Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)

    [FONT=&quot] Smartphone ගැන තොරතුරු සහ තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණූ [/FONT]

    [FONT=&quot]කොටස් 3 කට ඉදිරිපත් කරන දීර්ඝ ලිපියෙහි 1 වන කොටස[/FONT]

    අවසන් වතාවට යාවත්කාලීන (update) කළ දිනය 12/25/2012


    smartphone-india365.jpg


    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] දෙවන කොටස සඳහා මෙහි පිවිසෙන්න[/FONT]
    Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2)



    [FONT=&quot]මෙම ලිපියෙන් ආවරණය වන කොටස්[/FONT]

    [FONT=&quot]හැදින්වීම[/FONT]
    [FONT=&quot]Smartphone වල භාවිතය[/FONT]
    [FONT=&quot]ජංගම දුරකතන සම්බන්දක සංඛ්‍යාත පරාසය (Network Band)[/FONT]
    [FONT=&quot]ජංගම දුරකතනයේ ප්‍රමාණය(Dimensions)[/FONT]
    [FONT=&quot]ප්‍රදර්ශක තිරය (Display Screen) [/FONT]
    [FONT=&quot]ස්පර්ශ සංවේදී තිර වර්ග (Touch Screen Types)[/FONT]
    [FONT=&quot]විවිධ ස්පර්ශක සංවේදී තිර තාක්ශණ (Touch Screen Technologies)[/FONT]
    [FONT=&quot]දර්ශන තිරයේ විභේදනය (Display Resolution) [/FONT]
    [FONT=&quot]දර්ශන තිරය හා එහි පරිශීලක අතුරු මුහුනතට (user interface) අදාල අනෙකුත් තක්ශණයන්[/FONT]
    toshiba-tg01-right_angle_3.jpg

    [FONT=&quot]හැදින්වීම[/FONT]

    [FONT=&quot]Smartphone එකක් යනු සාමාන්‍ය ජංගම දුරකතනයකින් ඔබ්බට ගිය විශේෂ සේවා සපයන උපකරණයකි.[/FONT]
    [FONT=&quot]සාමාන්‍ය ජංගම දුරකතන නැතහොත් feature phone එකකට වඩා මේවා වෙනස් වන්නේ එහි ඇති උසස් පරිගණන බලය(computing power)[/FONT]
    [FONT=&quot] සහ සම්බන්දක (connectivity) හැකියාවනුයි.[/FONT]
    [FONT=&quot]Smartphone එකක් බොහෝවිට පූර්ණ මෙහෙයුම් පද්දති මෘදුකාංගයක් (operating system) භාවිතයෙන් ක්‍රියාත්මක වන අතර[/FONT]
    [FONT=&quot] අතේ ගෙනයාහැකි පරිගණකයක එබ්බවූ ජංගම දුරකතනයක් ලෙස ක්‍රියා කරයි.[/FONT]
    [FONT=&quot]Smartphone එකක ඇති මෙහෙයුම් පද්දතිය මගින් වෙනත් වැඩසටහන් (application) හා මෘදුකාංග (software) ක්‍රියාකරවීම[/FONT]
    [FONT=&quot] සදහා අවස්ථාව ලබාදෙන අතර එකවර කාර්යයන් කීපයක් කරගෙනීමට (multi tasking) නැතහොත් එකවර වැඩසටහන් කීපයක් ක්‍රියා කරවීමට හැකියාව ඇත.[/FONT]

    smartphones.jpg



    [FONT=&quot]අද පවතින නවීන Smartphone එකකින් සපයන සේවා සමහරක්[/FONT]

    [FONT=&quot]සාමාන්‍ය දුරකතනයක් ලෙස[/FONT]
    [FONT=&quot]පුද්ගලික ඩිජිටල් සහායකයෙකු ලෙස (PDA – personal digital assistant) [/FONT]
    [FONT=&quot]අන්තර්ජාල සේවා සහ ඉන්ටර්නෙට් මොඩමයක් ලෙස[/FONT]
    [FONT=&quot]ජංගම සංගීත වාදකයක් ලෙස[/FONT]
    [FONT=&quot]කැමරාවක් සහ වීඩියෝ රෙකෝඩරයක් ලෙස[/FONT]
    [FONT=&quot]GPS (global position system) උපකරණයක් ලෙස[/FONT]
    [FONT=&quot]ජංගම දත්ත ගබඩාවක් ලෙස[/FONT]
    [FONT=&quot]රේඩියෝවක් ලෙස [/FONT]
    [FONT=&quot]FM ට්‍රාන්ස්මීටරයක් ලෙස[/FONT]
    [FONT=&quot]වීඩියෝ ක්‍රීඩා උපකරණයක් ලෙස[/FONT]
    ඉලෙක්ට්‍රොනික පොත් කියවනයක් ලෙස (e-book)
    [FONT=&quot]සහ තවත් බොහෝ දෑ සදහා.[/FONT]

    iphone41.png


    [FONT=&quot]Smartphone තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු[/FONT]

