත් දන්න උත්සහ කරන්නම්..

බුද්ධිමත්ව හදවතට තට්ටු කරලා බලන්න..
අම්මා කොයි තරම් ශ්‍රේෂ්ටද කියලා..

විශේෂ ස්තුතිය : madmax2000 සහ bolt සහෝදරයන්ට..

ප.ලි. : මේ දරුවෙක් මේ ලෝකෙට බිහි කරන අවසාන මොහොත..
එත් කල්පනා කරලා බලන්න මේකේ මුල කොහෙද කියලා..
සමහර කොල්ලෝ මේක විහිලුවට ගන්න වුනත් පුළුවන්..
එත් ගනු ළමයෙක් අම්මා කෙනෙක් වෙන්න මුලික අඩි තාලම තියෙන්නේ වැඩි වියට එලබිමත් සමගයි..

ඒ කියන්නේ අවුරුදු 9 - 10 - 11 - 12 - 13..
ඒ පටන් ගැන්ම හැම කෙල්ලෙක්ම හැම ගැහැනියක්ම මාසෙකට සැරයක් රුධිරය වගුරවමින් මහා දුකක් විදිනවා..
ගැහැණියකගේ කලාව ලෙයින් තෙත් උනේ නැත්නම් අද උබලත් මෙතන නෑ .. කතා කරන මමත් මෙතන නෑ..

මෙහෙම දෙයක් දන්න මුලිකම හේතුව උනේ ඊයේ මට උන සිද්දියක්..
wrong side ආපු car මහත්තයෙක් ගෙන් bike එක බේර ගත්තේ දන්න සෙල්ලම් ඔක්කොම දාලා.
වැරැද්ද ඒ මහත්තයාගේ වෙලත් ඒ මහත්තය මට මගේ අම්මා මතක් කරලා බැන්නා මගේ girl friend ඉස්සරහම.
මේක උනේ ඊයේ උදේ 11 ට විතර union place , dowsan street එකේදී..
දැකපු කට්ටියත් ඇති මෙතැන් සමහර විට..

අම්මා කියන්නේ මේ ලෝකේ උතුම්ම වස්තුවයි..
මේ ත්‍රෙඩ් එක බලන උබලවත් අදින් පස්සේ කටවත් අම්මා මතක් කරලා බනින්න එපා..
අම්මා අපි කාගේ කාගේත් ජිවිත වල මුදුන් මල් කඩයි..


 
Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තම ඒ වේදනාවට වඩා කොයි තරම් අපි ලොකු මහත් වෙන කම් අපි හින්දා අපහස ලබලා ඇති ද ඒ අම්මා..
    රෙප් + 8
    මගේ මේ ත්‍රේඩ් එකත් බලන්න.. අම්මා ගැන නිර්මාණය කලේ..