    [FONT=&quot]Smartphone එකක් තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු රාශියක් ඇත. මේ සෑම කරුණක් පිළිබඳවම සැකවින් සලකා බලමු.[/FONT]

    [FONT=&quot]ජංගම දුරකතන සම්බන්දක සංඛ්‍යාත පරාසය (network band)[/FONT]

    [FONT=&quot]සාමාන්‍ය ජංගම දුරකතනයක වැදගත්ම කොටස වන්නේ එය ක්‍රියාත්මක වන සංඛ්‍යාත පරාසයයි. [/FONT]
    [FONT=&quot] ඔබගේ සේවාදායක දුරකතන සමාගම මගින් සේවා ලබාදෙන සං‍ඛ්‍යාත පරාසයට සරිලන පරිදි ඔබගේ Smartphone උපකරණයද ක්‍රියා කළයුතුය.[/FONT]
    [FONT=&quot] බොහෝ විට smartphone උපකරණ තෙවන (3G) හා සිවුවන (4G) පරම්පරාවේ දත්ත හුවමාරු ක්‍රම හා සේවා සපයන නිසා ඊට අදාල වනපරිදි [/FONT]
    [FONT=&quot]ඔබගේ දුරකතනය තෝරාගතයුතුය. [/FONT]
    [FONT=&quot]ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන ක්‍රියාත්මක වන සංඛ්‍යාත පරාස පහත වේ.[/FONT]

    [FONT=&quot]2G[/FONT]
    [FONT=&quot]GSM900, GSM 1800[/FONT]

    [FONT=&quot]3G[/FONT]
    [FONT=&quot]UMTS 2100[/FONT]


    සැලකිලිමත් වියයුතු කරුණු

    [FONT=&quot]*අමෙරිකාවේ බොහෝ දුරට භාවිතා වන UMTS 1900 පමණක් සහිත දුරකතන[/FONT]
    [FONT=&quot] ශ්‍රී ලංකාවේ 3G ජාලවල ක්‍රීයාත්මක නොවේ.[/FONT]

    [FONT=&quot]**අමෙරිකානු රටවල භාවිත වන CDMA band සහිත දුරකතන ලංකාවේ භාවිතා කළ[/FONT]
    [FONT=&quot] නොහැකි බවද සලකන්න.[/FONT]
    [FONT=&quot]***[/FONT]සමහරවිට මෙම දුරකතන CDMA මෙන්ම GSM මොඩමයක්ද සහිතව එන Global වර්ගයේ දුරකතන වන අතර ඒවා ක්‍රීයාත්මක වන සංඛ්‍යාත අප රටට ගැලපේනම් අපටද භාවිතයට ගතහැක.

    [FONT=&quot]***[/FONT][FONT=&quot][FONT=&quot]*[/FONT]3.5G ලෙස හැදින්වෙන HSDPA/HSUPA සහ 3.75G ලෙස හැදින්වෙන HSPA+ පහසුකම්[/FONT] සහ[FONT=&quot] DC-HSPA (42Mbps) [/FONT][FONT=&quot]යන සේවා ද [/FONT]3G UMTS ජාලවලම වැඩියුණු කළ අංග ලෙස ක්‍රියාත්මක වේ.

    [FONT=&quot]****[/FONT][FONT=&quot][FONT=&quot]*[/FONT] [/FONT]අමරිකානු සහ යුරෝපීය රටවල 4G යන නමින් නිකුත් වන smartphone වල සැබවින් ඇත්තේ HSPA+ හෝ DC-HSPA පහසුකමයි. 2011 නොවැම්බර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ඉහත සේවා සදහා 4G යන්න භාවිත කළහැකි අයුරින් එම රටවල නීති සැකසී ඇත.

    [FONT=&quot][FONT=&quot]****[/FONT][/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot]*[/FONT]* [/FONT]වර්තමානයේ ජංගම දුරකතන සමාගම් මගින් ලබාදෙන්නේ යැයි පවසන 4G-LTE පහසුමක සැබවින්ම සිව්වන [/FONT]
    [FONT=&quot] පරම්පරාවේ ජාලයන් නොවන අතර UMTS තාක්ශණයේම වැඩි දියුණුවක් ලෙස එම සේවා ක්‍රියාත්මකවේ.[/FONT]
    [FONT=&quot]3GPP Long Term Evolution[/FONT][FONT=&quot] ( 4G LTE) තාක්ශණය මේ සදහා භාවිත වේ.[/FONT]
    [FONT=&quot] මෙහි උපරිම දත්ත හුවමාරු වේගය තප්පරයට මෙගා බිට් 100 (100Mbps) තරම් අගයක් ගනී.[/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot]***[/FONT][/FONT][/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]*[/FONT]**[/FONT][/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]*[/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    තප්පරයට ගිගා බිට් එකක(1Gbps) වේගයක් සහිත සැබෑ 4G තාක්ශණය තවමත් පවතින්නේ පරීක්ශණ මට්ටමේයි.

    motorola-droid-2-global.jpg



    [FONT=&quot]ජංගම දුරකතනයේ ප්‍රමාණය[/FONT]

    [FONT=&quot]සාමාන්‍යයෙන් smartphone බොහෝමයක් විශාල touch screen තිරයක් සහිතව පැමිණේ.[/FONT]
    [FONT=&quot] තිරයේ ප්‍රමාණය අගල් 2.5 සිට 5.5 දක්වා පරාසයක පවතී. [/FONT]
    [FONT=&quot] මේ නිසා ඒවායේ විශාලත්වයද එම තිරයේ ප්‍රමාණයට අනුව අඩු වැඩි වේ.[/FONT]
    [FONT=&quot] මේ නිසා අවශ්‍යතාවය අනුව තිරයේ ප්‍රමාණය තෝරාගතහැකිය. [/FONT]
    [FONT=&quot] භාවිතය සදහා දිග සහ පළල එතරම් ගැටලුවක් නොවුනත් smart-phone එකක මහත වැඩිවන විට නම් එය භාවිතයේදී අපහසුතා මතුවේ. [/FONT]
    [FONT=&quot] විශේෂයෙන්ම QWERTY මාදිලියේ සම්පූර්ණ යතුරුපුවරුවක්ද සහිත touch screen දුරකතන සදහා මෙය බලපායි.[/FONT]
    [FONT=&quot] මේ නිසා 14~mm ට අඩු මහතක් සහිත smart-phone එකක් තෝරාගැනීම සුදුසුය.[/FONT]
    [FONT=&quot] මීට අමතරව සාමාන්‍යයෙන් 180g ට වඩා බරින් අඩු දුරකතනයක් තෝරාගැනීමද වැදගත් වේ.[/FONT]


    ATT-BlackBerry-Curve-8900-Smartphone.jpg



    [FONT=&quot]ප්‍රදර්ශක තිරය (Display Screen) [/FONT]

    [FONT=&quot]Smartphone බොහෝමයක ඇති ස්පර්ශ සංවේදී තිර (touch screen) පිළිබඳව මෙහෙදී අවදානය යොමු කරමු.[/FONT]
    [FONT=&quot]මෙහිදී සැලකිලිමත් වියයුතු කරුණු රාශියකි.[/FONT]
    [FONT=&quot] ඒවා නම් තිරයේ ප්‍රමාණය, තිරයේ විභේදනය (resolution), පැහැදිලි තීවූර රූප, හීරීම් වලට ඔරොත්තු දීමේ හැකියාව, [/FONT]
    [FONT=&quot] විවිද කෝණ වලින් නැරබීමේ හැකියාව සහ සූර්යාලෝකය හමුවේ තිරය නැරබීමේ හැකියාව ආදියයි.[/FONT]

    [FONT=&quot]ස්පර්ශ සංවේදී තිර වර්ග (touch screen types)[/FONT]

    [FONT=&quot]Touch Screen සදහා යොදාගන්නා තිර සාදා ඇත්තේ LCD(liquid crystal display) හෝ LED (light emitting diode) තාක්ශණ භාවිතයෙනි.[/FONT]
    [FONT=&quot] මේවායේද ප්‍රභේදන රාශියක් ඇති අතර නිතරම අපට හමුවන වර්ග කීපයක තිර වර්ග ගැන මෙහිදී සලකා බලමු.[/FONT]

    iphone-4g-2.jpg



    [FONT=&quot] v[/FONT]
    [FONT=&quot] v[/FONT]
    [FONT=&quot] v[/FONT]
    [FONT=&quot] v[/FONT]​
     
    Last edited by a moderator:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    [FONT=&quot] LCD තිර වර්ග[/FONT]

    [FONT=&quot]කලකට ඉහතදී නව LCD තිර හදුන්වා දුන්නේ පැරණි විශාල CRT (cathode ray tube) වලට සාර්ථක ආදේශකයක් ලෙසයි.
    එහෙත් LCD තිර තමුන්ම ආලෝකය නිපදවා ගැනීමක් සිදු නොකරන නිසා පසුතල ආලෝකකරණයක්
    [/FONT][FONT=&quot] (background lightning) [/FONT][FONT=&quot] අවශ්‍ය වේ.
    තවද LCD තිර LED මෙන් කාර්යක්ශම නොවේ.
    මෙම කරුණු නිසා එහි ශක්ති පරිභෝජනය LED පුවරු හා සසඳන විට තරමක් වැඩිය.
    [/FONT]
    [FONT=&quot]LCD තිර වල රූප තීවුරතාවය හා පැහැදිලි බව සාමාන්‍ය මට්ටමක පවතින අතර වැඩි දියුණු කිරීම් මගින්
    දුර්වලතා මගහැර නිපදපූ නව තිර වර්ගද වෙළදපොලේ දැකියහැක. LCD තිර වර්ග කීපයක් ගැන පහත සලකා බලමු.
    [/FONT]

    lg-arena-km900-touchscreen-phone.jpg

    TFT-LCD in KM900


    [FONT=&quot]TFT-LCD (Thin Film Transistor - Liquid Crystal Display)[/FONT]


    [FONT=&quot]බහුලවම දැකිය හැකි තිර වර්ගයයි. මදක් යල් පැන ගොස් තිබුනද අදත් මෙම තිර smart-phone සදහා විශාල[/FONT]
    [FONT=&quot]ප්‍රමාණයෙන් භාවිත වන්නේ සාපේශව මිල අඩු නිසායි.
    තිරයේ ප්‍රභේදනය(contrast) සහ දීප්තතාවය
    [/FONT][FONT=&quot] (brightness) සාමාන්‍ය අගයක් ගත්තද සූර්යාලෝකය හමුවේ තිරයේ දෘශ්‍ය භාවය (sunlight legibility) [/FONT]
    [FONT=&quot]සාපේක්ශව දුර්වල අතර තිරයෙන් ආලෝකය පරාවර්තනය වීම (reflection) ද වැඩි අගයක් ගනී.[/FONT]

    [FONT=&quot]මීට අමතරව විවිද කෝණ ඔස්සේ තිරය නැරබීමේදී (viewing angles) LED තිර සාපේක්ශව දුර්වල ප්‍රතිඵල [/FONT]
    [FONT=&quot]ගෙන දෙන අතර රූප වල පැහැදිලි භාවය හා ගුණාත්මක භාවය (image quality) මධ්‍යස්ඵ අගයක් ගනී.[/FONT]


    iphone4-625x430.jpg

    IPS LCD in iphone 4


    [FONT=&quot]I[/FONT][FONT=&quot]PS LCD/Retina display සහ [/FONT][FONT=&quot]Super Clear LCD (S-LCD)[/FONT]


    [FONT=&quot]මේවාද TFT-LCD තිර වලම වැඩි දියුණු කරන ලද තිර වර්ගවේ. වඩාත්ම වැදගත් අංගයක් ලෙස තිරයෙන් ආලෝක පරාවර්තනය
    වීම සෑහෙන පමණකට මෙම තිර වල අඩූ කර ඇති අතර උසස් පැහැදිලි රූප, ප්‍රභේදන(contrast) සහ දීප්තතාවය (brightness) දැකිය හැක.
    විශේෂයෙන් iphone 4 සදහා භාවිතා වන IPS LCD වල ඉහත ගුණයන් ඉතා ඉහල මට්ටමක පවතී.
    [/FONT]


    [FONT=&quot]LED තිර වර්ග[/FONT]


    [FONT=&quot]LCD මෙන් නොව LED තිර වලින් අවශ්‍ය ආලෝකය තමන්ම නිපදවා ගනී.
    මේ නිසා මෙම තිර සදහා පසුතල ආලෝකකරණයක් (background lightning) අවශ්‍ය නොවේ.
    තවද ඉතා අඩු ශක්ති ප්‍රමාණයක් භාවිත කර පැහැදිලි සහ තියුණු රූප ලබාදේ.
    පහත දැක්වෙන්නේ අද බහුලව හමුවන LED තිර වර්ග කීපයක ගුණාංගයි.
    [/FONT]


    Nokia-N8-06.jpg

    AMOLED in Nokia N8


    [FONT=&quot]AMOLED(Active-Matrix Organic Light-Emitting Diode)[/FONT]



    [FONT=&quot]කාබනික සංයෝග යොදා තැනූ LED වර්ගයක් වන මෙහි පික්සල් එකිනෙක යොමු කිරීම සදහා Active Matrix තාශණය යොදාගනු ලබයි.
    AMOLED තිර සෑම අතින්ම LCD වලට වඩා ඉදිරියෙන් සිටින අතර අඩු ශක්ති පරිභෝජනය සහ අඩු මුදලකින් නිෂ්පාදනය
    කළහැකි විම නිසා වර්තමානයේ ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.

    [/FONT][FONT=&quot]තිරයේ ප්‍රභේදනය (contrast), දීප්තතාවය (brightness),
    සූර්යාලෝකය හමුවේ තිරයේ දෘශ්‍ය භාවය (sunlight legibility) ඉතා හොද අගයක් ගන්නා
    අතර සාපේක්ශව ආලෝකය පරාවර්තනය වීම (reflection) ද අඩු අගයක් ගනී.
    මීට අමතරව විවිද කෝණ ඔස්සේ තිරය නැරබීමේදී (viewing angles) සහ රූප වල පැහැදිලි භාවය හා ගුණාත්මක භාවය (image quality) මධ්‍යස්ඵ අගයක් ගනී.
    [/FONT]


    vibrant-official.jpg

    Super AMOLED in Samsung Galaxy S


    [FONT=&quot]ClearBlack AMOLED සහ Super AMOLED[/FONT]


    [FONT=&quot]AMOLED වලම වැඩි දියුණු කරන ලද තිර විශේෂවේ.
    මෙම තිර විශේෂ සෑම අතින්ම විශිෂ්ට හැකියාවන් පෙන්වන අතර AMOLED වල ගුණාත්මක භාවය තවත් වැඩි කර එහි දුර්වලතා නැති කර නිපදවා ඇත.
    මේවායේ කාර්යක්ශමතාවය හා ඉතා අඩු ශක්ති පරිභෝජනයද නිසා smart-phone එකක් දිගු කාලයක් ක්‍රීයාකරවීම සදහා ඉතා වැදගත් වේ.
    [/FONT]


    57754132.jpg

    gsmarena ඇසුරෙනි



    [FONT=&quot]විවිධ ස්පර්ශක සංවේදී තිර තාක්ශණ (Touch Screen Technologies)[/FONT]



    [FONT=&quot]ස්පර්ශක සංවේදී තිරයක් ස්පර්ශ කළ විට ඊට අදාල ක්‍රි යාව කරගැනීම සදහා එම සංඥා ග්‍රහනය කරගත යුතුය.
    මෙසේ ස්පර්ශය සංවේදනය කරගැනීමේ ප්‍රධාන ක්‍රම 2කි ඒවා නම්
    [/FONT]

    [FONT=&quot]1) [/FONT][FONT=&quot]Surface techniques - electrical/acoustic [/FONT]
    [FONT=&quot] විද්‍යුත් සන්නායකතාවය හා ධ්වනි කම්පන මගින්[/FONT]

    [FONT=&quot]2) [/FONT][FONT=&quot]Edge techniques –optical [/FONT]
    [FONT=&quot]ආලෝක හා අධෝරක්ත කිරණ භාවිතයෙන්[/FONT]

    [FONT=&quot]මෙම ක්‍රම දෙකම අද භාවිතයේ පවතින අතර ඒවායේද විවිධ ප්‍රභේද දැකියහැක. බහුලව භාවිතා වන එවැනි තාක්ශණ කීපයක් පිළිබඳව දැන් සලකා බලමු.

    Nokia_C5_03_4ceaf261abedc.jpg

    [/FONT]resistive touch in Nokia C5 03 [FONT=&quot]


    Surface techniques - electrical/acoustic | විද්‍යුත් සන්නායකතාවය හා ධ්වනි කම්පන මගින්


    [/FONT]
    [FONT=&quot]Resistive touchscreen (ප්‍රතිරෝදන සංවේදනය)[/FONT]


    [FONT=&quot]Resistive touchscreen ක්‍රියා කරන්නේ පීඩන සංඥා ඍජුව ග්‍රහනය කිරීම මගිනි.
    එනම් දුරකතනය ක්‍රීයාකරවන්නාගේ ඇගිල්ලක ස්පර්ශයෙන් හෝ ස්පර්ශක තුඩක් (stylus) භාවිතයෙන් ස්පර්ශ කිරීමේදි ඇතිවන
    පීඩනය මගින් සංවේදනය කිරීම මෙම තිර වර්ගයෙන් සිදුවේ.

    මෙහිදී සිදුවන්නේ සාමාන්‍ය තිරයට උඩින් ස්ථානගත කරන ලද විනිවිද පෙනෙන සුළු ඉලෙක්ට්‍රොනික සංවේදක තිර දෙකක් පීඩනය
    යොදනවිට එකිනෙක ස්පර්ශ වීමට සලස්වා සංඥා ග්‍රහනය කිරීමයි.

    මෙහි ඇති වාසිය නම් මිනිස් ස්පර්ශයෙන් පමණක් නොව ස්පර්ශක තුඩක් වැනි දෘඩ ද්‍රව්‍යයක සංවේදනයෙන් උවද
    [/FONT][FONT=&quot]සංඥා [/FONT][FONT=&quot] ප්‍රතිග්‍රහනය කළහැකි වීමයි.
    එමෙන්ම ස්පර්ශක තුඩක් භාවිතයෙන් තිරයේ ලියන අකුරු හදුනාගැනීම (handwriting recognition) ද මෙම සංවේදක භාවිතයෙන් කළහැක.
    තවද මෙම තිර අඩු මිලකට නිශ්පාදනය කළහැකිය.
    [/FONT]


    3g-s-apple-iphone.jpg

    Capacitive touch in iPhone 3G]



    [FONT=&quot]Capacitive touchscreen (ධාරිත්‍රන සංවේදනය)[/FONT]


    [FONT=&quot]Capacitive ස්පර්ශක සංවේදක ක්‍රියා කිරීම සදහා මිනිස් ඇගිලිවල ස්පර්ශය අත්‍යාවශ්‍ය වේ.[/FONT]
    [FONT=&quot] එනම් එය සාමාන්‍ය ස්පර්ශක තුඩකින් (stylus) මෙම තිර සංවේදනය කළ නොහැක.[/FONT]

    [FONT=&quot] පීඩන සංවේදනය වෙනුවට මිනිස් ශරීරයේ ගබඩා වී ඇති විද්‍යුත් ආරෝපණ සංවේදනය මගින් මෙම ස්පර්ශක තිර ක්‍රියා කරයි. [/FONT]
    [FONT=&quot] මෙහි ඇති දුර්වලතාවයක් නම් මෙහි සාමාන්‍ය stylus එකක් මගින් තිරයේ ලියන අකුරු හදුනාගැනීම (handwriting recognition) කළ නොහැකි වීමයි. එහෙත් මේ සදහා දැන් විශේෂ ස්පර්ශක තුඩු (capacitive stylus) භාවිතයට පැමිණ ඇත.[/FONT]

    [FONT=&quot] අධික සංවේදීතාවය, කල් පැවැත්ම වැනි වාසි නිසා මෙම තිර වර්ගය බහුලව භාවිත වේ. [/FONT]
    [FONT=&quot] මේවා භාවිතයේදී ඉක්මනින් අක්‍රීය නොවී දුගු කලක් භාවිත කළහැක.[/FONT]

    dagi-capacitive-stylus.jpg

    capacitive stylus​


    v
    v
    v
     
    Last edited by a moderator:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    [FONT=&quot]
    Samsung-Galaxy-S-i9000-UK-June.jpg



    Edge techniques –optical | ආලෝක හා අධෝරක්ත කිරණ භාවිතයෙන්[/FONT]


    [FONT=&quot]නව තාක්ශණය යොදාගත් මෙම වර්ගයේ සංවේදක සදහා තිරය ඉදිරියෙන් එලන ලද අමතර ලේයර අනවශ්‍යවේ.
    කෙලින්ම සංවේදනයන් සංවේදක වලට ග්‍රහනය කළහැකි පරිදි සැකසිය හැකිය. [/FONT]


    [FONT=&quot]ප්‍රධාන වර්ග දෙකකි [/FONT]

    [FONT=&quot]1) [/FONT][FONT=&quot]Infrared matrix[/FONT]

    [FONT=&quot]2) [/FONT][FONT=&quot]Lumio [/FONT]

    [FONT=&quot]මේවා එතරම් ජනප්‍රිය තාක්ශනයන් නොවන්නේ කලින් තිබූ අධෝරක්ත සංවේදක ([/FONT][FONT=&quot]Infrared matrix[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]වල අකාර්යක්ශමතාවය,
    අධික මිල සහ සාමාන්‍ය ආලෝකයටද සංවේදී වීමේ හැකියාව ඇති නිසායි.
    එහෙත් නවතම Lumio තාක්ශණය මගින් ඉතා සංවේදී හා නිවැරදි ලෙස ඕනෑම වස්තුවකින් සංවේදනය කිරීමේ හැකියාව ඇත.
    එමෙන්ම ඉතා විශාල තිර සෑදීම සදහාද මෙම ක්‍රමය යොදා ගත හැකි වීම විශේෂ කරුණකි.[/FONT]


    4725991691_6099bb727e.jpg


    [FONT=&quot]දර්ශන තිරයේ විභේදනය (Display Resolution) [/FONT]

    [FONT=&quot]දර්ශන තිරයක Resolution යනුවෙන් හැදින්වෙන්නේ එහි ප්‍රදර්ශණය වන මුළු පිස්කල් (pixel) ගණනේ එකතුවයි.
    විභේදනය වැඩි වන්නට වන්නට ඒකක ඉඩක වැඩි පික්සල් ගණනක් ප්‍රදර්ශණය කළහැකි නිසා වැඩි රූප දත්ත ප්‍රමාණයක් පෙන්වීමේ හැකියාව ලැබේ.
    තිරයේ විභේදනය එහි භෞතික ප්‍රමාණය මත රදා නොපවතී.

    එකම විභේදනය සහිත විශාල තිරයක් හා කුඩා තිර්යකින් වැඩි පැහැදිලිතාවයක් හා රූප දත්ත ලබා දෙන්නේ ප්‍රමාණයෙන් කුඩා තිරයේදීයි.
    සාමාන්‍යයෙන් smart-phone වල දර්ශන තිරයේ විභේදනය QVGA (320x240 pixels ) සිට HD (1280x720) (නුදුරු අනායේදී Full HD - [/FONT]
    [FONT=&quot][FONT=&quot]1920x[/FONT]1080‍) දක්වා
    වන අතර තිරයේ ප්‍රමාණය අගල් 2.5 ක පමණ සිට 5.5 පමණ දක්වා පරාසයක පවතී.
    කුඩා තිර සදහා අඩු විභේදන තිබීම ගැටලුවක් නොවූවත් විශාල තිර වල පැහැදිලි රූප ලබා ගැනීමට නම් වැඩි විභේදනයක් සහිත තිරයක් තෝරා ගත යුතුය. [/FONT]



    [FONT=&quot]2.5’ සදහා QVGA – 320x240 / 480x‍320pixels[/FONT]

    [FONT=&quot]2.8’~3.0’ සදහා VGA – 640x480 pixels[/FONT]

    [FONT=&quot]3.0’~3.5’ සදහා VGA/WVGA – 640x480 / 800x480 pixels

    [/FONT]
    [FONT=&quot]3.5’+ සදහා WVGA – [/FONT][FONT=&quot][FONT=&quot]1280x720 / [/FONT][/FONT][FONT=&quot]960×640 / 800x480 / 854x480 pixels [/FONT]

    [FONT=&quot]4.5’+ සදහා HD – [/FONT][FONT=&quot][FONT=&quot]1280x720 [/FONT]pixels [/FONT]or higher

    [FONT=&quot]තිරයේ ප්‍රමාණය අනුව ඉහත සදහන් අගයන්ට අඩු විභේදනයක් තිබෙන දර්ශන තිර තෝරාගැනීම නිසා තිරයේ දිස්වන රූපවල පැහැදිලි බව හා තත්ත්වය අඩුව දිස්විය හැකිය.
    මේ නිසා හැකි තරම් විශාල විභේදනයක් සහිත දර්ශන තිරයක් තෝරා ගැනීම කළයුතුය. [/FONT]




    [FONT=&quot]දර්ශන තිරය හා එහි පරිශීලක අතුරු මුහුනතට (user interface) අදාල අනෙකුත් තක්ශණයන්[/FONT]


    nexus-s-3.jpg



    [FONT=&quot]Full QWERTY virtual keyboard[/FONT]

    [FONT=&quot]QWERTY යතුරු පුවරුව යනු අප දැනට පරිගණක සදහා භාවිත කරන යතුරු පුවරුවට අදාල යතුරු පිළිවෙළයි.[/FONT]
    [FONT=&quot](පරිගණක යතුරු පුවරුවේ අකුරු සහිත ඉහලම පේලියේ QWERTY යන අකුරු පිළිවෙල බලන්න).
    Smart-phone ස්පර්ශක තිරයේ මෙම සම්පූර්ණ හෝඩිය සහිත පුවරුව අත්තාත්වික ලෙස (virtually) පෙන්වීම මෙහිදී සිදුවේ.
    එමගින් භාවිත කරන්නාට sms, mail හෝ වෙනත් දෑ යතුරු ලියනය කළහැකිය.
    [/FONT]


    [FONT=&quot]Accelerometer sensor - ත්වරණමාන සංවේදකය[/FONT]

    [FONT=&quot]මෙම ඉලෙක්ට්‍රොනික මානය මගින් smart-phone එකක චලිතයන් සහ විවිධ අතට හැරවීම් සංවේදනය කළ හැකිය.
    මීට අමතරව භ්‍රමණය හෝ පැද්දීම් සෙලවීම් පිළිබඳව පූර්ව ඉගියන් ලබාගැනීම කළහැකිය.
    මෙම උපකරණය smart-phone සදහා වැදගත් වන්නේ දුරකතනය සිරස්ව හෝ තිරස්ව පිහිටුවීමේදී ස්වයංක්‍රීය
    ලෙස තිරයේ පරිශීලක අතුරුමුහුණත හැරවීමටම් (activate auto screen rotation) සදහායි.
    මීට අමතරව සමහර smart-phone සදහා සංගීත වාදකය පාලනය සහ ජංගම දුරකතන ක්‍රීඩා කිරීමේදී ද
    තවත් විටෙක google sky වැනි වැඩසටහන් හරහා අහසේ විවිධ දිශා වලට දුරකතනය යොමු කිරීමෙන් තාරකා සහ ග්‍රහලෝක පිළිබඳ විස්තර ලබාගැනීම
    ආදියද දුරකතනය මුනින් අතට හැරවීම මගින් එලාම් නාදය හෝ දුරකතන නාදයක් සැනින් නිහඬ කිරීමද (mute) කළහැකිය.
    [/FONT]


    new-smartphones-2.jpg



    [FONT=&quot] Gorilla Glass display[/FONT]

    [FONT=&quot]මෙම සිහින් ඇතිරිලි වර්ගය බිදීම් සහ සීරීම් වලට දැඩිව ඔරොත්තු දෙන පරිදි දර්ශක තිර ආවරණ ලෙස සැකසූ ආරක්ශක තිර විශේෂයකි.
    විනිවිද පෙනෙන සුළු ආරක්ශක ආවරණය දර්ශක තිරයට උඩින් යොදන අතර මෙය පවිත්‍ර කිරීමට ඉතා පහසුවේ.
    මෙය පරිසර හිතකාමී අධි ශක්ති alkali-aluminosilicate තුනී පාරදෘශ්‍ය ආවරණයකි.
    [/FONT]


    [FONT=&quot]Oleophobic surface[/FONT]

    [FONT=&quot]ඇගිලි සලකුනු සහ සීරීම් ඇතිවීම් අවම කරන ආරක්ශක ඇතිරිලි වර්ගයකි.
    Gorilla glass display එකක ආකාරයෙන් ක්‍රියාකරත් එතරම් ප්‍රභල රැකවරනයක් ලබා නොදෙයි.
    [/FONT]
    ..........................
    sharp_pct1.jpg



    [FONT=&quot] Handwriting recognition - අත් අකුරු හදුනාගැනීම[/FONT]

    [FONT=&quot]ස්පර්ශක තුඩක් (stylus) භාවිතයෙන් ස්පර්ශක සංවේදී තිරයේ ලියන අකුරු හදුනාගැනීම මෙහිදී සිදුවේ.
    Resistive touch screen තිර බොහෝ විට මේ සදහා යොදාගනී.
    Capacitive තිරවලට මෙම පහසුකම අත්කරගත නොහැක.
    [/FONT]



    [FONT=&quot]Proximity sensor - ආසන්නතා සංවේදක[/FONT]

    [FONT=&quot]භෞතික සම්බන්දයකින් තොරව සමීපයේ ඇති වස්තූන් හදුනාගැනීම proximity sensor මගින් කළහැකිය.
    Smart-phone සදහා මෙම සංවේදක උපකරණ බහුලවම යොදාගනු ලබන්නේ
    ශ්‍රවනේන්ද්‍රිය අසලට දුරකතනය රැගෙන එනවිට ස්වයංක්‍රීයව එහි දර්ශන තිරය නිවා දැමීමට සහ ස්පර්ශක තිරය අක්‍රීය කිරීමටයි.
    මෙමගින් තිරයෙන් පිටවන තාපය මුහුණට දැනීම වැලැක්වීමත් ශක්ති පරිභෝජනය අඩු කිරීමත් සිදුවන අතර
    ස්පර්ශක තිරය ශරීරයේ ගෑවීමෙන් දුරකතනයෙන් වැරදි සංවේදන ග්‍රහනය කරගැනීම වලකයි.
    [/FONT]


    [FONT=&quot]Multi-touch input method[/FONT]

    [FONT=&quot]ස්පර්ශක සංවේදක තිරය මත එකවර ස්පර්ශ කීපයක් මගින් සංඥා යැවීම මෙහිදී සිදුවේ.
    ඇගිලි දෙකක් භාවිතයෙන් තිරය විශාල කිරීම (Zoom) සහ scroll කිරීම
    ආදී විවිධ ක්‍රියා කරගැනීමේ හැකියාව මේ නිසා ජංගම දුරකතනය භාවිත කරන්නාට ලැබේ.
    [/FONT]


    240749,xcitefun-nokia-x7-2.jpg



    [FONT=&quot]දෙවන කොටස සඳහා මෙහි පිවිසෙන්න[/FONT]
    Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2)

    [FONT=&quot]©geethq [/FONT]
    [FONT=&quot] සියලුම හිමිකම් ඇවිරිණී[/FONT]
    [FONT=&quot] වෙනත් ස්ථානයක පල කිරීම සපුරා තහනම්[/FONT]
    [FONT=&quot] මෙහි පලකර ඇති ඡායාරූප වල [/FONT]
    [FONT=&quot] අයිතිය ඒවායේ නියම අයිතිකරුවන් සතුය[/FONT]
    [FONT=&quot] www.elakiri.com[/FONT]


    [FONT=&quot]මාගේ අනෙකුත් thread[/FONT]
    Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2)
    තාරකා විද්‍යාවේ අපූරුව සහ විශ්වයෙන් බිදක්
    [FONT=&quot]rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?[/FONT]
    [FONT=&quot]Solid State Drives (SSD) ගැන තොරතුරු දැනගනිමු[/FONT]
    මිහිමත ප්‍රබලතම යන්ත්‍ර - සුපිරි පරිගණක (SuperComputers)
    [FONT=&quot]ඔබේ පරිගණකයට Graphics Card එකක් තෝරා ගන්නා අයුරු[/FONT]
    [FONT=&quot]ටෙරාබයිට් 6ක් (6TB) ගබඩාකළහැකි HVD ( Holographic Versatile Disc)[/FONT]
    [FONT=&quot]How to add shade effects to ur profile

    [/FONT]
    [FONT=&quot]................................
    ................
    ......
    .[/FONT]

     
    Last edited by a moderator:
    • Like
    Reactions: Muditha Sandun

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ඇයි බන් මේ යක්කු ගස් නගින වෙලාවට මේව පෝස්ට් කරන්නේ?
    රෑ දැම්මනම් කට්ටිය හොඳට බලයි.
    වටින පෝස්ට් එකක් බ්‍රෝ.

    rep+

    Thanks for this gigantic useful information
    :D
     
    • Like
    Reactions: geethq

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඇයි බන් මේ යක්කු ගස් නගින වෙලාවට මේව පෝස්ට් කරන්නේ?
    රෑ දැම්මනම් කට්ටිය හොඳට බලයි.
    වටින පෝස්ට් එකක් බ්‍රෝ.

    rep+

    Thanks for this gigantic useful information
    :D
    තෑන්ක්ස් :) +8
     
    • Like
    Reactions: dj ice cold

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එල එල
    පට්ට ගේමක් දීලානේ මූ
    හෙමීට කියවන්න ඕනි
    ඔය චුට්ටයි
    ඉතිරුය මග එනව :lol:
    අම්මෝ තාම කිව්වෙ බේසික් ටිකයි බෑන්ඩ්, සයිස් ඇන්ඩ් ඩිස්ප්ලේ විතරයි
    තව කොච්චර නං තියෙද කියන්න :shocked: